ඔබ පැත්තක් තෝරා ගන්නා තුරු ඔවුන් ඔබට ලේබල් ගසාවි. ඔබ ඔවුන්ගේ පැත්තේ නොවන තුරාවට ඔවුන් ඔබට ලේබල් ගසාවි.
අලුත් පාරක යන මිනිසුන් ඔවුනට නුහුරු ය. එසේ කළ උන් කෙසේ හෝ හංවඩු ගසා පැත්තකට අඩුක් කිරීම ඔවුනට වාසි සහගත ය. විටෙක එකක් කියන්නෝ විටෙක තවෙකක් කියති.
ඔවුන්ගේ දේශපාලන කියැවීමේ ලොකුම පිම්ම පැත්තක් තෝරා ගෙන පිම්මක් පැනීම ය. කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ඔවුන්ගේ ලෝකයේ දේශපාලන අරමුණයි. ඉන් වාසියක් ලාභයක් ලැබීම ඔවුන් දේශපාලන ගේ කියැවීමයි. මේ ඔවුන් දැක ඇති දේශපාලනයයි.
වාසි හා ලාභ නොලබා, පාර්ලිමේන්තුවේ යෑම නොයෑම අභිබවා, රට හදන පාරක යෑමක් ගැන ඔවුන් නොදනිති. ඒ ඔවුන් ගේ චින්තනයේ සීමාවයි. ඔවුන්ගේ චින්තනයේ සීමාවේ මා කොටු කිරීමට තරම් ඔවුන් ගේ චින්තනය පුළුල් නොවන බව පසක් කිරීමට මට අපහසු නැත. අප මෙතෙක් ආ වසර 5 ක කාලය පුරා හැරී බලන්නෙකුට එය පෙනෙවී. එසේ නැතහොත් එයට කාලයක් ගතවේවි. එතෙක් ඔවුන්ගේ ලේබල් දෙස දෙගිඩියාවෙන් බලා සිටින්න.
එකිනෙකා ඔවුන්ගේ චින්තනයේ සිට මා කියවා ගැනීමට දරණ උත්සහයන් මා අගේ කරමි. ඉන් මා ඔවුන්ගේ කුලෑටි චින්තනය කියවා ගනිමි. ඔවුන්ට බොහෝම ස්තුතියි!
පැතුම් කර්නර්