ඔබට කල පවු නිතරම මතක් වෙනවද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ පිඬු සිඟා යැපෙන දෙයකින් යැපුණ ත්, කඩමාළු රෙදිවලින් මසාගත් දෙය පෙරෙව්ව ත්, ඔහු සතර ධර්මයකින් සමන්විත වූයේ ය. එනිසාවෙන් ඔහු නිරයෙන් මිදුණේ ය. තිරිසන් යෝනියෙන් මිදුණේ ය. ප්‍රේත විෂයෙන් මිදුණේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.

    ඒ කවර සතර ධර්මයකින් ද යත්; මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

    ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. එය මේ ජීවිතයේදී ම තමා විසින් දැක්ක යුතුය. කල් නොයවා ඵල දෙයි. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි.

    සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඥායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. පුරුෂ යුගල සතරකින් ද, පුරුෂ පුද්ගල අට කෙනෙකුගෙන් ද යුතු වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි.

    ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නොකැඩුණු, සිදුරු නැති, පැල්ලම් නැති, කැලැල් නැති, තෘෂ්ණා දාස භාවයෙන් මිදුණු, නුවණැත්තන් විසින් පසසන ලද, බාහිර දෘෂ්ටීන්ට ගැති නොවූ, සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙයි.
    මේ සතර ධර්මයන්ගෙන් සමන්විත වෙයි.

    ~ රාජ සූත්‍රය ~
    https://mahamevnawa.lk/sutta/sn5_11-1-1/
    https://tipitaka.lk/sn-5-11-1-1
     
    • Like
    Reactions: NRTG and asliyanage