ඒ මේ කතාව අහපල්ලකෝ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හෝව් හෝව් මුලින්ම ඔබගේ ටිපර් රථය 🚛එලියේ නවත්තලා🛑 එන්න ඇතුලට 😁
    මේ මොන පක්ෂයකටවත් බනින සීන් එකක් නෙවෙයි.....................
    ........................................................

    මේ ලිබරල් ආර්ථික ප්රතිපත්තියක් ගැනද බං කියන්නේ .මේ කියන එක ඇතුලේ රජේකින් වැඩක් නෑනේ 🤔
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කතාව හරි. මාත් ඉස්සර ඉදන්ම කියන දෙයක් තමයි, ලන්කාවට මේ විදියට කෙලම වෙලා යන්න බලපෑවෙ හේතු 2 යි. එකක් ඔය කියන වාමාන්ශික චින්තනය. අනික ජාති/ආගම් වාදය.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම මේ කතාව නම් ඇහුවේ නැහැ. කොහොමත් ඔය කතා කරන එකා රසික ජයකොඩි, sjb එකේ එකෙක්නෙ. වාමාංශික කිව්වහම ගොඩ දෙනෙක් හිතන්නේ ඒක සුබසාධනවාදය විතරයි කියල. ඇත්තටම සුබසාධනවාදය ඒකෙ එක කොටසක් විතරයි. වාමාංශයෙන් ආපු සමහර අදහස් ගොඩක් හොඳ ඒවා. ජාතිවාද විරෝධය, ආගම්වාද විරෝධය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, ලිංග මත පදනම්ව සැලකීම වැළැක්වීම වගේ අදහස් වලින් තමයි ලෝකය ඉස්සරහට ගියේ.

    ඒත් පුද්ගලික ව්‍යාපාර සම්බන්ධයෙන් වාමාංශික අදහස් හිතකර නොවිච්ච හින්ද තමයි ඔය දෙක අතර මැද මාවතක් හැදුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියල. ස්කැන්ඩිනේවියන් රටවල ඔය වගේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ ලංකාවේ වාමාංශිකයෝ කියල ඉන්නේ යල් පැනපු අදහස් තියෙන ගොම්බිජ්ජෝ වීම.

    ඔය කැම්පස් වල කෑ ගහන ගෙරිබල්ලොයි, නාවර පෙරාගත්ත පෙරෙට්ටොයි, කිසිම රිස්ක් එකක් නැති රස්සාවල පඩි වැඩි කරගන්න බෙරිහන් දෙන ස්ටාලින්-මහින්ද ජයසිංහ-රංජන් ජයලාල් වගේ එවුනුයි නියම වාමාංශිකයෝ නෙමෙයි. ලපයත් මේක තේරුම් ගත්තු නිසා තමයි ජාජබේ හදන්නේ. හැබැයි උන් තාම පරණ ජවිපෙ හැව ඇතුළෙම ඉඳගෙන ටිල්වින්-ලාල් කාන්ත-වසන්ත සමරසිංහ-විජිත හේරත් වගේ නාකි පප්පල එක්ක මේක ඇදගෙන යන්න හදුවොත් ජවිපෙට වෙන්නෙත් සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවලට වෙච්ච දේම තමා! මොනවා නැතත් හොඳ මිනිස්සු ඉන්න දේශපාලන ව්‍යාපාරයකට එහෙම වෙන එකට මම නම් කැමති නැහැ! උන් විතරයිනේ හොඳ පක්ෂෙකට තියෙන්නේ! :no::no::no:
     
    • Wow
    Reactions: Sasindu Nimsara