ඔබත් ගඩොල් දෙන්නෙක් ද

sankicool

Member
Jul 11, 2018
115
31
0
ඔබත් ගඩොල් දෙන්නෙක් ද

ඔබත් ගඩොල් දෙන්නෙක් ද


සාර්ථක වෙන්න සිතන ඕනෑම අයෙක් අනිවාර්යෙන් අනුගමනය කල යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. එනම් තමා කෙරෙහි හා තම ශක්තිය කෙරෙහි පළමුව විශ්වාසය ගොඩනැඟීමයි. ඒ සඳහා කළ යුත්තේ තමාගේ වටිනාකම නිවැරදිව හඳුනා ගැනීමයි.

කොහොමද තමාගේ වටිනාකම හඳුනාගන්නේ ?

සාමානයෙන් ලෝකයේ ඕනෑම සමාගමක් තමන් සිටින තත්වය තක්සේරු කර ගැනීමට කරන දෙයක් තමා SWOT විශ්ලේෂණයක් සිදු කිරීම. අපි බලමු ඇත්තටම මොකක්ද මේ SWOT විස්ලේෂණය කියන්නේ ?

S – Strengths – ශක්තින්

W – Weaknesses – දුර්වලතා

O – Opportunities – අවස්තාවන්

T – Threats – තර්ජන

මෙය සිංහලෙන් ශදුඅත විශ්ලේෂණය ලෙසින් ද හඳුන්වනවා. ඉතින් මිනිසුන් වන අපටත් පුළුවන් අපගේ වටිනාකම හඳුනා ගැනීම සඳහා මෙම SWOT විශ්ලේෂනයම සිදු කරන්න.

ශක්තින්
ඇත්තටම අප එකිනෙකා තුල විවිධ වී හැකියාවන් තිබෙනවා එය ගීතයක් ගයනා කිරීම, නර්තනයක් ඉදිරිපත් කිරීම, චිත්‍ර ඇඳීම, පිරිසක් ඉදිරියේ කතා කිරීම ආදී කිනම් වූ හැකියාවක් වෙන්න පුළුවන්.

ඉතින් අප තුල ඇති මෙවන් වූ හැකියාවන් අපගේ ශක්තින් හෙවත් Strengths හැටියට ගන්න පුළුවන්. දැන් ඔයාලත් පෑනකුයි කොලයකුයි අරගෙන මේ ප්‍රශ්නය ඔයාලගෙන්ම අහලා උත්තරය ලියා ගන්න.

මගේ හැකියාවන් හා දක්ෂතාවයන් මොනවා ද?
සහජ දක්ෂතා මොනවා ද?
අතීතයේ සිට මා හට කිර්ති ප්‍රශංසා ලැබී ඇත්තේ මොනවාටද?
ගුරුවරුන්, මිතුරන් සහ මාපියන් මා හට ප්‍රශංසා කර ඇත්තේ මා ගැන වර්ණනා කර ඇත්තේ මා විසින් සිදු කරන ලද කුමන කටයුතු වලට ද?
පෙර දී මා දක්ෂතා දැක්වුයේ සාර්ථක වුයේ කවර ක්ෂේත්‍රවලද?
ඔබට එකවරම මේ දේවල් මතකයට නොඑන්න පුළුවන්. එහෙත් ඔබට පුළුවන් මතක් වෙන පිළිවෙලට වරින් වර ලියා මෙම සටහන සම්පුර්ණ කර ගන්න.

දුර්වලතාවයන්

මෙම විශ්ලේෂණයේදී වැදගත් වන දෙවැනි කාරණය තමා අපගේ දුර්වලතාවයන් හෙවත් Weaknesses හඳුනා ගැනීම. අප හැමෝටම දුර්වලතාවයන් එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. යමක් ආරම්භ කිරීමට ඇති බිය, ආරම්භ කල දෙයක් අඛන්ඩව සිදු කරගෙන යාමට ඇති නොහැකියාව, පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බිය, තමා තමාවම අවතක්සේරු කරගැනීම, මිනිසුන් සමඟ කටයුතු කිරීමට ඇති නොහැකියාව, ඉක්මනින් කේන්ති යාම, පුංචි දේටත් කලබල වීම, මානසික ඒකාග්‍රතාව නොමැති වීම, නිර්මාණශීලි නොවීම, නිතරම මැසිවිලි නැඟීම අඩිය මෙම දුර්වලතා ගණයට වැටේ.

ඉතින් මෙම දුර්වලතා ද කලින් සඳහන් කළ කොලයේම සටහන් කර ගැනීමෙන් ඔබ සතු දුර්වලතාවයන් හඳුනා ගැනීම පහසු වෙනවා.

අවස්ථාවන්

මෙම විශ්ලේෂණයේ ඇති ඉතා වැදගත්ම කරුණ ලෙස අවස්තාවන් හෙවත් Opportunities දක්වන්න පුළුවන්. ඇත්තටම අපගේ ජිවිත කාලයේදී නිතරම අපට ලැබෙන්නේ මෙම අවස්තාවන් ය. නමුත්, අවාසනාවක මහතා වන්නේ අප අතර සිටින බොහොමයක් දෙනා එම අවස්තාවන් හරි හැටි හඳුනා නොගැනීමයි. මෙම අවස්ථාවන් බොහෝ විට අප කරා පැමිණෙන්නේ යම්කිසි කරදර ස්වරූපයෙනි. ඉතින් අප කල යුත්තේ නිතරම අවධියෙන් සිට මෙම අවස්තාවන් අල්වා ගැනීමයි.

මන්ද, මෙම අවස්ථාවන් කිසි විටෙකත් රත්තරන් බන්දේසියක තබා අප වෙත නොලැබෙන බැවිනි. මඳක් කල්පනා කර බලන්න. කුඩා කළ සිට මේ වන තෙක් කොතරම් වූ අවස්ථා ඔබ කරා පැමිණෙන්නට ඇත්ද ? ඒවායෙන් කියක් නම් ඔබ විසින් අල්වා ගන්නට ඇත්ද ? ඉතා වටිනා අවස්තාවන් කියක් නම් හඳුනා නොගැනීම නිසා ඔබට මඟ හැරෙන්නට ඇත්ද ?

තර්ජන

මෙම විශ්ලේෂණයේ ඇති අවසන් කරුණ වන්නේ අප හට ඇති තර්ජන හෙවත් Threats හඳුනා ගැනීමයි. මෙම තර්ජන අප සේවය කරන ස්ථානයෙන් හෝ සමාජයෙන් හෝ අප වෙත පැමිණිය හැකියි. බොහෝ විට මෙම තර්ජන පැමිණෙන්නේ අප ඉතා ළඟින්ම ඇසුරු කරන පුද්ගලයන්ගෙනි. ඉතින් අප කල යුත්තේ අප වෙත එල්ලවන තර්ජන පිලිබඳ සාවධානව සිට ඒවාට උපක්‍රමශීලිව මුහුණ දීමයි. ඔන්න, දැන් ඔයාලා තමාගේ වටිනාකම හඳුනා ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා.

සිතන ආකාරයත් වැදගත්

එහෙත් මෙම ක්‍රියාවලියේදී අප විසින් සිදුකල යුතු ඉතා වැදගත් වූ කාරණයක් තිබෙනවා ඒ තමා ඔබ කලාකරුවකු, ගුරුවරයෙකු, වෛද්‍යවරයෙකු, ලිපිකරුවකු, කාර්මිකයකු, ව්‍යාපාරිකයකු, ගොවියකු, ගෘහනියකු හෝ කිනම් වෘත්තියක නියැළුන ද තමන් කරන කාර්යය කොපමණ දුරට තම ජිවන අරමුණෙ ඉහල අභිලාශ සමඟ ගලපාගෙන තිබේද යන්න සිතා බැලීමයි. මේ සඳහා ඔබ සිතන ආකාරය ඉතා වැදගත් වෙනවා.

මිට කදිම උදාහරණය ලෝ ප්‍රකට ලේඛිකාවක් වන Gina Serminara විසින් රචිත Many Mansions නම් කෘතියේ සඳහන් වෙනවා.

ගඩොල් දීම හා පවුම් ඉපයීම

එංගලන්තයේ ජිවත් වූ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් තමා ක්‍රිස්ටෝපර් රෙන් කියන්නේ. ඔහු දිනක් තමා සැලසුම් කරපු විශාල දේවස්ථානයක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිල්ල ඉදිවන ස්ථානයට යනවා.එහි සිටින සේවකයන් සම්නග කතා කරමින් සිටින අතරතුර “ඔබ කුමක් කරන්නේදැයි” එක අයෙකු විමසනවා.

එවිට ඔහුගේ පිළිතුර වුයේ “මම ගඩොල් දෙනවා” යන්නයි. ඇත්තටම ඔහු කරමින් සිටියේ ගඩොල් දීමයි. “හොඳයි” යැයි කියූ ක්‍රිස්ටෝපර් ඊට මඳක් එහායින් සිටි තව කෙනෙකුගෙන් ඒ ප්‍රශ්නය අහනවා. ඔහු කිවේ “පවුම් උපයනවා” කියලයි. ඔහුගේ පිළිතුර වෙනස්. ඔහු කිවේ “පවුම් උපයනවා” කියාය. ඔහුගේ පිළිතුර මඳක් වෙනස් එකක් විය. “හොඳයි” කියූ ඔහු තවත් එහය්න් සිටි මිනිසෙකුගෙන් ද එම ප්‍රශ්නයම අහනවා. ඔහු කිවේ “මහා දේවස්ථානයක් හදන්නට උදවු වෙනවා” කියා. මේ තිදෙනාම එකම වැඩපොලක එකම කාර්යයක නිඉරත වෙමින් සිටි තිදෙනෙකි. නමුත් වෙනස වුයේ ඔවුන් තම කාර්යය ගැන සිතු ආකාරයයි.

මේ පුංචි කතාවෙන් ඔබට වැටහෙනවා නේද අප කුමන කාර්යයක නිරත වුවත්, වැදගත් වන්නේ ඒ පිලිබඳඅප සිතන ආකාරය බව, එබවීම් ඔබ ඔබගේ වටිනාකම හඳුනා ගන්න. ඔබ කරන කාර්යය පිලිබඳ ඉතා ඉහලින් සිතන්න. ඔබත් ගඩොල් දෙන්නෙක් ද? නැතිනම් මහා දේවස්ථානයක් සැදීමට උදවු වෙන කෙනෙක් දැයි මොහොතකට කල්පනා කර බලන්න.

Source http://thewoman.lk/archives/5795