ඔන්න ගමරාල කෙනෙක් හිටියා.

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔන්න ගමරාල කෙනෙක් හිටියා.

    ඔන්න ගමරාල කෙනෙක් හිටියා.
    මෙයාගෙ ගමහාමිනේ ටිකක් තරුණ කෙනෙක්.
    ඉතින් මේ ගමයා හැමදාම රෑට හේනට යනවා පැල් රකින්න.
    ඉතින් මේ තරුණ ගමහාමිනේට ගොඩක් දේවල් මිස් වෙන එක කියන්න දෙයක් නෙවෙයිනෙ.
    මේක දැනගෙන හිටිය පොරක් මේ ගමේ හිටියා.
    මූ කොහොම හරි රබර් ඇහැ දාලා හාමිනේව සෙට් කර ගත්තා.
    දන් මේ තහනම් සෙල්ලම යනවා.
    වැඩි කල් යන්න කලින්ම මේ සෙල්ලම ගමයාට දැන ගන්න ලැබුනා.
    නමුත් ගමයට ඕන උනේ මෙක අතටම අල්ල ගන්නයි.

    ගමයා මේකට ප්ලෑන් එකක් හැදුව.
    ප්ලෑන් එකට අනුව ගමයා දවසක් පැලට යන්නෙ නැතුව ගෙදර හිටියා.එදා රෑ අර පොර එනවෙලාවට කොහොම හරි ගමහාමිනේ ඌට අඟවලා ෂේප් උනා.
    මේ වගේ දවස් 5ක්ම ගමයා රෑට ගෙදර හිටිය.ඒ හැමදාම රෑට ඇවිත් බලනකොට ගමයා ගෙදර ඉන්නව.සෙල්ලම වරදිනව.
    දැන් අර පොරට මෝල් උණ එකසිය ගානට.හාමිනේටත් එහෙමයි.
    ඉතින් අනික් දවසේ ගමයා පැල් රකින්න යන්න පිටත් උනා.එහෙම ගිහින් මගදි හුලු අත්ත අකුලක ගහලා...හිමීට වෙන පාරකින් ගෙදර ඇවිත් වහලෙට නැගල වහලෙ පොඩි හිලකුත් හදාගෙන සද්ද නැතුව බලන් හිටියා.
    ඔන්න පොර ආවා.
    ගමයාට දැන් අරූව මරන්න කේන්තියි.
    මුන් කියන්නෙ මොනවද කියලා හොදට අහගෙන හිටියා.
    "නොදකින් මේ නාකියා නිසා දවස් 5ක්ම බැරි උනා.....අද දෙන්නම් වහලෙ ඉන්න හූනොත් බිම වැටෙන්න"කියල පොර කිව්වා.
    මේක ඇහුන ගමන් ගමයාට හීන් දාඩිය දැම්මා.
    යකෝ මූ මාවත් වට්ටලා කොන්ද කඩයි කියල හිතලා....
    හා හා පොඩ්ඩක් හිටපන් ලමයෝ මම බහිනකන් කිව්ව විතරයි අර පොර ජනෙල්ලෙන් පැනල දිව්ව.