ඔන්න මචන්ල මමත් ජොබක් කරනවා......

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොහොම හොඳ සහෝදරයා. ඔයා දුක දිනා ජයගත් කෙනෙක්. බොහොම මහන්සියෙන් අනාගතේ ගැන හිතලා වැඩකරලා ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා අවසානේ උපාධියක් ගත්තා. ඒක කොච්චර දෙයක්ද. එළකිරි එකේ ඉන්න උගත් ලා අතරින් ඔයා ලොකු තැනක ඉන්නවා.

    ඔයා වගේ අය එළකිරි එකටත් ශක්තියක්. මට ඔයාගේ A/L පාස් වෙච්ච එක ගැන ත්‍රෙඩ් එක කියවපුවහම පුදුම සතුටකුයි දුකකුයි දැනුනා. මම සතුටු උනේ එළකිරි කොල්ලෙක් ජීවිතය දිනපු එක ගැන. දුක් උනේ මේවගේ ත්‍රෙඩ් එකක් මට මීට කලින් දැනගන්න ලැබිච්ච නැති හින්දා. එහෙම උනා නම් මගේ ජීවිතයත් වෙනස් වෙන්න තිබ්බා.

    ඉගෙන ගන්නවා තරම් ලේසි නෑ සල්ලි හොයන එක. ඒකට මහන්සි වෙන්න වෙනවා. නමුත් ඔයාවගේ සම්භාවනීය රැකියාවන් කරන අයට සමාජයේ තියෙන්නේ ඉහලම තැනක්. ඔයා වෛද්‍ය උපාධිය නේද කලේ ? රටේ හැම ළමයෙකුගේම, අම්මාකෙනෙකුගේම (බොහෝ දෙනෙකුගේ ) බලාපොරොත්තුව තමයි තමන්ගේ ළමයා වෛද්‍යවරයෙක් කරන එක. අද ඔයා ඒ තැන ඉන්නවා. ඔයාගේ දෙමව්පියොන්ට කොච්චර සතුටු ඇතිද. අපි වගේ එවුන්ට ඔයා ගොඩක් ආදර්ශයක්. අපිට ඔයා වගේ අය ආශ්‍රය කරන්න ලැබුනේ නෑ. අපිට අනාගතේ, ඉගෙනීමේ වැදගත්කම දැනගත්තේ නෑ. අපි ඒවා ඉගෙනගන්නකොට පෙරහැර ගිහිල්ලා.

    ඔයාට මගේ හදවතින්ම සුභ පතනවා. ඒවගේම මචන් කවදාවත් ඉගෙනගන්න එක නවත්තන්නත් එපා. ඉදිරියටත් ඉහල උපාධි කරන්න
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    මම එළකිරියේ එච්චර ප්‍රසිද්ද නෙති උනාට එදා ඉදන්ම මේකේ හිටිය නිහතමානී අය එලකිරියට ආඩම්බරයක්
    සුබපැතුම් අයියේ