ඔන්න North Korea ඉවරායි..........

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඔන්න North Korea ඉවරායි..........

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ්වාදි ජනරජයේ අතිගරු ශ්‍රීමත් විධායක ජනපතිතුමා, එතුමන්ට තිබෙන විධායක බලතල අනුව මේ දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි North Korea වට සම්භාධක පනවා ඇත.මේ අනුව කිම් ජොන්ට ජිවිතේට අමතක නොවන දරුනුම පාඩමක් අපේ ජනපති නිරිදුන් ලබා දුන් වගයි.මින් පසු අපේ සම්බාදක නිසා North Koreaවේ මහා සාගතයක් ඇතිවී( විශාලා මහනුවර සාගතයට වඩා දරුනු ) අපේ ජනපතිදුන් ඉදිරියේ කිම් ජොන් වැද වැටෙනු ඇත

    සේනාධිනායකයාද,ත්‍රිවිධ හමුදාවේ නායකයාඅද වන එතුමා මෙතැන් පටන් North korea වට විරුද්ධව සම්බාධක පනවා ඇති අතර සම්බාධක කඩමින් කිසිවෙක් මේ මොහොතේ සිට ට අපේ රටේ සිට ලොකු ලූනු,කෙසෙල්,ගස්ලබු,කරුන්කා,පුවක්,බාබුල්,හෙරෝයින්,ගන්ජා,අබිං යවා අසු උවහොත් තරා තිරම නොබලා එතුමන්ට වියවස්තාවෙන් පැවරී ඇති අධිබලතල අනුව දණ්ඩනයට පත් කරන බව සියලු යටත් වැසියන්ට හොද හිතින් සරලව දන්වා සිටින වගයි.


    සැ.යු- අපේ රටේ බහුල ඉහත ඒවා පමනි..පොල් හාල් රන් රිදී වලට වඩා මිලයි
     
    Last edited:
    • Like
    Reactions: kasun757

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ලොක්කා උතුරු කොරියාවට මේ දැන් සම්බාදක දැම්ම බන්...ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයත් මේක අහල අපිට බය වෙලාලු:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    terenne nea.
    pasubim kathawa ?

    ශ්‍රී ලංකාව උ.කොරියාවට සම්භාධක දාල කියන්නෙ?
    අපේ ජනාධිපති ලොක්කට කරන්න වැඩක් ඇති වැඩ නැද්ද කොහේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රී ලංකාව උ.කොරියාවට සම්භාධක දාල කියන්නෙ?
    අපේ ජනාධිපති ලොක්කට කරන්න වැඩක් ඇති වැඩ නැද්ද කොහේ.


    mokak :eek:
    :baffled::baffled::baffled:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපි මොනවගේ සම්බාධකද බන් අරුන්ට දාන්නෙ ??
    අපිත් පොඩි රටක් උනාට මාරයි නේ

    මගේ පුවක් ටික කිම්ට එක්ස්පෝට් කලොත් අපිව අල්ලයිද
    :lol::lol:
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ඔතන බන් ඇමරිකාව ගෑවිච්ච සීන් එකක් ඇති. FATCA වගේ.
    The Foreign Account Tax Compliance Act (FATCA) is a 2010 United States federal law to enforce the requirement for United States persons including those living outside the U.S. to file yearly reports on their non-U.S. financial accounts to the Financial Crimes Enforcement Network (FinCEN)
    ]
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :shocked: un ekata oni oni dewal karanna puluwanda bn :sorry:

    අපේ ලොකු සෑර් US වලට පක්ශයිනම් පුලුවන්....අපිට ආඩම්බර වෙන්න පුලුවන් අපිත් අරුන්ට සම්බාධක දැම්ම කියල...හා නැද්ද
    කිම්කාරය දැන්වත් දැනගනි අපේ තරම
    :yes::yes:
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    22196384_10208012390506011_5758986417806130778_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked: un ekata oni oni dewal karanna puluwanda bn :sorry:


    ලොල්...

    ඇමෙරිකාවට විරුද්ධ වෙලා ඉන්න බෑ අපිට...

    අපේ එක්ස්පෝට් වලින් වැඩිම ආදායම එන්නේ ඇමෙරිකාවට විකුණලා...
    මේකේ ලොකුවට අපි කතා කෙරුවට ලෝකේ හරි විශාලයි..
    තේ කෑල්ලක් රබර් කෑල්ලක් විකුණලා ජාමේ බේරගන්න බැරිව ඉන්න අපිට
    එක්සත් ජාතීන් කිව්වොත් හිඟමන් වත් ලැබෙන්නේ නෑ...

    ඉකොනොමිය ගොඩදාගන්න පුලුවන් වෙන බිස්නස් කරලා
    පොඩ්ඩක් ඔලුව උස්ස ගන්නවත් හිතුවැකි:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    (උතුරු කොරියාවේ අති උත්තම නායක මන්දිරයේ රහස් කුටීරයක. සියළුම ප්‍රධාන නිලධරීන් රැස්ව සිටී. සියල්ලෝම මැලවුන මුහුණෙනි. නායකයා වම් අතේ වැලමිට දෑවැද්දට ලැබුන කොස් මේසය මත තබාගෙන වමතේ අල්ලට හිසේ බර භාර කර සිටී)

    උත්තම නායකතුමා : මාගේ පින්වත් නිලධරයෙනි! කිමෙක් හෝ සිදු වී ඇති හැඩයි. පවසව! මුදල් ඇමති, පවසව!

    මුදල් ඇමති: උත්තම නායකතුමනි! ඔබතුමාගේ කිරි සීයාගේ පාලන කාලයෙන් පසු රට මුහුණ පා ඇති දරුණුම අවදානමකට ලක් වී ඇති බව කණගාටුවෙන් වුව කිව යුතුමය.

    උ.නා.තුමා : කිමක්! රට කිසියම් හෝ ස්වාභාවික විපතකින් වත් නොපෙලෙන බව මාගෙ දැනුම.

    මු.ඇ : ස්වාභාවික විපතක් නම් නොවේය උතුමනි! රට වැසියන් හාමතෙනි. බැලු බැලු අත ඔවුන් මන්දගාමීව වැටී ඇත. හමුදා සෙබලුන් සටන් බිමේ නැත. ගොවීන් ගොවිපලවල් වල නැත.දන්නා කියන පිරවුම් හල දෙක තුනක හැර අන් ඒවායේ ඉන්ධන නැත. ප්‍රවාහන පද්ධතිය අඩපණය. Standby generator නිසා ඔබට අපට පණක් විදුලිබලය ඇත.

    උ.නා. තුමා : කිමෙක්ද මෙයට හේතුව? ඇමෙරිකාවේ ට්‍රම්ප් නම් මුග්ධයා රසායනික අවි ප්‍රහාරයක්වත් එල්ල කලාවත්ද. ඒත් බුකියේ මම එවැන්නක් නම් නොදුටිමි.

    මු.ඇ : ඔබතුමාට බුකියේ වැදගත්ම පිටුව මග හැරීම නම් පුදුමයකි. සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ පාලක සිරිසේනතුමා අප රටට විරුද්ධව සම්බාධක පැනවුවා යන්න ඔබතුමාණන් නොදැන සිටීම විමතියට කරුණකි.

    උ.නා.තුමා : හුටාය. අප රටට බුලත් පුවක් පටන් න්‍ය්ෂ්ඨික ශක්තිය පවා සපයන්නේ ඔවුන් නොවේද. මේ බවක් මට කලින් නොපැවසීම මහත් වූ වරදකි. අප අතින් එතුමාණන්ට යම් කිසි හෝ වරදක් වුනාවත්ද.

    මු.ඇ : සිරිසේන තුමා අචල ප්‍රතිපත්ති ඇති නායකයෙකි. පංච බල කේන්ද්‍රයේ හිමිකරුවාය. නොදැන හෝ යම් වරදක් වී ඇත්නම් ගොඩින් බේරා ගැනීම අපගේ එකම ගැලවුම බව අදහසයි.

    උ.නා. තුමා : මා ඔහුගෙන් සමාව අයැද ඊමේල් පණිවුඩයක් තබන්නද? ටෙලිකොමිනිකේසන් ඇමතිතුමනි වහා සූදානම් වනු.

    මීඩියා ඇමති : උත්තම නායකතුමනි, සිරිසේන තුමාට මෙය දැනුම් දීමට සුදුසුම සහ ඉක්මන්ම ක්‍රමය ඉරිදා ලංකාදීප පුවත්පතේ පලකිරිමය.සාමාන්‍යයෙන් ඔහු රටතොට ගැන ප්‍රවෘත්ති විමසන්නේ පත්තරය බැලීමෙන් බව ලෝක දේශපාලක විචාරකයන්ගේ මතයයි.

    උ.නා.තුමා: එසේ නම් දෙවෙනි පිටුවේ පිටු භාගයක් වෙන් කර එහි මාගේ සමාව අයැදීම පොල් අකුරෙන් පල කරව! රටේ හදිසි තත්වයක් ගැසට් කරනු. රැස්වීම අදට අදට අහවර කරමු. සෞඛ්‍ය ඇමති තුමනි, ඔය විටක් ගත්ත නම් බලන්න මෙහාට.

    සෞ.ඇ : විට නැත උතුමාණෙනි. අමතක වූවාද ලංකාව අපට සම්බාධක පැනවූ බව.

    උ.නා.තුමා : හුටා. ඉක්මනට පත්තරේ දාපිය!....


    https://www.facebook.com/amila.srimaalgamage/posts/1557547314290951