කෙනෙක්ව අනුකරණය කරලා අපේ ජීවිතය හදා ගන්න සමහර වෙලාවට අපි කැමැතියි. පිළිගත්තෙ නැති වුනාට හුඟක් වෙලාවට අපි තව කෙනෙක්ව අනුකරණය කරනවා. ඒ කෙනා ජීවත් වෙන විදියට අපි ජීවත් වෙන්න බලනවා. හුඟක් අයට ඉන්නව පරමාදර්ශී පුද්ගල චරිතයක්. ඉතින් ඔබත් එහෙම පුද්ගල චරිතයක් තමුන්ගේ ජීවිතයේ Role Model එකක් විදියට තියා ගන්න කැමැති නම්, කියවන්න මේ අංගුත්තර නිකායේ තියෙන ආයාචමාන සූත්‍රය.
“මහණෙනි, ශ්රද්ධාවත් මහණ තෙම, ‘සැරියුත්, මුගලන් දෙනම යම්සේ නම් එබඳු වෙමි’ යි මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ සැරියුත්, මුගලන් දෙනමක් ඇද්ද, මාගේ ශ්‍රාවකවූ භික්ෂූන්ට මේ තුලනාවකි. මේ ප්රමාණයකි.
“මහණෙනි, ‘ඛෙමා භික්ෂුණියද, උප්පලවණ්ණාවද යම් බඳුද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් භික්ෂුණිය මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ ඛෙමා භික්ෂුණියද, උප්පලවණ්ණා භික්ෂුණියද යම්සේ නම් මාගේ ශ්‍රාවිකා භික්ෂූණීන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.
“මහණෙනි, ‘චිත්ත ගෘහපතියා හා භාහත්ථවක ආලවක යම්සේද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් උපාසක තෙම මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ චිත්ත ගෘහපතියාද, හත්ථක ආලවකද යම් සේ නම් මාගේ ශ්‍රාවක උපාසකයන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.
“මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්ද මාතාවද යම් සේද, එබඳු වෙමි’ යි ශ්රද්ධාවත් උපාසිකා තොමෝ මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නී, ආයාචනා කරන්නීය. මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්ද මාතාවද යම් සේ නම් මාගේ ශ්‍රාවක උපාසිකාවන්ට මෙය තුලනාවකි. මෙය ප්රමාණයකි.”