ඔබත් අම්මට තාත්තට සලකන දරුවෙක්ද?

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි.

    මව්පිය දෙදෙනා දේවත්වයෙන් සැලකීමට තරම් සුදුසු වන බැවින් බුදු දහමෙහි ඔවුන් පුබ්බ දේව යන නමින් හඳුන්වයි.

    අපට හමුවන මුල්ම ගුරුවරුන් දෙදෙනා දෙමාපියන් බැවින් බුදුරදුන් ඔවුන් පුබ්බාචරිය යන නමින්ද හැඳිවූ සේක.

    මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන මහා බ්‍රහ්මයා සතු ගුණ හතරින් යුක්ත වන බැවින් දෙමාපියන්ට බ්‍රහ්ම යන නම යෙදේ.

    පෙරදිගින් උදාවන සූර්යයා මෙන් දෙමාපියන් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන බැවින් බුදුරදුන් ඔවුන් පෙරදිග ලෙස දැක්වූ සේක.

    දෙමව්පියන්ට උපස්ථාන කිරීම උතුම් මංගල කාරණයක් බවත් හැකියාව තිබියදී දෙමාපියන්ට නොසලකන දරුවා වසලයෙකු බවත් හෙතෙම පිරිහෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

    දෙමව්පියන්ට සලකන දරුවා පැසසුම් ලැබීමට සුදුසු බව දක්වන බුදුරජාණන් වහන්සේ තමන් පිඬුසිඟා වැඩි ආහාරයෙන් දෙමාපියන් පෝෂණය කළ භික්ෂුන් වහන්සේ නමකට සාධුකාර පවත්වා පවත්වා ප්‍රශංසා කළ සේක.

    අටවැනි අග්බෝ රජතුමා රාජ සභාවට යෑමට පෙර සිය මෑණියන් වන්දනා කිරීමෙන් පෙනී යන්නේ පෙර රජවරු පවා මව්පිය උපස්ථානය ඉමහත් ගෞරවයෙන් සිදුකළ බවයි.

    දෙමාපියන්ට සැලකීමට අප වැඩිහිටියන් වන තුරු බලා සිටිය යුතු නැත.

    නව යොවුන් වියේ දරුවන් ලෙස මව්පියන් වෙනුවෙන් අපට කළ හැකි දේ බොහෝය.
    උදා:-
    1. මව්පියන්ගේ සිතට සතුට සැනසිල්ල ඇති වන පරිදි කටයුතු කිරීම.
    2. හොඳින් ඉගැනීම. හොඳට හැසිරීම.
    3. ගෙදරදොර, වතුපිටි වල වැඩකටයුතු වලදී, ව්‍යාපාර කටයුතු වලදී සහාය වීම.
    4. මව්පියන් අපට නියම කරන කටයුතු හැකිතාක් හොඳින් ඉටු කිරීම.

    ගුණ දහමින් පෝෂණය වීමට මව්පියන්ට අත හිත දීම ඔවුන්ට කළ හැකි ඉහලම උපකාරය බව බුදුරදුන් විසින් දේශනා කළ සේක.
    ඒ සඳහා පහත දේ කළ හැකිය.
    1. දිනපතා සවස තෙරුවන් වැඳීමට මව්පියන්ට මල් බඳුන් ආදිය පිළියෙල කර දීම.
    2. දිනපතා වන්දනාමාන නොකරන දෙමාපියන් ඒ සඳහා උනන්දු කරවීම.
    3. පින් දහම් කිරීම, බණ ඇසීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, දන් දීම, දහම් පොත් කියවීම ආදියට මව්පියන් උනන්දු කරවීම.
    4. මව්පියන් දුසිරිතට හුරු වී සිටීනම් එයි මුදා ගැනීමට ක්‍රියා කිරීම.

    SOURCE: දහම් පාසල් පොත


    සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දරුවන් විසින් දෙමවුපියන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි. ඒවා නම්,

    1. මවුපියන් පෝෂණය කිරීම
    2. මව්පියන්ගේ සියලු කටයුතු කරදීම
    3. මවුපියන්ගේ සිරිත් විරිත් හා කුල පරපුර රැකගැනීම
    4. මවුපියන් දුන් දායාද රැකගැනීම
    5. මව්පියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම


    දෙමව්පියන්ට සෑලකිමේ ආනිසංස






    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏


    මේ thread එක දන්න හිතුනෙ මේ thread එක දැකලා :) 🙏
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පින් දහම් කිරීම, බණ ඇසීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, දන් දීම, දහම් පොත් කියවීම ආදියට මව්පියන් උනන්දු කරවීම.

    ස්තුතියි. මෙන්න මේක හරිම වැදගත්. සමහර දෙමවුපියනුත් ඉන්නවා නොමග ගියපු. ඒ අය මොන දේ කළත් තරහ හිතේ තියාගන්නේ නැතුව මේ විදිහට ඒ අයට උදවු කරන එක හොඳයි.
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    පින් දහම් කිරීම, බණ ඇසීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, දන් දීම, දහම් පොත් කියවීම ආදියට මව්පියන් උනන්දු කරවීම.

    ස්තුතියි. මෙන්න මේක හරිම වැදගත්. සමහර දෙමවුපියනුත් ඉන්නවා නොමග ගියපු. ඒ අය මොන දේ කළත් තරහ හිතේ තියාගන්නේ නැතුව මේ විදිහට ඒ අයට උදවු කරන එක හොඳයි.
    :yes::yes::yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තාත්ත මට කරපුවයින් 1%ක් වත් මම තාම තාත්තට කරල නෑ. 😥
    අපෙත් එහෙම තමා ඉතින්, සැපක් කියල විදල නෑ අවුරුදු 50 වගේ වෙනකන්, ලමයින්ට හම්බ කෙරුව මිසක්
    දැන් තමා ටිකක් හරි ආතල් එකෙ ඉන්නෙ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි බං මිනිස්සු ළමයි හදල මේ ලෝකෙට දාලා තව උන්ගෙන් තමුන්ව බලාගන්නත් බලාපොරොත්තු වෙන්නෙ???

    මටත් ඕක හිතෙනකොට පරක්කු වැඩී.
     
    • Wow
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පින් දහම් කිරීම, බණ ඇසීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, දන් දීම, දහම් පොත් කියවීම ආදියට මව්පියන් උනන්දු කරවීම.

    ස්තුතියි. මෙන්න මේක හරිම වැදගත්. සමහර දෙමවුපියනුත් ඉන්නවා නොමග ගියපු. ඒ අය මොන දේ කළත් තරහ හිතේ තියාගන්නේ නැතුව මේ විදිහට ඒ අයට උදවු කරන එක හොඳයි.
    :yes: :yes: :yes: