ඔබගේ මුතුන් මිත්තෝ

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    https://www.facebook.com/budhunupan.helabima/videos/156252618478788/

    දැන් ටිකෙන් ටික හෝ මෙම සත්‍යතාව ජනතාවට අවබෝධ වෙමින් යනවා.. තව ටික කළකින් ස්ථිර වශයෙන්ම බුදුරදුන් වැඩසිටි ජම්බුද්වීපය නම් මේ හෙළ දීපයම බව මුළු ලෝකයාටම සක් සුදක්සේ පැහැදිළි වන කාළයක් පැමිණේවි... ඉන්පසු නැවතත් මේ හෙළ දෙරණෙහි අප සියල්ලන්ටම ජය සක් සීහළ නාද පැවැත්විය හැකි වනු ඇත..

    එහෙත් එය ඉබේ සිදුවනකම් අප කොහෙත්ම බලා නොසිටිය යුතුය.. ඒ සඳහා කුමන හෝ ක්‍රියා දාමයක් මෙහෙයක් කැපවීමක් කළ යුතුමය.. එය සියලු හෙළවැසියන්ගේ යුතුකමක්ය. බෞද්ධයන්ගේ යුතුකමක්ය..
    බෞද්ධ වූ අයද බොහෝ දෙනෙක් ධර්මය වැරදියට අල්ලාගෙන බුදු ඉතිහාසය නොසෙවිය යුතු දෙයක් යන මිත්‍යා මතය ග්‍රහණය කරගෙන, ඔවුන් දැන හෝ නොදැන අන් අයවද නොමග යවමින් සිටිනවා පෙනෙන්නට ඇත.. ඇත්තටම මේ සත්‍ය කතාව නොදන්නෙකුට නොවටහාගන්නෙකුට සද්ධර්මය හොඳින් පිහිටනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.
    බුදුරදුන් සද්ධර්මය දේශණා කොට වදාල හෙළ මාගදී භාෂාව වැරදියට ග්‍රහණය කර ගතහොත් කෙසේ නම් අර්ථ ධර්ම නිරුත්ති වටහා ගත හැකිදැයි ඔවුන් විමසිය යුතුමය. උන්වහන්සේ ඉන්දීය භාෂාවකින් ධර්මය දෙසුවායැයි වැරදියට සිතුවොත් සියලු දහම් කරුණු අවුල් වෙනවාය. අනෙක නම් උන්වහන්සේ ත්‍රිපිටකයේ සඳහන් සෑම උපමාවක්, කතාවක්ම ගෙන තිබෙන්නේ මේ හෙළ දිවයිනේ පරිසරයෙන්ම බව වටහා නොගත්තොත් මොන තරම් දහම අවුල් සහගත වනවාදැයි විමසා බැලිය යුතු කරුණකි..

    අපි සරණ ගිය දහමේ නායකයා ගුරුවරයා ගැන, සොයන්නට එපා කියනවනම්, අප අදහන ආගමේ නායකයා ගුරුවරයා ගැන සොයන්නට එපා කියනවානම් මේ මොන විහිලු කතාවක්ද? කියා නුවණැත්තෝ විමසා බලත්වා...
    බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක් වන බව පැහැදිළිවම, එක හෙළාම සඳහන් කළ යුතුය. එය ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී වනු ඇත.
    බුද්ධාගම සහ බුද්ධ දර්ශණය යන දෙකෙහිම සංකළනය නිසා පෙර රජ දවස මේ රට ඉතාමත් සශ්‍රීක රටක් වුනා. ස්වයංපෝෂිත රටක් වුනා. සදාචාර සම්ම්පන්න රටක් වුනා.. ඉන් පසුව ක්‍රමයෙන් මේ රට අගාදයට ගියේ සොලී ඇතුලු අනෙකුත් විදේශ ආක්‍රමණත් සමගයි.
    විජාතිකවූ ඔවුණුයි මේ රට හා පිරිසිදු දහම විනාශ කරන්නට ප්‍රයත්න දැරුවෙ. ඔවුන් එහිදී අපේ ඉතිහාසයත් අන්තිමට වෙනස් කළා. එය ඔවුන්ට ඕනි විදියට ලිව්ව. ඉතින් ඔන්න ඔතන ඉඳල තමයි අපි එය නිවැරදි කළ ගත යුතු වන්නේ..
    ඉන් රටටත් ආගමටත් දහමටත් විසාල යහපතක් මිස කිසිම අවැඩක් වෙන්නෙ නෑ. (සමහර ව්යාපාරිකයින්ට හා වෙනත් රටවලට නම් එය ලොකු පාඩුවක් වෙන්න පුලුවන්)
    ඉතින් ඇයි අපිට ඔතන ලොකුම වැරැද්ද හදාගන්න අවශ්‍ය නෑ කියන්නේ.. අප නිවැරදි වෙන්නට අපි මොකටද කාටවත්ම බය වෙන්නේ?

    අප බුදු රජාණන්වහන්සේ මහියංගන, සමන්ගිර, කැළණිය, කල්පිටිය ආදී නොයෙක් තැන්වල හටගත් යුධ ප්‍රශ්න සමතයට පත් කොට සිරිපතුල් පිහිටුවා මේ දීපය ධර්මද්වීපය බවටම සනාථ කළ සේක. එදා සිටි ඒ සියලුම යක්ක, නාග, කුම්භණ්ඩ ආදී සීහළ නොවූ අනෙකුත් ජන කොටස්ද මෙය ධර්මද්වීපය බවටම පිළිගත්තාහ. ඔවුහු තමන්ගේ රජ අසුන් කැළණිය වැනි තැන්වලදී බුදුන්වහන්සේටම පැවරූහ. ඔවුන් බුද්ධ සිරිපතුල් වන්ඳනා කොට බුද්ධ අණට ගරු කළාහ.
    අද සිටින බොහෝ අය මේ සියල්ලම අවුල් කරගෙන ඇත්තේ ඉතිහාසය හරියට නොදන්නා කමත් එය වැරදියට අල්ලාගෙන සිටින නිසාත්මය. එසේනම් අප කවුරුත්ම අපගේ නායකවු, ගුරුන්වූ, රජුන්වූ, මහාමුණි නරසීහයාණන් වහන්සේගේ සත්‍යවූ ඉතිහාස කතාව නිවැරදිව දැන හැඳින ගත යුතුමය. එය සියලුම සිහළ ජාතිකයින් සහ සිහළ බෞද්ධයන් විසින් විෂේශයෙන්ම උගෙන දැන නිවැරදි කර ගත යුතුමයි. එය සිහළ බෞද්ධයන් වගකීමක්මයි. අපගේ ගුරු බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ඉතිහාස කතාවවත් හරියට නොදනීනම් කුමක්ද ඒ බෞද්ධකම කියා සිතිය අප යුතුයි..

    හෙල ඉතිහාසය බොහෝ දෙනෙක් හරියට නොදන්නා කම නිසයි අද වන විට මේ රට මෙතරම් අගාධයකට වැටිල තියෙන්නේ. අපි අල්ලාගෙන ඉන්නෙ ඉන්දියානුවන්ටයි, ජර්මන් ජාතිකයින්ටයි ඕනි විදියට ලියපු ඉතිහාසෙ කියල ගොඩක් අය දන්නෙ නෑ. මහා සම්මත, රාවණා, සුද්ධෝදන පරපුරෙන් එන උතුම් ශ්‍රේෂ්ඨ ජාතියක් කියල එයාල දන්නෙ නෑ. සත්‍ය වසා ‘උඹල සින්හයෙකුට දාව උපන් පහත් ජාතියක්’ විදියට අපව හංවඩු ගැහුවේ කවුද? ඒ වැරැද්දයි අප නිවැරදි කර ගන්නට ඕනි.. එහෙනම් විජය කුවේණි ඉතිහාසයට කොටු වෙලා බෑ අපට ඉදිරි ගමනක් යන්නට කියල කවුරුත් තේරුම් ගත යුතුයි.
    සිංහළ රටේ ප්‍රෞඩ හෙළ ඉතිහාසය නොදන්න, සිංහළ රට ගැන අභිමාණයක් නැති, සිංහළ රටට ද්වේෂ කරන, පරගැති වහල් මානසිකත්වයක් ඇති මිනිසුන් සිටින තාක් මේ රට නැවත ඉදිරියට ගන්නට නම් නොහැකි බව වටහා ගත යුතුයි. අපේ බිඳපු කොඳු නාරටි වලට නිසි ප්‍රතිකාර කරගෙන නැවතත් කොන්ද සෘජුව තබා ගත යුතුයි..
    මේ සත්‍ය හෙළි කිරීමට ප්‍රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි.
    එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්‍රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්‍ය සැඟවිය යුතුද?
    එමෙන්ම අනෙක් පිරිස නම් සිංහල නොවන ජාතීන් හා ඉංදියානුවන්ය.
    (ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වේ යැයි ඇතිවන බය නිසාත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන විදේශ විනිමය මහා ආදායම අහිමි වන නිසාත්ය)
    එනිසා ඔවුන් මේ සත්‍ය වහන්නට නොයෙකුත් යටි උපක්‍රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත.
    දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් විශාල මුදලක් යොදවා යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. දැනටත් ඔවුන් මහත් කැපවීමකින් චිත්‍රපට, ටෙලිනාට්‍ය වැනි මාධ්‍යන් හරහාද කිසියම් වැඩ කොටසක් කරගෙන යන අයුරු පෙනෙන්නට ඇත.. සත්ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු වන්නේද?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    දහම් යැයි අනුන් මුළාවට පත්වන හිතලු දෙසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1827788

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    26047359_161896307914419_8463987653017982713_n.jpg

    බුදුහිමි හෙලබිමේ විසූ බවට සාක්ශි සපයන මෙවැනි සෙල්ලිපි සියදහස් ගනනක් හෙළබිම පුරා විසිරී ඇත.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ යටගිය ඉතිහාසය

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Fatalidade Historica da Ilha de Ceilão

    මේ තියෙන්නේ 1600 ගණන්වල ලංකාවට ආපු පෘතුගීසි කපිතාන් රිබෙයිරෝ එයාගේ Fatalidade Historica da Ilha de Ceilão (සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය, කැලිස්ටස් නානායක්කාර) කියන පොතේ 55 වැනි පිටුවේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරලා තියෙන ආකාරය.

    XHH7Ncc.png

    https://books.google.lk/books?id=0kW3t1X1pAwC

    ඔවුන්ගේ (සිංහලයන්ගේ)
    ජනශ්‍රැතියට අනුව මේ "බුදු" බොහෝ කලක් සිලෝන්හි වාසය කරමින් ඉතාම ශුද්ධ වූ (සහ පසුතැවෙන) ජීවිතයක් ගත කර ඇත. ඔවුන් තමන් භාවිතා කරන වර්ෂ (බුද්ධ වර්ෂ) ආරම්භ කරන්නේ ඔහු (බුදු) ඔවුන් සමග වාසය කළ වකවානුවෙනි.

    ලංකාවේ ප්‍රසිද්ධ ඉතිහාසයට අනුව නම් බුදුරදුන් ලංකාවට තුන්වරක් අහසින් වැඩම කරලා තිබුනත් දින කිහිපයකින් නැවතත් අහසින් ඉන්දියාවට වඩිනවා. එත් 1600 ගණන් වල සිංහලයෝ විශ්වාස කරපු විදිහට බුදු හාමුදුරුවෝ සිංහලයන් සමග දීර්ඝ කාලයක් ජීවත් වෙලා තියෙනවා. අනිත් එක බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන ඉන්දියාවේ කිසි දිනෙක බුද්ධ වර්ෂ භාවිතා කර ඇති බවට ඓතිහාසික සාධකයක් නැහැ. ඒ කාලේ ඉඳන් අදටත් බුද්ධ වර්ෂ භාවිත වෙන්නේ ලංකාව, බුරුමය, තායිලන්තය වගේ රටවල.

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Ceylon and the Cingalese by Henry Sirr

    හෙන්රි සර් විසින් 1850 දී ප්‍රකාශයට පත් කළ Ceylon and the Cingalese පොතේ කොළඹට සැතපුම් 57 ක් නැගෙනහිරින් ඇති දඹදිව ගැන සඳහන්.

    sZ0xzde.png

    https://goo.gl/QdZXXA

    මේ කරුණ මේ සිතියම එක්ක හොඳින් ගැලපෙනවා.

    Fps1ZJs.jpg

    අවාසනාවකට එය පරිවර්තනය කළ ප්‍රේමචන්ද්‍ර අල්විස් නමැති මහතාට අකුරු නොපෙනීමේ දෝෂයක් තිබිල තියෙනවා.

    Bj7eqBO.jpg

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ තියෙන්නේ 1600 ගණන්වල ලංකාවට ආපු පෘතුගීසි කපිතාන් රිබෙයිරෝ එයාගේ Fatalidade Historica da Ilha de Ceilão (සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය, කැලිස්ටස් නානායක්කාර) කියන පොතේ 55 වැනි පිටුවේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරලා තියෙන ආකාරය.

    XHH7Ncc.png

    https://books.google.lk/books?id=0kW3t1X1pAwC

    ඔවුන්ගේ (සිංහලයන්ගේ)
    ජනශ්‍රැතියට අනුව මේ "බුදු" බොහෝ කලක් සිලෝන්හි වාසය කරමින් ඉතාම ශුද්ධ වූ (සහ පසුතැවෙන) ජීවිතයක් ගත කර ඇත. ඔවුන් තමන් භාවිතා කරන වර්ෂ (බුද්ධ වර්ෂ) ආරම්භ කරන්නේ ඔහු (බුදු) ඔවුන් සමග වාසය කළ වකවානුවෙනි.

    ලංකාවේ ප්‍රසිද්ධ ඉතිහාසයට අනුව නම් බුදුරදුන් ලංකාවට තුන්වරක් අහසින් වැඩම කරලා තිබුනත් දින කිහිපයකින් නැවතත් අහසින් ඉන්දියාවට වඩිනවා. එත් 1600 ගණන් වල සිංහලයෝ විශ්වාස කරපු විදිහට බුදු හාමුදුරුවෝ සිංහලයන් සමග දීර්ඝ කාලයක් ජීවත් වෙලා තියෙනවා. අනිත් එක බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන ඉන්දියාවේ කිසි දිනෙක බුද්ධ වර්ෂ භාවිතා කර ඇති බවට ඓතිහාසික සාධකයක් නැහැ. ඒ කාලේ ඉඳන් අදටත් බුද්ධ වර්ෂ භාවිත වෙන්නේ ලංකාව, බුරුමය, තායිලන්තය වගේ රටවල.

    :lol::lol::lol::lol:
    giphy.gif
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවි ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අපිට ඇති වැඩේ මොකක්ද බං ?
    වැඩක් නැති උන් ඉදපන් පැත්තක. වඩක් ඇති උන් එයි මේ ත්‍රෙඩ් එකට.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය
    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png

    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png

    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png

    බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png

    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    G8v1cbm.jpg

    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png

    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    g1Pv7W4.jpg

    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    gVgsOrs.png

    from
    https://www.youtube.com/watch?v=seL2n4-MjBU
    හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
    https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජයරත්න පතිරආරච්චි මහත්මයට අකමැති අයට මහාචාර්ය සෙනරත් පරණවිතාන ලියපු Inscriptions of Ceylon පොත් හොයාගෙන බලන්න පුළුවන්. මේ සෙල්ලිපි ගැන විස්තර මේ විදිහටම ඒ පොත්වල ඇති.