ඔබට ලියමි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හති දමමින් උදේ හවා ඇවිදිනවා...
    අව්වේ රස්නයට සිරුරම පිච්චෙනවා...
    ගෙදර එන්න හැමදාමත් හිත දෙනවා...
    ඔයා මැවූ ආදරෙ සිහියට එනවා......

    තාර උනු කරන දහවල රස්නයට.....
    යාර දෙකක් වත් බෑ මෙහි ඇවිදින්ට....
    දූලි කුනාටුව තිස්සෙම එන කලට.....
    දාලා එන්නමයි හිත ආපසු සිරිලකට.....

    වැඩ කරලා මහන්සි වී ඇලවෙනවා.....
    පැය දෙක තුනෙන් ඔරලෝසුව නද දෙනවා...
    දවසේ වැඩ මතක් වී හිස කකියනවා....
    ඔයා නිසා තවමත් මම ඉවසනවා....

    දාඩිය මුගුරු දාගෙන වැඩ කරලා එමී....
    දුරකථනයෙන් දොඩමලුවී බලා ඉමී...
    ආදර වදන් වැල් දිගටම කියා යමී...
    ජීවිත කෙන්ද යලි පණ එන හඩ අසමී...

    තව ටික කලයි මං එන්නං මෙහි ඉදලා....
    ජීවිත අපේ සතුටින් පුරවමු කියලා.....
    කාසි ගොඩක් ඇත සුරැකිව ඉතිරි වෙලා...
    එක් වෙන්නට පතමු බක්මහ සිරි බලලා.....

    රූබර කුල කුමරි මා පෙම් බැන්ද එදා.....
    අමතක නොවේ මොහොතක වත් ඔබව සුදා...
    වියලුනු කතරෙ ආදර හිත ඔබට පුදා....
    සිහිලැල් පවන් දහරක් වනු මැනවි සදා....
    9.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක එලකිරි එකේ සමහර කට්ටියගේම ජීවන අත්දැකීම් වෙන්න ඇති.
    වැඩ කරලා දවසම අවසානේ සුබ සිහින දකින සැමටම මෙය උපහාරයක්ම වේවා !!