ඔන්න එකෝමත් එක කාලෙක

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    ඔන්න එකෝමත් එක කාලෙක ගමරාළ කෙනෙකුයි ගම මහගෙ කෙනෙකුයි හිටියා. මේ දෙන්නා කිරියි පැණියි වගේ බොහොම ආදරෙන් තමයි හිටියේ. ගමහාමිනේ ගමරාළට කිසි දෙයක් හංගන්නේ නෑ. කවුරු හරි පිරිමියෙක් ගමහාමිනේ දිහා නරක විදිහට බැලුවත් ගමහාමිනේ ඔය සිද්ධිය ගමරාල දැක්කදිත් කියනවා. ගමරාළත් ගමහාමිනේ ගෙන් වහං කේන දෙයක් නෑ.

    ඉතින් මේ දෙන්නා මෙහෙම හොඳ සමගියෙන් හේන් කුඹුරු කේගෙන අටුකොටු පුරෝගෙන ජීවත් වුණා. ගමරාළ ගොවිතැන් වැඩ අඩු කාලෙට දඩයමෙත් යනවා. ඔන්න ගමරාළ දවසක් කැලේ යනකුට ඌරු තඩියෙක් ඉන්නවා දැකලා වෙඩි තියන්ට කුරුමානම් අල්ලනකොට වතුරු වළකට පැනලා වතුරු බොන්ට ගත්තා. ගමරාළ මොනා කේන්ට ඔයි ඌරා වතුරු බීපුවාවේ මං අර කොනට ගොහුන් වෙන සතෙක් දඩයම් කේ ගන්නවා කියලා හිතලා ඈතට ගොහුන් මුවෙක් වෙඩි තියාන මස් කේගෙන යකුන්ට මස් ගොටුවක් පුදලා එන්ට හදන කොටම ඔන්න යකෙක් ඉදිරියට පැනලා උඹ මට කෙරෙපු උපකාරෙට මං උඹට උදව්වක් කේන්නම් උඹ ඒකට කැමතිද? කියලා ඇහුවම ගමරාළ හා කැමතියි කිවුවා. ඊට පස්සේ එහෙනම් මං උඹට සත්තුන්ගේ බාසාව කියලා දෙන්නම් කෝ කියලා සත්තු කතා කේන බාසාව කියලා දීලා කිවුවා හැබැයි ගමරාළ උඹ මේ වගක් හූනෙකුටවත් කියන්නේ හෙම නෑ. ඕං කිවුවොත් උඹ එදාම මරණයට පත්වෙනවා. කියලා ගමරාළත් යකාගෙන් සතුන්ගේ බාසාව ඉගෙන ගෙන ගෙදර ගියා. හැබැයි වෙන කොයි දේ ගමමායියා අතින් කීවත් මේ වගක්වත් කිවුවේ නෑ.

    මේ ගමරාළගේ ගෙදර වැඩට ගොනෙකුයි බූරුවෙකුයි ඉන්නවා. ගෙදර කුකුළු කොටුවකුත් තියෙනවා. ගමරාළ ගොවිතැන් කේලා උපයා ගන්න දේවල් ගෙනියන්නේ බූරුවගේ පිටේ. කුඹුරේ හාන්නේ, කරත්තේ බඳින්නේ ගොනා. කුකුළු කොටුවේ ඉන්න කුකුළා කේන්නේ කිකිළියන් ටික බලාන ගමරාළව උදේට කූද්දන එකයි.
    ඔන්න ගමරාළ එක දවසක් තව ගොනෙකුත් ඉල්ලාගෙන ඇවිදින් ගොන් බාන විය ගහක බැඳලා හවස් වෙනකන්ම කුඹුර හෑවා. හීයෙන් පස්සේ අරෙයි ගොනා ගුහුන් දීලා ගමරාළ තමුන්ගේ ගොනත් දක්කාගෙන ගෙදර අවුදින් මඩුවේ බැඳලා පිදුරු කන්ඩ දුන්නා. ඒ කෙරලා ගොහුන් මේ ගොනාට බොන්ට දෙන්ට පුන්නක්කු බාදියක් දියකරන්ට ගත්තා. ඔය වෙලාවේ මඩුවේ හිටිය බූරුවාට ඉරිසියා හිතිලා ගොනාගෙන් අහනවා ආ යාළුවේ අද උදේ ඉඳන් මේ වෙද්දින් ම හෑවා නේ? කොහොම වැඩේ ලේසියි හෙම කියලා. එතකොට ගොනා බූරුවාට උත්තර දෙනවා. හු...ම් ලේසියි තමයි... මයේ කොන්ද කැඩෙන්ට තරම් අමාරුයි, මොනා කේන්නේ ඔහේ නගුල ඇද්දා... දැන් හිටගෙන ඉන්ටවත් පණක් නෑ ඕයි. කියලා.

    එතකොට බූරුවා ගොනාට කියනවා, අඩෙයි, යාළුවේ මං ඕකට හොඳ ගුරුකමක් කියලා දෙන්නම්. දැන් ඔයි ගමරාළ උන්දෑ ගෙනත් දෙන පුන්නක්කු බොන්ටත් එපා. නිකං ලෙඩ වුණා වගේ වැටිලා බුදියා ගනිං. එහේ කෙළාම හෙට උඹව හී හාන්ට ගෙනියන එකක් නෑ. උඹට හෙට දවසෙ නිකන් ඉන්ට පුළුවනි කියල.
    මේ බූරුවගෙ උපදේසේ පිළිගත්ත ගොනා හා හොඳයි, යාළුවේ මං එහේනම් උඹ කියාපි විදිහටම ඉන්නම් කෝ කියලා මඩුවේ වැතුරුණා.

    ගමරාළට මේ බූරුවගෙයි ගොනාගෙයි කතාව තේරුණා. ඒ වුණත් කමක් නෑ කියලා අරෙයි හදාපි පුන්නක්කු ටික ගෙනත් ගොනා ළඟ තිබ්බා. ම්හු ගොනා ඒ..ක දිහා බලන්නෙත් නැතුං හිටියා. ගමරාළ හා එහේනන් උඹ නිදා ගනින්, කියලා ගෙට ගියා.

    ඔන්න පහුන්දා උදේ ගමරාළ ඇවිත් බලද්දිත් ගොනා පිදුරු කාලත් නෑ... පුන්නක්කු ටික බීලත් නෑ හෙමයි. ඊට පස්සේ ගමරාළ මොකද දන්නවද කෙළේ? අරෙයි ගොනාට උල්පන්දම් දීපි බූරුවා ළිහා ගෙන කුඹුරට ගොහුන් තවත් ගොනෙකුත් එක්ක වියගහට තියලා බැඳලා මුළු දවස පුරාම කුඹුර හෑවා. හවස ඉරගල වැටීගෙන එද්දින් ඕන් බූරුවා ලිහාගෙන ඇවිදන් මඩුවේ ගැට ගැහුවා.

    එතකොට මේ බූරුවා ගොනාට කතා කේළා කියනවා, ඔන්න යාළුවේ උඹ හෙටත් ලෙඩ වෙලා හිටියොත් උඹව මස් කඩේ මට්ටයට විකුණනවා කියලා ගමරාළ කෙනෙක් එක්ක කිව්වා, කියලා. මේක අහගෙන හිටිය ගමරාළට එක පාරටම බකස් ගාලා හිනා ගියා. ගමරාළ හිනාවෙන සද්දෙට එතෙන්ට ආපි ගමහාමිනේ මොකෑ මය ඇත්තා මේ තරමට හිනා වුණේ කියලා ඇහුවා. ගමරාළට යකා කිව්ව දේ මතක්විලා... නෑ නිකන් හාමිනේ කියලා මගෑරියා.

    දැන් ගමරාළගේ මේ වැඩේ ගැන ගමහාමිනේට සැකයි. ගමරාළ ඇඟපත එහෙම දොවා ගෙන ඇවුදින් කෝපි පෙතක් හෙම බිව්වට පස්සේ ආයෙත් ගමහාමිනේ ගමරාළ ළඟට කිට්ටු කේළා... මයෙ ඇත්තෝ, අරෙයි මඩු ගේදි ඈ ඔයි තරමට තුනින්චියෙන් හිනාවුණේ කියලා ඇහුවා.... මොකවත් නෑ හාමිනේ මට නිකන්ම හිනා ගියා. කියලා ගමරාළ එතනින් නැගිටලා පැත්තකට ගියා.

    ඒ...ත් ගෑනි මිනිහගෙ පස්සෙන්ම වැටිලා ආයෙමත් ඒක අහනවා. ගමරාලට මේක කියන්ටත් බෑ.. නොකියත් බෑ... හරියට ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තා නසී කීවා වගේ වැඩක් නේ වීලා තියෙන්නේ. ඉතින් ගමරාළ මේ පුරස්නෙ විසඳ ගන්නේ කොහොමද කිය කියා හිතනවා. හූණෙකුටවත් මේකේ වගක් කීවොතින් උඹ මැරෙනවා කියලා යකා කිව්වා නේ. දැන් මොකද කේන්නේ.

    ගමරාළ දස අතේ කල්පනා කේනවා. මිනිහට එහේ තනිවිලා ඉන්ට දෙන්නෙත් නෑ.. ගමහාමිනේ ඉඳිකටුව පස්සෙන් නූල වගේ පස්සෙන් ඇවුදින් අනේ.... මයෙ ඇත්තෝ අරක කියන්ටකෝ කියලා කරදර කේනවා. අවලාද කියනවා. අනේ... මං ඔයි ඇත්තට හැම දෙයක්ම කියන එකේ මොනා හරි ඈ මයෙං වසං කේන්නේ කිය කියා මේ ඇත්තී ගමරාළට වද කේනවා.

    බැරිම තෙන ගමරාළ කිව්වා, හොඳයි මං උඹට ඔයි හිනා ගිය කාරනේ රෑට කියන්නත් කොයි උඹ ගොහුන් මට කන්ට ඇල් හාලේ බතුත් එක්ක දඩමස් හොද්දක් පිහාපත් කොයි කියලා. ගමරාළ මොහොතකට ඇගේ කරදරෙන් නිදහස් විලා හිතුවා දැන් කේන්ට තියෙන්නේ මැරෙන්ට ඉස්සර විලා අනිත් වැඩ ටික අහවර කේන එකයි, කියලා. හංගලා තිබ්බ කාසි මුට්ටියයි ඔප්පු තිරප්පුයි ගෙනත් පෙට්ටගමේ තියලා, පිළේ පැදුරත් අතුරාන දිගාවෙලා හිටියා, අද රෑට මැරෙන හැටි ගින හිත හිතා.

    එතකොට ඕන්න අවේලාවේ ගෙදර ඉන්න කුකුළා අඬලැව්වා. ආයෙත් වරක් අත්තටු ගහලා හෙම කරත් උස්සලා මනමාළ කමට අඬලැව්වා. උගේ ඇඬලිල්ල අහගෙන උන්නු බල්ලා ගොහුන් කුකුළට බැණ වැදුණා. උඹ කිසි කෙළෙහි ගුණයක් නැති එකෙක් බං... බලාපන් අපේ ස්වාමියා අද රෑට මැරෙන්ටයි ඉන්නේ...
    එහෙම දෙයක් වෙන්ට තියෙද්දිනුත් උඹේ තීන නැහැදිච්චකමට උඹ සල්ලාලකමක් හිතට ඇන්න අඬලනවා කියලා. එතකොට කුකුළා හිනාවෙලා කියනවා බං යාළුවේ මයෙ හාම්පුතා වුණත් මං කියන්නේ ඇත්ත. අපේ ගමරාළ උන්දෑ ගෑනිට වාල් වෙච්චි මෝඩයෙක් නේ. ඔහේ මෝඩයෝ මියැදුණා කියලා දුක් වෙන එකත් වැරදියි. බලාපන් කොයි, ගමරාළ උන්දැට ඉන්නේ එක ගෑනියි. උන්දැට ඒ ගෑනිවත් පාලනේ කේගෙන සතුටින් ඉන්ට බෑ. මට ගෑනු දොළහක් ඉන්නවා. මං උන් හොඳට රැක බලාන මං කියන විදිහට වැඩ කරන්ට හදා ගෙනයි ඉන්නේ. දොළොස් දෙනෙක් වුණත් සණ්ඩු දබර නැතුං ඉන්නවා. මං මොනා කීවත් කළත් මගෙන් අහන්නෙත් නෑ බලන්නෙත් නෑ. ඔයි ගමරාළ උන්දැට වගේ මට ප්‍රශ්නයක් නැත්තේ මං ගෑනුන්ට වාල් නොවී හරි කෙළින් වැඩ කේන හින්දයි.

    මයේ ගෑනියක් හෙම ඔහේ කරදර කේකේ පස්සෙන් ආවානම් මං කේන්නේ හොඳවැයින් දෙක තුනක් දීලා පැත්තකට ඇදලා දාන එකයි. ඉතින් ඔයි ගමරාළ උන්දැට මොලේ කියලා කළඳක්වත් තියේනම් කඩාගෙන ඇවිදින් ඔයි උන්දැට හැමිටි බාන එකයි තියෙන්නේ. ඔයි ටික කේන්ට බැරි නම් මෝඩකමට බේත් නෑ කියලා ගමරාළ උන්දැ මැරෙන්ට ඇරලා අපිත් ඔහේ ඉම්මු යාළුවේ කියලා.

    පිළේ පැදුරේ ඉඳගෙන මේ කතාව අහන් උන්නු ගමරාළට ඇත්ත නැත්ත තේරුණා. සතා වුණත් හරිදේ කීවාම පිළිගන්න එක යුතුකමක් නේ කියලා ගමරාළ නැගිටලා ගුහුන් හොඳවැයින් මල් කෑර කෝටුවක් කපාගෙන ආවා. ඔයි බවක් ගෑනි දන්නේ නැතුන් උය උයා ඉඳලා ඇවුදින් ගමරාළගෙන් අහන්ට ගත්තා, අරෙයි හිනාවිච්ච කාරනේ කියහල්ලකෝ දැන්වත් කියලා. එතකොටම ගමරාළ අරෙයි කෙවිට අතට ඇගෙන ගෑනිගේ දෑතින් අල්ලාගෙන අත දිගැරලා තට්ටම මත්තට හැමිටි බාන්නට ගත්තා, තිට ඕනෑ නැති දේවල් තී මයෙන් තවත් අහනවද?.. කිය කිය කියා දිගින් දිගටම හැමිටි ගාන්ට ගත්තා... පාර පිට පාර දෙක තුනක් වදින කොට අරෙයි ගම මහගෙ බිම දිගෑදිලා වැඳලා කිව්වා.. මයෙ දෙයියෝ මට ගහන්ට එපෝ.. මං ආයේ කවදාකවත් ඔහොම දෙයක් අහන්නෑ... මයෙ දෙයියෝ මාව අතාරින්ට දෙයියෝ. බුදු වෙන්ට ආයි අහන්නෑ ඌවා.. බුදු අම්බොයියා ඇති දෙයියෝ මට හැමිටි ගහන්ට එපෝ කියා බිම පෙරළි පෙරළි අඬා වැටෙන්ට ගත්තාම ගමරාළ ගෑනිව අතැරලා දැම්මා.

    ඒ ගුටි පූජාවෙන් ගමරාළගේ ජීවිතේ බේරුණා, වගේම එදායින් පස්සේ කවදාකවත් ගම හාමිනේ මිනිහගෙන් ඕනෑ නැති දේවල් හාර හාර අහන්ට ගියෙත් නෑ. හොයා බලන්ට ගියෙත් නෑ.. දෙන්නා දෙමල්ලෝ සමගියෙන් හිටියා.

    ගෑනියි, මිනිහයි වුණත් දෙන්නට දෙන්නගේ පුද්ගලිකත්වය කියල දෙයක් තියෙනවා කියලා මේ කතාවෙන් තේරුම් යනවා. ඒ කියන්නේ හැම කෙනෙකුටම තියෙනවා. කාටවත් කියන්ට බැරි රහස්. ඒවා ගැන අනිත් ඇත්තන් වැඩිය හොයා බලන්ට යන එකත් නාකයි.

    දිගාමඩුල්ලේ ගැමි වහර අනුව
    මෙම ලිපිය ලියැවී ඇත.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    නියමයි මචන් ලස්සන කතාවක්. මට මේ වගේ කතා කියවනකොට චිත්ත රූප මැවිල පේනවා බන්. 🙃

    මෙක කියවද්දි තව කතාවක් මතක් වුණා.
    ඔන්න එක ගම්බද පළාතක හිටියලු ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි. ඉතින් මේ ගමරාළයි ගම මහගෙයි ජීවත් වෙන්නෙ ගොවි තැන කරලලු. ගමරාළගෙ කොටුවෙ එක එක එළවළු සරුවට වැවිල තිබ්බලු. පතෝල කොටුවෙ පතෝල කරල් සරුවටම දිගට වැවිල තිබ්බලු. ගම හාමිනේ මේ පතෝල කරල් දිගට හැදෙන්න ඕන නිසා හැමදාම මේ පහළට එල්ලෙන ළපටි පතෝල කරල් උඩ ඉඳල පහලට අතින් පිරිමදිනවලු. ඔහොම කාලය ගෙවිල යද්දි ගමරාළට ගමහාමිනේ එක්ක sex කරන්න ආසාවක් ආවලු. මේ ගැන ගමරාළ ගමහාමිනේට කිවවලු මෙහෙමයි මට මෙහෙම ආසාවක් තියෙනවා කියලා. ගමහාමිනේ ගත්කටටම මට බෑ කිව්වලු. ඉතින් මේකට විසඳුමක් කල්පනා කර කර හිටපු ගමරාළ දවසක් දැක්කලු අර ගමහාමිනේ පතෝල පහළට අදින සීන්එක. ඉතින් ගමරාළට අපූරු නුවණක් පහළ වෙලා ගමරාළට ගමහාමිනේට කියල අතේ පාරක් ගස්සවගන්න ක්‍රමයක් කල්පනා වුණාලු. පස්සෙදි ගමරාළගෙ පයියෙ කොළ පාට කුකුල් සායම් ගාගෙන පතෝල මැස්ස උඩ්න් මුනින් අතට හාන්සි වුණා ලු. ගමහාමිනේ ටිකෙන් ටික පතෝල කරල් පහළට අදින ගමන් ගමරාළ ඉන්න තැනට ඇවිත් ගමරාළගෙ පයියත් පතෝල කරලක් කියල හිතල පහළට ඇද්දලු. දෙපාරක් තුන් පාරක් ඇද්දම එක පාරටගමරාළගෙ පයියෙන් කැරි ආවලු. පස්සෙ ගමහාමිනේ නරක් වෙච්ච පතෝල කරලක් කියල හිතාගෙන් අතේ තිබ්බ පිහියෙන් ගමරාළගෙ පයිය කපල දැම්මලු.

    කොළබ ගැමි වහර අනුව
    මෙම ලිපිය ලියැවී ඇත.