ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල…
කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි... කලක් මෙම විහාරස්ථානයේ මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්‍ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ...දෙමටමල් විහාර භූමිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය... ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත.. මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්‍යායාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි...
ජනප්‍රවාද අනුව මෙම පුන්‍ය භූමිය අපූරු ඉතිහාස කතාවකට සම්බන්ධ වේ...එම කතාව සැකවින් මෙසේය… කාවන්තිස්ස පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ...මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි...ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්‍රථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය... එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි...
පරාජයෙන් පලා යන දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය... යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය...එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි...මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය... සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය...දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය... මෙවේලෙහි ස්වාමීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ...ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය... පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය... මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්‍රකට විය... “දෙටු මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇත...
උපුටා ගැනීම: https://www.facebook.com/mathrubomi

lu