ඔන්න තව එකෙක් ඩවුන්.

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113


    අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා​





    ( බන්ධුල ඉලේපෙරුම)

    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඒ අනුව පාර්ලිමේන්තුවෙන් වාර්තා වූ 7 වැනි ආසාදිතයා අරුන්දික ප්‍රනාන්දු මහතා වේ.


    රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා ජනවාරි 19 සහ 20 යන දිනවල හෝ ඉන් අනතුරුව හෝ පාර්ලිමේන්තුවට නොපැමිණ ඇති හෙයින් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී ඇති බව ද, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඒ මහතා ජනවාරි 15 දින පීසීආර් පරීක්‍ෂණ සඳහා ඉදිරිපත්ව ආසාධිත නොවන බවට තහවුරු වූ බව ද, වේත්‍රධාරි න‍රේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රවුෆ් හකීම්, අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන අයට මීට පෙර දී වයිරසය ආසාදනය වී තිබිණි.

    ඒ අතරින් වාසුදේව නානයක්කාර සහ දයාසිරි ජයසේකර යන මහත්වරු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
     
    • Like
    Reactions: hodakolla