ඓතිහාසික හමුව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඓතිහාසික හමුව

    image_f58d9b5f42.jpg

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියන් සමුළුව’ දෙරට දේශසීමාවේදී ආරම්භ විය.
    උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සමුළුව ඇරැඹුණේ දැඩි ආරක්ෂාවක් මැදය. දකුණු කොරියානුවන් උතුරු කොරියානු නායකයා පිළිගැනීමට පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
    image_a34b75726d.jpg

    උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ නැගණිය ඇතුළු උතුරු කොරියානු රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීහු ද සමුළුවට සහභාගීවීමට පැමිණ සිටිති. දකුණු කොරියානු නායකයා උතුරු කොරියානු නියෝජිත පිරිස සමඟ සමරු ඡායාරූපවලට ද එක් විය.
    සමුළුව පැවැත්වෙන්නේ දේශසීමාවේ, දෙරටටම පොදු ‘සාම නිවස’ යන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේදීය. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමාවේ දකුණු කොරියාවට අයත් පාජු පළාතේ පන්ජුන්නොම් දේශසීමා ගම්මානයට ද පැමිණියේය.
    image_59ed2383f4.jpg

    ඒ අනුව, කොරියානු යුද්ධය අවසන් වී, 1953 වසරේන් පසු, දකුණු කොරියාවට පය තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන් උන් ඉතිහාසයට එක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සමුළුව ආරම්භ වූයේ දකුණු කොරියාවේ වේලාවෙන් උදේ 9.30 ටය.
    (ඒ.එෆ්.පී.)


    ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි

    image_f3986da3e8.jpg

    උතුරු කොරියා වැසියන්ට සහ දේශසීමා සොල්දාදුවන්ට ‘හිසරදයක්’ වන අයුරින්, දකුණු කොරියාව දෙරට දේශ සීමාවේ අටවා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට දකුණු කොරියානු රජය තීරණය කළේය.
    දකුණු කොරියානු බලධාරීන් මෙසේ තීරණය කළේ උතුරු කොරියාව ඔවුන් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කටයුතු කරන නිසාය. දකුණු කොරියානු බලධාරීන් දේශසීමාවේ සිය ගණනක් ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින්, උතුරු කොරියානුවන්ට හිරිහැරයක් වන අයුරින්, උතුරු කොරියානු රජය විවේචනය කරමින් පුවත් විකාශය කරමින් තිබුණි. පොප් ගී විකාශය කරන්න විය.
    එකට එක කිරීමක් ලෙස උතුරු කොරියාව ද මේ අයුරින්, ශබ්ද විකාශන සවි කර දකුණු කොරියාව විවේචනය කරන්න විය. දකුණු කොරියාව ශබ්ද විකාශන යන්ත්‍ර විසන්ධි කිරීමට ගත් තීරණයත් සමඟ තමන් ද තම ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය කරන බව උතුරු කොරියාව පවසා ඇත.
    න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නවතා දමන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කළේ පසුගිය 21 වැනිදාය. එය දකුණු කොරියානු රජයේ පැසැසුමට හේතුවක් වී ඇත.
    ලබන 27 වැනිදා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ ‘කොරියානු සමුළුව’ පැවැත්වෙයි. මෙම කොරියානු සමුළුව පැවැත්වෙන්නේ ද උතුරු කොරියානු නායකයාගේ සංකල්පයකට අනුව යැයි ද පැවැසෙයි.
    (රොයිටර්)


    වෙලාවත් වෙනස් කරන්න යයි

    image_53fb2dbaa4.jpg

    පසුගිය 27 වැනිදා පැවැත්වුණු කොරායන් සාම සමුළුවේදී මිතුදම් වර්ධනය කර ගැනීමත් සමඟ උතුරු කොරියාව දකුණු කොරියාවේ වෙලාවට සමාන අයුරින් තම ඔරලෝසුව විනාඩි 30 ක් ඉදිරියට කරකැවීමට සූදානම් වෙයි.
    2015 වසර තෙක් උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් පැවැතියේ එකම වේලාවය. කෙසේ නමුත් උතුරු කොරියාව ඔවුන්ගේ වේලාව මිනිත්තු 30 කින් පස්සට කරකැවීමට පියවර ගත්තේය.
    දැන් යළිත් වරක් පස්සට දැමුණු එම වේලාව ඉදිරියට දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණයක් ගෙන ඇත. ඒ, උතුරු සහ දකුණු වශයෙන් බෙදුණු රටවල් දෙක එකම රටක් ලෙස පිළිගනිමිනි.
    (රොයිටර්)

    රහසේම උතුරු කොරියාවට

    image_bf858657c0.jpg

    ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී මයික් පැම්පීනෝ රහසේම උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය අනාවරණය කළේය.
    සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස් ඇත්තේ ඉකුත් සතියේ යැයි ද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් ලබන මැයි මාසයේය.
    ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට රජයේ ජ්‍යෙෂ්ඨයන්, ආරක්ෂක අංශ නිලධාරීන් හමුවී, ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ. සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ, මෙසේ උතුරු කොරියාවට ගොස් ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය.
    මයික් පැම්පීනෝගේ උතුරු කොරියානු සංචාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ ජනපති ට්‍රම්ප් එය තහවුරු කළේය. සී.අයි.ඒ. ප්‍රධානියා උතුරු කොරියානු නායකයා හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වුණු බවත් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.
    ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ෆ්ලොරීඩාවේ සිටය. ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ සිය නිවාඩු නිකේතනයට ගොස් සිටින්නේ ජපාන අගමැති ෂෙන්සෝ අබේ පිළිගැනීමට සූදානමිනි. ජපාන අගමැති අබේ ඇමෙරිකාවට පැමිණ ජනාධිපති ට්‍රම්ප් හමුවන්නේ ද උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
    (රොයිටර්)

     
    • Like
    Reactions: Randike Mendis

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නායකයා දකුණු කොරියා ප්‍රසංගයක් නරඹලා

    image_4ff60ed810.jpg

    දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ‘කේ පොප්’ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක්, උතුරු කොරියාවේ ප්යොංග්යැංග් අගනුවරදී පැවැත්වුණු අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බිරිය ද සමඟ එය නැරැඹීමට ගිය බව වාර්තා වේ.
    ‘කේ පොප්’ පොප් සංගීත ප්‍රසංගය නැරැඹීමට පසු වේදිකාවෙන් පසුපසට ගොස් ගායක කණ්ඩායම හමුවී ඔවුන් සමඟ සුහදව කතාබහ කළේය. උතුරු කොරියානු නායකයා කේ පොප් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් නැරැඹූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
    එය අපූරු ප්‍රසංගයක් බවත්, එම ප්‍රසංගය නැරැඹීමෙන් තමන් හැඟීම්බර වුණු බවත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.
    image_558aa322d3.jpg

    උතුරු කොරියානු නායකයාගේ බිරිඳ හිටපු පොප් ගායිකාවකි. ඇය රී සොල් ජුන්ය. නායකයා ඇයට පෙම් බැඳ ඇය සමඟ විවාහ වී ඇත්තේ ඇගේ ප්‍රසංගයක් නැරැඹීමෙන් පසුව යැයි ද විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.
    කොරියානු යුද්ධයෙන් පසු, මත ගැටුම් හේතුවෙන් උතුරු සහ දකුණු වශයෙන් වෙන්වී සිටින්නේ එකම ජාතියකි. ‘කේ පොප්’ සංගීත කණ්ඩායම උතුරු කොරියාවේ ප්‍රසංගයක් පැවැත්වූයේ දකුණු කොරියානු රජයේ ද මෙහෙයවීමෙනි. දෙරට අතර නිර්මාණය වෙමින් පවතින සුහදත්වය තව තවත් වර්ධනය කර ගැනීමට එම ප්‍රසංගය ඉවහල් වුණැයි ද පැවැසෙයි.
    (ඒ.එෆ්.පී.)
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නායක හමුව අප්‍රේල් 27 වැනිදා

    image_0b5d67948c.jpg

    උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියානු සමුළුව’ ලබන අප්‍රේල් 27 වැනිදා දෙරටටම පොදු දේශසීමා කලාපයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
    උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුව පැවැත්වෙන්නේ උතුරු කොරියානු නායකයාගේ යෝජනාවකට අනුවය.
    උතුරු කොරියාව සහ දකුණු කොරියාව මේ වනවිට සාම මාවතකට පිවිසීමට සූදානමින් සිටී. ඒ සඳහා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද කැපැවී කටයුතු කරයි. සීත ඔලිම්පික් උළෙලින් පසු, දකුණු කොරියානු නියෝජිතයෝ පිරිසක් උතුරු කොරියාවේ සංචාරය කළහ.
    එම සංචාරය සාර්ථක විය. දකුණු කොරියානු ජනාධිපති හමුවී සාකච්ඡා පැවැත්වීමටත් කොරියානු සමුළුවක් පැවැත්වීමටත් උතුරු කොරියානු නායකයා තීරණය කළේ එම අවස්ථාවේදීය.
    (ඒ.එෆ්.පී.)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Red Velvet - K POP team eke thama NORTH KOREA vata giye..

    0.gif


    TEAM eke LEADER tama :love: IRENE . :love:

    14705104_1377167222328864_2066760588075204608_n-560x700.jpg


    Eya gana NORTH KOREAN Lokka ta saahena pahadeemak thibba kiyala kella sahena baya vela hitiye..
    PORA kellava illuvoth thama seen eke venne..
    :baffled::baffled::baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලිබියාවේ ගඩාෆි,ඉරාකේ සදාම් හුසේනුයි මතක් වුනා ඕයි.උතුරු කොරියාවට අබ සරණයි.