ඔබත් ගූගල් / ෆේස්‌බුක්‌ ගිණුම් හිමියෙක්‌&#3503

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔබත් ගූගල් / ෆේස්‌බුක්‌ ගිණුම් හිමියෙක්‌&#3503

    ඔබත් ගූගල් ෆේස්‌`බුක්‌ ගිණුම් හිමියෙක්‌ද?


    google.jpg

    මිනිසා මිහිතලය මත පහළ වීමත් ආහාර අනුභවයට හුරුවීමත් ස්‌ත්‍රී පුරුෂ බේදය ඇතිවීමත් සමගම. පුද්ගලිකත්වය පිළිබඳ හැඟීම සන්තාන ගතවූවා යෑයි සිතිය හැක. අඹු සැමියන් වශයෙන් ජීවත්වීම සඳහා වෙන් වෙන් වශයෙන් ජීවත් වීමට නිවාස සකස්‌කර ගැනීමත් ධන ධාන්‍යය වගාකිරීමට තමාටම වෙන්වූ වපසරියක්‌ වෙන්කර ගැනීමත් තුළින් පුද්ගලිකත්වය එසේත් නැතිනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට තම ස්‌වකීය කරුණු කාරණාවන් තමන් වෙතම තබා ගැනීමට තිබු නිසගයෙන්ම එන්නාවූ අභිලාෂය, අදවනවිට අතිශය සංකීර්ණත්වයකට පත්ව තිබේ.

    මේ අනුව වර්තමානයේදී පුද්ගලිකත්වය යන්න නොයෙක්‌ නොයෙක්‌ නීති රාමුවන්ගෙන්ද මූලික අයිතිවාසිකම් ආදි මෙකී නොකී සම්මතයන්ටද යටත් කොට විවිධ වූ ආකාරයෙන් සමාජ භාවිතයට අන්තර්ගත වී ඇත.

    කෙනෙකු පිළිබඳව හෝ කෙනකු විසින් සඳහන් කරන්නාවූ කරුණු කාරණාවන් එම පුද්ගලයාටම හිමි දෙයක්‌ වන අතර ඒවායෙහි රහස්‍යයභාවය ඒ ඒ තන්හි පිහිටියාවූ නීතිරාමුවක්‌ තුළට සීමාකිරීමට අදවනවිට ගොඩනැගී ඇති සංකීර්ණ සමාජය තුළ සිදුව ඇත. මේ අනුව රහස්‍යභාවය පුද්ගලිකත්වය, සමාජ කණ්‌ඩායම්, ආයතන, රාජ්‍ය පුද්ගලික මෙන්ම නීතිමය තත්වයන් තුළදී දැඩි අවශ්‍ය තාවයක්‌ව පවතී. එම නිසා ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය පරිපාලනයේදී සහ පරිපාලනයේදී දත්ත ආරක්‌ෂණ අණපනත් (Data protection act) ගොඩනගාගෙන ක්‍රියාත්මක කරමින් තිබේ.

    ඒ අනුව අන්තර්ජාලය තුළ ද මෙම පුද්ගල දත්තයන් හා තොරතුරු සඳහා රෙගුලාසි නීති රාමු සම්මතයන් පුද්ගල සුබ සිද්ධිය සඳහා යොදාගෙන ඇත. එහෙත් එහිදී තම තොරතුරු සහ දත්තයන් ගේ ආරක්‌ෂාව කොතෙක්‌ දුරට තහවුරු වී ඇත්ද යන්න දිනෙන් දින සැකයට භාජනය වෙමින් පවතී.

    බොහෝ අවස්‌ථාවල පාර්ශවයන් දෙකක්‌ අතර ඇතිවන්නාවූ ගිවිසුමකින් එම පාර්ශවයන්ගේ තොරතුරු රැකගැනීමට එකඟ වේ. මෙම ගිවිසුම් සේවය සපයන්නා සහ සේවය ලබාගන්නා අතර වශයෙන් බහුලව ක්‍රියාත්මක වේ. නමුත් මෙම සේවයන් ලබාගන්නා පාර්ශවයේ ඉන්නා සාමාන්‍ය ජනතාව මෙම ගිවිසුම් පිළිබඳව පැහැදිලි නිවැරදි අවබෝධයකින් සිටිනවා යෑයි සිතිය නොහැක. සෑම ගිවිසුමක්‌ම බොහෝ විට ඉතාමත්ම දීර්ඝ වන අතර ඒවා කියවීමට මැලිකමක්‌ දක්‌වයි. ඒවායෙහි ඇති භාෂාමය අර්ථ ගැඹුරු තාවය නිසාද ඒවාටම ආවේණිකවූ වාග් විලාසයන් නිසාද ඒවා කියවා බැලීමෙන් තොරවම අත්සන් කර එකඟ වේ. මෙම ගිවිසුම්වල තමා හසුවන කොන්දේසි සහ තමාට හිමි අහිමිවන දෑ හෝ සේවාවන් පිළිබඳ අන්තර්ගතයන් නොදනී. මතු පිටින් ලැබෙන දේ පිළිබඳව පමණක්‌ අවධානය යොමුකරයි.

    පෙරදි මුද්‍රිත ආකාරයෙන් ගිවිසුම් ලිපිගොනු ගතවුවද අද එය මෘදුකාංග ආකාරයෙන් පරිගණක ඔස්‌සේ අන්තර්ජාලයට ද අනිවාර්ය සමාජ අවශ්‍යතාවයක්‌ ලෙසින් පිවිස ඇත.

    ඒ අනුව වර්තමානයේ දැවැන්ත අන්තර් ජාල සේවාවන් ලබදෙන ගූගල් (Google) ෆේස්‌බුක්‌ (Facebook ) ආදි දැවැන්ත වෙබ් අඩවි සමග ගිණුමක්‌ හෝ ගිණුම් ආරම්භ කිරීමෙන් ඔබ ඔවුන්ගේ සේවාවන් හෝ එම වෙබ් අඩවි භාවිතයට අවස්‌ථාව ලබාගනී. එහෙත් මෙහිදී ඔබගේ දත්තයන් හෝ තොරතුරු කොතෙක්‌ දුරට ආරක්‌ෂා වී ඇද්ද යන්න සැකසහිත තත්ත්වයකට පත්ව ඇත.

    අන්තර්ජාලයට ඔබේ තොරතුරු හෝ ඔබ විසින් ලබාදෙන තොරතුරු එම වෙබ් අඩවියන් තුළ කෙසේ සැරිසරන්නේද ස්‌ථාන ගතවී ඇත්තේද යන්න මෑතකදී, දත්ත උපදේශක, වෙබ් අඩවි සංවර්ධක, තාක්‌ෂණික අවබෝධය හා සංඛ්‍යාංක ප්‍රමිතිකරනයෙහි පර්යේෂණයෙහි නියෑලී සිටින ඩිලාන් කුරන් (Dylan Curran) නමැති තාක්‌ෂණ වේදියා අන්තර් ජාලය භාවිතා කරන මිලියන ගණනක්‌ දෙනා වෙත සවිස්‌තරාත්මකව හෙළිරව්වක්‌ කරන ලදී.

    ඒ අනුව ඔබට දැනගත හැකිවන්නේ ඔබ විසින් ගූගල් සහ ෆේස්‌බුක්‌ ඔස්‌සේ සපයනු ලබන, හුවමාරු කරගනු ලබන, එකී මෙකි තොරතුරු කෙසේ පරිහරණය වන්නේද යන්න ඔබ දන්නේනම් පුදුමයට පත්කරවමිනි.

    google3.jpg
    ඔබ විසින් බාගත කරන්නා වූ හෝ ජාලගතකරන්නාවූ තොරතුරු, ඔබ විසින් අන්තර්ජාලයට සම්බන්ධ කරන්නා වූ ඕනෑම ක්‍රියා කාරකමක්‌ ගූගල් සහ ෆේස්‌බුක්‌ දන්නෝය. ඔබගේ ක්‍රියාකරකම් සහ තොරතුරු ඔවුන්ගේ මෘදුකාංග වේදිකාවන් (platforms) මත ලේඛනගතව නතුකර තබාගනී.

    "ගූගල් සහ ෆේස්‌බුක්‌ ඔබ විසින් සපයන ඔබගේ සියලුම තොරතුරු ඔවුන්ගේ භාරයෙහි ලේඛන ගතකර තබා ගනී "එසේ පවසන්නේ ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයයි.

    අන්තර්ජාලයෙන් මොනයම් හෝ දත්තයක්‌ ඔබ බාගත කරගන්නේනම් හෝ අන්තර්ජාලයට මුදාහරින්නේ නම් හෝ අන්තර්ජාලය මත මොනයම් හෝ කටයුක්‌තක නිරතවන්නේනම් එය ඒ හැම දෙයක්‌ම ගුගල් සහ ෆේස්‌ බුක්‌ ඔබටත් නොදැනීම හොඳාකාරවම දන්නෝය. ඔබවිසින් ගොනුකර තබාගන්නාවූ කුමන සංරක්‌ෂිත තොරතුරක්‌ වුවද සංනිවේදනයක්‌ වුවද ගුගල් සහ ෆේස්‌බුක්‌ විසින් ග්‍රහණය කරගනු ලබයි .

    මෑතකාලයේ හදිසියේම සිදුවූ මතභේදයට තුඩු දුන් එනම් සමාජ මාධ්‍ය ජාලයන් විසින් භාවිතයට වඩා අවභාවිතයට පුද්ගල දත්තයන් යොදා ගැනීම නිසා යෝධ සමාජ ජාල ෆේස්‌බුක්‌ ඇතුළු තවත් වෙබ් අඩවි කීපයක්‌ පිළිබඳව කතාබහට ලක්‌විය .මෙම වෙබ් අඩවි භාවිතා කරන්නන්ගේ දත්තයන් මැසෙන්ජර් ආදී මෘදුකාංග ආලේපකයන් (applications) මගින් කෙරෙන ඇමතුම් සහ කෙටි පණිවිඩයන් ද ගබඩාකර තබා ගැනීම සිදුකරයි.

    තාක්‌ෂණ වෙදි ඩිලාන් කුරන් තවදුරටත් පවසන්නේ ගූගල් පද්ධතිය සෙවුම් යන්ත්‍රයක්‌ වශයෙන් පමණක්‌ නොව විවිධ වූ නිෂ්පාදිතයන් මගින් එනම් "ගුගල් සිතියම් google map ."යුටියුබ්/ youtubezz","ගුගල් ෆොටෝස්‌/google photos"."ගුගල් විද්යුත් තැපෑල/G-Mail"'ගුගල් කන්ටැක්‌ට්‌ස්‌/Google contacts " තවත් බොහෝ දෑ මෙහි තිබෙන බවයි.

    පහත සඳහන් සබැඳියන්ගෙන් ගූගල් හරහා ඔබ විසින් සම්බන්ධතා පවත්වන ලද සියලු තොරතුරු දැනගත හැකිය.

    Google Maps/ගූගල් සිතියම

    මෙම සබැඳියෙන් ගූගල් සිතියම භාවිතයෙන් ඔබගේ ක්‍රියාකාරිත්වය කිනම් අයුරු වූයේ දැයි දැනගත හැකිය. ඔබ ඔබේ දුරකථනයේ tracking location /මාර්ග ගත පිහිටීම පණගන්වා ඇත්නම් ඒ අනුව ඔබ කිනම් මාර්ගයක ගමන් කළේද කිනම් ස්‌ථාන නැරඹුවේද, එසේම එය කිනම් දිනයක වෙලාවක මාසයක අවුරුද්දකද යන්න දැනගත හැකිය, එය 2009 සිට මේදක්‌වා සඳහන්ව ඇත කොටින්ම කියනවනම් මේවනවිටත් ඔබකොතැනක සිටින්නේ දැයි ගුගල් දන්නේය. මෙම සබැඳියෙන් ඔබ කොහේ සැරි සැරුවේදැයි ඔබටම දැනගත හැකිය https (//www. google. com/maps/timeline?pb මේ සඳහා ඔබගේ ගුගල් ගිණුම විවෘතව තිබිය යුතු වේ. එසේ නැතිනම් එම ගිණුමට මුරපදය යොදා පිවිසිය යුතුවේ. බොහෝ විට ඔබ ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් ගූගල් උපකාරක භාෂාවක්‌ භාවිතා කරන්නේනම් ගූගල් ගිණුම විවෘතව තබා තිබෙනවාද වන්නට පිළිවෙන ඒ අනුව යමෙක්‌ ඔබගේ ගූගල් මුරපදය දන්නේනම් ඔබගේ ආගිය තොරතුරු අන්සතු වී හමාරය

    Google My Activity / ගූගල් (තුළ) මගේ ක්‍රියාකාරකම්

    මෙම සබැඳියට පිවිසීමෙන් ඔබගේ ක්‍රියාකාරිත්වය පෙන්වන පිටුවට පිවිසිය හැක. ගුගල් ක්‍රෝම් සෙවුම් යන්ත්‍රය හරහා ඔබගේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න මෙහි සඳහන් වේ. ඔබවිසින් නරඹන ලද වෙබ් අඩවි වගේම වට්‌ස්‌ ඇප් (whats apps) වෛබර් (viber) ඉමෝ (imo) ආදී කුමන වර්ගයේ මෘදුකාංග ආලේපකයක්‌ (aplication) භාවිතා කළේද යනවග , යුටියුබ්, සමාජ අඩවි, පිටු, කණ්‌ඩායම් ආදී ඔබ විසින් පිරික්‌සීම් කරනලද සියලු දෑ මෙහි සඳහන් වේ. නමුත් පැවසෙන්නේ මෙම පිටුව ඔබ විසින්ම පමණක්‌ නැරඹිය හැකි බවයි එසේ වූවද ඔබ විසින් මකාදමන ලද දත්තයන්ද මෙහි තිබීම තුළ බියජනක බවක්‌ ද තිබේ. ඔබ විසින් සොයා බලන ලද ඕනෑම දෙයක්‌ හෝ ඔබ විසින් මකාදමන ලද දේවල්හි විස්‌තරද මෙහි ඇතුළත්වේ. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වන එක උපකරණයකින් මකා දැමුවද ඔබගේ අනෙක්‌ උපකරණයෙහි එය සඳහන් වීම තවත් දෙයකි.

    මෙම සබැඳියට පිවිසීමෙන් ඔබගේම දත්ත විස්‌තරයන් ඔබටම බලාගත හැකිවනු ඇත. myactivity.google.com/myactivity

    Google Ads/ගූගල් වෙළඳ ප්‍රචාරණය

    කිනම් අවශ්‍යතාවයක්‌ සඳහා හෝ ඔබ විසින් අන්තර්ජාලයෙහි කිසියම් වෙළෙඳ භාණ්‌ඩයක්‌ පිළිබඳව යම්කිසි සෙවීමක්‌ කිරීමෙන් පසුව වුවද ඔබට දැකගන්නට ලැබෙන්නේ අදාළ සෙවුමට සමගාමී වන්නාවූ නොයෙක්‌ නොයෙක්‌ වෙළෙඳ දැන්වීම් ඔබගේ පරිගණකයේ තිරය මත වෙබ් පිටු අතරින් බැබළි බැබළී දිලිසෙන බවයි . එයින් පැහැදිලි වන්නේ ඔබගේ අන්තර්ජාල භාවිතය ඔබටත් නොදැනිම යම්කිසි පිරිසක්‌ විසින් අධ්‍යයනය කොට ඔවුන්ට අදාළ නිෂ්පාදනයේ වෙළෙඳ දැන්වීම ඔබගේ නිරීක්‌ෂණයට ලක්‌වන වෙබ් පිටු මතින් ඔබවෙතට ළඟාවීමට සැලැස්‌වීමයි. මේ ආකාරයෙන් ගූගල් නොවන වෙබ් අඩවි මිලියන ගණනක්‌ හරහා ගූගල් වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය සිදුකරයි.

    ඔබගේ සෙවුම් බැලුම් පදනම් කරගෙන ගුගල් විසින් වෙළෙඳ දැන්වීම සඳහාම ඔබගේ ආකෘතියක්‌ (profile) නිර්මාණය කරනු ලබයි ඒ අනුව ඔබගේ රුචි අරුචිකම් තෝරාගෙන මෙසේ වෙළෙඳ දැන්වීම් යොමු කිරීම සිදුකරයි මෙම සබැඳියෙන් එම දත්තයන් ඔබටම බලාගත හැක google.com/settings/ads/

    ඔබේ රුචිකත්වය අනුව ඔබට හැකියාව තිබෙනවා වෙළෙඳ භාණ්‌ඩයක්‌ හෝ නිෂ්පාදනයක්‌ විවිධ තේමාවන් ඔස්‌සේ තෝරා බේරා ගැනීමට. මෙහිදී ඔබ තෝරාගන්නා වෙළෙඳ භාණ්‌ඩය නිෂ්පාදනය සඳහා ඔබගේ ස්‌ත්‍රී පුරුෂ භාවය, වයස ඔබ විසින් ලබාදෙනවාද විය හැකිය. ෆේස්‌බුක්‌ මගින් ද බොහෝවිට මේ හා සමාන ක්‍රියාවලියක්‌ සිද්ධ වේ.

    Apps and services / මෘදුකාංග ආලේපක සහ සේවාවන්

    ඔබ භාවිතා කරන සියලුම ආලේපක මෘදුකාංගයන් (Applications) ගූගල් හොඳා කාරවම දනී. මෙහිදී ඔබට ගුගල් ගිණුම හරහා අවසර ලබාදී තිබෙන Applications /ආලේපක මෘදුකාංගයන් බොහෝ සංඛ්‍යාවක්‌ සොයාගත හැකිය. කිනම් වර්ගයේ මෘදුකාංගයක්‌ හරහා කිනම් වර්ගයේ සේවාවක්‌ ලබා දී ඇත්තේද යන්නත් එමගින් ඔබ සබඳතා පවත්වන ලද්දේ කවුරුන් හාද යන වගත්, කිනම් වේලාවකද කොපමණ කාලයක්‌ද, කිනම් රටක අයකු සමග ද යන වග පමණක්‌ නොව ඔබ කතාකළේ ෆේස්‌බුක්‌ හි කාටද යන්නත් ගුගල් දනී. ඇත්ත වශයෙන්ම ඔබ නින්දට යන්නේ කීයටද යන්නත් ගූගල් දනී.

    මෙම ගූගල් පිටුවට ගොඩවීමෙන් කුමන වර්ගයේ සන්නිවේදන මෘදුකාංග ආලේපකයන් භවිතා කළේ ද යන්නත් දැනගත හැකිය security. google.com/settings/secur....

    ගූගල් විසින් ඔබගේ යූ ටියුබ් (youtube) ඉතිහාසයම ගබඩා කරගනු ලබයි. එම නිසා ඔබ ඉතාම ළඟදීම මව්පදවිය හෝ පිය පදවිය ලබන බව ගූගල් දන්නේය. ඔබ මධ්‍යස්‌ථ මතධාරියෙකුද. ඔබ දියුණුවන කෙනෙක්‌ද ඔබ යුදෙව්වෙක්‌ද, කිතුනුවෙක්‌ද බෞද්ධයෙක්‌ද ඉස්‌ලාමිකයෙක්‌ද යන්න මෙන්ම ඔබ මානසික පීඩනයකින් පෙළෙන්නෙක්‌ද ,ජීවිතය නැතිකරගැනීමට සිතන්නෙක්‌ද යන්න පවා ගූගල් දන්නේය

    මේ සබැඳියෙන් ඔබට ඔබේ යු ටියුබ් ඉතිහාසය බලාගත හැක youtube.com/feed/history/s....

    මෙම සබැඳියෙන් google.com/takeout ගූගල් පිටුසලකුණු (bookmarks).විද්යුත් තැපෑල /Emails, සම්බන්ධතා contacts ගූගල් ඩ්‍රයිව් ලිපිගොනු/google drive files" යූටියුබ් වීඩියෝ දර්ශන. ඔබේ දුරකථනයෙන් ගන්නා ලද ඡායාරූප .,ගූගල් හරහා මිලදී ගන්නා ලද නිෂ්පාදන. ආදිය පිළිබඳ හෝඩුවාවන් බලාගත හැකි වේ.

    ඔබේ දුරකථනයෙන් ගන්නා ලද ඡායා රූපයක්‌ ඔබගේ දුරකථනයේ "ගූගල් ෆොටෝස්‌ 'ඇත්නම් ඒ වෙත ඔබටත් නොදනිම රිංගයි ඔබ ඔබේ දුරකථනයේ පිංතුර ගොනුවෙන් එය මකාදැමුවද ගූගල් ෆොටෝ ගොනුවේ එය ඉතිරිවෙයි. බොහෝ විට කිසිවෙක්‌ එය නොදනී. ඔබ එයින්ද පිංතුරය මකා දැමුවද මාස 2ක්‌ යනතුරු ඔබට නොපෙනුණද ඔබේ පිංතූරය ගුගල් තබාගනී

    Facebook/ෆේස්‌බුක්‌
    ෆේස්‌බුක්‌ , එහෙම නැත්නම් මුහුණුපොතද මේ ආකාරයෙන් ඔබගේ දත්තයන් රඳවා ගනී.
    ෆේස්‌බුක්‌ හි මෙම මෙහෙයුම් ක්‍රියාකාරිත්වය දකින්නට ලැබෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරී කට්‌ටල අංග (settings) යටතේය .මෙහිදි ඔබගේ මුර පදය ලබාදීමෙන් පසු ඔබගේ පුද්ගලික තොරතුරු පිංතූර ඡායාරූප ආදිය සිප් ගොනුවක්‌ වෙත බාගත වීම සිදුවේ. ඔබගේ සියලුම පින්තුර /ඡායාරූප වීඩියෝ දර්ශන කෙටි පණිවිඩ පිළිබඳව තොරතුරු, ශ්‍රවණ පටිගත කිරීම් ස්‌ටිකර්ස්‌ GIF s සහ සියලුම බෙදාහදාගැනීම් ද මෙහි සඳහන් වේ.

    මේ අනුව මෙම දත්ත ගබඩා වී තිබීම තුළ යම්කිසි ආශා උපදවන්නක්‌ තිබුණද එසේම සැකමුසු බියක්‌ ගෙන දෙන කරුණකි. ගූගල් සහ ෆේස්‌බුක්‌ විසින් මෙම දත්තයන් වෙත පිවිසිය හැක්‌කේ ඔබ විසින්ම පමණක්‌ බවට පොරොන්දු වූවද සහතික කළද. යාවත්කාලීන නොවුණු සහ නොයෙක්‌ නොයෙක්‌ ආකාරයෙන් මෘදුකාන්ගයන්ගේ දුර්වලවීම තුළ තවදුරටත් ආරක්‌ෂාවක්‌ තිබේ ද යන්න සැක සහිතය.


    රත්න ජයසේකර
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ithamath wedagath post1k...
    minissu danuwath wenna ona me gana. namuth mehema clearly explain kranna pluwan nohakiyawa thama thiyenne...
    Rep+++


    You have given out too much Reputation in the last 24 hours, try again later.