ඔබත් පිරිහුණු බෞද්ධයෙක්ද ?

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබත් පිරිහුණු බෞද්ධයෙක්ද ?

    [FONT=&quot]දස්සනං භාවිතත්තානං [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යො හාපෙති උපාසකො[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සවණංච අරිය ධම්මානං [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]අධි සීලෙ න සික්ඛති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අප්පසාදො ච භික්ඛුසු [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]භිය්‍යො භිය්‍යො පවඩ්ඪති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]උපාරම්භ චිත්තොච [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සද්ධම්මං සොතු මිච්චති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඉතොච බහිද්ධා අඤ්ඤං [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]දක්ඛිණෙය්‍යාං ගවෙසති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තත්ථෙවච පුබ්බකාරං [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යො කරොති උපාසකො[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එතෙඛො පරිහානියෙ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සත්ත ධම්මෙ සුදෙසිතො[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]උපාසකො සෙවමානො [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සද්ධම්මා පරිහායති[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහීමට හේතුවන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පළමු කරුණ [/FONT][FONT=&quot]ලෙස එහි[/FONT][FONT=&quot]දැක්වෙන්නේ (භික්ඛු දස්සනං හාපෙති) භික්ෂූන් දැකීමට අකමැතිවීමයි. ගිිහි [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]පැවිදි කා අතරත් ගුණවත් [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නුගුණවත් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිල්වත් [/FONT][FONT=&quot]–[/FONT][FONT=&quot]දුසිල්වත් අය සිටිති. ඇතැම්[/FONT][FONT=&quot] කෙනෙක් භික්ෂූ ප්‍රතිරූපක දුසිල්වත් භික්ෂුවකගේ ක්‍රියාකලාපයන් දැක හැම [/FONT][FONT=&quot]භික්ෂුවක්ම එසේ යැයි සිතමින් භික්ෂූන් දැකීමට අකැමැති වෙති.[/FONT]


    [FONT=&quot]එය මුළාවෙන් කරන ක්‍රියාවකි. භික්ෂුව දැකීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආශ්‍රය කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෞද්ධයෙකුට [/FONT][FONT=&quot]ඉතාම අවශ්‍ය කාරණයෙකි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සමණානඤ්ච දස්සනං[/FONT][FONT=&quot]” “[/FONT][FONT=&quot]දස්සන කාමො සීලවතං[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යනාදි දේශනා[/FONT][FONT=&quot]පාඨ තුළින් සිල්වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණවත් ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම තුළින් ඇතිවන යහපත[/FONT][FONT=&quot] කොතරම්දැයි තේරුම් ගත හැකිය. හොඳ භික්ෂූන් ආශ්‍රය තුළින් ශ්‍රද්ධා [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ශීල [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ත්‍යාග [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ප්‍රඥා යන ගුණධර්ම දියුණු කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට[/FONT][FONT=&quot]පත්විය හැකිය. නිග්‍රෝධ හිමියන්ගේ දර්ශනයෙන් පවා චණ්ඩාශෝක [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මාශෝක[/FONT][FONT=&quot] කෙනෙක් බවට පත් වීමට හේතු විය.[/FONT]

    [FONT=&quot]පෙර අපේ බෞද්ධ රජවරුන් පවා තම දූ දරුවෝ භික්ෂුන් ඇසුරේ හැදී වැඩීමට[/FONT][FONT=&quot] සැලැස්සූහ. දුටුගැමුණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සද්ධාතිස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිරිසඟබෝ වැනි රජවරුන්ගේ චරිත කතාවලින්[/FONT][FONT=&quot] පෙනෙන්නේ ඒ අය භික්ෂූන් ඇසුරේ හැදී වැඩී රාජ්‍ය පාලනයට පැමිණි ආකාරයයි. එම[/FONT][FONT=&quot]නිසා භික්ෂුවකගේ දැකීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසුර අත්හැරිම පිරිහීමට හේතුවන අයුරුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිල්වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණවත් භික්ෂූන් දැකීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසුර දියුණුවට හේතුවන ආකාරයත් සලකා භික්ෂුවගේ[/FONT][FONT=&quot] අනුශාසනාවලින් තමන්ගේ දැන උගත්කම් ගුණ නැණ දියුණු කරගෙන දෙලොව දියුණුව සලසා[/FONT][FONT=&quot]ගැනීමට මහන්සි ගත යුතුය.[/FONT]

    [FONT=&quot]දෙවන පිරිහීමේ කරුණ[/FONT][FONT=&quot] ලෙස දක්වා ඇත්තේ (සද්ධම්ම සවණං[/FONT][FONT=&quot]පමජ්ජති) බණ ඇසීමට ප්‍රමාද බවයි. ධර්මයෙන් උගන්වන හොඳ දේ පැත්තකට දමා නරක[/FONT][FONT=&quot]දේ අසමින් දකිමින් කාලය ගෙවනවා නම් බෞද්ධයාගේ බෞද්ධකම පිරිහීයාම නිතැතින්ම[/FONT][FONT=&quot] සිදුවේ. ධර්මය අහන අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දන්න අය අපරාධ කිරීමට උත්සාහවත් නොවේ. බණ නොදන්න අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නො අසන අය තිරිසනුන් මෙන් කුමක් හෝ අපරාධයක් කිරීමට මැලි නොවෙති. එම නිසා[/FONT][FONT=&quot]සෑම බෞද්ධයෙකුම බණ අසා ධර්ම ඥානය දියුණු කර ගැනීම තුළින් මිනිස්කම රැකගෙන[/FONT][FONT=&quot]සමාජයේ යහපත්ව විසීමට අවස්ථාව උදා කරගත හැක. බණ ඇසීම උතුම් මංගල සම්මත [/FONT][FONT=&quot]ක්‍රියාවකි. (කාලෙන ධම්ම සවණං) බණ නො ඇසීම නිසා ගුණ නුවණින්ද මෙලොවින් හා[/FONT][FONT=&quot] පරලොවින්ද පිරිහෙන බව තේරුම් ගෙන බණ ඇසීමෙහි ප්‍රමාද නොවී බණ අසා බෞද්ධකමත්[/FONT][FONT=&quot] රැකගෙන මෙලොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරලොව ජය ගැනීමට මහන්සි ගන්න.[/FONT]

    [FONT=&quot]තුන්වන කරුණ[/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ ඉහළ සීලයන්හි පිහිටා කටයුතු[/FONT][FONT=&quot] නොකිරීමයි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අධි සීලෙ නසික්ඛති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පඤ්ච සීලයට වඩා[/FONT][FONT=&quot]උසස් සීලයන්හි පිහිටා කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දියුණුවට හේතු වේ. පඤ්ච[/FONT][FONT=&quot]සීලය අබුද්ධෝත්පාද කාලවල පවා පැවැති ශිෂ්ට සම්මත කරුණු පහකින් සමන්විත වී[/FONT][FONT=&quot]ඇත. තිසරණයද සහිතව එය සමාදාන් වී රැකීම තුළින් බෞද්ධයාගේ නිත්‍ය සීලය බවට[/FONT][FONT=&quot] පඤ්ච සීලය පත්විය. එම නිසා බෞද්ධයා නිතරම පිරිසුදුව පන්සිල් ආරක්ෂා කරගෙන [/FONT][FONT=&quot]සිටීම වැදගත් වේ. එහෙත් එයින්ම සෑහීමකට පත්වීම ප්‍රමාණවත් නොවේ. පෙර අපේ[/FONT][FONT=&quot] බෞද්ධයෝ මසකට එළඹෙන පොහොය සතරටම අටසිල් සමාදන්ව විවේකීව සිල් ආරක්ෂා කිරිමට[/FONT][FONT=&quot] මහන්සි ගත්තේ මෙහි ඇති වැදගත්කම තේරුම් ගෙනය.[/FONT]

    [FONT=&quot]වර්තමාන සමාජයේ පොහොය සතරට .තබා මසකට වරක්වත් පඤ්ච සීලයට වඩා උසස් සීලය ක[/FONT][FONT=&quot]පිහිටා කටයුතු කිරීමට බොහෝ බෞද්ධයන් උත්සාහ නොගන්නා බව පෙනේ. ඊට හේතුව[/FONT][FONT=&quot] ශ්‍රද්ධාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැලකිල්ලත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑකමත් නැතිකම මිස අන් කරුණක් නොවේ. වෙනත් සියලු [/FONT][FONT=&quot]කරුණුවලට ඉඩ කඩ ලබා ගත හැකි නම් මසකට වරක් පුර පසළොස්වක පොහොය දවසටවත් ඊට[/FONT][FONT=&quot] ඉඩක් නැහැයි කීම පිළිගත හැකිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හැම දෙනාටම අවශ්‍ය වන ඉන්ද්‍රිය සංවරය හා[/FONT][FONT=&quot]චිත්ත දමනය නැති සමාජය ඉතා කලබල සහිතය. වියවුල් සහිතය. මෙය යම් තරමින් හෝ[/FONT][FONT=&quot] මග හරවා ගැනීමට අටසිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දසසිල් වැනි උසස් සීලයක පිහිටා සිටීමේ ඇති වැදගත්කම[/FONT][FONT=&quot] තේරුම් ගෙන මසකට වරක්වත් උසස් සීලයක පිහිටා කටයුතු කරන්න මහන්සි ගන්න.[/FONT]

    [FONT=&quot]බෞද්ධයාගේ[/FONT][FONT=&quot] සිව්වැනි පිරිහීමේ කරුණ [/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ [/FONT][FONT=&quot]සිල්වත් භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇති කර ගැනීමයි. නවකවූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණවූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහලුවූත් භික්ෂූන් කෙරෙහි නිතර කලකිරිම් ඇති කරගන්නා පුද්ගලයා පිරිහීමට පත්[/FONT][FONT=&quot]වෙයි. (අප්පසාද බහුලොහොති භික්ඛුසු ථෙරෙසු චෙව නවෙසු මජ්ක්‍ධිමෙසු) අද[/FONT][FONT=&quot] සමාජයේ ජීවත්වන බොහෝ දෙනා භික්ෂූන් කෙරෙහි සලකන්නේ සියල්ලෙන් මිදුනු [/FONT][FONT=&quot]නිර්දෝෂි පුද්ගලයන් ලෙස ජීවත් විය යුතුය යන හැඟීමෙනි. සමන්තභද්‍ර වූ[/FONT][FONT=&quot] බුදුරජාණන් වහන්සේ හැරුණු විට අනික් සැමදෙනා අතින්ම යම් යම් වැරැදි සිදුවීම[/FONT][FONT=&quot] ස්වාභාවිකය. සසර පුරුදු නිසා රහත් වූවත් (පව් නොවන) යම් යම් අඩුපාඩු එම[/FONT][FONT=&quot] රහතුන් තුළද ඇතිවේ. එසේ නම් පෘතග්ජන භික්ෂූන් ගැන කිවයුතු කවරේද[/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]අද අප රට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමා අත නොයෙක් අතින් වැරැදි තිබියදී[/FONT][FONT=&quot]අනුන්ගේ පිරිසුදුකම සොයා බැලීමටයි. ඇතැම් විට පඤ්ච සීලයත් රැක ගැනීමට[/FONT][FONT=&quot] නොහැකි වූ අය කෝටියක් සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විවේචනය කරයි නම් එය[/FONT][FONT=&quot] කෙතරම් විහිළුවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අද බෞද්ධයාම භික්ෂුවකගේ ඇති සුළු වරද ඉතා විශාල කොට[/FONT][FONT=&quot]දක්වා බුදුදහමට ද නිගාවන ලෙස කරන විවේචන කොතරම් දරුණු දැයි පුවත්පත් ආදිය [/FONT][FONT=&quot]කියවන විට ඔබට මනාව වැටහෙනවා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබ නියම බෞද්ධයෙකු නම් කළ යුත්තේ[/FONT][FONT=&quot] භික්ෂුවගේ වරද කරුණාවෙන් දයාවෙන් පෙන්වා දීමයි.[/FONT]

    [FONT=&quot]භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන. ඒවා අතන මෙතන කියා විවේචනය[/FONT][FONT=&quot] කිරීමෙන් හැදෙන වැඩෙන දූ දරුවන්ට පවා භික්ෂුව එපා කරවන තත්වයන් උදාවෙයි.[/FONT][FONT=&quot]එම නිසා සැබෑ බෞද්ධයෙකු කවදාවත් ද්වේෂ අග්නියෙන් භික්ෂූන් වහන්සේට පරිභව[/FONT][FONT=&quot]නොකරයි. තමන් කෙතරම් උසස් තත්වයකට ගියද භික්ෂුව කෙරෙහි දැක්විය යුතු [/FONT][FONT=&quot]ප්‍රසාදය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෞරවය අඩු නොකරයි. එම නිසා සෑම බෞද්ධයෙකුම භික්ෂුව කෙරෙහි [/FONT][FONT=&quot]අප්‍රසාද බව ඇති කරගැනීම දෙලොව පිරිහීමට හේතුවන බව සලකා එයින් මිදීමට සිතට [/FONT][FONT=&quot]ගැනීම වැදගත් වේ.[/FONT]

    [FONT=&quot]පස්වන පිරිහීමේ කරුණ[/FONT][FONT=&quot] ලෙස දක්වා ඇත්තේ සිදුරු සොයන [/FONT][FONT=&quot]අදහසින් ධර්මය ඇසීමයි. (උපාරමා චිත්තො ධම්මං සුනාති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රන්ද ගවේසි) ඇතැම් අය[/FONT][FONT=&quot] ධර්මය අසන්නේ එය තේරුම් ගෙන ජීවිතය සකස් කරගැනීම සඳහා නොවේ. විවේචනය කිරීම[/FONT][FONT=&quot] සඳහා වරදක් අල්ලා ගන්නේ කෙසේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තමන්ගේ උගත්කම පෙන්වන්න දේශකයාගෙන් විවිධ[/FONT][FONT=&quot]ප්‍රශ්න අසා දුෂ්කරතාවයට පත් කරන්න ආදී විවිධ අදහස් සිත් තුළ තබාගෙනය. නමුත් [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ දෙසු සුපරිසුද්ධ ධර්මය එවැනි පටු හැඟීම් සිත් තුළ[/FONT][FONT=&quot] තබාගෙන ඇසීම පිරිහීමට හේතුවේ. සමහරවිට ධර්මදේශනා කරන විට නොදැනුවත් කමින්[/FONT][FONT=&quot] කෙරෙන වැරැදි තිබිය හැකිය. හොඳින් බණ අසන අයට ඒවා දැනෙන්නට පුළුවන. එවැනි [/FONT][FONT=&quot]අවස්ථාවලදී මෛත්‍රී සිතින් පෙන්වා දීම වරදක් නොවේ. එසේ කියාදීම පින්කමකි.[/FONT][FONT=&quot]මෙහි පිරිහීමේ කරුණක් ලෙස දැක්වූයේ එවැනි අවස්ථාවක් ගැන සලකා නොවේ. වැරදි [/FONT][FONT=&quot]අදහසින් දේශකයාගේ හා ධර්මයේ සිදුරු සොයමින් විවේචනය කරන අදහසින්ම ශ්‍රවණය[/FONT][FONT=&quot]කිරීම පිළිබඳ සලකා ගෙනයි.[/FONT]

    [FONT=&quot]බුදු සමය වැනි ගැඹූරු දර්ශනයක් එකවර අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. රහත්[/FONT][FONT=&quot]භාවයට පත්වන තුරුම ධර්මයේ නියම තත්වය අවබෝධ කරගත නොහැකි ගැඹූරු ධර්මතාවයක්[/FONT][FONT=&quot]එහි අන්තර්ගතව ඇත. නිවනෙහි යථා ස්වභාවය දත හැක්කේ නිර්වාණාබෝධය කළ[/FONT][FONT=&quot]තැනැත්තාටය. ඒ නිසා තමන් ධර්මය මඳක් දැනගෙන විවේචනය කරන්නට නොගොස් තව තවත්[/FONT][FONT=&quot]ධර්මය ඉගෙන ගෙන දෙලොව ජය ගැනීමට මහන්සි ගැනීමයි බෞද්ධයා විසින් කළ යුතු[/FONT][FONT=&quot]වන්නේ.[/FONT]

    [FONT=&quot]හයවෙනි පිරිහීමේ කරුණ [/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ බුදුදහමෙන් පිට[/FONT][FONT=&quot]පූජා සත්කාරයන් කිරීමට වඩාත් සුදුස්සන් ඇතැයි පූජාර්හයක් (ඉතොව බහිද්ධා[/FONT][FONT=&quot]දක්ඛිණෙය්‍යං ගවෙසති) සොයමින් කටයුතු කිරීමයි. ඇතැම් අය බෞද්ධයන් වශයෙන්[/FONT][FONT=&quot]පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට[/FONT][FONT=&quot] නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ. බාහිර ශාසනයන් හිද[/FONT][FONT=&quot] පරිත්‍යාගයක් ලැබීමට සුදුසුකම් ඇති උතුමන් එමට සිටිත්. එසේම කාහට වුවද යමක්[/FONT][FONT=&quot]පරිත්‍යාග කිරීම වරදක් නැත. එහෙත් මෙහිදී කියැවෙන්නේ බෞද්ධයෙක් වශයෙන්[/FONT][FONT=&quot]සිටිමින් ලෞකික විවිධ ආශාවන් නිසා සුළු සුළු ලාභ ප්‍රයෝජන සලකා නිවන් මග[/FONT][FONT=&quot]සලසා දෙන තෙරුවනට වඩා උසස් දක්ෂිණාර්හයක් ඇතැයි සෙවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිතීම අන්ධ විශ්වාසය[/FONT][FONT=&quot]ඇති කරගැනීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි.[/FONT]

    [FONT=&quot]හත්වන කාරණය[/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ බෞද්ධයෙකු ලෙස සිටියත් බුදු [/FONT][FONT=&quot]සස්නෙන් පිට අන්‍ය තීර්ථක අචේලකාදී බාහිරකයන් කෙරෙහි පළමුකොට පුදසත්කාර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගරු බුහුමන් කිරීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයා තමන්ගේ [/FONT][FONT=&quot]ආර්ය සංඝරත්නය උසස් කොට සලකයි. එම නිසා යමක් පූජා කරනකොට සංඝරත්නයට මුලින්ම [/FONT][FONT=&quot]ගරු කිරීම බෞද්ධ සම්ප්‍රදායයි. ඉහතින් දැක්වූ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහෙන[/FONT][FONT=&quot]කරුණුූ හත හොඳින් දැන ඉගෙන ඒවායින් අත්මිදී තම තමන්ගේ වටිනා බෞද්ධ ජීවිත[/FONT][FONT=&quot] මේ පරිහානි ධර්මයන්ගෙන් මදකට හෝ කිළිටිවීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිරිහීමට ඉඩ නො තබා දෙලොව[/FONT][FONT=&quot]දියුණුව හා නිවන් සුවය සලසා ගැනීමට උත්සාහවත් වන්න.[/FONT]


    [FONT=&quot]මීරිගම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිණිඔලුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ති‍්‍රපිටක විශාරද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහෝපාධ්‍යාය මකුලෑවේ විමල නා හිමි[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]උපුටාගැනීම බුදුසරණ පුවත්පතිනි)[/FONT]
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    [FONT=&quot]ඇතැම් අය බෞද්ධයන් වශයෙන්[/FONT][FONT=&quot]පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට[/FONT][FONT=&quot] නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ[/FONT]
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    [FONT=&quot]ඇතැම් අය බෞද්ධයන් වශයෙන්[/FONT][FONT=&quot]පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට[/FONT][FONT=&quot] නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ[/FONT]

    :yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    bump...
    ade jangi kaallak dammanan balanna thibba reply goda. mechchara parana welath meka pages 2i :no::no::no:
    palaweniyata bump karapu ekata thnx
     
    Last edited: