ඔබට මතක නෑ මට අමතක නෑ!

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ඔබට මතක නෑ මට අමතක නෑ!

    පින්වත් ප්‍රභාකරන්
    ================

    පින්වත් ප්‍රභාකරන් දේව දරුව, ඔබට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    ලංකාවට පිළිලයක් බඳු වු ලක්‍ෂ්මන් කදිරගාමර්, නීලන් තිරුචෙල්වම්, අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්, ඇල්ෆරඩ් දොරෙයි අප්පා, මයිල්වාගනම් කනගරත්නම් වැනි නූගතුන් මෙලොවින් තුරන් කළ ඔබ වැනි වීරයෙකුට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, කැලැන්සි ප්‍රනාන්දු, පාරමී කුලතුංග, ජානක පෙරේරා, ආනන්ද හමන්ගොඩ, ලකී විජේරත්න, ලැරී විජේරත්න, ලක්‍ෂ්මන් අල්ගම, තුවාන් නිසාම් මුතාලිෆ්, පර්සි ප්‍රනාන්දු, ශිරන්ත ගුණතිලක වැනි දරුණු ත්‍රස්තවාදීන් මෙලොවින් අතුගා දැමූ ඔබට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    දිඹුලාගල හිමි (කිතලගම ශ්‍රී සිලාලංකාර), හෑගොඩ ඉන්ද්‍රසාර හිමි, සිව ශ්‍රී කුන්ගරාජා කුරක්කල්, සෙල්ලයියා පරමේස්වරන් කුරක්කල් යන දුසිල්වතුන් සහ ශ්‍රී මහා බෝධිය අසල සිටි දුසිල්වත් භික්ෂූන් සමූල ඝාතනය කර මේ දේශය පිරිසිදු කිරීමට දායක වු ඔබ වැනි සිල්වතෙකුට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    රජීව් ගාන්ධි, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රන්ජන් විඡේරත්න, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, සී.වී ගුණරත්න, ගාමිණී ප්‍රේමචන්ද්‍ර, ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලිමාරච්චි වැනි අකෘතහස්ත දේශපාලනඥයින් මනුලෝ තලයෙන් දුරුකර දැමූ ඔබ වැනි මහතෙකුට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    රාජිනී තිරාණගම, සෙල්වි ත්‍යාගරාජා, කේතේෂ් ලෝගනාදන්, අයියර් බලනඩරාජා, රෙලන්ගි සෙල්වරාජා වැනි කුහක ජනමාධ්‍යවේදීන් එලොව යැවු ඔබ වැනි පරහිතකාමීයෙකුට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    දෙහිවල, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, මහ බැංකුව, කොටුව, කටුනායක ගුවන් තොටුපල , ආයුර්වේද හන්දිය, කොලොන්නාව තෙල් පිරිපහදුව, පිළියන්දල වැනි ස්ථාන වල බෝම්බ පුපුරවා මෙරට ආර්ථිකය යහමග ගැනීමට දායක වු ඔබ වැනි විද්වතෙකුට ත්‍රස්තවාදියා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    පල්ලියගොඩැල්ල , අරන්තලාව, කාතන්කුඩි, දිගම්පතන, කැබිතිගොල්ලෑව, ගෝනගල, කල්ලරාව, ඔක්කම්පිටිය, කෝකිලායි, ගෝමරන්කඩවල වැනි ස්ථාන වල මෙරටට අවැඩදායි මිනිසුන් සමූලඝාතනය කළ ඔබ වැනි ශ්‍රේෂ්ඨයෙකුට ත්‍රස්‌තවාදීයා යැයි අමතන නොමිනිසුන් සිටිනා මෙවැනි දේශයක නැවත බිහි නොවන්න.

    මේ ඔබ කළ සේවයෙන් බිඳක් පමණි.

    පින්වත් ප්‍රභාකරන් මහතාණෙනි , ඔබ අපේම එකෙකි, අපේම සගයෙකි, අපේම මිතුරෙකි, අපේම ලේ නෑයෙකි, එක මවගේ පුතෙකි. ඔබ අපට රජෙකි.

    ===============================

    පිටපත: Sonala Gunawardana
     
    Last edited: