ඔපරේෂන් ඇන්ත්‍රොපොයිඩ්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔපරේෂන් ඇන්ත්‍රොපොයිඩ්

    1941 දෙසැම්බර් 28 රාත්‍රී 10 ට පමණ කුබිස් හා ගැබික් දෙදෙනා ඇතුළුව භටයින් 7 දෙනෙකු රැගත් එංගලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් “හැලිෆැක්ස් ”( Halifax) බෝම්බ හෙලන ගුවන් යානය අඳුරේම චෙක් දේශය බලා පිටත් වෙනවා. පැරෂුට් ආධාරයෙන් ප්‍රාග් නුවරට නුදුරින් වූ ගම්මානයක් වන “නෙවිස්ඩි” (Nehvizdy) වලට ගොඩබැසීමට සමත් වෙන කුබිස් හා ගැබික් තම ආරක්ෂක වාසස්ථානය ලෙස තෝරා ගන්නේ ප්‍රාග් නුවර බිස්කුප්කෝවා (Biskupcova) වීදියේ පිහිටි මොරවැක් පවුල ජීවත්වූ මහල් නිවාසයයි. එම පවුලේ අයද ඔවුන්ගේ සැලැස්ම දැන සිටි නිසා මෙම සාජන්වරු දෙදෙනාට රහසින් උදව් කරනවා.
    කුබිස් හා ගැබික් සිය ප්‍රහාරය සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන තිබුණේ ප්‍රාග් නුවර කර්ච්මෙයර් වීදියේ වංගුව පිහිටි ස්ථානයයි. එය රයින්හාඩ් පැමිණෙන ගමන් මාර්ගයයි. සාමාන්‍යයෙන් රයින්හාඩ් සිය රියැදුරු සමග මෝටර් රථයෙන් ගමන් ගන්නේ අධික වේගයෙන්. නමුත් මෙම වංගුවේදී රියැදුරුට රථයේ වේගය අඩු කිරීමට සිදු වන බව කුබිස් හා ගැබික් දැන සිටියා.
    රයින්හාඩ් රැගත් වාහනය ඉලක්ක කිරීම

    031-701x351.jpg

    බෝම්බ ප්‍රහාරයට ලක්වූ රයින්හාඩ්ගේ මෝටර් රථය (Warfare History Network)

    දිනය 1942 මැයි 27 දාය. ගැබික් හා කූබික් මාර්ගය අසළ ට්‍රෑම් රථයකට මුවා වී සිටි අතර මෝටර් රථය වංගුව පසු කරනවාත් සමග ගැබික් මාර්ගයට පැන වෙඩි තබන්නට උත්සාහ කළ නමුත් නමුත් ගිනි අවිය පත්තු වන්නේ නෑ. මේ අතර ගැබික්ගේ ප්‍රයත්නය අසාර්ථක බව දැනගත් ඒ අසලම රැක සිටි කුබිස් සිය අවසාන උත්සාහය ලෙස තම බෑගයේවූ අත් බෝම්බයෙන් රථයේ සිටි රයින්හාඩ් වෙත දමා ගසනවා. රථයේ පැත්තක වැදුනු බෝම්බය පුපරා යාමෙන් බරපතල තුවාල ලැබූ රයින්හාඩ් රථයෙන් එළියට විසි වෙනවා. ඔහු අමාරුවෙන් නැගිට කුබිස් පසුපස ටික දුරක් ලුහු බදින්නේ තම අතේ වූ පිස්තෝලයෙන් කුබිස්ට වෙඩි තබමින්.
    බෝම්බය දමා ගැසීමෙන් පසුව කුබිස් හා ගැබික් ඔවුන් සැඟවී සිටින නිවස බලා පලා යනවා. බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබන රයින්හාඩ් ඉන් දින කිහිපයකට පසුව මිය යනවා. ඔහුගේ අවමංගල්‍ය උත්සවය ජර්මනියේ බර්ලින් නුවරදී හිට්ලර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
    හිට්ලර්ගේ ප්‍රතිචාර

    041-701x351.jpg

    කුබිස් හා ගැබික් සමඟ රයින්හාඩ් ඝාතනයට පැමිණි සොල්දාදුවන් (trampsky-magazin.cz)

    රයින්හාඩ්ට බෝම්බ ප්‍රහාර එල්ල කළ දිනයේම රාත්‍රීයේ ජර්මන් භටයින් 10,000 ක් විසින් ඝාතකයින් සොයා ඒ අවට නිවාස 36,000ක් පමණ සෝදිසි කිරීම ආරම්භ කරනවා. සිද්ධියට වඩාත් වග කිවයුත්තේ ලිඩ්සි (Lidice) හා ලෙසාකි (Ležáky) ගම්මාන බවට ජර්මන් බුද්ධි අංශ විසින් පසුව තහවුරු කරනවා.
    1942 ජූනි 9 දින ඝාතනයට විරුද්ධව හිට්ලර් විසින් නියෝගයක් නිකුත් කරන අතර ඒ හේතුවෙන් 13,000 ක මිනිසුන් ප්‍රමාණයක් අත්අඩංගුවට පත්වෙනවා. ලිඩ්සි හා ලෙසාකි ගම්මානයේ සිටි අවුරුදු 16ට වැඩි පිරිමි සියල්ලන්වම වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ලෙසාකි ගම්මානයේ සිටි කාන්තාවන් සියල්ලන්වද මරා දමනු ලබනවා. තවත් කාන්තාවන් ප්‍රමාණයක් සිර කඳවුරු වෙත රැගෙන යනවා. ගම්මාන වල සිටි ළමයින් ගණනාවක් ජර්මන් සංස්කෘතියට හරවා ගැනීම (Germanisation) සඳහා තෝරාගනු ලැබුණු අතර ඉතිරි වූ ළමයින් 81 දෙනෙක් ගෑස් කාමර වලදී ඝාතනය කරනවා. අවසානයේදී වෙඩි තබා මරා දැමු පුරුෂයන් ප්‍රමාණය 199ක් පමණ වෙන බව වාර්තා වල සටහන්. ගම්මාන දෙකම ගිනිතබා විනාශ කිරීමට හිට්ලර්ගේ හමුදාව විසින් තීරණය කරනවා.
    ඝාතකයන් සොයා

    05-701x467.jpg

    ඔවුන් සැඟවී සිටි පල්ලියේ ඉදිරිපස – බිත්තියේ වෙඩි උණ්ඩ සලකුණු දැකිය හැකියි. (Radio Prague)

    ප්‍රාග් නුවර රෙස්ලෝවා වීදියේ පිහිටි සාන්ත සිරිල් මෙතෝදිස්ත දේවස්ථානයේ (Church of Saints Cyril and Methodius ) රැකවරණය ලැබීමට ජෑන් කුබිස්ටත්,ජෝසෆ් ගැබික්ටත් ඔවුන් සමග පැමිණි අනෙක් පැරෂුට් භටයින් පස් දෙනාට හැකියාව ලැබෙනවා.
    මේ අතරවාරයේ දී මෙහෙයුමට සම්බන්ධ භටයන් හත් දෙනා සමඟ එංගලන්තයේදී පුහුණුව ලැබූ තවත් භටයෙක් වූ කැරල් කූඩා (Karel Curda) නම් පුද්ගලයා ගෙස්ටාපෝ හෙවත් ජර්මන් රහස් පොලීසියට රයින්හාඩ්ගේ ඝාතකයන් සැගවී සිටි මහල් නිවාසය පිළිබඳව තොරතුරු හෙළි කරන්නේ ලබා දෙන්නේ පිරිනමන ලද ත්‍යාග මුදල් හේතුවෙන්.
    ඒ අනුව ජූනි 17 දින අළුයම 5 ට ජර්මන් හමුදාව එම ගොඩනැගිල්ල වට කරන අතර ඔවුන් මොරවැක් පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගනු ලබනවා. එම පවුලේ සාමාජිකයන්ට වධ දීමෙන් පසුව ඝාතකයන් දැන් සැඟවී සිටින ස්ථානය පිළිබඳව තොරතුරු ලබා ගන්නා නාසි හමුදාව ජූනි 18 අළුයම දේවස්ථානය වටලනු ලබනවා.
    දේවස්ථානය තුල සටන

    06-701x351.jpg

    කුඩා කවුළු තුළින් ඇතුළට ජලය පිරවීම (JOuTrip)

    පසුදින උදෑසන දේවස්ථානය තුළ සිටි හත් දෙනාගෙන් සිව් දෙනෙක් බිම්ගෙය තුල නින්දේ පසු වූ අතර අනෙක් තිදෙනා දේවස්ථානයේ බැල්කනියේ ඔත්තු බලමින් සිටිනවා. පල්ලිය වට කළ හමුදාව හා බැල්කනියේ සිටි පැරෂුට් සෙබළුන් තිදෙනා අතර පැය ගණනක වෙඩි හුවමාරුවක් සිදු වෙනවා. වෙඩි හුවමාරුවෙන් අනතුරුව භටයන් තිදෙනාම ජිවිතක්ෂයට පත්වෙනවා.
    දේවස්ථානයේ පූජකතුමා අල්ලාගත් නාසි භටයන් අනෙක් පැරෂුට් භටයින් ඉන්නා තැන තදබල අන්දමින් විමසූ අතර බිම්ගෙයි රැදී සිටි ඉතිරි භටයන් සිව් දෙනාට යටත් වන ලෙස නාසි හමුදාව විසින් අණ කර සිටිනවා. “අපි කවදාවත් යටත් නොවන චෙක් ජාතිකයෝ” යැයි ඔවුන් බිම්ගෙය තුළ සිට කෑ ගසමින් වෙඩි ප්‍රහාර එල්ල කරනවා. ගොඩනැගිල්ලේ පිටත සිට දේවස්ථානයේ බිම්ගෙය යා කෙරෙන, කිසිවෙකුටත් රිංගා යා නොහැකි වා කවුළු හරහා බිම්ගෙය තුලට වතුර පිරවීමෙන් ඔවුන් යටත් කර ගැනීමට ජර්මන් හමුදාව විසින් උත්සාහ දැරූ නමුත් බිම්ගෙට වතුර පිරුණේ ඉතා සෙමින් බැවින් එම අදහස අතහැර බිම්ගෙට පහර දෙන ලෙස අණ දෙන නිලධාරියා විසින් නියෝග කරනවා.
    07-701x351.jpg

    අද වන විට ඔවුන් සැඟවී සිටි පල්ලිය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කර ඇත. (TripAdvisor)

    කාපට් වලින් වසා සඟවා තිබූ බිම්ගෙයි යකඩ දොර සොයා ගෙන වෙඩි බෙහෙත් දමා පුපුරුවා හරින භටයින්ට දැකගැනීමට හැකිවන්නේ බිම්ගෙය දක්වා පහළට දිවෙන ප්‍රධාන තරප්පු පෙළයි. ඒ දිගේ පහළට කණ්ඩායම් වශයෙන් ගමන් කළ ඔවුන්ට පැරෂුට් භටයින්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වෙනවා. දරුණු වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඔවුන්ගෙන් කීප දෙනෙක් මරණයට පත්වෙන අතර දහවල් වන තුරු සටන ඇවිලී යනවා. යටත් වීමට කැමති නොවූ දේශප්‍රේමී චෙක් සොල්දාදුවෝ සිව්දෙනා මෙහිදී ඔවුන් සතු ගිනි අවි වලින් එකිනෙකාට වෙඩි තබාගෙන දිවිනසාගන්නේ ඔවුන් සතු වූ අවසාන වෙඩි උණ්ඩ වලින්. සටනින් ජර්මානු භටයන් 14 දෙනෙක් මරුමුවට පත්වෙන අතර 21 දෙනෙක් තුවාල ලබනවා.
    08-701x468.jpg

    සොල්දාදුවන් සිහිවීම පිණිස නිර්මාණය කර ඇති ස්මාරකය (prazsky.denik.cz)

    චෙක් ජනරජයේ ජනතාව මෙන්ම ලෝකයේ සාමයට ලැදි ජනතාව ජෑන් කුබිස් හා ජෝසෆ් ගැබික් යන දෙදෙනා ඝාතකයින් ලෙස නොව යුධ වීරයින් ලෙස අද සලකනු ලබන අතර ඔවුන්ගේ සටන සිදු වූ ප්‍රාග් නුවර සාන්ත සිරිල් මෙතෝදිස්ත දේවස්ථානය අද ඔවුන් සිහිපත් කරන කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලබනවා. එසේම සටනට උරදුන් අනෙක් වීරයන් පස්දෙනා හා ඔවුන්ට උදව් කළ නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවූ දහස් ගණන් ගම්වාසින්ද අද වීරයින් ලෙස සිහි කරනු ලබනවා.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොරැවක් පවුලේ පියා දැනගෙන සිටියේ නෑ ඔවුන්ගේ අරමුණ ගැන.
    අතඩන්ගුවටගැනිමෙදි මව සියදිවි නසා ගන්නවා.
    අවුරුදු 18ට ඇයගේ දරුවා දින කිහිපයක් වධ හින්සා ලබාදිමෙන් හා අධික ලෙස මත්පැන් පොවා සිහිවිකල්කිරිමෙන් පසුව පමණයි ඔහුගෙන් විස්තර දැන ගැනිමට හැකිවන්නේ.
    Karel Curdaට ජර්මනියේ පුරවැසි බව හමුවෙනවා.එත් පසුව (යුද්ධය ඉවරවීමට පසුව මතක හැටියට) පලිගැනිමක් ලෙස ඔහුව මරාදැමෙනවා.
    මේ මෙහෙයුම ගැන ෆිල්ම් එකක් ටිකකාලයකට කලින් ආවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    bump
    ලන්කාවේ නම් යුධ වීරයෝ අවුරුදු හයක් යනකොට අමතකයි. දෑන් උන් ඝාතකයෝ.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ekata ape rate

    bump
    ලන්කාවේ නම් යුධ වීරයෝ අවුරුදු හයක් යනකොට අමතකයි. දෑන් උන් ඝාතකයෝ.

    ඒකට වැරදි කාරයොත් අපිම තමයි. කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ. එක එක්කෙනා තමන්ගේ පුද්ගලික වාසි වලට මොනවා කිව්වත්, රටේ මිනිස්සු හැටියට අපි දැනගන්න ඕන ගරු කල යුත්තාට ගරු කරන්න, ඇත්ත ඇති සැටියෙන් දකින්න, ජාති පක්ෂ භේදයක් නැතුව.