මට උදාහරණ දෙන්න තේරෙන්නෙ නෑ බන්. මට තේරෙන විදිහට කියන්නම්. පාරෙ වතුර වළවල් තියෙනවනේ. ඒවා කවුරු හරි වහලා මට්ටම් කරලා හැමෝටම යන්න පුළුවන් විදිහට හදන්න හදනකොට උබ කරන්නෙ ලංකාවෙ තියෙන හැම වතුර වලකම පොටෝ ගහන් ඇවිල්ලා ඇයි ඔය වතුර වල විතරද පේන්නෙ මේවා වහන්න බැරි ඇයි කියලා අහනව වගේ.
වතුර වලවල් උදාහරණය ඕකට ගන්න බෑ. උදාහරණ ගන්න තරම් සංකීර්ණ දේකුත් නෙවේ. ඒ හින්දා සත්තු කතාවම ගමු.
අවුරුද්ද පුරාවටම හරක්, කුකුළො, එලුවො, උරො, මාලුවො, මීයො, ඔහොම සත්තු ලක්ෂ ගණං මරනවා.
ඔය කවුරුත් මීක් කියන්නෑ. කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෑ, කාටවත් දුක හිතෙන්නෙත් නෑ.
මෙතන තියෙන්නෙ පෙරහැර, බෞද්ධ සමාජය එක්ක තියෙන තරහක් පිරිමහන එක.
වටෙන් යන්නැතුව කෙලින්ම කතා කරනවා නම් මෙහෙමයි. අර මම කියපු විදිහට සත්තුන්ට වද දෙන එකට, සත්තු මරන එකට විරුද්ධ කණ්ඩායමක් ඇවිත් පෙරහැරේ අලියා ගෙනියන එකට විරුද්ධ වෙනවා නම්... අන්න එදාට තමයි උන් දිනන්නෙ.
තමන්ගෙ අර තරම් ලොකු අඩුපාඩුවක් තියාගෙන පෙරහැරට විතරක් ඇඟිල්ල දික් කරන එක හරියට
තමන් නිරුවතින් ඉඳන් අනිත් කෙනාගෙ ඇඳුම ඉරිලා තියෙන එකට හිනා වෙනවා වගේ.
බුද්ධා ඇත්තටම හිටියොත් අනුමත කරයිද ඔය වැඩේ. බුද්ධා නේද මුළු ලෝකෙන්ම කරුණාවන්ත කෙනා. කෝ බන් එතන බුද්ධාගම ? කෝ කරුණා ගුණය ?
@Be_Positive @UbeThaththa
ඔතනත් තියෙන්නෙ අර මම කියපු දේමයි.
උඹට ඔහොම කියන්න පුලුවන් උඹ බුදුහාමුදුරුවො කියපු දේ පිළිගන්න කෙනෙක් නම්.
බුදුහාමුදුරුවො කියපු දේ පිළිගන්න කෙනෙක් නම් බුදුහාමුදුරුවො කියපු අනිත් දේවලුත් පිළිගන්න ඕනෙ. එහෙම බැරි නම් සත්තු මවලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රයෝජනයට කියන එක පිළිගන්න ඕනෙ. එහෙමත් බැරි නම් භෞතිකවාදියෙක් විදිහට ඔය සත්තුන්ට රිදුණත් ප්‍රශ්නයක් නෑ, උන් මැරිලා ගියාට පස්සෙ ඔක්කොම ඉවරයි කියන එක පිළිගන්න ඕනෙ.
හැබැයි උඹලා ළඟ එක මතයක් නෑ. වෙලාවෙ හැටියට එක එක පැති වලට පනිනවා. ඉතින් කවදාවත් උඹලාට දිනන්න බෑ ඔය විදිහට.