ඔත්තුකරුවා අතුරුදහන් විය.

sanjeewa.per85

Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    ඔත්තුකරුවා අතුරුදහන් විය.

    118833206_10157958059478208_8184631876230569466_o.jpg

    දශක දෙකක කාලය ඇතුළත එක්සත් ජනපදය විසින් සෝවියට් සංගමය තුළ රදවනු ලැබූ වඩාත්ම සාර්ථක සහ වටිනාම නියෝජිතයා ඔහු විය. ඔහුගේ ලියකියවිලි තුළින් සහ සිතුවම් සටහන් මගින් සෝවියට් රේඩාර් තාක්ෂණයේ රහස් අනාවරණය කර ගැනීමට එක්සත් ජනපදය සමත් වූයේය. ඔහුගේ එම ලියකියවිලි තුළින් දශකයක් ඉදිරියට නිපදවීමට සැලසුම් කර තිබූ ආයුධ පද්ධති පිළිබඳ සංවේදී පර්යේෂණයන් හි තොරතුරු අනාවරණය කර ගැනීමට ද ඔවූහ සමත් වූහ. ඔහු තමන් සේවය කරනු ලැබූ හමුදා පරීක්ෂනාගාරයෙන් පරිපථ පුවරු වල සැලසුම් සහ තවත් පරීක්ෂණ කිහිපයක සැලසුම් හොර රහසේම CIA සංවිධානය වෙත සැපයීමට සමත් වූයේය. ඔහුගේ සාර්ථක ඔත්තු බැලීම නිසාවෙන් එක්සත් ජනපදය ගුවන් සටන් වලදී ගුවනේ ආධිපත්‍යය දැරීමට සමත් වූයේය. ඇමෙරිකානු කෲස් මිසයිල සහ බෝම්බ හෙළන ගුවන් යානා සෝවියට් රේඩාර් වලට හසුවන සේ පියාසර කළහොත් සෝවියට් ගුවන් ආරක්ෂණ පද්ධති වලින් අවදානමක් ඇතිවිය හැකි බව ඔහු තහවුරු කර පවසා සිටියේ ය.

    1982 වර්ෂයේ සරත් සෘතුවේ අගභාගයේදී සහ ශීත සෘතුවේ මුල් භාගයේදී CIA සංවිධානය ඔහු සමඟ පැවැත්වූ සම්බන්ධතාවය මුළුමනින්ම අවහිර කර ගත්තේ ය. සැලසුම් කර තිබූ හමුවීම් පහක්ම ඔවුන්ට මඟහැරී ගියේය. මාස ගණනාවක් ගෙවී ගොස් තිබුණි. ඔක්තෝම්බර් මාසයේදී, පාළු වීදියකදී ඔහු සමඟ සම්බන්ධ වීමට ගත් උත්සාහයන් KGB ආයතනයේ සෝදිසි කිරීම් හේතුවෙන් අසාර්ථක විය. CIA සංවිධානයේ මොස්කව් සේවා ස්ථානයේ සේවයේ යෙදී සිටි බලවත් ආවරණ සහායකින් යුතු නිලධාරීන්ට පවා KGB නිලධාරීන්ගෙන් සැඟවී ඔහු හමුවීමට නොහැකි වූයේය. නොවැම්බර් 24 වන දින බලවත් ආවරණ සහායකින් යුතු නිලධාරියෙකු සාමාන්‍ය‌ ලෙස වෙස්වලාගෙන ඔත්තුකරුගේ මහල් නිවාසයට දුරකථනයෙන් ඇමතූ නමුත් දුරකථනයට පිළිතුරු සැපයුවේ වෙනත් පුද්ගලයෙක් විසිනි.

    මීළඟ හමුවීම සැලසුම් කර තිබුණේ දෙසැම්බර් 07 වනදා ය. මෙම මෙහෙයුමේ සම්පූර්ණ සැලසුම සහ මෙහෙයවීම බිල් ප්ලන්කර්ට් අතට පත්විය. බිල් ප්ලන්කර්ට් මුලින්ම සේවයට බැදුනේ නාවිකයෙකු ලෙස සේවය කිරීම සදහා ය. පසුව ඔහු CIA සංවිධානය සමඟ එකතු වී රහසිගත මෙහෙයුම් සදහා යොදවන නිලධාරියෙකු ලෙස පුහුණුව ලබා ඇත. ඔහු වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයට වන්නට ඔත්තුකරුවෙකු හැසිරවීම සදහා වූ විශේෂ මෙහෙයුමකට එක් වූයේය. ඒ සදහා ඔහු ගිම්හාන සෘතුවේදී මොස්කව් සේවා ස්ථානයට පැමිණියේ ය. ඔහු ලිපිගොනු පරීක්ෂා කිරීම්, සිතියම් සහ ඡායාරූප අධ්‍යයනය කිරීම්, කේබල් පණිවුඩ කියවීම් සහ විවිධ වූ සිද්ධි පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. කිසිදු දිනෙක මුහුණට මුහුණ හමු නොවූවත්, ඔහුට ඒ මිනිසා සමඟ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට හැගීමක් ඇති විය. ඔහුගේ කාර්යය වූෆය් KGB වෙත විවිධ වූ ගෙවීම් සිදුකරමින් සම්බන්ධතා ගොඩනගා ගැනීමයි.

    ඊට පෙර දිනවලදී, KGB ආයතනය විසින් පරීක්ෂාවෙන් සිටි දේශිය දුරකථන මාර්ග භාවිතා කරමින්, ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙක් අඟහරුවාදා දිනයේ සවස් වරුවේ උපන්දින සාදයක් සංවිධානය කර තිබුණි. නමුත් KGB ආයතනය මෙම දුරකථන මාර්ග පිළිබඳව පරීක්ෂාවෙන් සිටින බව ඔවුන් දැන සිටියහ. එදින රාත්‍රියේ, භෝජන සංග්‍රහය පැවැත්වෙමින් පැවති වෙලාවේ පුද්ගලයන් සිව් දෙනෙක් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වාහන නැවැත්වීමේ අංගනයේ මෝටර් රථයක් වෙත ඇවිද යමින් සිටියේ ය. පිටත සිටි KGB පුහුණුව ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙක් නිරන්තර සෝදිසියෙන් පසුවිය. සිව් දෙනාගෙන් එක් අයෙක් විශාල උපන්දින කේක් එකක් රැගෙන ගියේ ය. මෝටර් රථය තානාපති කාර්යාලයෙන් පිටවන විට රියදුරුට පිටුපස අසුනේ සිටි කාන්තාවක් විශාල කේක් ගෙඩිය උකුලේ තබාගෙන සිටියේ ය.

    කාර් රථය පදවාගෙන යනු ලැබුවේ CIA සංවිධානයේ ප්‍රධානිය ය. ප්ලාන්කට් ඔහුට යාබද ඉදිරිපස අසුනේ සිටියේ ය. ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරුන් දෙදෙනා පිටුපස අසුනේ අසුන්ගෙන සිටියේ ය. ඔවුන් සිව්දෙනාම මොස්කව් සේවා ස්ථානයේ තිබූ කාර්යාලයීයා ආසන භාවිතා කරමින් තමන් ඉදිරියේදී කිරීමට යන මෙහෙයුම පිළිබඳව පෙරහුරුවක් සිදුකර තිබුණි. සාර්ථක පෙරහුරුවෙන් පසු දැන් නියම දර්ශනය ආරම්භ කිරීමට නියමිත කාලය පැමිණ තිබුණි.

    චරපුරුෂ සේවය යනු මායාවක් වැනි වූ කලාවකි. අද රාත්‍රියේ ප්ලන්කර්ට් මායාකරුවා විය. ඔහු හැඳ සිටි සාමාන්‍ය ඇඳුම් වලට යටින් පැරණි රුසියානු මිනිසෙක් මෙන් පෙනුමැති ඇඳුම් ද පැලැද සිටියේ ය. උපන්දින කේක් ගෙඩිය ව්‍යාජ එකක් වූ අතර, එය ඉහළින් කේක් ගෙඩියක් මෙන් පෙනුණ ද CIA සංවිධානයේ තාක්ෂණික මෙහෙයුම් විශාරදයන් විසින් නිර්මාණය කරන ලද උපකරණයක් යට කොටසේ සඟවා තිබුණි. ප්ලන්කර්ට් බලාපොරොත්තු වූයේ මෙම උපකරණය මගින් KGB සෝදිස් කිරීම් වලින් මිදී යාමට අවස්ථාවක් ලබා ගැනීමයි.

    මෙම උපකරණය Jack-in-Box ලෙස හැඳින්වූ අතර සරලව කෙටියෙන් JIB ලෙස හදුන්වන ලදි. වසර ගණනාවක් තිස්සේ CIA ආයතනය දැන සිටියේ KGB නිරීක්ෂණ කණ්ඩායම් සෑම විටම CIA මෝටර් රථ ලුහුබඳිමින් පිටුපසින් ගමන් කරන බවකි. නමුත් ඔවුන් කලාතුරකින් රථයට පසෙකින්ද ධාවනය කළ බව ඔවූහු දැන සිටියහ. CIA නිලධාරියෙකු රැගත් මෝටර් රථයකට KGB නියෝජිතයන්‌ට නොපෙනී වීදි කෙළවරකින් හෝ දෙකකින් පහසුවෙන් ලිස්සා යාමට හැකිවිය. එම කෙටි කාල පරිච්ඡේදයේදී CIA නිලධාරියාට මෝටර් රථයෙන් පැන අතුරුදහන් වීමට හැකිවිය. ඒ අතරම JIB යන්ත්‍රය ක්‍රියාත්මක වීම ආරම්භ වී රථයෙන් එළියට පැනගත් නිලධාරියාගේ හිස සහිත ශරීරය මෙන් පිටුපස රථයේ සිටින නිරීක්ෂකයන්ට පෙනෙනු ඇත.

    JIB යන්ත්‍රය නිර්මාණය සදහා CIA සංවිධානය විසින් තාක්ෂණික සේවා කාර්යාලයේ සේවයේ යෙදුණු තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු යොදා ගත්තේ ය. ඔවුන් දෙදෙනා වොෂින්ටන් ඩී.සී. හි ලිංගික උපකරණ අලෙවිසැලකින් සාමාන්‍ය පෙනුමැති සහ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රමාණයෙන් යුතු බෝනික්කන් දෙදෙනෙකු මිලදී ගෙන තිබුණි. නමුත් බෝනික්කන් ඉතා ඉක්මනින් පිම්බීමට හෝ හුළං යවා ඇකිලීම අපහසු විය. බෝනික්කන්ගෙන් වාතය කාන්දුවීමේ ඉඩකඩ ඉතා වැඩිවිය. තරුණ ඉංජිනේරුවන් දෙපළ තවත් පරීක්ෂණ වලට යොදාගත හැකි කෘතීම නිරූපිකාවක් සොයා අලෙවිසැල වෙත ගියත්, ගැටලුව දිගටම පැවතුණි. මොස්කව් හිදී KGB සංවිධානයේ මෝටර් රථය CIA සංවිධානයේ රථය හඹා ඒමේදී පවත්වා ගන්නා දුර බැලූ විට, ඉදිරිපස අසුනේ ව්‍යාජ ත්‍රිමාණ අනුරුවක් තිබීම අත්‍යාවශ්‍ය නොවන බවට CIA පරීක්ෂකයන් වටහා ගත්තේ ය. ද්වීමාන අනුරුවක් තිබීම පමණක් සෑහුණු අතර, මායාව ජයග්‍රහණය කර JIB යන්ත්‍රය උපත ලැබීය.

    මෙම උපකරණය මීට පෙර මොස්කව් හිදී අත්හදා බැලීමට හෝ භාවිතා කර නොතිබුණි. එහෙත් ඔවුන්ගේ උපක්‍රමය සාර්ථක වූ අතර CIA සංවිධානය සති ගණනාවක් ගතකළත් ඒජන්තවරයා සම්බන්ධ කර ගත නොහැකිව මංමුළා වූ තත්වයට පත්ව සිටියේය. මූලස්ථානයේ සිට මොස්කව් සේවා ස්ථානයට වෙස් වලාගත් දක්ෂ නියෝජිතයෙකු යැවීමට පියවර ගෙන තිබුණි. ඔහුගේ සේවය වූයේ JIB උපකරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උදව් සැපයීමත්, මීට පෙර කිසි දිනෙක පැලැද නොතිබූ ඇඳුම් කිහිපයක් ප්ලන්කර්ට්ට ගෙනවිත් දීමත්ය. KGB සුනඛයන් හෝ වෙනත් ලුහුබැඳීමක් සහ රහසිගතව සවන්දීමේ හැකියාව අහිමි කිරීමත් ඔහුට පැවරුණු රාජකාරි විය.

    ~~ අනාගතයට...


    දෙවන කොටස : https://bit.ly/35UmHiN
    තෙවන කොටස : https://bit.ly/32STkeU
    සිව්වන කොටස : https://bit.ly/2EoPHE3
     
    Last edited:

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    119602389_10157982741148208_4811316952742295352_o.jpg

    මෝටර් රථය මොස්කව් නගරයේ වීදි හරහා ගමන් කරන අතරතුරදීම ප්ලන්කර්ට් සිය ඇමෙරිකානු ඇදුම් ගලවා කුඩා පැසකට දමාගනු ලැබුවේය. එම කුඩා පැස රුසියානුවන් බොහෝ අවස්ථා වලදී භාවිතා කරන පැසකට සමාන විය. සම්පූර්ණ මුහුණු ආවරණයක් සහ ඇස් කණ්ණාඩි පැලැද සිටි ඔහු වයස්ගත රුසියානුවෙකු මෙන් වෙස් වළාගෙන සිටියේය. රුසියානුවන් (KGB) බොහෝ දුර ප්‍රමාණයක් ඇතිව ඔවුන්ගේ පසුපසින් සිටියේය. නිසායාමය උදාවෙමින් පැවති අතර, වේලාව රාත්‍රී 7.00 පමණ විය.

    මෝටර් රථය ඉදිරිපස මාවතෙන් හැරී ගොස්, ඉතා ඉක්මනින්ම රුසියානුවන්ගේ නිරීක්ෂණයෙන් බැහැර විය. රථයේ පසුපස තිරිංග පහන් දැල්වීම වැළැක්වීම සදහා මොස්කව් මූලස්ථානයේ ප්‍රධානියා අත් තිරිංග පද්ධතිය යොදා ගනිමින් මෝටර් රථය මන්දගාමීව ධාවනය වන ආකාරයට පත් කර ගත්තේයෙ. ප්ලන්කර්ට් ඔහු අසුන්ගෙන සිටි පැත්තේ දොර විවෘත කර ගනිමින් මෝටර් රථයෙන් ඉවතට පැනගත්තේය. ඒ මොහොතේම මොස්කව් මූලස්ථානයේ ප්‍රධානියාගේ බිරිඳ උපන්දින සාදය සදහා රැගෙන යමින් සිටි කේක් ගෙඩිය රැගෙන ප්ලන්කර්ට් අසුන්ගෙන සිටි ඉදිරිපස මගී අසුනේ තැබුවේය. ඉන් අනතුරුව ඇය එයට සම්බන්ධ කර තිබූ කුඩා ලීවරය ඇද දැමුවේය.

    කේක් ගෙඩිය තුළ සැගව තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක වූ අතර මිනිසෙකුගේ හිසක් මෙන් පෙනෙන පරිදි එය විවෘත විය. මෝටර් රථයෙන් ඉවතට පැනගත් ප්ලන්කර්ට් ඉදිරියට යාමට පියවර හතරක් පමණ ඉදිරියට තැබුවා පමණි, පස්වන පියවර තබන විටම මගහැරී ගිය KGB ලුහුබැදීමේ මෝටර් රථය මාවත කොනකින් මතුවී ඉදිරියට පැමිණෙමින් තිබුණි. රථයේ ඉදිරිපස ප්‍රධාන පහන් එළියෙන් රුසියානු මිනිසෙකු පදික වේදිකාව තුළ ගමන් කරමින් සිටිනු දක්නට ලැබුණි. එහෙත් ඔහු පිළිබඳව සැලකිල්ලක් නොදැක්වූ KGB ලුහුබඳින්නන් ඉදිරියටම ගමන් කළේය. CIA මෝටර් රථය තුළ තවමත් පුද්ගලයන් සිව් දෙනෙකු සිටින බව පෙනෙන්නට තිබුණි. කුඩා හැඬලයක් ආධාරයෙන් CIA මොස්කව් මූලස්ථානයේ ප්‍රධානියා JIB යන්ත්‍රය තුළ ඇති හිස ඉදිරිපසට සහ පසුපසට කරමින් එය සමඟ කතාබහ කරන ආකාරයක් රඟ දැක්වූයේය.

    JIB යන්ත්‍රය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතුණි.

    ප්ලන්කර්ට්ට මොහොතකට සහනයක් දැනුනද, ඉදිරි පැය කිහිපය තුළ තමා සියල්ලන්ගේම ඉලක්කයක් වන බව දැන සිටියේය. නියෝජිතයා මොස්කව් මූලස්ථානය‌ට පමණක් නොව සමස්ත CIA සංවිධානයට සහ එක්සත් ජනපදයටම වටිනා පුද්ගලයෙකු වූයේය. ප්ලන්කර්ට් ඒ වෙනුවෙන් විශාල බරක් පෞද්ගලිකවම දරනු ලැබුවේය. ඒක් කුඩා දෝෂයකින් මුළු මෙහෙයුමම සදහටම අසාර්ථක වන්නට ඉඩ තිබුණි. එසේ වුවහොත් ඔත්තුකරුවාට රාජද්‍රෝහී චෝදනාව එල්ල වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. නමුත් ඔත්තුකරුවා එක්වරම අතුරුදහන් වී ගියේ ඇයිදැයි CIA සංවිධානයේ කිසිවෙකු දැන නොසිටියේය. ඔහු සැකයට භාජනය වූවාද? ඔහු වෘත්තීමය බුද්ධි අංශ නිලධාරියෙක් නොවූ අතර, වෘත්තියෙන් ඔහු ඉංජිනේරුවෙකු විය. ඔහු අතින් නොසැලකිලිමත් ලෙස වරදක් සිදුවූවාද? ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර රාජද්‍රෝහීභාවය හෙළිකර ගත්තාද?

    ප්ලන්කර්ට් තනිවම මොස්කව් වීදි දිගේ ඇවිද ගියේය. සිනිදු අයිස් කැබලි සහ සෙවනැලි මාවත් පුරා විචිත්‍රවත් දර්ශන මවාපාමින් තිබුණි. ඔහු සිතා සිටියේ තමා ඔත්තු බැලීම පිළිබඳ පරිපූර්ණත්වයට පත්වී සිටි බවකි. ඔහු තමා සමගම බොහෝ දෑ තනිවම කතා කළේය. කතෝලික භක්තිකයෙකු වූ ප්ලන්කර්ට් කෙටි යාඥාවක් තනිවම කළේය. මුහුණු ආවරණයක් පැළැඳ හුස්ම හෙළන සෑම වාරයකදීම ඔහුගේ ඇස් කණ්ණාඩි තුනී මිහිදුම් පටලයකින් වැසී ගියේය. මද වේලාවකට ඔහු එක් ස්ථානයක නතර වී මුහුණු ආවරණය ඉවත්කර සැහැල්ලු ලෙස වෙස් වලාගත්තේය. පොදු ප්‍රවාහන මාධ්‍යයන් සහ බස් රථ යොදා ගනිමින් රහස් හමුව පැවැත්වෙන ස්ථානයට රහසිගතව සහ ඉතාමත් ප්‍රවේශමෙන් ගමන් කළේය. KGB සෝදිසි කිරීම් පිළිබදව විමසිල්ලෙන් බලා සිටියද කිසිවෙකුත් ඔහු පිළිබඳව සෝදිසියෙන් සිටින බව නොදුටුවේය.

    ඔහුට ඔත්තුකරුවා සොයා ගැනීමට සිදුවිය. කිසිසේත්ම මෙහෙයුම අසාර්ථක කරවීම හෝ මෙහෙයුම තුළදී අසමත්වීම ඔහුට කළ හැක්කක් නොවූයේය.

    එක්සත් ජනපදය සහ සෝවිය‌ට් සංගමය අතර සීතල යුද්ධය පැවති මුල් අවධියේදී මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) තමන් පිළිබඳවම හෙළිදරව් කළ නොහැකි රහස් ගණනාවකට රැකවරණය දෙමින් සිටියේය. මධ්‍යම බුද්ධි ඒජන්සිය කිසි විටෙකත් මොස්කව් නගරයෙහි වීදිවල සිට ඔත්තුබැලීමේ මෙහෙයුම් පවත්වාගෙන නොගියේය. ඒජන්සිය මොස්කව් නගරයෙන් නියෝජිතයන් බදවා ගැනීමට කිසිවිටෙකත් නොපෙළඹුණි. එසේ කළහොත් එයින් අතිශය භයානක ප්‍රතිඵල ගෙනදීමට හැකිබව ඔවුන් දැන සිටියේය. එසේ බඳවා ගන්නා පුද්ගලයාටද හෙළිදරව් වීමකදී අතිශය භයානක සිදුවීම් වලට මුහුණු දීමට සිදුවිය. ඔත්තුකරුවෙකු හඳුනාගෙන බඳවා ගැනීමේ පළමු ක්‍රියාවලියේ සිටම ඔහු KGB ආයතනය විසින් සොයා ගැනීමේ අවදානමකට ලක්වූ අතර, ඔහු ඔත්තු සේවයේ යෙදී සිටියදී අල්ලා ගතහොත් නියෝජිතයාට මරණය ඔහු සොයාගෙන පැමිණීම වැළැක්වීමට නොහැකි විය. සෝවියට් සංගමයෙන් පිටත මධ්‍යම බුද්ධි ඒ්ජන්සිය විසින් බඳවා ගත් සහ ස්වේච්ඡාවෙන් සේවය කළ නියෝජිතයන් කිහිප දෙනෙක් නැවත සිය රටට පැමිණි පසු ආරක්ෂිතව සිටින බවට වාර්තා කරනු ලැබුවේය. එහෙත් බොහෝ දුරට CIA විසින් අභ්‍යන්තර ඔත්තු සේවය සදහා එම නියෝජිතයන් පොළඹවා ගත්තේ නැත.

    ඔත්තු බැලීමේ මෙහෙයුමක් පිළිබඳව සාර්ථකම කතාන්දරය මෙයයි. සෝවියට් සංගමයේ අභ්‍යන්තර වන්නට ඉතා ඉහළ රහසිගත නිර්මාණයන් සිදුකරන විද්‍යාගාරයක සේවය කරන ඉංජිනේරුවෙකු සිටියේය. ඔහු සෝවියට් මිලිටරි සංස්ථාපිතය තුළ ගැඹුරින් සේවය කළ ගුවන් රේඩාර් පිළිබඳ විශේෂඥයෙක් විය. කෝපය සහ පළිගැනීම ඔහුගේ සිත තුළ තැන්පත් වී තිබුණේය. කිසි දිනෙක ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පා තබා තිබුණේ හෝ එක්සත් ජනපදය පිළිබඳ වැඩි තොරතුරක් ද නොදැන සිටියේය. එහෙත් රහස්‍ය ලේඛන සහිත ලියකියවිලි පිටු දහස් ගණනක් ඔහු එක්සත් ජනපදයට ලබා දුන්නේය. ඔහු වසර හයක් පුරා මොස්කව් නගරයේ වීදි වලදී විසිඑක් වතාවක් CIA නිලධාරීන් හමුවිය. KGB ආයතනයේ නිරන්තර සෝදිසි කිරීම් වලට ලක්වන මොස්කව් නගරය තුළදීම එම සියලු හමුවීම් රහසිගතවම සිදුව තිබුණු අතර එම හමුවීම් කිසි විටෙකත් KGB ආයතනයට අනාවරණය නොවීය. සීතල යුද සමයේ මෙම ඉංජිනේරුවරයා CIA සංවිධානයට සිටි ඵලදායීම නියෝජිතයන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. වෙනත් ඔත්තුකරුවෙකු විසින් මෙතෙක් ලබා නොදුන් තොරතුරු ප්‍රමාණයක් එක්සත් ජනපද බුද්ධි අංශ වලට ලබාදී තිබුණි. මෙම මෙහෙයුම සඳහා CIA සංවිධානයට දිගු කාලයක් ගතවී තිබුණු අතර, එය දිගු කාලයක් පුරා අත්කර ගත නොහැකි යැයි සිතූ දේ ඉටුකර ගත් මොහොතකි. KGB කණෙන් රිංගා ගොස් ඔත්තුකරුවෙකු හමුවීම CIA සංවිධානය සහ එක්සත් ජනපදය අත්කර ගත් අති විශිෂ්ට ජයග්‍රනයකි. එහෙත් මෙහෙයුම විනාශ වී ගියේ KGB මැදිහත් වීමක් නිසා නොව අභ්‍යන්තරයේම සිට සිදුවූ පාවාදීමකිනි.

    ~~~~ අනාගතයට...
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    119641757_10157993082983208_6298176200832164536_n.jpg

    මෙහෙයුමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා සෝවියට් සංගමය අභ්‍යන්තරයටම ගමන් කිරීමට මධ්‍යම බුද්ධි කාර්යාංශයේ දීර්ඝ සහ දුෂ්කර අරගලය දෙස ආපසු හැරී බැලිය යුතුය.

    පර්ල් වරායට 1941 දෙසැම්බර් 07 වැනිදා ජපාන අධිරාජ්‍යය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ඇතිවූ ව්‍යවසනයෙන් පසු මධ්‍යම බුද්ධි කාර්යාංශය හෙවත් CIA සංවිධානය උපත ලැබීය. අනතුරු හැඟවීම් පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත්, දෙසැම්බර් 07 වනදා ජපාන අධිරාජ්‍යය ඇමෙරිකානුවන් 2,403 කගේ ජීවිත බිලිගත් අතර, දහස් ගණනක් තුවාල ලැබීය. එක්සත් ජනපද පැසිෆික් නාවුක බළඇණියේ යාත්‍රා 20 ක් සහ ගුවන්යානා 300 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් විනාශයට පත්විය. මෙම ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධයට සක්‍රීයව සහභාගී වීම ආරම්භ වූයේය. බුද්ධි තොරතුරු විමර්ශනය විවිධ ආයතන අතර බෙදී ගොස් තිබූණි. කිසිවිටෙකත් මෙම සියලු කොටස් එකට එක්වී කටයුතු කළේ නැත. කොංග්‍රස් පරීක්ෂණයේ නිගමනය වූයේ මෙම වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යන ක්‍රියාවලිය "බරපතල වැරැද්දක්" බවය. පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය වැනි ව්‍යවසනයක් නැවත කිසි දිනෙක සිදු නොවිය යුතුය යන්න කොංග්‍රසයේ සහ ජනාධිපති හැරී ටෲමන්ගේ අධිෂ්ඨානය විය. මේ සියල්ලන්ගේම කැපවීමෙන් 1947 දී CIA හෙවත් එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය ආරම්භ වූයේය. ජනාධිපති ටෲමන්ට අවශ්‍ය වූයේ උසස් තත්වයේ වෛයිසයික විශ්ලේෂණයන් CIA සංවිධානයට සැපයීීමටය. එය ඇමෙරිකානු ඉතිහාසයේ පළමු මධ්‍යගත සිවිල් බුද්ධි ඒජන්සිය විය.

    නමුත් CIA සංවිධානය හරහා ඉටුකර ගැනීමට සැලසුම් කර තිබූ මූලික සැලසුම් ඉතා ඉක්මනින්ම වෙනස් විය. මේ වන විට සෝවියට් සංගමයෙන් ඇතිවන තර්ජනය ඉතා දැඩි වූයේය. බර්ලිනය අවහිර වීම, ස්ටාලින් නැගෙනහිර යුරෝපය තදින් අල්ලා ගැනීම සහ සෝවියට් සංගමය පරමාණු බෝම්බයේ තාක්ෂණය අත්පත් කර ගැනීම ඇතුළුව සෝවියට් තර්ජනය වැඩිවෙමින් පැවතුණි. මෙනිසා CIA සංවිධානය බුද්ධි තොරතුරු විශ්ලේෂණයට වඩා ඔත්තු බැලීම සහ රහසිගත ක්‍රියාමාර්ග ගැනීම දක්වා වේගයෙන් ව්‍යාප්ත වූයේය. 1946 දී ජෝර්ජ් කෙනන්ගේ දිගු විදුලි පණිවුඩයෙන් මොස්කව් හි සිට ගෙනහැර දැක්වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පසුව සැලකිය යුතු ලෙස පුළුල් වූ එක්සත් ජනපදය, ලොව පුරා ආණ්ඩු විනිවිද යාමට සහ යටපත් කිරීමට සෝවියට් සංගමය ගත් උත්සාහයට එරෙහි වීමට උත්සාහ කළේය. සීතල යුද්ධය ආරම්භ වූයේ යුද්ධයෙන් විනාශ වූ යුරෝපයට එරෙහි එදිරිවාදිකමක් ලෙසය. මෙතුළින් ද්‍රෘෂ්ටිවාදය, දේශපාලනය, සංස්කෘතිය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව සහ මිලිටරි ශක්තියේ තරඟයක් ඇතිවූයේ ය. CIA සංවිධානය මින් සිටියේ ඉදිරි පෙළට වන්නටය. කොමියුනිස්ට්වාදයට එරෙහි සටන කිසි විටෙකත් සුපිරි බලවතුන් අතර සෘජු සටනක් දක්වා වර්ධනය නොවීය. එය යුද්ධය සහ සාමය අතර සෙවනැලි තුළ සිදුවූ සටන් විය.

    සෝවියට් සංගමය තුළට ගමන් කිරීම සදහා එක් භයානක මංපෙතක් තිබුණි. නාසීන්ට එරෙහිව දෙවන ලෝක සංග්‍රාමයේ ජයග්‍රහණය සෝවියට් රාජ්‍යයේ නොසැලෙන බව පෙන්නුම් කළ බවට ස්ටාලින්ට එත්තු ගියේය. යුද්ධයෙන් පසු ඔහු 1930 දශකයේදී පරිපූර්ණ කළ කුරිරු, සංවෘත පද්ධතිය අධිෂ්ඨාන සහගතව සහ සවිඥානිකව ගැඹුරු තත්වයකට පත් කළේය. සමාජයේ සදාකාලික ආනතියක් ඇති කිරීම, ජනතාවගේ සතුරන්, ඔත්තුකරුවන්, සැකකරුවන්, සාර්වභෞමිකයන් සහ පරිහානියට එරෙහිව නිරන්තර අරගලයක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය. විදේශයකින් පොතක් ගෙන්වා ගැනීම සහ විදේශීය ගුවන්විදුලි විකාශයන්ට සවන්දීම තහනම් විය. විදේශ සංචාර සඳහා අවසර ලැබූයේ සීමිත පිරිසක් වූ අතර විදේශිකයෙක් සමඟ අනවසර සබඳතා පැවැත්වීම ද දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් විය. දුරකථන මාර්ග වලට අනවසරයෙන් රහසේ සවන්දෙන ලදි. තැපෑලෙන් ලැබෙන ලියුම් විවෘත කර බැලූ අතර තොරතුරු සපයන්නන් දිරිමත් කරන ලදි. රහස් පොලීසිය සෑම කර්මාන්තශාලාවකම සහ කාර්යාලයකම රහසිගතව ගැවසෙමින් තොරතුරු එක්රැස් කරන ලදි. සමීප කවයන් තුළ පවා කිසියම් කෙනෙක් අවංකව කතා කිරීම අතිශය භයානක විය.

    මෙම පරිසරය තුළ ඔත්තු බැලීම තහනම් ක්‍රියාවක් විය. සීතල යුද්ධයේ මුල් අවධියේදී CIA සංවිධානය මොස්කව් නගරයේ මූලස්ථානයක් පිහිටුවා නොතිබූ අතර, ලොව විශාලතම සහ රහසිගත පක්ෂයකින් පාලනය වන රාජ්‍යයේ අගනුවර වීදිවල සේවය කළ නිලධාරීන් නොසිටියේ ය. වෙනත් ස්ථානයන් හි සිදුකළාක් මෙන් සෝවියට් නියෝජිතයන් හඳුනාගෙන බඳවා ගැනීමට එයට නොහැකි විය. සෝවියට් රහස් පොලීසිය 1954 න් පසු KGB නොහොත් Komitet Gosudarstvennoi Bezopasuosti යනුවෙන් හැඳින්වීම ආරම්භ වූයේය. එහි සේවය කළ අය පළපුරුදු, ප්‍රවීණ, සර්වබලධාරී සහ නිර්දය අරමුණකින් සේවය කළේය. 1950 දශකය වන විට, KGB ආයතනය ස්ටාලින් වරදෙන් නිදොස් කර, යුද්ධය පැවති සමයේ සහ පසුව සෝවියට් පාලනයට එල්ල වූ තර්ජන තුරන් කිරීම සහ ඇමෙරිකානු පරමාණු බෝම්බ පිළිබඳ රහස් පැහැර ගැනීම පිළිබඳව දශක තුනක පමණ අත්දැකීම් වලින් පරිපූර්ණ විය. සැකයක් ඇති නොවන පරිදි විදේශිකයෙකුට මොස්කව් හි සංවාදයක් ඇති කිරීම පවා නොහැකි විය.
    CIA සංවිධානය තවමත් ඇතිවූ නව තත්වයන්ට හැඩ ගැසෙමින් සිටියේ ය. තරුණ සංවිධානයක් වූ CIA සුබවාදී සහ බොළඳ දෑ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. එය ඇමෙරිකානු චරිතයේ පිළිබිඹුවක් විය. 1954 දී පුරෝගාමී ගුවන් නැවියෙකු වූ ජෙනරාල් ජේම්ස් ඩූලිට්ල් අනතුරු හැඟවූයේ එක්සත් ජනපදය වඩාත් දැඩි මනසකින් කටයුතු කිරීම සහ කුරිරු විය යුතු බවයි. "අප ඵලදායීි ඔත්තු බැලීමේ සහ ප්‍රති ඔත්තු බැලීමේ සේවාවන් වර්ධනය කළ යුතු අතර, අපට එරෙහිව භාවිතා කළ ක්‍රමවේද වලට වඩා දක්ෂ, වඩාත් නවීන සහ ඵලදායී ක්‍රමවේදයක් මගින් අපගේ සතුරන් කඩාකප්පල් කිරීමට සහ විනාශ කිරීමට ඉගෙන ගත යුතුය." යනුවෙන් ඔහු ජනාධිපති අයිසෙන්හවර් වෙත යැවූ රහසිගත වාර්තාවක සඳහන් කළේය.

    CIA සංවිධානය, සෝවියට් සංගමය සහ ඔවුන්ගේ චන්ද්‍රිකා නිසා එකිනෙකාගේ බුද්ධි අංශයන් දැඩි සහ නිරන්තර පීඩනයකට මුහුණ දුන්නේ ය. වොෂින්ටනයේදී ප්‍රතිපත්ති සම්පාදකයන්, යුරෝපයේදී සිදුවිය හැකි යුද්ධය පිළිබඳව නිරන්තර තියුණු අවධානයකින් සිටි අතර පූර්ව අනතුරු හැඟවීම් සදහා නිරන්තර උනන්දුවකින් කටයුතු කළේය. බොහෝ තොරතුරු විවෘත මූලාශ්‍ර වලින් ලබාගත හැකිව තිබු නමුත් ඒවා අව්‍යාජ සහ විනිවිද ගිය සියුම් බුද්ධි තොරතුරු වලට සමාන නොවීය. ප්‍රතිඵල සඳහා වන පීඩනය, නොනවත්වා නැවත නැවත ලබාදෙන උපදෙස් වල සිට ඔ්නෑම දෙයක් කිරීමට දැක්වූ උද්යෝගිමත් ඉල්ලීම් දක්වා වූ සිදුවීම් පිළිබඳව 1950 දශකයේ රහසිගත මෙහෙයුම් සඳහා වගකිව යුතු පුද්ගලයෙකු වූ රිචඩ් හෙල්ම්ස් සිහිපත් කළේය.

    CIA සංවිධානය විසින් සෝවියට් සමූහාණ්ඩුවෙන් සිටත සරණාගතයින්, කැරලි ගසන්නන් සහ සංක්‍රමණිකයන් පිළිබඳව බුද්ධි තොරතුරු රැස් කළේය. තුන්වන ලෝකයේ රටවල සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයන්, සොල්දාදුවන් දහ බුද්ධි අංශ නිලධාරීන් සේවය‌ට යෙදවූයේ ය. යුරෝපයේ සරණාගත කඳවුරු වලින් CIA සංවිධානයේ රහසිගත ක්‍රියාකාරී ඒ්කකය විසින් රහසිගත හමුදාවක් එක්සත් ජනපදය වෙනුවෙන් සේවය කිරීම සඳහා බඳවා ගත්තේ ය. පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු සෝවියට් සංගමය ආක්‍රමණය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් පන්දහසක් පමණ "පශ්චාත් න්‍යෂ්ටික ගරිල්ලා බලකායක්" ලෙස පුහුණු කරවන ලදි. ඔත්තු බැලීමට හෝ විරෝධතා පෑ කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට එක්සත් ජනපදය විසින් හුදෙකලා පැරෂුට්කරුවන් පිරිසක් සෝවියට් ජනරජයට ඇතුළු කළේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඝාතනය කරන ලදි. රහසිගත ක්‍රියාකාරී ඒකකයේ ප්‍රධානී ෆ්රූන්ක් ජී. විස්නර් සෑම විටම සිහින මවනු ලැබුවේ නැගෙනහිර රටවල් කාණ්ඩයට ගොස් එය කැබැලි වලට කඩා වෙන් කිරීමට ය. විස්නර් බලාපොරොත්තු වූයේ මානසික යුද්ධයකින් සහ භූගත ආධාර, අවි තිප්පොලවල්, ගුවන්විදුලි ප්‍රචාරණ, සම්ප්‍රදායික ්ප්‍රචාරණ මාධ්‍ය මගින් නැගෙනහිර යුරෝපයේ ජනතාවට ඔවුන්ගේ කොමියුනිස්ට් පීඩකයන් පලවා හැරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. එහෙත් රහසිගත ක්‍රියාවලියකින් සතුරු රේඛා පසුපස යෑමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. නමුත් බුද්ධි තොරතුරු හිඟතාවය නිසා සෝවියට් සංගමය නොසන්සුන් විය.

    ~~~~ අනාගතයට...
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    denna denna tawa denna

    කෝ ඉතුරු ටික?

    මචන් මම මේ ටික ගත්තේ මගේ මිත්‍රයෙක්ගේ ෆේස් බුක් පේජ් එකෙන්. තවම දාලා තියෙන්නේ මේ කොටස් ටික විතරයි. මෑන් ඉතිරි කොටස් ටික දාපු ගමන් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරනවා.
     
    Last edited:

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    120064335_10157999671038208_7186212635083655754_n.jpg

    CIA සංවිධානයේ තොරතුරු මූලාශ්‍රයන් මේ වන විටත් පිටත ක්‍රියාකාරීව පැවතුනි. "අපගේ මෙහෙවර ඉටුකළ හැකි එකම ක්‍රමය වූයේ ප්‍රතිපත්ති සම්පාදකයන් අසල සිට ඔවුන්ගේ විවාද වලට සවන්දීම සහ ඔවුන්ගේ ලියකියවිලි කියවීමට හැකි ඔත්තුකරුවන් අභ්‍යන්තර ප්‍රභවයන් තුළ වර්ධනය කිරීමයි." යනුවෙන් වරක් හෙල්ම්ස් පැවසුවේ ය. නමුත් සෝවියට් නායකත්වය විසින් ගනු ලබන තීරණ පිළිබඳව අනතුරු හැඟවිය හැකි මොස්කව් හි නියෝජිතයන් බඳවා ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව "අඟහරු ග්‍රහයා මත ඔත්තුකරුවන් නේවාසිකව තැබීම තරම්ම කළ නොහැකි අපහසු කටයුත්තක් විය. සෝවියට් සමූහාණ්ඩුව පිළිබඳ සම්පූර්ණ කරන ලද CIA බුද්ධි වාර්තාවක් 1953 වසරේදී සකස් කරන ලදි. "ක්‍රෙම්ලිනයේ ගන්නා තීන්දු තීරණ පිළිබඳ විශ්වාසදායි බුද්ධි තොරතුරු අපට ලබාගත හැකි ක්‍රමවේදයක් නොමැත." යනුවෙන් එහි සඳහන් කර තිබුණි. එම වාර්තාවේ මිලිටරිය පිළිබඳව මෙසේ සඳහන් කර තිබුණි. "සතුරාගේ දිගුකාලීන සැලසුම් සහ අභිප්‍රායන් පිළිබඳව විශ්වාසනීය බුද්ධි තොරතුරු ලබා ගැනීම පිළිබඳව ප්‍රායෝගික ගැටලු පවතී. හදිසි ප්‍රහාරයක් සිදුවුවහොත්, සෝවියට් මිලිටරි අභිප්‍රායන් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමක් පිළිබඳව අපට බලාපොරොත්තු තැබිය නොහැක." එම වාර්තාවේ සඳහන් මෙම කොටස විශේෂඥයන් විසින් සකස් කර තිබූ අතර ඔවුන් විශේෂයෙන් අනතුරු හැඟවීම් නිකුත් කර තිබුණි. ඒජන්සිය ආරම්භ කළ මුල් කාලයේදී, CIA සංවිධානය "ස්ටාලින්ගේ පොලිස් රාජ්‍යයට ඔවුන්ගේ නියෝජිතයන් සමඟම අභ්‍යන්තරයට ගමන් කිරීම අපහසු බව සොයා ගත්තේ ය. "එම කාලයේ සෝවියට් සමූහාණ්ඩුව පිළිබඳව අප සතුව තොරතුරු පැවතියේ ඉතා ස්වල්පයකි" යනුවෙන් එක් අවස්ථාවකදී හෙල්ම්ස් පැවසීය.

    මෙම සියලු දුෂ්කරතා තිබියදීත් CIA සංවිධානය 1950 සහ 1960 දශකයේ මුල් භාගයේදී ජයග්‍රහණ ද්විත්වයක් ලබා ගැනීමට සමත් විය. සෝවියට් හමුදා බුද්ධි අංශ නිළධාරීන් වන Pyotr Papov සහ Oleg Penkovsky එක්සත් ජනපදය වෙනුවෙන් සෝවියට් සංගමය තුළ සිටිමින් ඔත්තු බැලීම ආරම්භ කළේය. ඔවුන් ස්වේච්ඡා සේවකයින් වූ අතර, සංවිධානයට බඳවා නොගත්තවුන් වූහ. ඔවුන් මොස්කව් වලින් පිටතට රහස් හෙළි කිරීම සඳහා ඉදිරියට පැමිණිය වුන් වූහ. ඔවුන් බොහෝ තොරතුරු මොස්කව් වලින් පිටතට රැගෙන විත් CIA සංවිධානයට හෙළි කළහ.

    1953 ඔස්ට්‍රියාවේ වියානා අගනුවර නව අවුරුදු දිනයේදී රුසියානු ජාතිකයෙක් ජාත්‍යාන්තර කලාපයකදී මෝටර් රථය‌කට ගොඩ වෙමින් සිටි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ලියුම් කවරයක් ලබා දුන්නේ ය. මේ කාලය වනවිට වියානා නගරය තුළ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ සෝවියට් රහසිගත බලකායන් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ලියුම් කවරය තුළ 1952 දෙසැම්බර් 28 දිනැති රුසියානු බසින් ලියන ලද ලිපියක් ඇතුලත්ව තිබුණි. එම ලිපියේ මෙසේ සඳහන්ව තිබුණි. "මම සෝවියට් නිළධාරියෙක්. විවිධ සේවාවන් ලබාදීමේ අරමුණින් ඇමෙරිකානු නිළධාරියෙක් හමුවීමට කැමැත්තෙමි." මීට අමතරව ලිපියෙහි හමුවීම සඳහා ස්ථානයක් සහ වේලාවක් සඳහන් කර තිබුණි. එවැනි ප්‍රතිඥා එම කාලය වන විට වියානා නගරයෙහි බහුලව සිදුවූ සිද්ධින් විය. ව්‍යාජ බුද්ධි වාර්තා වලින් මුදල් උපයා ගැනීමට උපක්‍රමශීලීව පිරිසක් උත්සාහ කළහ. CIA සංවිධානයට එම සියලු ප්‍රතිඥාවන් වෙන් වෙන් වශයෙන් ගැනීමට අපහසු වූ නමුත් මෙවර ඔවුන්ට ලැබුණු ලිපිය සත්‍යයක් ලෙස පෙණුනි. ඊළඟ සෙනසුරාදා දිනයේ ලිපිය ලබාදුන් රුසියානු ජාතිකයා තමා පොරොන්දු වූ ස්ථානයට පැමිණියේ ය. දොරටුවක සෙවණැලි අතර සැඟවුණු ඔහු තනිවම එහි සිටගෙන සිටියේය. ඔහු තොප්පියක් සහ විශාල කබායකින් සැරසී සිටියේ ය. ඔහු සෝවියට් හමුදා බුද්ධි අංශයේ සේවය කළ විසි නව හැවිරිදි මේජර්වරයෙකු වූ පයෝටර් පපොව් ය. එම හමුදා බුද්ධි අංශය හඳුන්වනු ලැබූයේ GRU හෙවත් Glavnoye Razvedyvatelnoye Upravleniye ්‍යනුවෙනි. එම සංවිධානය KGB හි අනුඛණ්ඩයක් විය. පපොව් CIA සංවිධානයේ පළමු සහ එවකට සෝවියට් හමුදාවේ අභ්‍යන්තර කටයතු සහ ආරක්ෂක සේවාවන් හි සේවය කළ වටිනාම හමුදාමය තොරතුරු සැපයීමේ ප්‍රභවය විය. ඔහු 1953 ජනවාරි සිට 1955 අගෝස්තු දක්වා කාලය තුළ CIA සංවිධානයේ නියෝජිතයන් වියානා නගරයේදී හැටහය වතාවක් හමුවිය. ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ CIA නිළධාරියා වූ ජෝර්ජ් කිස්වෙල්ටර් රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හි ප්‍රමුඛ පවුලක උපත ලැබූ පුද්ගලයෙක් විය. ඔහු කුඩා කලම සිය දෙමාපියන් සමඟ එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයෙකු විය. කාලයාගේ ඇවෑමෙන්, පපොව් කිස්වෙල්ටර්ට තම කුඩා කාලය පිළිබඳව හෙළි කළේය. තමා ගොවියෙකුගේ පුත්‍රයෙකු බවත්, අපිරිසිදු පැල්පතක හැදී වැඩුණු බවත්, වයස අවුරුදු 13 වන තෙක් තමාට නිසි සම් සපත්තු යුගලයක්වත් නොතිබූ බවත් ඔහු හෙළි කළේය. රුසියානු ගොවියන් සහ ජනතාවගේ එකමුතුකම විනාශ කිරීමට ස්ටාලින් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව ඔහු වෛරයෙන් බලා සිටියේ ය. ඔහු එක්සත් ජනපදය වෙනුවෙන් ඔත්තු බැලීමට හේතු වූයේ තම දෙමාපියන්ට සහ වොල්ගා ගංගාව අසල පිහිටි ඔහුගේ කුඩා ග්‍රාමයට සිදුවූ අසාධාරණයට පළිගැනීමේ ආශාවෙනි. වියානා හි CIA ආරක්ෂිත නිවස්නෙහි කිස්වෙල්ටර් විසින් "ලයිෆ් ඇන්ඩ් ලුක්" වැනි සඟරා කිහිපයක් සඟවා තිබූ නමුත් පපොව්ගේ සිත් ගත්තේ ඇමෙරිකානු "ෆාම් ජර්නලය" පමණි.

    CIA සංවිධානය විසින් පපොව්ට යතුරක් තැනීමට උපකාර කළ අතර එය භාවිතයෙන් ඔහුට වියානා නගරයේ GRU ආයතනයේ විශේෂයෙන් වර්ගීකරණය කළ තොරතුරු ඇතුළත් ලාච්චු විවෘත කිරීමට හැකි වූයේය. පපොව් වියානා නගරයේ සියලු සෝවියට් බුද්ධි අංශ නිළධාරීන්ගේ අනන්‍යතාවයට ඇගිල්ල දිගු කළේය. ඔහු කිස්වෙල්ටර්ට වොර්සෝ ගිවිසුම් ඒකක පිළිබඳව පුළුල් පරාසයක තොරතුරු ලබාදුන් අතර, පරමාණුක ආයුධ පිළිබඳව 1954 වර්ෂයේදී සෝවියට් හමුදා ක්ෂේත්‍ර සේවා අත්පොතක් ද ලබාදෙන ලදි. 1955 වර්ෂයේදී පපොව් නැවතත් මොස්කව් වෙත කැඳවා ගන්නා ලද අතර, CIA මූලස්ථානය විසින් පපොව්ට පණිවිඩ යැවිය හැකි සහ සැඟවුණු ස්ථාන පිළිබඳව සොයා බැලීමට රහසිගතව නිළධාරියෙකු පත්කර යවන ලදි. නමුත් CIA නියෝජිතයා දුර්වල ලෙස ක්‍රියාකළ අතර, පසුව KGB විසින් අටවන ලද "හනිපොට්" යනුවෙන් හැඳින්වූ උගුලක පැටලුණි. පසුව ඔහු වෙඩිතබා ඝාතනය කරන ලද බව සොයා ගන්නා ලදි. මොස්කව් නගරයේ රහසිගත මූලස්ථානයක් පිහිටුවීමට CIA සංවිධානයගත් පළමු උත්සාහය දරුණු ප්‍රතිඵල අත්කර දෙමින් එසේ අවසන් විය.

    1956 වසරේ පපොව් නැවතත් නැගෙනහිර ජර්මනියට මාරුකර යැවුණු අතර ඔහු නැවතත් CIA සංවිධානය වෙනුවෙන් ඔත්තු බැලීම ආරම්භ කළේය. නැවතත් කිස්වෙල්ටර් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත් අතර, බටහිර බර්ලිනයට ගොස් ඔහු සමඟ ආරක්ෂිතව හමුවීම් ද පැවැත්වූයේ ය. ඔහු නැවතත් විශිෂ්ඨ නියෝජිතයෙකු බව ඔප්පු කළේය. 1957 මාර්තු මාසයේදී සෝවියට් ආරක්ෂක ඇමතිවරයා වූ මාර්ෂල් ජෝර්ජ් ෂුකොව් විසින් ජර්මානු හමුදා වෙත යුද්ධයේදී න්‍යෂ්ඨික අවි භාවිතා කිරීම පිළිබඳව කතාවකදී හෙළිදරව් කිරීම පිළිබඳව සියලු තොරතුරු ඔහුගේ බුද්ධි තොරතුරු වාර්තා වල ඇතුලත් කළේය. 1958 වර්ෂයේදී පපොව් නැවතත් හදිසියේම මොස්කව් වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්වූ අතර ඔහු සෝවියට් රාජ්‍යයට ද්‍රෝහි වූවෙකු බව සොයා ගන්නා ලදි. කෙසේ වෙතත්, KGB සංවිධානය විසින් මෙය රහසිගතව තබා ගත් අතර, වරින් වර CIA සංවිධානය නොමඟ යවන සුළු තොරතුරු යැවීමට පපොව් භාවිතා කළේය. 1959 සැප්තැම්බර් 18 වන දින පපොව් CIA සංවිධානය වෙත කඩදාසියක රූල් අටක පැන්සලක් භාවිතයෙන් පණිවුඩයක් ලියා සිගරට්ටුවක ප්‍රමාණයේ සිලින්ඩරයක බහා යැවුවේය. සිදුවූයේ කුමක්දැයි යන්න CIA සංවිධානය වෙත දැන්වීමට ඔහු මෙ පණිවුඩය භාවිතා කළ අතර, විනාශකාරී ඔත්තුකරුවෙකු විසින් කරන ලද ධෛර්ය සම්පන්න අවසන් ක්‍රියාවද විය. පණිවුඩය නැවත CIA මූලස්ථානය වෙත යැවූ අතර එහිදී පපොව් එවා තිබූ පණිවුඩය කිස්වෙල්ටර් විසින් කියවා විනාශ කර දමන ලදි. 1960 වර්ෂයේදී පපොව්ට නඩු පවරණ ලද අතර ජුනි මාසයේදී වෙඩි තබා ඝාතනය කරන ලදි.

    ~~~~~ අනාගතයට...
     
    • Like
    Reactions: S_M_S and NRTG