ඔත්තුකරුවා අතුරුදහන් විය.
දශක දෙකක කාලය ඇතුළත එක්සත් ජනපදය විසින් සෝවියට් සංගමය තුළ රදවනු ලැබූ වඩාත්ම සාර්ථක සහ වටිනාම නියෝජිතයා ඔහු විය. ඔහුගේ ලියකියවිලි තුළින් සහ සිතුවම් සටහන් මගින් සෝවියට් රේඩාර් තාක්ෂණයේ රහස් අනාවරණය කර ගැනීමට එක්සත් ජනපදය සමත් වූයේය. ඔහුගේ එම ලියකියවිලි තුළින් දශකයක් ඉදිරියට නිපදවීමට සැලසුම් කර තිබූ ආයුධ පද්ධති පිළිබඳ සංවේදී පර්යේෂණයන් හි තොරතුරු අනාවරණය කර ගැනීමට ද ඔවූහ සමත් වූහ. ඔහු තමන් සේවය කරනු ලැබූ හමුදා පරීක්ෂනාගාරයෙන් පරිපථ පුවරු වල සැලසුම් සහ තවත් පරීක්ෂණ කිහිපයක සැලසුම් හොර රහසේම CIA සංවිධානය වෙත සැපයීමට සමත් වූයේය. ඔහුගේ සාර්ථක ඔත්තු බැලීම නිසාවෙන් එක්සත් ජනපදය ගුවන් සටන් වලදී ගුවනේ ආධිපත්‍යය දැරීමට සමත් වූයේය. ඇමෙරිකානු කෲස් මිසයිල සහ බෝම්බ හෙළන ගුවන් යානා සෝවියට් රේඩාර් වලට හසුවන සේ පියාසර කළහොත් සෝවියට් ගුවන් ආරක්ෂණ පද්ධති වලින් අවදානමක් ඇතිවිය හැකි බව ඔහු තහවුරු කර පවසා සිටියේ ය.
1982 වර්ෂයේ සරත් සෘතුවේ අගභාගයේදී සහ ශීත සෘතුවේ මුල් භාගයේදී CIA සංවිධානය ඔහු සමඟ පැවැත්වූ සම්බන්ධතාවය මුළුමනින්ම අවහිර කර ගත්තේ ය. සැලසුම් කර තිබූ හමුවීම් පහක්ම ඔවුන්ට මඟහැරී ගියේය. මාස ගණනාවක් ගෙවී ගොස් තිබුණි. ඔක්තෝම්බර් මාසයේදී, පාළු වීදියකදී ඔහු සමඟ සම්බන්ධ වීමට ගත් උත්සාහයන් KGB ආයතනයේ සෝදිසි කිරීම් හේතුවෙන් අසාර්ථක විය. CIA සංවිධානයේ මොස්කව් සේවා ස්ථානයේ සේවයේ යෙදී සිටි බලවත් ආවරණ සහායකින් යුතු නිලධාරීන්ට පවා KGB නිලධාරීන්ගෙන් සැඟවී ඔහු හමුවීමට නොහැකි වූයේය. නොවැම්බර් 24 වන දින බලවත් ආවරණ සහායකින් යුතු නිලධාරියෙකු සාමාන්‍ය ලෙස වෙස්වලාගෙන ඔත්තුකරුගේ මහල් නිවාසයට දුරකථනයෙන් ඇමතූ නමුත් දුරකථනයට පිළිතුරු සැපයුවේ වෙනත් පුද්ගලයෙක් විසිනි.
මීළඟ හමුවීම සැලසුම් කර තිබුණේ දෙසැම්බර් 07 වනදා ය. මෙම මෙහෙයුමේ සම්පූර්ණ සැලසුම සහ මෙහෙයවීම බිල් ප්ලන්කර්ට් අතට පත්විය. බිල් ප්ලන්කර්ට් මුලින්ම සේවයට බැදුනේ නාවිකයෙකු ලෙස සේවය කිරීම සදහා ය. පසුව ඔහු CIA සංවිධානය සමඟ එකතු වී රහසිගත මෙහෙයුම් සදහා යොදවන නිලධාරියෙකු ලෙස පුහුණුව ලබා ඇත. ඔහු වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයට වන්නට ඔත්තුකරුවෙකු හැසිරවීම සදහා වූ විශේෂ මෙහෙයුමකට එක් වූයේය. ඒ සදහා ඔහු ගිම්හාන සෘතුවේදී මොස්කව් සේවා ස්ථානයට පැමිණියේ ය. ඔහු ලිපිගොනු පරීක්ෂා කිරීම්, සිතියම් සහ ඡායාරූප අධ්‍යයනය කිරීම්, කේබල් පණිවුඩ කියවීම් සහ විවිධ වූ සිද්ධි පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. කිසිදු දිනෙක මුහුණට මුහුණ හමු නොවූවත්, ඔහුට ඒ මිනිසා සමඟ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට හැගීමක් ඇති විය. ඔහුගේ කාර්යය වූෆය් KGB වෙත විවිධ වූ ගෙවීම් සිදුකරමින් සම්බන්ධතා ගොඩනගා ගැනීමයි.
ඊට පෙර දිනවලදී, KGB ආයතනය විසින් පරීක්ෂාවෙන් සිටි දේශිය දුරකථන මාර්ග භාවිතා කරමින්, ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙක් අඟහරුවාදා දිනයේ සවස් වරුවේ උපන්දින සාදයක් සංවිධානය කර තිබුණි. නමුත් KGB ආයතනය මෙම දුරකථන මාර්ග පිළිබඳව පරීක්ෂාවෙන් සිටින බව ඔවුන් දැන සිටියහ. එදින රාත්‍රියේ, භෝජන සංග්‍රහය පැවැත්වෙමින් පැවති වෙලාවේ පුද්ගලයන් සිව් දෙනෙක් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වාහන නැවැත්වීමේ අංගනයේ මෝටර් රථයක් වෙත ඇවිද යමින් සිටියේ ය. පිටත සිටි KGB පුහුණුව ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙක් නිරන්තර සෝදිසියෙන් පසුවිය. සිව් දෙනාගෙන් එක් අයෙක් විශාල උපන්දින කේක් එකක් රැගෙන ගියේ ය. මෝටර් රථය තානාපති කාර්යාලයෙන් පිටවන විට රියදුරුට පිටුපස අසුනේ සිටි කාන්තාවක් විශාල කේක් ගෙඩිය උකුලේ තබාගෙන සිටියේ ය.
කාර් රථය පදවාගෙන යනු ලැබුවේ CIA සංවිධානයේ ප්‍රධානිය ය. ප්ලාන්කට් ඔහුට යාබද ඉදිරිපස අසුනේ සිටියේ ය. ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරුන් දෙදෙනා පිටුපස අසුනේ අසුන්ගෙන සිටියේ ය. ඔවුන් සිව්දෙනාම මොස්කව් සේවා ස්ථානයේ තිබූ කාර්යාලයීයා ආසන භාවිතා කරමින් තමන් ඉදිරියේදී කිරීමට යන මෙහෙයුම පිළිබඳව පෙරහුරුවක් සිදුකර තිබුණි. සාර්ථක පෙරහුරුවෙන් පසු දැන් නියම දර්ශනය ආරම්භ කිරීමට නියමිත කාලය පැමිණ තිබුණි.
චරපුරුෂ සේවය යනු මායාවක් වැනි වූ කලාවකි. අද රාත්‍රියේ ප්ලන්කර්ට් මායාකරුවා විය. ඔහු හැඳ සිටි සාමාන්‍ය ඇඳුම් වලට යටින් පැරණි රුසියානු මිනිසෙක් මෙන් පෙනුමැති ඇඳුම් ද පැලැද සිටියේ ය. උපන්දින කේක් ගෙඩිය ව්‍යාජ එකක් වූ අතර, එය ඉහළින් කේක් ගෙඩියක් මෙන් පෙනුණ ද CIA සංවිධානයේ තාක්ෂණික මෙහෙයුම් විශාරදයන් විසින් නිර්මාණය කරන ලද උපකරණයක් යට කොටසේ සඟවා තිබුණි. ප්ලන්කර්ට් බලාපොරොත්තු වූයේ මෙම උපකරණය මගින් KGB සෝදිස් කිරීම් වලින් මිදී යාමට අවස්ථාවක් ලබා ගැනීමයි.
මෙම උපකරණය Jack-in-Box ලෙස හැඳින්වූ අතර සරලව කෙටියෙන් JIB ලෙස හදුන්වන ලදි. වසර ගණනාවක් තිස්සේ CIA ආයතනය දැන සිටියේ KGB නිරීක්ෂණ කණ්ඩායම් සෑම විටම CIA මෝටර් රථ ලුහුබඳිමින් පිටුපසින් ගමන් කරන බවකි. නමුත් ඔවුන් කලාතුරකින් රථයට පසෙකින්ද ධාවනය කළ බව ඔවූහු දැන සිටියහ. CIA නිලධාරියෙකු රැගත් මෝටර් රථයකට KGB නියෝජිතයන්‌ට නොපෙනී වීදි කෙළවරකින් හෝ දෙකකින් පහසුවෙන් ලිස්සා යාමට හැකිවිය. එම කෙටි කාල පරිච්ඡේදයේදී CIA නිලධාරියාට මෝටර් රථයෙන් පැන අතුරුදහන් වීමට හැකිවිය. ඒ අතරම JIB යන්ත්‍රය ක්‍රියාත්මක වීම ආරම්භ වී රථයෙන් එළියට පැනගත් නිලධාරියාගේ හිස සහිත ශරීරය මෙන් පිටුපස රථයේ සිටින නිරීක්ෂකයන්ට පෙනෙනු ඇත.
JIB යන්ත්‍රය නිර්මාණය සදහා CIA සංවිධානය විසින් තාක්ෂණික සේවා කාර්යාලයේ සේවයේ යෙදුණු තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු යොදා ගත්තේ ය. ඔවුන් දෙදෙනා වොෂින්ටන් ඩී.සී. හි ලිංගික උපකරණ අලෙවිසැලකින් සාමාන්‍ය පෙනුමැති සහ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රමාණයෙන් යුතු බෝනික්කන් දෙදෙනෙකු මිලදී ගෙන තිබුණි. නමුත් බෝනික්කන් ඉතා ඉක්මනින් පිම්බීමට හෝ හුළං යවා ඇකිලීම අපහසු විය. බෝනික්කන්ගෙන් වාතය කාන්දුවීමේ ඉඩකඩ ඉතා වැඩිවිය. තරුණ ඉංජිනේරුවන් දෙපළ තවත් පරීක්ෂණ වලට යොදාගත හැකි කෘතීම නිරූපිකාවක් සොයා අලෙවිසැල වෙත ගියත්, ගැටලුව දිගටම පැවතුණි. මොස්කව් හිදී KGB සංවිධානයේ මෝටර් රථය CIA සංවිධානයේ රථය හඹා ඒමේදී පවත්වා ගන්නා දුර බැලූ විට, ඉදිරිපස අසුනේ ව්‍යාජ ත්‍රිමාණ අනුරුවක් තිබීම අත්‍යාවශ්‍ය නොවන බවට CIA පරීක්ෂකයන් වටහා ගත්තේ ය. ද්වීමාන අනුරුවක් තිබීම පමණක් සෑහුණු අතර, මායාව ජයග්‍රහණය කර JIB යන්ත්‍රය උපත ලැබීය.
මෙම උපකරණය මීට පෙර මොස්කව් හිදී අත්හදා බැලීමට හෝ භාවිතා කර නොතිබුණි. එහෙත් ඔවුන්ගේ උපක්‍රමය සාර්ථක වූ අතර CIA සංවිධානය සති ගණනාවක් ගතකළත් ඒජන්තවරයා සම්බන්ධ කර ගත නොහැකිව මංමුළා වූ තත්වයට පත්ව සිටියේය. මූලස්ථානයේ සිට මොස්කව් සේවා ස්ථානයට වෙස් වලාගත් දක්ෂ නියෝජිතයෙකු යැවීමට පියවර ගෙන තිබුණි. ඔහුගේ සේවය වූයේ JIB උපකරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උදව් සැපයීමත්, මීට පෙර කිසි දිනෙක පැලැද නොතිබූ ඇඳුම් කිහිපයක් ප්ලන්කර්ට්ට ගෙනවිත් දීමත්ය. KGB සුනඛයන් හෝ වෙනත් ලුහුබැඳීමක් සහ රහසිගතව සවන්දීමේ හැකියාව අහිමි කිරීමත් ඔහුට පැවරුණු රාජකාරි විය.
~~ අනාගතයට...
දෙවන කොටස : https://bit.ly/35UmHiN
තෙවන කොටස : https://bit.ly/32STkeU
සිව්වන කොටස : https://bit.ly/2EoPHE3
Last edited: