ඔන්න ඇත්තම කතාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න ඇත්තම කතාව

    පාර්ලීමේන්තුවේ දැනට සිටින චරිත අතර මෙරට සුප්‍රකට උගතුන්ද සිටිනා බව කවුරුත් දන්නා කරුණකි,උදාහරණයකට ගතහොත් උදාහරණයකය ගතහොත් අමාත්ය පාඨලී චම්පික රණවක 1988 වර්ශයේ ගණිත අන්ශයෙන් කළුතර දිස්ත්‍රික්කයේම ප්‍රථමස්ථානයද පසුව මොරටුව සරසවියෙන් විදුලි හා බල ඉන්ජිනේරු ශිල්පය පිළිබද උපාධිදරයෙකු වන අතර බස්නාහිර පළාත් අමාත්ය උදය ගම්මන්පිල 1988 දී වාණිජ අන්ශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත් පසුව සුප්‍රකට ඕස්ට්‍රේලියාවේ මොනෑශ් සරසවියේ උපාධිදරයෙකි.ඔක්ස්ෆෝඩ් විශ්ව විද්යාලයේ ශිෂ්ය සන්ගම් සභාපතිවරයා ලෙස පත්වූ ලලිත් ඇතුලත්මුදලි මෙරට බිහිවූ විශද බුද්ධිමතෙකි.උපාධි කෙසේවෙතත් මෙරට ප්‍රථම අග්‍රමාත්ය දුරය දැරූ ඩී.එස් සේනානායක මැතිදුන් ප්‍රායෝගික බුද්ධිමතෙකි පසුකලෙක මෙරට සින්හලයන්ගේ පැවැත්මට මහෝපකාරයක් වූ ඊළාම් සිතියම අඩපණ කිරීමට සාධකයන් වූ ගල්-ඔය,පදවිය වැනි ජනපද බිහිකිරීමට තරම් පුළුල් දැක්මක් එතුමා සතු විය.

    සින්හල කාන්තාවගේ අභිමානය ලෝකයට ගෙනගිය සිරිමාවෝ මැතිණියට දේශීය ආර්ථකයක් තුලින් මෙරට සවිබල ගැන්වීම කෙරෙහි පුළුල් දැක්මක් සතුවිය එමෙන්ම එදා මෙරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නිදහස් අධ්යාපානය දැයේ දරුවන්ට උරුම කර දුන් ඉලන්ගරත්නලා දඹුල්ලේ ගොවියන්ගේ හඩ රටටම ගෙනගිය ටී.බී තෙන්නකෝන්ලා ,මයිත්‍රිපාල සේනානායකලා වැනි මිනිසුන්ය
    අද වනවිට සියල්ල කණපිට හැරී ඇතයි කීවොත් නිවැරදිය අද දිස්ත්‍රික්කයෙන් පළමු තැන හිමි කරගන්නේ ජනප්‍රියතම ප්‍රචාරක වැඩපිළිවෙන සතු පුද්ගලයාය චන්දදායකයාටද අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති හෝ ඔවුන්ගේ දේශපාලන මතවාදය පිළිබදව කියවීමක් නොමැත ජනතාවට ලොකු ආතල් එකක් දිය හැකිනම් ඔහුට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු ඒමට හැකි තත්වයක් උදාවී ඇත.

    පාර්ලිමේන්තුවකට පළාත් සභාවකට පත් කොට යැවිය යුත්තේ මහජනතාව වෙනුවෙන් කර්ණු දැක්විය හැකි ප්‍රතිපත්ති සකස් කළ හැකි මිනිසුන් මිස ඉගිලෙන මාළුන් සමග පියෑඹූ ගයේෂලාවත් ගාල්ලේ ධීවර ගම්මාන වල මිනිසුන්ට උදළු තල බෙදූ අනර්කල්ලිලාවත් ජින්ජර්ලාවත් නොවන බව පක්ෂ විපක්ෂ චන්දදායකයන් තේරුන් ගත යුතුය.පාර්ලිමේන්තුවක සිටිය යුත්තේ චම්පිකලා වැනි උගත් ජාතිකවාදීන්ය අනුර දිසානායකලා වැනි මහජන ප්‍රශ්න ඉදිරිපත්කලහැකි දක්ෂ කථිකයන්ය ..

    ලිබරල්වාදියකු වුවත් ආර්ථික හැසිරීම් ගැන මනා දැනුමක් ඇති හර්ෂලා වැනි ආර්ථික විද්යාව පිළිබද දැනුමැත්තෝය.විව්ධ වෘතිකයන්ය ඔබ නියෝජනය කරන දේශපාලන දහරාව කුමක් වුවද ප්‍රතිපත්තියක් දැක්මක් රට ජාතිය ගැන හැගීමක් ඇති මිනිසුන්ය .අද සින්හල බෞද්ධයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ප්‍රබල දේශපාලන නියෝජනයක් නැත එයට වගකිවයුත්තේද අපමය ..
    .රටේ වනජීවී ඇමට්ටාගේ ආසනය මොණරාගල බිබිලය බිබිලට අයත් සුවිශේෂී පාරිසරික කලාපයක් වන මුලු රටේම පරිසරවේදීන්ට අනුව අතිශය සන්වේදී පාරිසරික කලාපයක් වන නිල්ගල වනාන්තරය ආශ්‍රිතව හේන් වගාව ප්‍රවර්ධනේට වියාපෘති ක්‍රියාත්මක කරන්නේද වනජීවී ඇමතිතුමාගේ ගෝලයින්ය,කලෙක සින්හල රාජධානියක් වූ ගම්පොල අද අගමැතිගේත් ලගදී නිදහස් පක්ෂයට කරණමක් ගැසූ අබ්දුල් කාදර්ගේත් මත්ද්‍රවය තිප්පොලක් බව සමහරු පවසති,රන්ගිරි දඹුල්ලේ පල්ලිය බේරා ගැනීමට ප්‍රයත්න දැරූ ඇමති ජනක බණ්ඩාරගේද අති බහුතර චන්ද දායකයන් සින්හල බෞද්ධයන්මය.අද කොළඹ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාමිනාදන් නාවල කිරිමණ්ඩල පාරේ එසෙම්බ්ලි ඔෆ් ගොදි පූජකයාගේ පුතෙකි එමෙන්ම ඔහුද එම නිකායේ පූජකයෙකි,රෝසි මෙන්ම රවීද බෞද්ධයන් නොවේ එක්සත් ජාතික පක්ෂයේද පෙරමුණේ සිටින්නේ ඊ නිවුස් සදරුවන්ගේ ෆිට් එක වන මන්ගල සමරවීරය මන්ගල බෞද්ධ ජාතිකත්වයට වයිර කරන්නෙකි.අනෙක් අතින් සිටින පෙරටුගාමිණ් වැනි කුජීත පක්ෂ කෙළින්ම බෙදුම්වාදයට කඩේයන බොදු විරෝදීන්ගෙන් සමන්විතය.බෞද්ධයන් වෙනුවෙන් කතාකරන හරිහමන් ජාතකයක් වැදගැම්මක් ඇති දැක්මක් ඇති පිරිසක් දේශපාලන ආයතන වලට පත්කල යුත්තේ එබැවිනි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Miss%2BAsia%2BPacific-%2BGossip9-%2B%2B(1a).jpg
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    owa kochchara kiwwath minissu gihin kathire gahanne thawath innawa wagema ekekta thamai ban.. lankawe minissu dura balan na, edata mona hari dunnoth onama deyak karai. ita passe moko wenne kiyala hithan na machan.