ඔක්ටේන් 92 සමග තෙල් මිලත් වැඩි වෙයිද ?
පරිසර දූෂණය අඩු, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඔක්ටේන් 92 පෙට්‍රල් හෙට සිට දිවයින පුරා අලෙවි කරන බවත් ඔක්ටේන් 90 පෙට්‍රල් අලෙවිය නවතා දමන බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා කියයි.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා ඔක්ටේන් 90 පෙට්‍රල් වලට වඩා වැඩි වියදමක් ගියත් එම මුදල රජය විසින් දරා ගනිමින් පැවති මිලටම පෙට්‍රල් ලබාදෙන බවයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් නියම ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තරව ඕනෑ තරම් මිලදී ගැනීමේ හැකියාව තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.
පසුගිය කාලයේදී මෙරටට බාල ඉන්ධන ගෙන්වූ බවට චෝදනා රැසක්ම එල්ල විය.
source - vimasuma

Last edited:

. onenam 1 month withara daraagani. eta passe parana ewwath allala wadi karai.