ඔබත් පොහොසතෙක් ද ?
ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත් පවුල් ජීවත් වන ඈත ගම්බද පලාතක්.
ඉතින් කොහොම කොහොම හරි සතියක් විතර මේ ගම්බද පළාතේ ඉතාමත් දුප්පත් පවුලක් ජීවත් වන ගෙදරක තමයි මේ දෙන්න නවාතැන් ගත්තේ. ඔන්න ඉතින් විනෝද ගමන අවසන් වෙලා ගෙදර යන අතරේ අර ධනවතා තමන්ගේ පුතාගෙන් අහනවා
”ඉතින් පුතා, මොකද හිතෙන්නේ අපේ ට්‍රිප් එක ගැන ?”
“ට්‍රිප් එකනම් නියමයි තාත්තේ”
පොඩි එකා සන්තෝසෙන් කිව්වා.
“ඉතින් ඔයා දැක්කද දුප්පත් අය ජීවත් වෙන විදිහ?”
“ඔව්. මම දැක්කා”
“හරි, එහෙනම් මට කියන්න බලමු ඔයා මේකෙන් ඉගෙන ගත්තේ මොකක්ද කියලා”
ඔන්න ඉතින් පොඩි එකා උත්තර දුන්න,
“මම දැක්කා,අපිට ඉන්නවා එක බල්ලෙක්, එයාලට ඉන්නවා බල්ලෝ 4ක්.
අපේ වත්ත මැද වෙනකන් ලොකු, ස්විමින් පූල් එකක් අපේ ගෙදර තියෙනවා, එයාලගේ ගෙදර පිටිපස්සේ ඉවරයක් නැති ලොකූ ගඟක් තියෙනවා.
තාත්ත රටින් ගෙනාපු ලයිට් තියෙනවා රෑට අපේ වත්ත එලිය කරන්න, එයාලට රෑට එලිය දෙන්න තරු තියෙනවා.
අපිට පොඩි ඉඩමක් තියෙනවා ජීවත් වෙන්න, එයාලට මුළු පොළවම තියෙනවා.
අපිට වැඩ කරලා දෙන්න වැඩකාරයෝ ඉන්නවා, එයාල අනික් අයට වැඩ කරලා දෙනවා.
අපි සල්ලි දීල කෑම ගන්නවා, එයාල එයාලගේ කෑම හදාගන්නවා.
අපේ වත්ත වටේ ලොකු තාප්පයක් තියෙනවා අපිට ආරක්ෂා වෙන්න, එයාලව ආරක්ෂා කරන්න යාලුවෝ ඉන්නවා.”
මේක අහපු කොල්ලගේ තාත්තා කිසි කතාවක් නැතිව බලන් හිටියා. එයාට ඇත්තටම තේරුනේ නැහැ මොකක් කියන්නද කියලා.
“තාත්තට ගොඩක් ස්තුතියි මට පෙන්නලා දුන්නට අපි කොච්චර දුප්පත් ද කියලා”
කොල්ලා තමන්ගේ කතාවට තව කොටසක් එකතු කළා…
ඔන්න ඕකයි කතාව. ඇත්තටම කෙනෙක් දෙයක් දිහා බලන විදිහෙන් ගොඩක් ලොකු වෙනසක් කරන්න පුළුවන්. තමන් සතුටින් ඉන්නවද දුකෙන් ඉන්නවද කියන එකත් තමන්ගේ දෘෂ්ටිකෝණය අනුව වෙනස් වෙනවා.
ගොඩක් අය කරන වැඩක් තමයි තමන් ගාව නැති දේ ගැන හිතල දුක් වෙන එක. ඊට වඩා තමන් ගාව තියෙන දේ ගැන හිතලා සන්තෝසෙන් ඉන්න ඉගෙනගන්නේ කීයෙන් කී දෙනාද?