https://www.facebook.com/budhunupan.helabima/videos/156252618478788/
දැන් ටිකෙන් ටික හෝ මෙම සත්‍යතාව ජනතාවට අවබෝධ වෙමින් යනවා.. තව ටික කළකින් ස්ථිර වශයෙන්ම බුදුරදුන් වැඩසිටි ජම්බුද්වීපය නම් මේ හෙළ දීපයම බව මුළු ලෝකයාටම සක් සුදක්සේ පැහැදිළි වන කාළයක් පැමිණේවි... ඉන්පසු නැවතත් මේ හෙළ දෙරණෙහි අප සියල්ලන්ටම ජය සක් සීහළ නාද පැවැත්විය හැකි වනු ඇත..
එහෙත් එය ඉබේ සිදුවනකම් අප කොහෙත්ම බලා නොසිටිය යුතුය.. ඒ සඳහා කුමන හෝ ක්‍රියා දාමයක් මෙහෙයක් කැපවීමක් කළ යුතුමය.. එය සියලු හෙළවැසියන්ගේ යුතුකමක්ය. බෞද්ධයන්ගේ යුතුකමක්ය..
බෞද්ධ වූ අයද බොහෝ දෙනෙක් ධර්මය වැරදියට අල්ලාගෙන බුදු ඉතිහාසය නොසෙවිය යුතු දෙයක් යන මිත්‍යා මතය ග්‍රහණය කරගෙන, ඔවුන් දැන හෝ නොදැන අන් අයවද නොමග යවමින් සිටිනවා පෙනෙන්නට ඇත.. ඇත්තටම මේ සත්‍ය කතාව නොදන්නෙකුට නොවටහාගන්නෙකුට සද්ධර්මය හොඳින් පිහිටනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.
බුදුරදුන් සද්ධර්මය දේශණා කොට වදාල හෙළ මාගදී භාෂාව වැරදියට ග්‍රහණය කර ගතහොත් කෙසේ නම් අර්ථ ධර්ම නිරුත්ති වටහා ගත හැකිදැයි ඔවුන් විමසිය යුතුමය. උන්වහන්සේ ඉන්දීය භාෂාවකින් ධර්මය දෙසුවායැයි වැරදියට සිතුවොත් සියලු දහම් කරුණු අවුල් වෙනවාය. අනෙක නම් උන්වහන්සේ ත්‍රිපිටකයේ සඳහන් සෑම උපමාවක්, කතාවක්ම ගෙන තිබෙන්නේ මේ හෙළ දිවයිනේ පරිසරයෙන්ම බව වටහා නොගත්තොත් මොන තරම් දහම අවුල් සහගත වනවාදැයි විමසා බැලිය යුතු කරුණකි..
අපි සරණ ගිය දහමේ නායකයා ගුරුවරයා ගැන, සොයන්නට එපා කියනවනම්, අප අදහන ආගමේ නායකයා ගුරුවරයා ගැන සොයන්නට එපා කියනවානම් මේ මොන විහිලු කතාවක්ද? කියා නුවණැත්තෝ විමසා බලත්වා...
බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක් වන බව පැහැදිළිවම, එක හෙළාම සඳහන් කළ යුතුය. එය ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී වනු ඇත.
බුද්ධාගම සහ බුද්ධ දර්ශණය යන දෙකෙහිම සංකළනය නිසා පෙර රජ දවස මේ රට ඉතාමත් සශ්‍රීක රටක් වුනා. ස්වයංපෝෂිත රටක් වුනා. සදාචාර සම්ම්පන්න රටක් වුනා.. ඉන් පසුව ක්‍රමයෙන් මේ රට අගාදයට ගියේ සොලී ඇතුලු අනෙකුත් විදේශ ආක්රමණත් සමගයි.
විජාතිකවූ ඔවුණුයි මේ රට හා පිරිසිදු දහම විනාශ කරන්නට ප්රයත්න දැරුවෙ. ඔවුන් එහිදී අපේ ඉතිහාසයත් අන්තිමට වෙනස් කළා. එය ඔවුන්ට ඕනි විදියට ලිව්ව. ඉතින් ඔන්න ඔතන ඉඳල තමයි අපි එය නිවැරදි කළ ගත යුතු වන්නේ..
ඉන් රටටත් ආගමටත් දහමටත් විසාල යහපතක් මිස කිසිම අවැඩක් වෙන්නෙ නෑ. (සමහර ව්‍යාපාරිකයින්ට හා වෙනත් රටවලට නම් එය ලොකු පාඩුවක් වෙන්න පුලුවන්)
ඉතින් ඇයි අපිට ඔතන ලොකුම වැරැද්ද හදාගන්න අවශ්‍ය නෑ කියන්නේ.. අප නිවැරදි වෙන්නට අපි මොකටද කාටවත්ම බය වෙන්නේ?
අප බුදු රජාණන්වහන්සේ මහියංගන, සමන්ගිර, කැළණිය, කල්පිටිය ආදී නොයෙක් තැන්වල හටගත් යුධ ප්‍රශ්න සමතයට පත් කොට සිරිපතුල් පිහිටුවා මේ දීපය ධර්මද්වීපය බවටම සනාථ කළ සේක. එදා සිටි ඒ සියලුම යක්ක, නාග, කුම්භණ්ඩ ආදී සීහළ නොවූ අනෙකුත් ජන කොටස්ද මෙය ධර්මද්වීපය බවටම පිළිගත්තාහ. ඔවුහු තමන්ගේ රජ අසුන් කැළණිය වැනි තැන්වලදී බුදුන්වහන්සේටම පැවරූහ. ඔවුන් බුද්ධ සිරිපතුල් වන්ඳනා කොට බුද්ධ අණට ගරු කළාහ.
අද සිටින බොහෝ අය මේ සියල්ලම අවුල් කරගෙන ඇත්තේ ඉතිහාසය හරියට නොදන්නා කමත් එය වැරදියට අල්ලාගෙන සිටින නිසාත්මය. එසේනම් අප කවුරුත්ම අපගේ නායකවු, ගුරුන්වූ, රජුන්වූ, මහාමුණි නරසීහයාණන් වහන්සේගේ සත්‍යවූ ඉතිහාස කතාව නිවැරදිව දැන හැඳින ගත යුතුමය. එය සියලුම සිහළ ජාතිකයින් සහ සිහළ බෞද්ධයන් විසින් විෂේශයෙන්ම උගෙන දැන නිවැරදි කර ගත යුතුමයි. එය සිහළ බෞද්ධයන් වගකීමක්මයි. අපගේ ගුරු බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ඉතිහාස කතාවවත් හරියට නොදනීනම් කුමක්ද ඒ බෞද්ධකම කියා සිතිය අප යුතුයි..
හෙල ඉතිහාසය බොහෝ දෙනෙක් හරියට නොදන්නා කම නිසයි අද වන විට මේ රට මෙතරම් අගාධයකට වැටිල තියෙන්නේ. අපි අල්ලාගෙන ඉන්නෙ ඉන්දියානුවන්ටයි, ජර්මන් ජාතිකයින්ටයි ඕනි විදියට ලියපු ඉතිහාසෙ කියල ගොඩක් අය දන්නෙ නෑ. මහා සම්මත, රාවණා, සුද්ධෝදන පරපුරෙන් එන උතුම් ශ්‍රේෂ්ඨ ජාතියක් කියල එයාල දන්නෙ නෑ. සත්‍ය වසා ‘උඹල සින්හයෙකුට දාව උපන් පහත් ජාතියක්’ විදියට අපව හංවඩු ගැහුවේ කවුද? ඒ වැරැද්දයි අප නිවැරදි කර ගන්නට ඕනි.. එහෙනම් විජය කුවේණි ඉතිහාසයට කොටු වෙලා බෑ අපට ඉදිරි ගමනක් යන්නට කියල කවුරුත් තේරුම් ගත යුතුයි.
සිංහළ රටේ ප්‍රෞඩ හෙළ ඉතිහාසය නොදන්න, සිංහළ රට ගැන අභිමාණයක් නැති, සිංහළ රටට ද්වේෂ කරන, පරගැති වහල් මානසිකත්වයක් ඇති මිනිසුන් සිටින තාක් මේ රට නැවත ඉදිරියට ගන්නට නම් නොහැකි බව වටහා ගත යුතුයි. අපේ බිඳපු කොඳු නාරටි වලට නිසි ප්‍රතිකාර කරගෙන නැවතත් කොන්ද සෘජුව තබා ගත යුතුයි..
මේ සත්‍ය හෙළි කිරීමට ප්‍රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි.
එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්‍ය සැඟවිය යුතුද?
එමෙන්ම අනෙක් පිරිස නම් සිංහල නොවන ජාතීන් හා ඉංදියානුවන්ය.
(ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වේ යැයි ඇතිවන බය නිසාත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන විදේශ විනිමය මහා ආදායම අහිමි වන නිසාත්ය)
එනිසා ඔවුන් මේ සත්‍ය වහන්නට නොයෙකුත් යටි උපක්‍රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත.
දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් විශාල මුදලක් යොදවා යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. දැනටත් ඔවුන් මහත් කැපවීමකින් චිත්‍රපට, ටෙලිනාට්‍ය වැනි මාධ්‍යන් හරහාද කිසියම් වැඩ කොටසක් කරගෙන යන අයුරු පෙනෙන්නට ඇත.. සත්‍ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු වන්නේද?
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ යටගිය ඉතිහාසය
මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:
sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829
Skylark



මේ තියෙන්නේ 1600 ගණන්වල ලංකාවට ආපු පෘතුගීසි කපිතාන් රිබෙයිරෝ එයාගේ Fatalidade Historica da Ilha de Ceilão (සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය, කැලිස්ටස් නානායක්කාර) කියන පොතේ 55 වැනි පිටුවේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරලා තියෙන ආකාරය.
![]()
https://books.google.lk/books?id=0kW3t1X1pAwC
ඔවුන්ගේ (සිංහලයන්ගේ) ජනශ්‍රැතියට අනුව මේ "බුදු" බොහෝ කලක් සිලෝන්හි වාසය කරමින් ඉතාම ශුද්ධ වූ (සහ පසුතැවෙන) ජීවිතයක් ගත කර ඇත. ඔවුන් තමන් භාවිතා කරන වර්ෂ (බුද්ධ වර්ෂ) ආරම්භ කරන්නේ ඔහු (බුදු) ඔවුන් සමග වාසය කළ වකවානුවෙනි.
ලංකාවේ ප්‍රසිද්ධ ඉතිහාසයට අනුව නම් බුදුරදුන් ලංකාවට තුන්වරක් අහසින් වැඩම කරලා තිබුනත් දින කිහිපයකින් නැවතත් අහසින් ඉන්දියාවට වඩිනවා. එත් 1600 ගණන් වල සිංහලයෝ විශ්වාස කරපු විදිහට බුදු හාමුදුරුවෝ සිංහලයන් සමග දීර්ඝ කාලයක් ජීවත් වෙලා තියෙනවා. අනිත් එක බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන ඉන්දියාවේ කිසි දිනෙක බුද්ධ වර්ෂ භාවිතා කර ඇති බවට ඓතිහාසික සාධකයක් නැහැ. ඒ කාලේ ඉඳන් අදටත් බුද්ධ වර්ෂ භාවිත වෙන්නේ ලංකාව, බුරුමය, තායිලන්තය වගේ රටවල.




පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක මුල ඉඳලා කියවන්න. ප්‍රශ්නයක් ඇති වුනොත් අහන්න.
වැඩක් නැති උන් ඉදපන් පැත්තක. වඩක් ඇති උන් එයි මේ ත්‍රෙඩ් එකට.බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවි ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අපිට ඇති වැඩේ මොකක්ද බං ?