ඔබට හිමි අහිමි විවාහය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔබට හිමි අහිමි විවාහය

    සාධාරණ විග්‍රහයක් නිසා පළකලෙමි......

    පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔහුට හෝ ඇයට විවාහයක්‌ හිමිද? හා ඒ ආශ්‍රිත වූ ප්‍රශ්න කිහිපයක්‌ පිළිබඳව අද මෙම විශේෂාංගය තුළින් සාකච්ඡා කෙරේ.

    මේ ප්‍රශ්නයට සරල පිළිතුරක්‌ දීම අමාරුයි. හේතුව කෙනෙකුට විවාහයක්‌ තිබේය යි කියතොත් එයට හේතු රාශියක්‌ම දක්‌වන්න වෙයි. කෙනෙකුට විවාහයක්‌ නැතැයි කියන්නත් හේතු සාධක පෙන්විය යුතුයි. ජ්‍යොතිෂයේ දී හේතුවක්‌ දක්‌වන්නේ නැතිව කිසිම ප්‍රකාශයක්‌ කිරීම වැරදියි. නිදසුනක්‌ දක්‌වතොත් "හෙට වහිනව" යි කියනවා නම් හිස්‌ අහස දෙස පමණක්‌ බලා එසේ කීම වැරදියි. වහින බවට ජ්‍යොතිෂමය සිද්ධාන්ත ඉදිරිපත් කළ යුතුයි. ඒ වනවිට චන්ද්‍රයා ජල රාශියක ගමන් කරන්නේ නම් ජල රාශිවල තේජො ග්‍රහයන් තොර නම්, ජල රාශිත් අධිපති ග්‍රහයන් සඳුට දෘෂ්ටි හෙළයි නම් වැස්‌සකට හේතු දැක්‌වෙන බව පසක්‌ කොට ඒ අනාවැකිය කිව යුතුයි. බොහෝ රූපවාහිනී නාලිකා මගින් යම් යම් දේශපාලන අනාවැකි කියන අය එයට හේතු සාධක නොදක්‌වා කටට ආ පලියට එබඳු ප්‍රකාශ කරන බවක්‌ පෙනෙනවා. එසේ කිරීම කණා ගල් ගහනවා වගේ වැඩක්‌. එකක්‌ දෙකක්‌ වැදෙන්න පුළුවන්. එසේ වූ විට මගේ අනාවැකිය හරියෑයි රටටම කියපාමින් අනියම් ප්‍රසිද්ධියක්‌ අපේක්‍ෂා කරනවා. ඇමෙරිකාවේ මහා ඡන්දය පවතද්දී අපේ ගෙදර අපට උපකාර කළ (මළ පොතේ අකුරක්‌වත් නොදන්නා) කුස්‌සි අම්මාත් මේ පාර ඔබාමායි දිනනවා අපට කිව්වා. ඇගේ අනාවැකිය හරිගියා. සිද්ධාන්තවලින් තොරව අනාවැකි කීම එවැනි නිෂ්ප්‍රලාපයක්‌ පමණයි.

    එහෙත් ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය හොඳින් ප්‍රගුණ කළ කෙනකුට කෙනෙකුගේ විවාහ දිවිය පිළිබඳව සහ එහි ඇතිවන තත්ත්වයන් පිළිබඳව ගැඹුරට කියන්න පුළුවනි.

    එය කියන්නේ මෙසේයි.

    "විවාහයක්‌ ගැන පෙන්නුම් කරන ග්‍රහයන් කිහිප දෙනකු හා රාශි කිහිපයක්‌ම තියෙනවා. පුත්‍ර කාරක කියා ග්‍රහයෙකුත් ඉන්නවා. ඒ බ්‍රහස්‌පති. පුත්‍ර රාශියකුත් තියෙනවා. ඒ පස්‌වැන්න, ඒ පුත්‍ර කාරක ග්‍රහයාට අසුබ ග්‍රහ දෘෂ්ටි, සහ අසුබ ග්‍රහ යෝගත් වෙතොත් එයින් පෙන්වන්නේ දරුඵල නැති බවයි. ජ්‍යොතිෂයේ දී එය සර්ප ශාප යෝගය නමින් හැඳින්වෙනවා.

    දරුවන් නැති විවාහකයන්ද සිටින නිසා එපමණකින් විවාහයක්‌ නැතැයි කීම වැරදියි. එතැනින් පෙනෙන්නේ දරු ඵල නැති බව පමණයි. එවැනි තත්ත්වයක්‌ තිබෙන විට ඔහුට හෝ ඇයට විවාහයක්‌ වේදැයි ඊළඟට බැලිය යුතුයි. ඒ සඳහා විවාහය පිළිබඳව වගකීම උසුලන සිකුරුගේ පිහිටීම කෙබඳුදැයි බැලිය යුතුයි. එසේම විවාහ රාශිය වන 7 වැන්නේ සිටින ග්‍රහයා, හත්වැන්න දකින ග්‍රහයා, හත්වැන්න අධිපති ග්‍රහයා, විවාහ රාශියේ සිටින පාප සහ සුබ ග්‍රහයා. විවාහ කාරක සිකුරු සිටින නැකත හා නැකත් යන මේ සියල්ල කෙරෙහි තීක්‍ෂණ අවධානයක්‌ යෙදිය යුතුයි. ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකුට ඒ තත්ත්වය විනාඩි දෙක තුනකින් තේරුම් ගත හැකියි.

    විවාහයට තුඩුදෙන තවත් බාහිර හේතුන්ද වේ.

    බිරිඳක පෝෂණය කිරීමට තරම් පොහොසත් ආර්ථික ශක්‌තියක්‌ නැති කෙනකුට විවාහ යෝග වෙතත් ඔහු විවාහයට උනන්දු නැති විය හැකිය. තවත් කෙනකුගේ ශාරීරික දුබලකමක්‌ නිසා විවාහය ප්‍රතික්‍ෂේප කරනවා විය හැකිය. කලාතුරකින් කෙනකුට පැවිදි යෝග වෙතොත් ඔහුද විවාහය ප්‍රතික්‍ෂේප කරයි. විවාහ වුණත් මා පියන් රැක බලා ගැනීමට අවහිර වෙතැයි සිතන අයත් විවාහ නොවී සිටින අවස්‌ථා තිබේ. ඒ අනුව කෙනකුට විවාහයක්‌ හිමි දැයි නිගමනය කිරීම දස අතම බලා කිව යුතු කරුණකි. මෙතැනදී විවාහ නොවන අයත් ලිංගික පහස නොඅඩුව ලබන අවස්‌ථා ඇත, දක්‍ෂ ජ්‍යොතිෂවේදියා ඒ හැම පැත්තම බලා එම හේතුවද ඉදිරිපත් කර විවාහය ගැන කියයි.

    විවාහ වුණත් ඒ විවාහය අසාර්ථක වන හේතුන් ද විය හැකියි. මෙතැනදී එම හේතු නොකියා මග හැරීම නොකළ යුතුයි. ඒ නිසා විවාහයට අහිතකර ග්‍රහ පිහිටීම් ද කීපයක්‌ ගැන සඳහන් කළ යුතුය.

    ජන්ම කේන්ද්‍රයේ ඇතැම් ග්‍රහ පිහිටීම් විවාහය බිඳ දමන පිහිටීම්ය. එබඳු පිහිටීම් කිහිපයක්‌ මෙසේය. භෞම දොaෂය හෙවත් අඟහරුගේ පිහිටීම් විවාහයට බාධා මතුකරවයි. භෞම දොaෂ යනු අඟහරු ග්‍රහයා කේන්ද්‍රයේ 1, 2, 4, 7, 8, 12 යන රාශියක වීමයි. දෙදෙනාගේම කේන්ද්‍ර දෙකේ මෙම කුජගේ පිහිටීම කොතැනක හෝ ඒ අයුරින් වෙතොත් එම දොaෂය බිඳෙයි.

    විවාහයට බාධා කරන තවත් ග්‍රහ යෝගයක්‌ වේ. ඒ ශනි කුජ දෙදෙනාගේ යෝග වීමය. එය ශනි මංගල යෝගය යන නමින් හැඳින්වේ. මංගල යනු කුජ ග්‍රහයාට නමකි. එම ග්‍රහ පිහිටීමත් කේන්ද්‍ර දෙකේම වෙතොත් ඒ දොaෂයත් බිඳේ. සඳු කුජ යෝගයද (චන්ද්‍රමංගල යෝගය) විවාහයට අහිතකර යෑයි සැලකෙන්නේ එම ග්‍රහ පිහිටීම වූ විට විවාහය පෙරදැරිව මවගේ සිත රිදවීමක්‌ විය හැකි නිසයි.

    කඩහන්දි යෝගය යනුවෙන් තවත් විවාහ දොaෂයක්‌ වේ. එයින් අදහස්‌ කරන්නේ අඹු-සැමි දෙදෙනාටම එකම වර්ෂයක්‌ තුළ එකම දශාවක්‌ ගෙවී යැම නිසා අත්වන අර්බුදකාරී තත්ත්වයයි.

    එසේම නාශාංශක දොaෂය නමින් තවත් දොaෂයක්‌ වේ. උපතේදී ගුරු ග්‍රහයා එම ගුරුට අයත් (පුනාවස, විසා. පුවපුටුප) යන නැකැතක පළමු පාදයේ වෙතොත් එය නාශාංශක දොaෂයයි. එසේම සෙනසුරු ග්‍රහයා එම ශනිට අයත් (පුෂ, අහුර, උත්‍රපුටුප) යන නැකත දෙවැනි පාදයේ වීමත් නාශාංශක දොaෂය. එසේම සිකුරු ග්‍රහයා එම සිකුරුට අයත් (බෙරණ, පුවපල්, අවසල) යන නැකතක 3 වැනි පාදයේ වීමත් ඊළඟට රවි ග්‍රහයා ඔහුට අයත් නැති, උත්‍රපල, උත්‍රසල යන නැකතක වීමත් විවාහයට අහිතකරය.

    එම කරුණු පහ විවාහයකට අහිතකර දොaෂය. එයට අමතරව තවත් විවාහ දොaෂ ගණනාවකි.

    කේන්ද්‍රයේ 7 අධිපති 8 සිටීම, 7 අධිපති 6 සිටීම, 7 අධිපති 12 සිටීම, 7 අධිපති 8 අධිපති සමඟ සිටීම, 7 අධිපති නීච ග්‍රහයකු සමඟ වීම, 7 අධිපති පාප ග්‍රහයකු සමඟ වීම, හත්වන රාශිය දෙපස පාප ග්‍රහයන් දෙදෙනකු වීම (මෙය ජ්‍යොතිෂයේදී පාප කර්නරි වීම වශයෙන් සැලකේ) හත්වැන්නේ සඳු නීචව සිටීම හත්වැන්නේ සඳු-රාහු යෝගව සිටීම, හත අධිපති හෝ විවාහ කාරක සිකුරු සඳුගෙන් 12 වැන්නේ වීම, හත අධිපති තවත් පාප ග්‍රහයකු සමඟ පරිවර්තනය වී සිටීම, හත අධිපති 22 වැනි දෙකර්ණාධිපති වීම හෝ 22 වැනි දෙකර්ණාධිපති සමඟ යෝගව සිටීම, හත අධිපති බාධක ග්‍රහයා වීම, බාධක රාශි ගතව සිටීම, විවාහ කාරක සිකුරු අට අධිපති සමඟ වීම, විවාහ කාරක සිකුරු නීචව සිටීම, සිකුරු ග්‍රහයාට පාප දෘෂ්ඨි වීම ආදියයි.

    මේ අයුරින් විවාහයට බාධා විය හැකි ග්‍රහ පිහිටීම අප්‍රමාණය.

    මෙසේ බලන විට මෙම සඳහන් කළ දොaෂ නැති කේන්ද්‍රයක්‌ සොයාගැනීම අපහසු සේ පෙනේ. ඒ අනුව වැඩි දෙනකුට විවාහ විය නොහැකි බවක්‌ පෙනේ.

    එයට සාර්ථක පිළිතුර නම් දික්‌කසාද උසාවිය දෙස බලන්න. විවාහ වූ අයගේ දික්‌කසාද වීම් කොපමණද? නීතියෙන් වෙන් නොවී දෙදෙනා අතර කිසිදු සබඳකමක්‌ නොමැතිව එකම වහලක්‌ යට ජීවත්වන අය මේ රටේ කොපමණ වෙත්ද?

    පිරිමි පක්‍ෂයේ වැඩි දෙනෙක්‌ මත්පැනට ඇබ්බැහි වී සිටින බව පැහැදිලිය. ඔවුන් සමඟ දීග යන කාන්තාවෝ කොතෙක්‌ද? එසේම සූදුවට, ගණිකා නිවාස කරා යැමට, අනුන්ගේ බිරියන් ඇසුරු කිරීමට පෙළඹෙන විවාහකයෝ කොපමණ වෙත්ද?

    යම් කෙනකුට බහු විවාහ යෝගයක්‌ වේදැයි ද ජන්ම කේන්ද්‍රය ඇසුරින් කිව හැකිය. ඕනෑම කේන්ද්‍රයක යම් රාශියක්‌ කෙරෙන් 8 වැන්න යට කී රාශිය දූෂණය කිරීමකි. අප කතා කරන්නේ විවාහය ගැන නම් 7 වැන්න විවාහ රාශියයි. එතැනින් 8 වැන්න වූ දෙවැන්නේ ගුරු-සිකුරු වැනි ග්‍රහයෙක්‌ වෙතොත් එය බහු විවාහ යෝගයකි. විවාහයකට පොරොන්දම් ගැලපීමට පළමු එබඳු ග්‍රහ තත්ත්වයක්‌ වේදැයි විමසා බැලීමට ජ්‍යොතිෂවේදියා සමත් විය යුතුය.

    පොරොන්දම් බැලීමට පළමු, එනම් විවාහ ගැලපීමට අෂ්ට කූටය වැනි දේ පරීක්‍ෂා කර බැලීමට පළමු විවාහ අපේක්‍ෂකයාට බන්ධනාගාරගත වීම් වේද? පිළිකා වැනි රෝග වේද? උමතු මානසික දුර්වලකම් වේද? යනු සොයා බැලිය යුතුයි. ඒ සඳහා ජ්‍යොතිෂය සමඟම මහලු වූ කෙනෙකු කේන්ද්‍ර ගලපාන ජ්‍යොතිෂ වේදියකුව සිටිය යුතුය. යට සඳහන් කළ ග්‍රහ තත්ත්වයට තෙම්පරාදු ජ්‍යොතිෂවේදියකුට හසු නොවේ. ජ්‍යොතිෂ දැනුමක්‌ නොමැතිව කොම්පියුටරය පමණක්‌ භාවිත කර කේන්ද්‍ර බලන ආයතන මේ රටේ කොතෙකුත් තිබේ. ඒ අයට දොස්‌ කිව නොහැකියි. විවෘත ආර්ථික රටාව යටතේ ජීවත්වීම අරගලයක්‌ව ඇති සමාජයක ජ්‍යොතිෂ කපටියෝද වෙති. යමෙකුට අස්‌ථාන මාරක බියක්‌ ඇතිකර රුපියල් අසූදාහක්‌ පමණ අයකර සතියකින් යන්ත්‍රයක්‌ බැඳදෙන අයත් වෙති. යන්ත්‍ර විද්‍යාව ගැඹුරු බලවත් එකකි. එය නිවැරදිව කළ යුතුය. ඇතැම් යන්ත්‍රයක්‌ දහනම දහස්‌ (19,000) වාර ගණනක්‌ ජප කළ යුතුය. සතියකින් හමාරකින් එය කළ හැකිද? යන්න සිහි නුවණින් සිතා බැලිය යුතුයි.

    පියසේන රතුවිතානගේ විග්‍රහය
    සැකසුම - දීප්ති ප්‍රමිතා අධිකාරි
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    කේන්ද්‍රයේ 7 අධිපති 8 සිටීම, 7 අධිපති 6 සිටීම, 7 අධිපති 12 සිටීම, 7 අධිපති 8 අධිපති සමඟ සිටීම, 7 අධිපති නීච ග්‍රහයකු සමඟ වීම, 7 අධිපති පාප ග්‍රහයකු සමඟ වීම, හත්වන රාශිය දෙපස පාප ග්‍රහයන් දෙදෙනකු වීම

    me tika danna kenek pahadili karanawada?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඕක නම් බේසික් කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. බලමුකො මෙහෙම කියලා.. ඔයාගේ හඳහනේ කොටු 12යි, ඒ කොටු රවි,සඳු,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි කියන ග්‍රහයන්ට අයිතියි. එතකොට ඔයාගේ හඳහනේ 7 කොටුව අයිති ග්‍රහයා එහෙමත් නැත්තන් හත්වැන්නධිපතියා අට වෙනුකොටුවේ ඉන්න එක තමයි මුලින් කියලා තියෙන්නේ. ඒ ග්‍රහයන් උච්ච නීච වෙන විදිහ මම ලිපියක දැම්මා මම හිතන්නේ ඒක බැලුවොත් ඔයාට පැහැදිලි වෙයි..
    බ්ලොග් ලින්ක් එක දෙන්නම් අරක හොයන්න අමාරුයි
    http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_3450.html
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16678983 said:
    අප්පා කාලෙකින් තෝ මෙහෙමවත් එකක් දැම්ම එක හොඳා..:) රත්තගේ ඒවා වගේම උඹත් අලුතින් ලියපන්.. :growl:
    rep+++

    මගේ මේන් මෙතඩ් එක අෂ්ඨක වර්ගය.සාමාන්‍ය මිනිහෙකුට අෂ්ඨකවර්ගය ගැන ලිව්වයි කියල කාටද බන් තෙරෙන්නේ.එලකිරියේ අෂ්ඨක වර්ගය ත්‍රෙඩ් දානව කියන්නේ මුන්ට අණ්ඩර දෙමල වගේ වෙයි.කවුද ඕවා කියවන්නේ?:rofl:
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16679089 said:
    ඕක නම් බේසික් කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. බලමුකො මෙහෙම කියලා.. ඔයාගේ හඳහනේ කොටු 12යි, ඒ කොටු රවි,සඳු,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි කියන ග්‍රහයන්ට අයිතියි. එතකොට ඔයාගේ හඳහනේ 7 කොටුව අයිති ග්‍රහයා එහෙමත් නැත්තන් හත්වැන්නධිපතියා අට වෙනුකොටුවේ ඉන්න එක තමයි මුලින් කියලා තියෙන්නේ. ඒ ග්‍රහයන් උච්ච නීච වෙන විදිහ මම ලිපියක දැම්මා මම හිතන්නේ ඒක බැලුවොත් ඔයාට පැහැදිලි වෙයි..
    බ්ලොග් ලින්ක් එක දෙන්නම් අරක හොයන්න අමාරුයි
    http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_3450.html

    tx saho :)
     
    obathumage blog eke tibba 7 wennadhipathin gana

    හත්වැන්නාධිපතීන්
    ලග්නය 7 අධිපති
    මේෂ - සිකුරු
    වෘෂභ - කුජ
    මිතුන - ගුරු
    කටක - ශනි
    සිංහ - ශනි
    කන්‍යා - ගුරු
    තුලා - කුජ
    වෘෂ්චික - සිකුරු
    ධනු - බුධ
    මකර - සඳු
    කුම්බ - රවි
    මීන - බුධ

    me wage anek kotu walata adipathi grahayo hoyana kramayak tiyenawada? :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    obathumage blog eke tibba 7 wennadhipathin gana

    හත්වැන්නාධිපතීන්
    ලග්නය 7 අධිපති
    මේෂ - සිකුරු
    වෘෂභ - කුජ
    මිතුන - ගුරු
    කටක - ශනි
    සිංහ - ශනි
    කන්‍යා - ගුරු
    තුලා - කුජ
    වෘෂ්චික - සිකුරු
    ධනු - බුධ
    මකර - සඳු
    කුම්බ - රවි
    මීන - බුධ

    me wage anek kotu walata adipathi grahayo hoyana kramayak tiyenawada? :)

    රාශි 12 අධිපතියෝ ටික දන්නවනම් ඕනම කොටුවක අධිපතියා හොයා ගන්න පුලුවන්

    රාශිය - රාශි අධිපතියා
    මේෂ - කුජ
    වෘෂභ - සිකුරු
    මිතුන - බුධ
    කටක - සඳු
    සිංහ - රවි
    කන්‍යා - බුධ
    තුලා - සිකුරු
    වෘෂ්චික - කුජ
    ධනු - ගුරු
    මකර - ශනි
    කුම්බ - ශනි
    මීන - ගුරු

    දැන් හිතන්න ඔයාගේ ලග්නේ සිංහ කියලා ඔයාට 6වැන්නාධිපති හොයා ගන්න ඕනේ කියලා, ඔයා කරන්න ඕනේ සිංහ ඉඳලා රාශි 6ක් ගනන් කරන් යන්න ඕනේ එතකොට එන්නේ මකර රාශිය. ඒකේ අධිපතියා ශනි. ඒ කියන්නේ සිංහ ලග්න කාරයන්ගේ 6වැන්නාධිපතියා ශනි. ජ්‍යොතිෂයේදි හැම වෙලේම ගනන් කරන්නේ ගනන් කරන්න පටන් ගන්න රාශිය 1 කියලා අරගෙන.
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16680282 said:

    Hari hoyagathha. Mage kendare 7 kotuwe buda inne lagnadhipathi wela.

    blog eke tibba widiyata badra yogaya thama tiyenne.

    Tiyena yogayak neecha wenna puluwanda? :rolleyes:
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    කේමද්‍රැම යෝගය
    යෙදන ආකාරය
    සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)
    විපාක
    දිළිදුවේ.දුක්ඛිත දිවියකි.විවාහය දරුවන් මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.

    ade mata meka tiyenawane. depaththe mokekwath nane...ethakota man ara kakin kiuwa buda mithuna rashiye swakshethrwa innakota labena badra yogaya neecha wenawada?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කේමද්‍රැම යෝගය
    යෙදන ආකාරය
    සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)
    විපාක
    දිළිදුවේ.දුක්ඛිත දිවියකි.විවාහය දරුවන් මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.

    ade mata meka tiyenawane. depaththe mokekwath nane...ethakota man ara kakin kiuwa buda mithuna rashiye swakshethrwa innakota labena badra yogaya neecha wenawada?

    කේ ද්‍රම යෝගය ගොඩක් ප්‍රභල එකක් නෙමෙයි. බොහෝ හඳහන් වල මේක වෙනත් ග්‍රහ පිහිටීම් වලින් යට වෙනවා.