ඔන්න බබෝ කොටි එනවෝ

monson

Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    ඔන්න බබෝ කොටි එනවෝ

    මහින්දයි ගෝඨාභයයි අයිය මලෝ මේ දවස්වල ඉන්නේ මර බියෙන් වගේය. රෑට හරියට නින්ද යනවද කියාවත් දන්නේ නැත. කොටි නිදහස් කරල මාව මරයි කියා මහින්ද බෙරිහන් දෙයි. මොරිස් සහ ගිරි කියන දරුණු කොටි නිදහස් කරනෝ කියා ගෝඨාභය කෑ මොර දෙයි.


    හැබැයි මේ අයිය මලෝ මෑතක් වන තෙක් හිටියේ තමන්ගේ පාලන කාලයේ කොටියෙක් තියා කොටි නමක්වත් ගෑවුණු එකෙක් නිදහස් නොකරපු ගානටය. මහින්දගේ පාලන කාලයේ කොටි 10,000කට වඩා නිදහස් කළා යැයි මතක් කර දුන් පසු අයියා මලෝ ඒ නිදහස් කළේ දරුණු කොටි නොවේ යැයි කියා ඇඟ බේරා ගත්හ.

    දැන් අයිය මලෝ කියන්නේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව දරුණු කොටි නිදහස් කරන්න යනවා කියාය. මේ දෙදෙනාට අනුව දරුණු කොටි කියන්නේ ප්‍රභාකරන් යටතේ පොට්ටු අම්මාන් යටතේ සේවය කළ ප්‍රබලයන් විය යුතුය.


    ප්‍රභාකරන් ළඟම සේවය කළ අත්අඩංගුවට පත් ලොකුම කොටියා ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් වූ නවින්තන් නොහොත් වෙන්නෙන්ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන හොඳ දැනුමක් ඇති ප්‍රකට මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් ලියා තිබුණේ ඔහු ප්‍රභාකරන්ගේ රහස් දන්නා අත්අඩංගුවට පත් වූ පුද්ගලයකු කියාය. මහින්ද සහ ගෝඨාභය වෙන්නෙන්ව නිදහස් කළහ. නිදහස් කළාට පසු ඔහු පසුගිය මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමකින් තරග කරනු ලැබීය.
    ඔහු ප්‍රභාකරන්ගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස පමණක් නොව වාන් පුලිගල් නොහොත් කොටි ගුවන් හමුදාවේ ප්‍රබල සාමාජිකයෙක් ලෙසද සේවය කර ඇත. වෙන්නෙන්ගේ පාදයක් අහිමි වී ඇත්තේද හමුදාවන්ට එරෙහි මෙහෙයුමකදී දිවි පරදුවට තබා සටන් කිරීම නිසාය. ප්‍රභාකරන් ඔහුව තම ආරක්ෂක අංශයේ සිටියදීම කොටි ගුවන් හමුදාවට සම්බන්ධ කළේ ඔහු දක්ෂයකු නිසාය.



    මහ මැතිවරණයට තරග කරමින් ඔහු ඉන්දියාවේ ප්‍රකට ඉන්දියානු එක්ස්ප්‍රස් පුවත් පතට ප්‍රකාශයක් දෙමින් කීවේ ප්‍රභාකරන් ජීවත්ව සිටියදී හොඳින් නිදියා ගත්තේ තමන් ඔහුට හොඳින් ආරක්ෂාව සපයා දුන් නිසා යැයි කියාය. ඔහු තරග කළ අපේක්ෂක ලැයිස්තුවේ මහින්ද - ගෝඨාභය පාලනය විසින් නිදහස් කරනු ලැබූ යුද්ධ කාලයේ උතුරේ සේම දකුණේත් ඝාතනයන්ට සම්බන්ධ ප්‍රබලයන් රාශියක් මෙම ස්වාධීන ලැයිස්තුව යටතේ තරග කරනු ලැබීය. ඉන් තවත් ප්‍රධාන අයෙක් නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පරිපාලන ලේකම් චන්ද්‍රලිංගම්ය. එල්.ටී.ටී.ඊ. ටොසී රහස් ඔත්තු සේවයේ ප්‍රධානි පොට්ටු අම්මාන් යටතේ බුද්ධි අංශයේ මෙහෙයුම් භාරව සිටි තේවතාසන් අනෙකාය. එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබල චාල්ස් ඇන්තනී බළකායේ ගාමිණී තවත් අයෙකි.


    'එතකොට මේ කොටි නිදහස් කරනකොට මහින්දට සහ ගෝඨාට හීන් දාඩිය දැම්මේ නැද්ද...?'
    'මේ කොටි පාර්ලිමේන්තුවට එන්න හදන විට කොටි බෝම්බ එනවා කියා බය වුණේ නැද්ද...?'
    මහින්ද සහ ගෝඨා උත්තර දෙන්න ඕන මේ ප්‍රශ්නවලටය. අද ඔවුන් එක්ක තරගෙට මහජනතාව කුලප්පු කරන දේශප්‍රේමී නායකයන්ට ඒ දවස්වල මේ කොටි නිදහස් කරන විට මේ කොටි පාර්ලිමේන්තුවට එන්න හදන විට එහි භයානකකම නොපෙනුණා පුදුමය.


    ඇත්ත කතාව නම් මහින්ද සහ ගෝඨා මේ කොටි නිදහස් කොට දේශපාලනයට එන්න අවස්ථාව දුන්නේ 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනයක් කරවා විපක්ෂයේ පොදු අපේක්ෂකයා පරාජය කරන්නටය. මහින්ද හිතාගෙන හිටියේ රනිල් ජනාධිපතිවරණයට එයි කියාය. රනිල් ආවොත් දමිළ ජාතික සන්ධානය හරහා රනිල් උතුරු - නැඟෙනහිර ඡන්ද විශාල සංඛ්‍යාවක් ගනී කියල අයියා මලෝ බය වූහ. පොදු අපේක්ෂකයකු ආවොත් තත්ත්වය තවත් දරුණු වෙයි කියා බය වූහ. එම නිසා දමිළ ජාතික සන්ධානය දුර්වල කොට උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කරන්න උතුරේ ජනතාව හොඳින් හඳුනන ප්‍රභාකරන්ගේ සගයාව නිදහස් කොට දේශපාලනය කරන්න අවසර දුන්නේය.


    මහින්ද සහ ගෝඨා මේ ගහපු ගේමම 1994 විජේතුංග ජනාධිපති ගැහුවේය. ඔහු ජ.වි.පෙ.ට ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරග කරන්න ඉඩ දුන්නේ චන්ද්‍රිකාගේ පොදු පෙරමුණට ජ.වි.පෙ. හිතවාදී තරුණ රැඩිකල් ඡන්ද යෑම වළක්වන්නටය. 1994 දකුණු පළාත් සභා මැතිවරණයේදී පොදු පෙරමුණ දින්නේ ජ.වි.පෙ. හිතවාදී මේ තරුණ රැඩිකල් ඡන්දවලිනි. එම ඡන්ද දෙකඩ කරන්න විජේතුංග ජ.වි.පෙ.ට දේශපාලනය කරන්න අවස්ථාව දුන්නේය. මේ වගේම 2013 උතුරේ පළාත් සභා ඡන්දයේදී දමිළ සන්ධානය අති විශිෂ්ට ජයක් ගත්තේ කොටි හිතවාදී ඡන්ද නිසා බව මහින්ද - ගෝඨා ගණන් හදා තිබිණි. මෙම කොටි හිතවාදී ඡන්ද කඩන්න කොටි සංවිධානයේ හිටපු, අත්අඩංගුවේ පසුවන ප්‍රබල සාමාජිකයන් නිදහස් කළ යුතු යැයි ඔවුහු සිතූහ. ඔවුන්ගේ සිතුවිල්ල හරිය. 2015 ජනාධිපතිවරණයේදී දමිළ ජාතික සන්ධානයේ කොටි හිතවාදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, මෛත්‍රි - චන්ද්‍රිකා - රනිල් හවුල විශ්වාස කරන්න එපා කියා උතුරේ ඡන්ද වර්ජනය කරන්න යැයි දමිළ ජනතාවගෙන් ඉල්ලීම් කළහ. දමිළ කොටි ඩයස්පෝරාවද එයට සහාය දුන්හ. නිදහස් කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රබල සාමාජිකයෝද උතුරේ පෝස්ටර් ගසමින් අත් පත්‍රිකා බෙදමින් එම මතය ගෙන් ගෙට ගෙන ගියහ. පහත දැක්වෙන්නේ එකල ටැමිල් නෙට් වෙබ් අඩවිය පළ කළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගජේන්ද්‍ර කුමාර්ගේ කතාවකි.


    'දමිළ ජනතාව මහින්දවයි මෛත්‍රිපාලවයි දෙන්නාම ප්‍රතික්‍ෂේප කරන්න ඕනෑ'
    ගජේන්ද්‍ර කුමාර්

    ලෝකයේ සහ කලාපීය රටවල භූගෝලීය දේශපාලන සූදුවක ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද සහ මෛත්‍රිපාල සටන කරළියට පිවිස ඇත. බටහිර රටවල් සහ ඉන්දියාව මෛත්‍රිට සහය පළ කරද්දී චීනය මහින්දට සහය පළ කරන බවක් පෙනෙන්න ඇත. මෙසේ කියන්නේ දමිළ ජාතික සන්ධාන මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය.
    ඔහු තවදුරටත් කියා සිටියේ දකුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් පසුපස යෑමෙන් දමිළ ජනතාවට පලක් නොවන බවය. ඔහු පවසන්නේ මෙම අපේක්‍ෂකයන් දෙදෙනාම පරාජය කිරීමට දමිළ ජනතාව කැපවිය යුතු බවය. ඔහු දමිළ ජාතික සන්ධානයට චෝදනා කරමින් පවසන්නේ 2010දී ෆොන්සේකාට සහාය දෙන්න ගොස් දමිළ ජාතික සන්ධානය දමිළ ජනතාව පාවා දුන් බවය. මහින්ද රාජපක්‍ෂව පරාජය කළ යුතුය කියන එක ගැන විවාදයක් නැත. එහෙත් දමිළ ජාතික සන්ධානයේ රහස් ගනුදෙනු නිසා දමිළ ජනතාව අතර සැක සංකා මතුවී ඇත. ඔවුන් අවසන් මොහොත වනතෙක් නිහඬව සිට අන්තිම තත්ත්පරයේ තවත් රාජපක්‍ෂ කෙනෙක් වන මෛත්‍රිපාලට සහාය දක්වන්න යැයි දමිළ ජනතාවට බලපෑම් කරන්න සූදානමින් සිටී. දකුණේ තවත් රාජපක්‍ෂ කෙනෙක් බලයට ගෙන ඒමෙන් දමිළ ජනතාවට අත්වන සෙතක් නැත. මෙය ආණ්ඩු වෙනස් කිරීමක් නොව පුද්ගලයා වෙනස් කිරීමක් පමණි.

    බලයට තියෙන කෑදරකමට දකුණේ නායකයන් ඕනෑම දෙයක් කරනු ඇත.
    ඒ සඳහා තමන්ව ඇපයට ගන්න දමිළ ජනතාව ඉඩ නොදිය යුතුය. අතීතයේ ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය දිහා බලන විට එය පැහැදිලිය. වසර 17 කට පසු චන්ද්‍රිකා සාමය ගෙන එනවා කියා දමිළ ජනතාවගේ ඡන්දවලට පින්සිදු වෙන්න 62%ක් අරගෙන දමිළ ජනතාව විනාශ කරන යුද්ධයක් දියත් කළාය. ඒ ගැන අනතුරු අඟවපු එකම දමිළ මන්ත්‍රි කුමාර් පොන්නම්බලම්ය. රනිල් වික්‍රමසිංහ 2001දී ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් කරගෙන සාමය දෙන්නම් යැයි කියා බලයට ඇවිත් දමිළ ජනතාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවේ ආරක්‍ෂිත දැලක් නිර්මාණය කොට කරුණාව කැඩුවේය. දමිළ ජනතාව සමූල ඝාතනය කරන රාජපක්‍ෂගේ ඉතිහාසය අපි දනිමු. ඒත් මෛත්‍රිපාල ෆෙඩරල් විසඳුමක්වත් දෙන්න සූදානම් නැත. අඩුම තරමේ යුද්ධයේදී සිදුවූ අපරාධවලට දඬුවම් දෙන්නවත් සූදානම් නැත. මෛත්‍රිට ජාතිවාදී ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ සහාය පළ කරයි. ගජේන්ද්‍ර කුමාර් අවසාන වශයෙන් කීවේය.


    එහෙත් ඔවුන්ට වැරැදිණි. ඡන්ද වර්ජනය උතුරේ ජනතාව ප්‍රතික්‍ෂේප කළහ. මෛත්‍රි ජය ගත්තේය. ඉන්පසු ඔවුන් 2015 මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් සේ තරග කළේ රාජපක්‍ෂවරුන්ගේ ආශීර්වාදයෙන්ය. 2015 මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මන්ත්‍රිවරුන් දෙතුන් දෙනෙක් මදි වුවහොත් එම හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රබලයන්ගේ ස්වාධීන කණ්ඩායමෙන් මන්ත්‍රිවරු බා ගන්න මහින්ද - ගෝඨා හවුල සාකච්ඡා පවත්වපු බව තතු දන්නෝ දනිති. එතකොට මේ සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක කියල මහින්ද - ගෝඨාට දැනුණේ නැතිද...?'
    දැනුණේ නැත.


    මාළුවාට වතුර නැතිව පවතින්න බැහැ වගේ මහින්දට කොටි නැතිව පවතින්න බැරි බව මහින්ද වගේම ගෝඨාත් දැන සිටියේය. 2005 කොටි ඡන්ද වර්ජනය කළේ නැතිනම් මහින්ද ජනාධිපති වන්නේ නැත. මහින්ද කොටි විනාශ කළේ නැතිනම් 2010 ජනාධිපතිවරණය ජය ගන්නේද නැත. 2015 වන විට කොටි නැති නිසා ජනාධිපතිවරණය දිනන්න බැරි වෙයි කියා මහින්ද බය විය.


    නිදහස් කළ කොටින්ට, දමිළ ජාතික සන්ධානයේ කොටි හිතවාදීන්ට සහ කොටි ඩයස්පෝරාවට දේශපාලනය කරන්න ඉඩ දුන්නේ 2015 ජනාධිපතිවරණයත් කොටින්ට පින් දී දිනන්නටය. එහෙත් උතුරේ ජනතාව කොටි කියන දේ ඇහුවේ නැත. දැන් පරාජය වී කුජීත වී ඇති මහින්ද සහ ගෝඨා බලන්නේ කොටි ගෝනි බිල්ලා පෙන්වා වැටුණු වළෙන් ගොඩ එන්නටය. මහ විරු දිනයේ කොටි සමරනවා යැයි මේ අයිය මලෝ කෑ මොර දුන්හ. ඒත් කොටි සැමරුමට ආවේ හතර දෙනෙකි. හතර දෙනෙක් එක්ක ප්‍රභාකරන්ගේ ඥාති සිවාජිලිංගම් කොටින්ට පහන් පත්තු කරද්දී 25ක් විතර හිටියේ මාධ්‍යවේදීන්ය. මේ දමිළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රි සිවාජිලිංගම්ට ප්‍රභාකරන්ගේ මවගේ දේහය භාර දුන්නේ මහින්දගේ ආණ්ඩුවය.


    2010 ජනාධිපතිවරණයට දමිළ ජාතික සන්ධාන සහය ලැබූ ෆොන්සේකා පරද්දන්න උතුරෙන් සිවාජිලිංගම් ආවේ මහින්දලාගේ ආශීර්වාදයෙන්ය. ඒත් අන්ත පරාජයකට ලක් විය. ඔහු 2015 මහ මැතිවරණයටත් ඉල්ලා පරාජය විය. ඇත්තටම 2015 ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ කොටි වීර දිනය දෙස බලන විට උතුරට කොටි එපා වී ඇත. කොටි ඕනෑ වී ඇත්තේ මහින්දටයි ගෝඨාටයි සහ ඔවුන්ව දෝලාවේ ගෙනියන දේශප්‍රේමී නඩයටය.

    උපුල් ජෝශප් ප්‍රනාන්දු


    - http://www.mawbima.lk/88-100896-news-detail.html
     
    Last edited:
    • Like
    Reactions: name-X

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    12341024_1699137873655427_2335718295641171658_n.jpg
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මොන පොන්සියෙක්ද මේ :lol: උදේ පාන්දර රනිල්ගේ ගූ බෙට්ටක්වත් කැවද​ :shocked:
    තෝ ඒ කාලේ නිකමට ඇහුවද යාපනේ මිනිස්සු කලු කොඩි දානවා.. කෝච්චි වලට පනිනවා.. කොටි නිදහස් කරපියව් කියලා :lol: උතුරේ ඉඳන් කොටි පැටව් උන් ගේ මහ එවුන් නිදහස් කරන්න කියල උද්ගෝශණ කරනවා. :growl: පත්තරෙන් උස්සපුවා දාන්නේ නැතුව ඇත්ත තත්වේ හොයන් ජීවත් වියන් :dull:
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නවද ප්‍රoශෙට ගැහුවෙ තස්තවාදි සන්විදානයක් නැතුව, අපේ රටේ එහෙමද නිකන් ගොනෙක් වෙන්ඩ එපා බන් අවදානම තියෙනව නැ කියන්ඩ බැ,:no::no:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබ දන්නවද ප්‍රoශෙට ගැහුවෙ තස්තවාදි සන්විදානයක් නැතුව, අපේ රටේ එහෙමද නිකන් ගොනෙක් වෙන්ඩ එපා බන් අවදානම තියෙනව නැ කියන්ඩ බැ,:no::no:

    ඕව මොකට කියනවද බන්.... ඕව කියල මුන්ට තේරෙන් නැ....
    ආයෙමත් කොනක ඉදල පටන් ගත්තම සනීපෙට හිටී.....
    එතකන් තමයි ඔය කෑ ගහන්නෙ.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව මොකට කියනවද බන්.... ඕව කියල මුන්ට තේරෙන් නැ....
    ආයෙමත් කොනක ඉදල පටන් ගත්තම සනීපෙට හිටී.....
    එතකන් තමයි ඔය කෑ ගහන්නෙ.....
    :yes::yes:අමු මීහරක් බන් රටක් ජාතියක් නැ ,, අවදානමට සුදානම් වෙනව නෙමේ මෙ ගොන්නු එකට හිනා වෙනව. හොදම උදාහරනෙ ප්‍රශෙ දැක්කනෙ උන දේ,,
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අපි නිකම් මෙතන ගහ බැනගත්තට වැඩක් නැහැ බන්, පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොමලා එකට කාලා බීලා සමගියෙන් ඉන්න සත්තු. උන් වරප්‍රසාද අරගෙන මොකක්ක්ද එකකින් අපිට හිනාවෙනවා අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු කියලා. ආණ්ඩු පක්ෂයේයි විපක්ෂයේයි ඉන්න ලොකුම හොරු ටිකයි ජනතාව ප්‍රතික්ෂේප කරපු චන්දෙන් පැරදුන අයයි, එතනෝල් කාරයොයි, කුඩුකාරයෝයි, දුශිතයෝයි එකතුවෙලා ආණ්ඩුවක් හදලා තියෙන්නේ. මේක හරියට පැමිණිලි කරියයි, විත්තිකාරයයි, සාක්සිකරයයි, වගඋත්තරකාරයයි, නඩුකාරයයි ඔක්කොම එකෙක් වෙලා නඩුවක් අහනවා වගේ. එතකොට එකට කියන්න වෙන්නෙත් ජාතික නඩුවක් කියලයි. කවදාකවත් චන්දෙ නොදා ඉන්න එපා. එවැනි දේවලින් මෙවැනි පල් හොරුන්ට වාසියි. ඊළඟ මැතිවරනෙට එක්කෝ ස්වාදීන පක්ෂයකට ගහන්න. මට තේරුම්ගන්න බැරි මාතර දිස්තික්කයේ 4වරක්ම වැඩිම මනාප අරගෙන දිනපු UNP එකේ බුද්දික පතිරණට සහ SLFP එකේ මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප අරගෙන දිනපු ලොහාන් රත්වත්ත නිකම්ම නිකම් මන්ත්‍රී වෙලා කොහෙවත් යන ආසනෙත් පැරදුන මනාප ලිස්ට් එකේ අන්තිමේට ආපු තමුන්ගේ ආසනය වන දෙනියායත් පැරදුන සාගල වගේ අයට අමෙතිකම් කැබිනට් අමෙති සහ තවත් අමෙතිකම් 3ක් ලැබුන හැටියි, චන්දෙන් පැරදුන අය ලිස්ට් එකෙන් පත්කරපු හැටියි. මේවා ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුද බන්? මේවා IRC ආණ්ඩු.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි නිකම් මෙතන ගහ බැනගත්තට වැඩක් නැහැ බන්, පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොමලා එකට කාලා බීලා සමගියෙන් ඉන්න සත්තු. උන් වරප්‍රසාද අරගෙන මොකක්ක්ද එකකින් අපිට හිනාවෙනවා අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු කියලා. ආණ්ඩු පක්ෂයේයි විපක්ෂයේයි ඉන්න ලොකුම හොරු ටිකයි ජනතාව ප්‍රතික්ෂේප කරපු චන්දෙන් පැරදුන අයයි, එතනෝල් කාරයොයි, කුඩුකාරයෝයි, දුශිතයෝයි එකතුවෙලා ආණ්ඩුවක් හදලා තියෙන්නේ. මේක හරියට පැමිණිලි කරියයි, විත්තිකාරයයි, සාක්සිකරයයි, වගඋත්තරකාරයයි, නඩුකාරයයි ඔක්කොම එකෙක් වෙලා නඩුවක් අහනවා වගේ. එතකොට එකට කියන්න වෙන්නෙත් ජාතික නඩුවක් කියලයි. කවදාකවත් චන්දෙ නොදා ඉන්න එපා. එවැනි දේවලින් මෙවැනි පල් හොරුන්ට වාසියි. ඊළඟ මැතිවරනෙට එක්කෝ ස්වාදීන පක්ෂයකට ගහන්න. මට තේරුම්ගන්න බැරි මාතර දිස්තික්කයේ 4වරක්ම වැඩිම මනාප අරගෙන දිනපු UNP එකේ බුද්දික පතිරණට සහ SLFP එකේ මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප අරගෙන දිනපු ලොහාන් රත්වත්ත නිකම්ම නිකම් මන්ත්‍රී වෙලා කොහෙවත් යන ආසනෙත් පැරදුන මනාප ලිස්ට් එකේ අන්තිමේට ආපු තමුන්ගේ ආසනය වන දෙනියායත් පැරදුන සාගල වගේ අයට අමෙතිකම් කැබිනට් අමෙති සහ තවත් අමෙතිකම් 3ක් ලැබුන හැටියි, චන්දෙන් පැරදුන අය ලිස්ට් එකෙන් පත්කරපු හැටියි. මේවා ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුද බන්? මේවා IRC ආණ්ඩු.

    නියම නිර්වචනයක්.....