ඔට්ටුව පරාදයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔට්ටුව පරාදයි

    ඩ්රින්ක් එකක් දැමීමට ගතමනාවක් සොයාගත නොහැකිව සුගත් දහඅතේ කල්පනා කළේය. නැවත වරක් සාක්කු අතපත ගා බැලූ ඔහුට කලිසම් සාක්කුවක තිබී රුපියලක් හමුවිය. එයත් අතේ ගුලිකර ගෙනම ඔහු බාර් එකට රිංගුවේය.
    ඉදිරිපස මේසයක් ළඟ වාඩිවී සිටි අයෙක් විස්කි පිරවූ වීදුරුවක් තමා ඉදිරිපිට තබාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියේය.
    ”මට පුළුවන් ඔය විස්කි වීදුරුව, තමුසෙගෙ ඇහැ වහලා එක උගුරට ගිලලා දාන්න. මොකද කියන්නෙ? රුපියලක් ඔට්ටුයි” සුගත් කීවේය.
    ”ඔට්ටුයි බෑ” අනිකා දුරදිග නොසිතා වහා පිළිතුරු දුන්නේය.
    සුගත් විස්කි වීදුරුව වහා අතට ගෙන එක හුස්මට ගිල දැම්මේය.
    ”ඉතින් අයිසෙ මම දැක්කනෙ තමුසෙ බොනවා”
    අනෙකා කීවේ සමච්චල් සිනාවක් නඟමිනි.
    ”තමුසෙ දැක්කද? එහෙනං මං පරාදයි. මෙන්න ඔට්ටුව“ කියූ ඔහු රුපියල මේසය මත තබා මාරුවිය.


    :angry:

    එච්චරටම පිස්සු නෑ

    ”බලනවා තමුසෙගෙ පුතා ගල්වලින් ගහලා මගෙ ජනෙල්වල වීදුරු ඔක්කොම කැඩුවා. ලලිත්ගේ නිවෙසට අල්ලපු වත්තේ පදිංචි සිල්වා, ලලිත් හමුවී පැමිණිලි කළේ කෝපයෙනි.
    ”ඌ පොඩි එකානෙ. ඌට පිස්සු”ලලිත් සිල්වා අස්වසමින් කීවේය.
    ”පිස්සු? එහෙම නං ඇයි ඒ ළමයා තමන්ගෙ ගෙදර වීදුරු කඩන්නෙ නැත්තෙ?” සිල්වා ඇසුවේ තම කෝපය මැඬපවත්වා ගැනීමට බලවත් උත්සාහයක් දරමිනි.
    ”ඌට එච්චරටම පිස්සු නැහැ” ලලිත් එවර කීවේය.

    :angry:

    ගැහැනු කරන වැඩ

    ”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්‍රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්‍රයක් හුඟක් ප්‍රයෝජනවත් වේවි. දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්‍රයක් හඳුන්වාදෙමික් කීවේය.
    ”මොනවා! මේ යන්ත්‍රයට දවසකට පැය 06ක් ෂොපින් යන්නයි, ටෙලිෆෝන් කෝල්ස් 36ක් ගන්නයි, අවුරුද්දට තුන්පාරක් ප්‍රසූති නිවාඩු ගන්නයි පුළුවන් කියලද තමුසෙ කියන්නෙ? ගණකාධිකාරී වරයා වෙළෙඳ නියෝජිතයා වෙත සාවඥ බැල්මක් හෙළමින් ඇසීය.

    :baffled:

    කියවන්න දෙන්න බයද?

    ”ගෙදර ප්‍රධානියා වන්නේ කෙසේද?” කියන පොත තමුසෙ බුක්ෆෙයා එකෙන් ගෙනිච්චා නේද? කොහොමද පොත හොඳ ද?” වසන්ත, ශ්‍රියන්ත ගෙන් ඇසුවේ වේදිකා නාට්‍යයක මංගල දර්ශනය දින විවේක කාලයේදීය.
    ”හොඳ නරක දැනගන්නෙ කොහොමද බං, අපේ මායියා මට ඒ පොත අල්ලන්නවත් දෙන්නෙ නැහැනෙ” ශ්‍රියන්ත කනස්සල්ලෙන් කීවේය.


    :(

    කොහොම නවතින්නද?

    කරුණාරත්න, රූමතියක වූ තම දෙවැනි බිරිඳ සමඟ වෛද්‍යවරයා වෙත ගොස් මෙසේ කීවේය.
    ”ඩොක්ටර් පළවැනි එකේදි මට හොඳටම මහන්සියි. දෙවැනි එකේදි කකුල් පණ නැති වෙන්ඩ ගන්නවා. තුන්වැනි එකේදි හොඳටම හති. හතරවැනි එකේදි කකුල් දෙක ගැහෙන්ඩ පටන් අරගෙන ඇස් නිලංකාර වෙනවා.”
    ”දැන් ඔහේට වයස කීයද?” වෛද්‍යවරයා ඇසීය.
    ”තවම රස්සාව කළාට දැන් හැත්තෑව පැනලා” කරුණාරත්න සිනාසෙමින් කීවේය.
    ”ඉතින් ඇයි පළවැනි එකේදි නවතින්නෙ නැත්තෙ? “ දොස්තර සිනාසෙමින්ම ඇසීය.
    ”කොහොමද පළවැනි එකේදි නවතින්නෙ? මං ඉන්නෙ ෆ්ලැට් එකේ හත්වැනි තට්ටුවෙනෙ” කරුණාරත්න කීවේය
    .

    :dull:

    වටිනාකමේ හේතුව

    ”උඹ නැවතිලා ඉන්න කාමරේට කීයක් ගෙවනවද?” කොළඹින් දුර බැහැර පළාතක අයකු වූ සංජීව නවාතැන් ගෙන සිටි රාජගිරියේ කාමරය පිළිබඳ විමසමින් ජයසේකර ඇසීය.
    ”රුපියල් දෙදාහයි” සංජීව කීය.
    ”මොනවා රුපියල් දෙදාහක්! ඔය පොඩි කාමර කෑල්ලට, මාසෙකට එච්චර මුදලක් ගෙවනවද?” ජයසේකර පුදුමවෙමින් ඇසීය.
    ”ඒ ගාණට කාමරේ වටිනවා. හරියටම කාමරේ ජනේලෙ ඉස්සරහින් තියෙන්නෙ ගෑනු උදවිය නාන වතුර පයිප්පෙනෙ” සංජීව තොලකට ලෙවකමින් කීවේය
    .

    :rofl:

    silumina