ඔන්ලයින් ණය අරන් පොලු තියපු අය අධිකරණයට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    2,764
    6,867
    113
    43
    Living in an Atom
    screenshot_69.jpg



    ඔන්ලයින් සමාගම් මගින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන එම ණය මුදල් නැවත නොගෙවා පැහැර හරින ලද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් අධිකරණය වෙත කැඳවමින් ඊයේ (16) දින නියෝගයක් නිකුත් කර තිබේ.

    රුපියල් ලක්ෂ දෙකට වඩා අඩු ණය මුදල් ඔන්ලයින් ක්‍රම ඔස්සේ ලබාගෙන එම මුදල් හිතාමතා ගෙවීම පැහැර හරින ලද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, අවිස්සාවේල්ල, බෙලිඅත්ත, මාවනැල්ල, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල පුද්ගලයන් රැසකට ලබන සැප්තැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ විසින් ඊයේ (16 වැනිදා) නොතිසි නිකුත් කළේය.




    කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් සහ වෙබ් අඩවි මගින් ණය මුදල් ලබාගෙන ඒවා නැවත නොගෙවා පැහැර හරින ලදැයි චෝදනා කරමින් කොළඹ 7 පිහිටි ඔන් ක්‍රෙඩිට් ඔන්ලයින් (On Credit Online) සමාගම විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව පවරා තිබූ නඩු ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

    2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව කොළඹ 7 පිහිටි සීමාසහිත ඔන්ක්‍රෙඩිට් පුද්ගලික සමාගම නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මගින් අදාළ නඩු පවරා තිබිණි.

    පැමිණිලිකාර සමාගම 2021 වසරේ සිට සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවත්, තම සමාගමේ ජංගම දුරකථන මෘදුකාංග හරහා විත්තිකාර ණය හිමියන් උඩුගත කළ දත්ත සසඳා ඒ අනුව ණය ලබාදීම සිදුකරන බවත් පැමිණිල්ලේ නීතිඥ වීරසේකර දන්වා සිටියේය.



    ණය ලබාදීමේදී ණය හිමියාගෙන් කිසිදු සුරැකුමක් ලබා නොගන්නා බවත්, ඔවුන් යොමු කළ බංකු ගිණුම් අංකයට ණය මුදල කෙටි කාලයක් තුළදී බැර කිරිම් සිදුකරන බවත් පැමිණිලි මගින් දන්වා සිටියි.

    පැමිණිලිකාර සමාගම විසින් 2022, 2023 සහ 2024 වසරවලදී රුපියල් ලක්ෂ 2 කට වඩා අඩු ණය ලබාගෙන හිතාමතා ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ට එරෙහිව මෙම නඩු පවරා තිබිණි.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,764
    6,867
    113
    43
    Living in an Atom
    ඔය නඩුව දිනන එක පරදින එක ගැන නොවෙයි ඔකේ අරමුණ. ඔය නඩුව බොහෝ කාලයක් ඇදෙනවා. ඕකට බය වෙලා මිනිස්සු සල්ලි දානවා. ඉන් පස්සේ උනේගේ recovery එක 80 % විතර coverup එකක් ආවම උන් ඔය ආයතනය වහල දාල රටින් යනවා.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,364
    12,869
    113
    Ampara
    රට හොඳට තිබ්බනම් ගත්ත ණය ආයි ගෙවන්න හයියක් එනවා..මේ ඔක්කොටම වග කියන්න ඔනේ අවුරුදු 75 වසරක් ලංකාව විනාශ කරපු දේශපාලුවෝ.. එකම විසඳුම ලපයා පමණයි.. :yes:

    451623012_1060345432128352_7968361446935032176_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,728
    23,065
    113
    27
    ලොවෙත් නැති තැනක
    කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් සහ වෙබ් අඩවි මගින් ණය මුදල් ලබාගෙන ඒවා නැවත නොගෙවා පැහැර හරින ලදැයි චෝදනා කරමින් කොළඹ 7
    ඇප නැතුව ණය දෙන්න ගියාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: Naughtykolla48

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,728
    23,065
    113
    27
    ලොවෙත් නැති තැනක
    ණය දෙන්න මුන් සල්ලි හම්බකරපු විදිහ කොහොමද? කළු සල්ලි සෝදනවා වෙන්න බැරිද?
    ඔව් ගොඩක් අය ලොන්ඩරින් කරන්නේ මෙහෙම තමා

    ඇප තියලත් පොල්ල තියෙන අයියලා ඉන්න රටේ ඇප නැතුව දෙනවා නම් මෝඩ වැඩක් තමා. උපරිමව වෙන්නේ සමථ මන්ඩල දාලා ණය ගත්තු එකා කියයි මට ගෙවන්න වෙන්නේ මෙච්චරයි කියලා කිව්ව නම් බඩු පැකට්. පොලියත් නෑ කැපිටල් එක විතරයි​

    ------ Post added on Jul 17, 2024 at 1:51 PM
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,710
    2,377
    113
    මුන් මිනිස්සුන්ට නඩු දාන්නෙ කොහොමද ??

    මහ බැංකුවෙ අනුමත නෑ නෙද මේ ආයතන ??
    eka paththakin thiyahanko. nayak gaththa nam mulin gewala inna epai. naya dunna unuth waradiy. gaththa ewunuth waradiy.
     
    • Like
    Reactions: lilman

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    ඔය නඩුව දිනන එක පරදින එක ගැන නොවෙයි ඔකේ අරමුණ. ඔය නඩුව බොහෝ කාලයක් ඇදෙනවා. ඕකට බය වෙලා මිනිස්සු සල්ලි දානවා. ඉන් පස්සේ උනේගේ recovery එක 80 % විතර coverup එකක් ආවම උන් ඔය ආයතනය වහල දාල රටින් යනවා.
    anna hari! micro finance kareyo godak un desapalana paksa wala salli clean karana eka karanne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,474
    1
    37,295
    113
    මිනිස්සුන්ව මුලාවට පත් කරල
    ඊළග ණය සදහා මෙච්ර මෙච්චර වට්ටම් දෙනව කියල බොරු කරල
    මාසික 70% අසාධාරණ පොළියක් අය කරල

    ඒවටත් හරිනං මුන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්..

    යකෝ ගිනිපොලි කාරයොත් දෙන්නෙ මාසෙට 10-15% පොළියට

    අර යාලුව නිසා මාත් දැනගත්තෙ. තනිකර බොරුවක් කරන්නෙ

    ඌ නං බයටම සල්ලි ගෙව්වද කොහෙද

    හම්බුනේ රුපියල් 2000 යි
    දවස් දහයක් ඇතුලත 2240 ක් ගෙවන්න කිව්ව


    ඒක ගෙව්වට පස්සෙ අපේ එකා ආයෙත් 2000 ක් ගත්ත
    බොරුවට 20% 30% 40% වට්ටම් දෙනව මේ කෝඩ් එක ගැහුවම කියපු නිසා
    දවස් 10 ක් ඇතුලත 2410 ක් වගේ ගාණක් ගෙවන්න කිව්ව

    මරු වට්ටම
    පොලිය ඩබල් කරල 😅 වෙන හම්බුණ තට්ටමක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,764
    6,867
    113
    43
    Living in an Atom
    මිනිස්සුන්ව මුලාවට පත් කරල
    ඊළග ණය සදහා මෙච්ර මෙච්චර වට්ටම් දෙනව කියල බොරු කරල
    මාසික 70% අසාධාරණ පොළියක් අය කරල

    ඒවටත් හරිනං මුන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්..

    යකෝ ගිනිපොලි කාරයොත් දෙන්නෙ මාසෙට 10-15% පොළියට

    අර යාලුව නිසා මාත් දැනගත්තෙ. තනිකර බොරුවක් කරන්නෙ

    ඌ නං බයටම සල්ලි ගෙව්වද කොහෙද

    හම්බුනේ රුපියල් 2000 යි
    දවස් දහයක් ඇතුලත 2240 ක් ගෙවන්න කිව්ව


    ඒක ගෙව්වට පස්සෙ අපේ එකා ආයෙත් 2000 ක් ගත්ත
    බොරුවට 20% 30% 40% වට්ටම් දෙනව මේ කෝඩ් එක ගැහුවම කියපු නිසා
    දවස් 10 ක් ඇතුලත 2410 ක් වගේ ගාණක් ගෙවන්න කිව්ව

    මරු වට්ටම
    පොලිය ඩබල් කරල 😅 වෙන හම්බුණ තට්ටමක් නෑ
    උබ ඔන්ලයින් නය දෙන උන්ගෙන් ණය ගත්තා නේද ?
     
    • Like
    Reactions: Naughtykolla48

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,474
    1
    37,295
    113
    උබ ඔන්ලයින් නය දෙන උන්ගෙන් ණය ගත්තා නේද ?

    මං ගත්තු ණයක් නෑ බං
    කරෝල විකුණන යාලුවට වෙච්ච අත්දැකීම මම කියන්නෙ
    ඌට ෆෝන් එකේ වැඩ තේරෙනව මදි හින්ද මට කියල කරගත්තෙ
    ඉතිං මුංගෙ ජාවාරම මට හොදට තේරුණා..
     
    Last edited:

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,299
    1,952
    113
    පිං බිමේ
    මං ගත්තු ණයක් නෑ බං
    කරෝල විකුණන යාලුව වෙච්ච අත්දැකීම මම කියන්නෙ
    ඌට ෆෝන් එකේ වැඩ තේරෙනව මදි හින්ද මට කියල කරගත්තෙ
    ඉතිං මුංගෙ ජාවාරම මට හොදට තේරුණා..
    ආයෙත් එහෙම කරල දෙන්න එපා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    10,904
    20,209
    113
    මිනිස්සුන්ව මුලාවට පත් කරල
    ඊළග ණය සදහා මෙච්ර මෙච්චර වට්ටම් දෙනව කියල බොරු කරල
    මාසික 70% අසාධාරණ පොළියක් අය කරල

    ඒවටත් හරිනං මුන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්..

    තට්ටමට වට්ටම 😅

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: AnuradhaRa