සමහර අපි දකින ආදර සම්බන්ධතා අද බොහොම ලස්සනට තියනවා, ඒත් හෙට කැඩිලා බිඳිලා විසිරිලා යනවා. හේතුවක් හිතාගන්න බැරි විදිහට මෙහෙම සම්බන්ධතා කැඩිලා යද්දි අපි ඒකට නම තියනවා “ඉරණම” කියලා. ඒත් ඒ ඇතුලේ තියන අපි නොදකින කතා ද තියනවා.
ආදර සම්බන්ධයක් ඇතුලේ ඊර්ෂ්‍යාව කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒක පාලනය කරගන්න බැරි තරමට, දීර්ඝකාලීනව වගේම සෞඛ්‍යයට පවා බලපෑම් වෙන විදිහට ඇතිවෙනවනම් ඒක හඳුන්වන්නේ ලිංගික ඊර්ෂ්‍යාව (Sexual Jealousy) නැත්නම් Othello Syndrome කියලා.
මේ තත්වය Othello Syndrome හේතුව තමයි ලෝක ප්‍රසිද්ධ ශේක්ෂ්පියර්ගේ “ඔතෙලෝ” නාට්‍යයේ කතාවට සමාන සිදුවීමක් මෙහිදී සිදුවෙන නිසයි. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ඔතෙලෝ තමන්ගේ බිරිඳ ඩෙස්ඩෙමෝනා ගැන ඇතිකරගන්න සැකය බොහොම දුරදිග ගිහින් තමන්ගේ බිරිඳ තමන්ට ද්‍රෝහීකම් කරනවා කියන සංකල්පය හිතේ තියාගෙන මේක බොහොම බරපතල මානසික ප්‍රශ්නයක් බවට පත්වෙලා අවසානයේ ඔතෙලෝ විසින් බිරිඳ ඝාතනය කරලා ඔහුත් සියදිවි හානි කරගන්නවා.
ඒ විදිහටම බැඳීම් ඇතුලේ මතුවෙන සැකය, අවිශ්වාසය බොහොම දරුණු තැනකට ගිහින් සම්බන්ධතා බිඳී යනවාටත් වඩා දරුණු දේ වෙන්න බලපාන්නේ බරපතල මානසික ගැටළුවක් වෙන ලිංගික ඊර්ෂ්‍යාව කියන එක විශේෂඥයින් හඳුනාගෙන තිබෙනවා.
මේ රෝගය delusional disorders වර්ගයට වැටෙන මානසික රෝගී තත්වයක්. මෙතනදි මේක බොහෝ දුරට වැළඳෙන්නේ පුරුෂ පාර්ශවයටයි, ඇතැම් විට කාන්තාවන්ටද ඇතිවෙන්න පුළුවන්. මේ තත්වය ඇතිවුණාම තමන්ගේ සහකාරිය සම්බන්ධයෙන් අධික විදිහට සැක කිරීම, ඇයගේ ජංගම දුරකතනය, ෆේස්බුක් ගිණුම හොරෙන් පරික්ෂා කරන එක, නිතරම කේන්තියෙන්, තරහෙන් හෝ පීඩනයකින් සිටීම වගේ හැසිරීම් දකින්න පුළුවන්.
සමහරු හිතන්න පෙළඹෙනවා තමන් මොකක්හරි ලොකු පාවාදීමකට ලක්වෙලා කියලා, නැත්නම් තමන්ගේ බැඳීම ඇතුලේ තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් වෙනවා කියලා හිතින් මවාගෙන ඒකට විරුද්ධව එක එක දේ කරන්න පුළුවන්. ඒ අතරේ ඇතිවෙන කතාබහ, ගැටුම් දුරදිග ගියාම කලින් කියපු හිතේ මවාගත්ත අදහස් ඇත්ත කියලා උපකල්පනය කරලා විශාල ආරවුල් හදාගන්න ඇතැම් අය පෙළඹෙනවා.
මේකට හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ජීව විද්‍යාත්මක හේතු විදිහට විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, විවිධාකාර අයහපත් පුරුදු වලට ඇබ්බැහිවීම, ඒ වගේම සැර අධිික බෙහෙත්වර්ග නිසා ඇතිවෙන මානසික සංකූලතා ද සලකන්න පුළුවන්.
මනෝවිද්‍යාත්මක හේතු විදිහට සලකන්න පුළුවන් වෙන්නේ සබඳතාවට පෙර අතීතයේ සිදුවීම් නැවත මතුවීම, සබඳතා වල විවිධ හේතු මත ඇතිවෙන ඈත්වීම්. අදහස් ප්‍රකාශනයේ ගැටළු, සැබෑ ලෙසම ඇතිවෙන සුළු සිදුවීමේ බරපතල විදිහට බාරගැනීම වැනි හේතු එක්ක මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. කොහොම වුනත් මේක ඔබ හිතනවට වඩා බරපතල මානසික රෝගයක් දක්වා යන්න පුළුවන්.
ප්‍රධාන වශයෙන්ම මේ රෝගයේ මූලික අවධියේ ඉන්න කෙනෙක්ටනම් තමන්ට ටිකක් මේ ගැන හිතලා වුවමනාවෙන්, කැපවීමෙන් පාලනයක් ඇති කරගත්තොත් වැඩිදුර ප්‍රතිකාර නොමැතිවම මෙය හොඳ පැත්තට හරවාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට සිදුවෙනවා වෘත්තීය උපදේශකයෙක් හෝ මනෝ චිකිත්සකවරයෙක් හමුවට යන්න. මොකද සබඳතාවක් විනාශ වෙන්න, ගැටුමක්, මරණයක් දක්වා යන්නේ නැතිව මේ ලිංගික ඊර්ෂ්‍යාව මානසික ව්‍යාධියක් බවට පත්වීම පාලනය කරන්නට වෙනත් මාර්ගයක් නැති නිසා.
ඒ නිසා ඔබේ සම්බන්ධතාවයේ වුනත් මෙවැනි දේ ඇතිවෙද්දි ටිකක් ඒ ගැන ගැඹුරින් හිතා බලා වැඩකලේ නැත්නම් තත්වය අවදානම් වෙන්න පුළුවන්.
මෙවැනි තොරතුරු දිනපතා දැනගිමට අපගේ wishmotha lokaya app එක google play එකෙන් install කර ගන්න..
original post click here