මේ දවස් වල නම් මම අන්ත චාටර් එකේ ඉන්නේ. මට නම් දුකක් නෑ. නමුත් ඉගෙනීම ගැන මම ගත්ත වැරදි තීරණ නිසා මම තාමත් පසුතැවෙනවා. තමන්ට යන්න තියෙන නියම මාර්ගයේ යන්නේ නැතුව ශෝට් කට් වලින් ඉගෙන ගන්න ගියාම කට්ටිය අමාරුවේ වැටෙනවා. මොකක් හරි දෙයක් සහතිකයකට ලියවාගන්න නෙවෙයි, තමන්ගේ ජීවිතයට, අනාගතයට වැදගත්වන විදිහටයි ඉගෙනගන්න ඕනේ.
ජීවිතය හැමෝටම අමාරුයි තමයි. දුශ්කරතාවයන්ගෙන් පලායන්නේ නැතුව, ලෙහෙසි මාර්ග හොයන්නේ නැතුව අනාගතයට මහන්සි වෙලා වැඩකරේ නැත්නම් අනිවාර්යයෙන්ම විඳවන්න සිද්ධවෙනවාමයි. කවදාවත් කිසිම දෙයකින් පලායන්න එපා. ඒක ඉගෙනීම වෙන්න පුලුවන්, රැකියාව වෙන්න පුලුවන් පලායන්නේ නැතුව අපහසුතාවයන් වලට මුහුන දෙන්න බලන්න. මොකද කවදා හරි අපිට ජීවිතයට මුහුනදෙන්න වෙනවා.
මම හැම වෙලාවකම ජීවිතයේ අමාරුකම් වලට බයේ පලාගිය කෙනෙක් . නමුත් දැන් මට ඒවාට මුහුනදෙන්න සිද්ධ වෙලා. මම හැමවෙලාවෙම ඔයාලට කියන්නේ ජීවිතයේ යතාර්ථය තේරුම් අරගෙන ඒකට මුහුනදෙන්න කියලයි