ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා
මායා මල්හෝත්‍රා කියන්නේ මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙන නමක්. මායා ධනවත් තරුණියක්. විලාසිතා සඟරාවක අයිතිකාරියක්. නමුත් පුංචි කාලේ තාත්තා අතින් වෙච්ච අතවරයක් නිසා ඇය ඉන්නේ මානසික ආතතියකින්. ඒ තමයි Beyhadh ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වුනු මායා මල්හෝත්‍රාගේ කතාව. මේ කතාව අපිට බලන්න වෙන්නේ ඔබත් මමත් ඇයත් නමින්.
මේ කතාවේ මායා මල්හෝත්‍රා ට රඟපාන්නේ ජෙනිෆර් වින්ගට් කියන 32 හැවිරිදි ඉන්දියානු නිළිය. අපිට මිට කින් මායාව හම්බවෙලා තියෙනවා. මිට අවුරුදු පහළොවකට විතර කලින් අපි බලපු ජනප්‍රිය ඉන්දියානු සොප් ඔපෙරාවක් එහෙමත් නැත්නම් ෆැමිලි ඩ්‍රාමා එකක් තමයි ප්‍රවීනා කියන්නේ . මේ චරිතයේ ප්‍රධාන නිළිය වන ප්‍රවිනාට හිටිය “ස්නේහා” ලස්සන දුවෙක්. ඒ දුවට රංගනයෙන් දායක වුනේ මේ ජෙනිෆර් තමා. ස්නේහා චරිතය පුංචි කලේ ඉඳලා අවුරුදු 45ක් විතර වෙනකම් විහිදිලා තිබුනා.
ජෙනිෆර් “ස්නේහා”චරිතය රඟපාන පටන් ගන්නකොට ඒ කියන්නේ 1999 වසරේදී එයාගේ වයස අවුරුදු 14යි. ප්‍රවීනා කතාව සම්පුර්ණයෙන්ම රුගත කරලා ඉවර කරන්න අවුරුදු 4ක් විතර ගිහින් තියෙනවා. ඉතින් දඟකාර ස්නේහාගේ චරිතය රඟපාපු ජෙනිෆර්ට ඒ කාලයේ රඟපාන්න අවස්ථා බොහොමයක් ලැබිල තියෙනවා. හැබැයි ප්‍රවීනා නාට්‍යයේ රඟපෑම එයාගේ පලවෙනි රංගනය නම් නෙමෙයි. ජෙනිෆර් රඟපාන පටන් ගන්නකොට එයාගේ වයස යන්තම් අවුරුදු 7ක් වුනා විතරයි. 1993දී රුගත කරලා 1995දී තිරගත වුන් “අකෙලේ හම අකෙලේ තුම්” චිත්‍රපටියේ පුංචි සොනුගේ නංගි පුජාගේ චරිතය රඟපාල තියෙන්නෙත් ජෙනිෆෙර්. 2000 අවුරුද්දේ ප්‍රදර්ශනය වුන “රජ කො රානි සේ ප්යාර් හෝ ගයා” කියන චිත්‍රපටියේ පුංචි දඟකාර “තන්තු”ගේ චරිතයට රඟපාන්නෙත් ඇයයි.
2013 අවුරුද්දේ රුගත කෙරුණ “ලව් කියා ඕර් ලග ගයේ” කියන විනෝදාත්මක චිත්‍රපටියේ “රියා”කියන ප්‍රධාන චරිතයත් , 2013 අවුරුද්දෙම රුගත කෙරුණ “ලව් රීබුත් නහි හොති” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයත් ජෙනිෆෙර්ගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වුණා . මේ විදිහට ජෙනිෆෙර් චිත්‍රපටි දහයක,ටෙලි නාට්‍ය එකොළහක වගේම එකංග නාට්‍ය දහයක රඟපාල තියෙනවා. රංගන ජිවිතයේ ඇය ලැබූ සම්මාන ගණන පහළොවක්.
1985 වසරේදී මැයි මාසයේ මුම්බායේ තමයි ජෙනිෆෙර් ඉපදිලා තියෙන්නේ. පුංචි කාලයේදීම මෝස්තර නිරුපණයට යොමු වෙලා හිටපු නිසා ඇයට උසස් අධ්‍යාපනය ලබන්න වෙලා නැහැ. කොහොම වුනත් 2012 අවුරුද්දේ ආසියාවේ සරාගීම කාන්තාවන් කියන ලයිස්තුවේ 21 වන ස්ථානය ලැබිල තියෙන්නේ ජෙනිෆෙර්ට. 2012 වසරේ අප්‍රේල් මාසයේදී සිං ග්‍රෝවර් කියන රුපවාහිනී නළුවා එක්ක විවාහ වුන ජෙනිෆර් ඉන් අවුරුදු දෙකකට පසු ඔහුගෙන් වෙන් වෙනවා. දැන් ඔහු විවාහ වෙලා ඉන්නේ බොලිවුඩ් නිලි බිපාෂා බාසු සමඟයි. මේ වෙද්දීත් ජෙනිෆෙර් ඉන්නේ තනිවමයි.
මායා මල්හෝත්‍රා කියන්නේ ටිකක් නපුරු චරිතයක් වුනත් සැබෑ නම් හුඟක් කරුණාවන්ත සමාජශීලි කෙනෙක්. කොහොම වුනත් ළඟදීම මේ තනිකමෙන් මිදෙන්න බලන් ඉන්නවා කියලයි ඇය කියන්නේ.
source http://thewoman.lk/jenifer-winget-in-beyhadh/

Attachments
Last edited: