කොඩිගහ යට කලූ Speaks about LGBT community..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ දිනවල හැමෝම වගේ කතා බහ වෙන ටෙලි නාට්‍යයක් තමයි ජගත් මනුවර්ණ අධ්‍යක්‍ෂණය කළ කොඩිගහ යට. එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවැනි රංගනයක යෙදෙන මේ වැඩේ ඇතුළේ මේ දවස්වල හරි ජනප්‍රිය චරිතයක් ඉන්නවා. ඔහුගේ රංගනය ගැන කට්ටිය විවිධ කතා කියනවා. කොඩිගහ යට කළු කිව්වහම නොදන්න කෙනෙක් නැහැ ඇත්තටම කවුද මේ කළු. මීට කලින් මොනවද කරපු වැඩ. හැමෝම හොයන කොඩිගහ යට කළුගේ වගතුග අපි ඔයාලට කියන්න හිතුවා. නමින් නලීන් ලුසේනා වූ ඔහු කොඩිගහ යට කළු ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.



    නලීන් ඔබට කළු ගැන මොකද හිතෙන්නේ?



    මෙහෙමයි. කළු ගැන මම අවංක අදහස කිව්වොත් රංගන ශිල්පියෙක් විදිහට මම කළුව දකින්නේ එක චරිතයක් විදිහට. විශේෂ සහ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ, රචකයකුගේ බොහොම දැනුවත් භාවයෙන් සිද්ධ වුණු අධ්‍යක්‍ෂණ කාර්යයක් සහ වෙනසක එක කොටස්කරුවෙක් විදිහට තමයි මම කළුගේ චරිතය දකින්නේ.



    ලැබෙන ප්‍රතිචාර



    ලැබෙන ප්‍රතිචාර සහ ටෙලි නාට්‍ය තුළ ඒ චරිතය හැසිරෙන සහ ඒ දේවල් එක්ක මට දැනෙන දේ තමයි හොඳ දැක්මක් තිබෙන අධ්‍යක්‍ෂවරයෙක් කියලා. විශේෂයෙන් මේකේ වටිනාකම ජගත්ට තමයි හිමිවෙන්න ඕනෑ. ඔහු බොහොම සූක්‍ෂමව සහ අවබෝධයකින් යුතුව කළුව ගොඩනඟලා තිබෙනවා. රංගන ශිල්පියෙක් විදිහට ඒ කාර්යය කොටස්කාරයෙක් විදිහට රංගනයෙන් දායක වෙන්න ලැබීම මට සතුටක්.



    අධ්‍යක්‍ෂවරයා පිටපත අතට දෙනකොට මොනවගේ අභියෝගයක් ද දැනුණේ?



    හොඳ ප්‍රශ්නයක්. අභියෝගයක් තිබුණේ නැහැ කියලයි මට හිතුණේ. ජගත් මේ වැඩේ කරමු කියලා මට කතා කළහම මට රංගන ශිල්පියෙක් විදිහට දැනුණ දෙයක් තමයි ඒක මට රඟපාන ලැබුණු එක චරිතයක් කියලය.ි අභියෝගයක් වෙන්නේ ඒ චරිතය මට විශේෂ තත්ත්වයක් විදිහට දැක්කොත් කියලා හිතලයි මම විශ්වාස කරන්නේ. මම මනුෂ්‍යයෙක් විදිහට ඒ චරිතයේ විශේෂත්වයක් දකින්නේ නැහැ.



    ඇයි ඒ?



    සංක්‍රාන්තික ලිංගිකයෙක්, ගැහැනියක්, පිරිමියෙක් හෝ සමරිසි චරිතයක් මට රඟපාන්න ලැබෙන කොට ඒ තත්ත්වය ගැන ලොකුවට තකන කෙනෙක් නෙමෙයි. ඒක එයාගේ සමාජ භාවය.



    එයාගේ විදිහ. ඒකත් එක්ක මගේ ආකල්ප ඇතුළේ ඒ තත්ත්වය මම ළඟාකරගෙන තිබුණා. මට මනුෂ්‍යයෙක් විදිහට මුලින්ම මේක දැනුණේ නැහැ. මේක විශේෂයි කියලා පෙනෙන්නේ අපිට නිතර දකින්න නොලැබෙන ස්වභාවයක් එක්කනේ. අනික ජගත්ට අදහසක් තිබුණා මේ චරිතය නාට්‍ය ඇතුළේ කොහොමද ප්ලේස් වෙන්නේ කියලා. අනික ජගත් දන්නවා නළුවන්ව මෙහෙයවන්න. ඉතිං හොඳ අධ්‍යක්‍ෂවරයෙක් යටතේ නළුවෙකුට රඟපාන්න ලැබෙන වෙලාවට කිසිම චරිතයක් අභියෝගයක් නෙමෙයි කියලයි මම හිතන්නේ.




    නළුවෙක් විදිහට මම විශ්වාස කරන දෙයක් තමයි අධ්‍යක්‍ෂවරයෙක් මාව හසුරුවන්නේ. නළුවෙක් විදිහට මම තනියම ගෙදරින් ඔක්කොම කරගෙන ඇවිල්ලා රඟපාන කෙනෙක් නෙමෙය.ි හොඳ පිටපතක් සහ හොඳ අධ්‍යක්‍ෂවරයෙක් යටතේ තමයි මට මගේ සාර්ථකත්වය දකින්න පුළුවන් වෙලා තියෙන්නේ.



    මේ චරිතයට පෙර පුහුණු වීම් එහෙම කළාද?



    මට මේ චරිතය ලබාදෙද්දී ජගත්ට අදහසක් තිබෙනවා කියලා මට තේරුණා. අපි හරි සතුටෙන් කරපු වැඩක්. මේ චරිතයේ මනෝ භාවයන් පිළිබඳව අපිට අදහසක් තිබුණා. බාහිරින් කොහොමද හැසිරෙන්නෙ කියන එක සම්බන්ධව අපි විශේෂයෙන් කනිෂ්ක එක්ක පුහුණුවීම් කළා. එයා අඳින්නේ පලඳින්නේ, කන්නේ බොන්නේ, ඇවිදින්නේ, කොණ්ඩේ කොහොමද කියන ඒවා පිළිබඳව පුහුණුවීම් කළා.



    සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමරිසි පුද්ගලයන් ගැන ඔබේ අදහස?



    රට, ජාතිය, ආගම, සංස්කෘතිය, මිනිස්සු ගැන අපිට පුංචි කාලේ ඉඳලා උගන්වන දේවල් ටිකක් තියෙනවානේ. සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමරිසි පුද්ගලයන් ගැන අපේ රටේ තිබුණේ වැරදි මතයක්. නමුත් අපි දන්නවා ලෝකයේ මේක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක් කියන එක තැනට ඇවිත් තිබෙනවා. වර්තමානයේ ලංකාවේ ඒ කථිකාවත බොහෝ දරුණුවට තියෙනවා. ඇත්තට ම දැන් මේ වෙද්දී අපේ ඒ අදහස අහෝසි වෙලා තිබෙනවා කියලාදැන් මට පේනවා. මම හිතන්නේ සංක්‍රාන්ති ලිංගිකයන් ගැන හෝ සමරිසි පුද්ගලයන් ගැන කතා කරන එකත් නවත්තන්න ඕනෑ කියලයි. ඕනෑම දෙයක් සාමාන්‍ය තත්ත්වයෙන් පිළිගන්නවා නම් ඒක ගැන විශේෂයෙන් කතා කරන්නේ නැහැනේ. ගැහැනියක් වීම පිරිමියෙක් වීම මාර ලොකු මාතෘකාවක් නෙමෙයිනේ. සමරිසි සහ සංක්‍රාන්ති ලිංගිකයන් වීම මාර ලොකු මාතෘකාවක් වෙන්න ඕනෑ නැහැ කියලය මම හිතන්නේ. එතකොට තමයි හරි සමානාත්මතාවයක් ගොඩනැඟෙන්න පුළුවන්. සමරිසි හෝ සංක්‍රාන්ති ලිංගිකයන් මට නම් මාර දුර්වල කට්ටියක්වත් මාර විශේෂ කට්ටියවත් නෙමෙයි. ගැහැනු පිරිමි වගේම සාමාන්‍ය කට්ටියක්.



    නලීන් ලුසේනා ටිකක් වේදිකාවට බර චරිතයක්?



    මගේ රංගන කටයුතු වගේම කලා කටයුතු ආරම්භ වෙන්නේම වේදිකාවෙන්. ශාන්ත පීතර විiාලයේ තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ. ඊට පස්සේ කැලණිය විශ්වවිiාලයට තේරිලා නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය හදාරනවා. එතැනින් පස්සේ මම කථිකාචාර්යවරයෙක් විදිහට කැලණිය සහ ශ්‍රීපාලි විශ්වවිiාලයේ කාලයක් සේවය කරන්නත් ලැබෙනවා.



    එතකොට ඔබ වෘත්තියෙන් කථිකාචාර්යවරයෙක්?



    දැන් නැහැ. මම කලින් වැඩකරලා තියෙනවා. බාහිර සහ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහටත් වැඩ කරලා තිබෙනවා. නමුත් මම මේ වෙනකොට විශ්වවිiාලවල වැඩකරන්නේ නැහැ.



    දැන් ඔබේ වෘත්තිය රංගනය ද?



    මම වෘත්තියක් විදිහට රංගනය කරනවා කියන්න අමාරුයි. මම ජීවත් වෙන්න කරන තව ගොඩක් දේවල් තිබෙනවා. විශේෂයෙන් නාට්‍ය වැඩමුළු කරනවා. ඊට අමතරව පිටපත් රචනය සිදුකරනවා. මේ වෙනකොට මම චිත්‍රපටයක පිටපතක් ලියමින් ඉන්නවා. ඒක ඉදිරි කාලයේදී කරන්න කල්පනා කරමින් ඉන්නවා. වෘත්තියෙන් රංගන ශිල්පියෙක්වත් නෙමෙයි මම. මම වේදිකාවත් එක්ක අවුරුදු දාහතක් දහඅටක් විතර කාලයක ඉඳලා වැඩ කරනවා. රාජිත දිසානායකගේ නාට්‍ය එක්ක මම අවුරුදු දාහතරක කාලයක් වැඩ කරලා තිබෙනවා.



    වේදිකාවේදී සම්මානයට පවා පාත්‍රවෙලා තිබෙනවා නේද?



    ඔව්. මම වේදිකා නාට්‍ය කිහිපයක් කරලා තිබෙනවා. 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍යයට හිමි සම්මානය සහ ඇගයීමට ලක්වුණේ මගේ නාට්‍යය.



    ඔබ මීගමුවේ ඉඳලා කොළඹ ඇවිත් කට්ටක් කාපු නළුවෙක් එහෙම නේ?




    මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි කොළඹ වැඩකරන්න ගත්තේ. ඇත්තටම කට්ටක් කෑවා කියන එක මම එච්චර හිතන්නේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන විදිහට තමයි මමත් ජීවත් වුණේ. මොකද ලංකාවේ භාගෙට භාගයක් මිනිස්සු කටුකන එකනේ කරන්නේ. මට මේක ඇත්තටම ලොකු කට්ටක් විදිහටම පේන්නේ නැහැ. මාර අමාරු එකක් විදිහට පේන්නෙත් නැහැ. ඕනෑම වෘත්තියකදී ඒකට අදාළ කාර්යයක් තිබෙනවානේ. මම හිතන දෙයක් තමයි මම මේක තවම ඉවර කරලා තිබෙන ජර්නි එකක් නෙමෙයි. මම දැන් තැනකට ඇවිල්ලා වගේ හැඟීමක් මම ඇත්තටම නැහැ. මේක මගේ ජීවිතයේ ගමනක්. මම කලාව තෝරගෙන වැඩකරන කෙනෙක්. මම තවම අවුරුදු විස්සක් විතර තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතිං මම තව මගේ ජීවිත කාලයේ ජීවත් වුණොත් අවුරුදු තිහක් මම ඒකාලෙන් මට කරන්න පුළුවන් කලා කටයුතු මොන මට්ටමින් හෝ සිදුකරනවා. ඒකයි මම ඒක කට්ටක් විදිහට දකින්නේ නැත්තේ. ඒ කාලය තමයි මාව පෝෂණය කරන්නේ. ඉදිරියේදීත් මම තවම යම්කිසි තැනකට ඇවිල්ලා කියලා හිතන්නේ නැහැ. මොකද ඉදිරියක් තිබෙනවා මම විශ්වාස කරනවා තව දේවල් මට කරන්න පුළුවන් කියලා. මෙතැනින් සතුටුවෙලා මෙතැනින් නවතින්න හරි දැන් වගේ එකක් මගේ ඔළුවේ නැහැ.



    මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?



    මම මේ මෑතක සම්බන්ධවෙලා ඉන්න වේදිකා නාට්‍ය දෙකක් තිබෙනවා. 2019 ජූලි මාසේ දවසක් සහ නැතිව බරි මිනිසෙක් කියන වේදිකා නාට්‍ය දෙක. එතැනින් එහාට මම කලා කටයුත්තකටම සම්බන්ධ වෙන්නේ චිත්‍රපටයකට. මම සහ ශ්‍යාම් ප්‍රනාන්දු පිටපතක් සකස් කරලා මේ වෙද්දී නිෂ්පාදකවරු සමග සාකච්ඡා කරමින් ඉන්නවා. චිත්‍රපටයක් එක්ක වැඩකරන එකක් ගැන තමයි ඉදිරි කාලය සැලසුම් කරන්නේ. ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ දක්‍ෂ නළුවෙක් වගේම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. විශේෂයෙන්ම මීගමුව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ ධීවර පරිසරයත් එක්ක ගෙතුණු කතාන්දරයක් තමයි අපි ගොඩනඟමින් ඉන්නේ.



    නලීන්ගේ සහ ශ්‍යාම්ගේ ජීවිත කතාවද සිනමාවට එන්නේ?



    නැහැ. අපේ ජීවිත කතාවම නෙමෙය.ි නමුත් අපි දැකපු සහ ගත කරපු සමහර ජීවිත සම්බන්ධව ලියැවුණු විශේෂ කතාවක්. ශ්‍යාම් ප්‍රනාන්දු තමයි මේකේ ප්‍රධාන පිටපත රචකයා. මමයි ශ්‍යාම් අයිය යි තමයි මේ පිටපත ඉවර කරන්නේ. මොකද මම නළුවෙක් විදිහට සීමාවෙන ගමනක නෙවෙයි යෙදිලා ඉන්නේ. මම නළුවෙක් වෙන ගමන්ම සිනමාවේ අධ්‍යක්‍ෂවරයෙක් සහ පිටපත් රචකයෙක් විදිහට වැඩ කරන්න ආසාවෙන් ඉන්නේ. මම තවම එතැනට ආධුනිකයි. ඉතිං ඒකටත් මම වැඩ කරමින් ඉන්නවා. නිම කරපු පිටපතකට නිෂ්පාදකවරු හොයමින් ඉන්නවා.



    කොඩිගහ යට කළු නලීන් ලුසේනාගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණාද?



    ඇත්තටම මගේ ජීවිතයේ කළු කියන්නේ වැඩි පිරිසක් ප්‍රතිචාර දක්වන චරිතයක්. මම හිතන එක තමයි මම ඉදිරියේදී තවත් දේවල් කරයි කියලා. මේක තමයි මගේ හොඳම එක වගේ එකක් මගේ ඔළුවේ වැඩ කරන්නේ නැහැ. ඒක මම යන ගමනේ එකක් විතරයි. ඒක හරි විශේෂයි. මිනිස්සු ගොඩක් ප්‍රතිචාර දක්වනවා. මට ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා. ඒ සතුටු වෙන ගමන්ම ඒක එක්තරා විදිහක හයියක් කියලා මම හිතනවා. මම මේ ගමන තවම ඉවර කරලා නැහැ කියලා මට තව කරන්න සහ හොඳම දෙයක් කරන්න ඕනෑ කියලා ඔළුවේ තිබෙනවා. කරලා ඉවරයි කියලා මට හිතෙන්නේ නැහැ.



    දිනේෂ් විතාන





     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රැඬිකල් ජෙප්පොන්ගේ දහ ජරාවල් ITN වගේ පවුලේ නාලිකාවකට දාන්න ඉඩ දුන්න ඵකා හොයලා උගේ වැඩ තහනම් කරන්න ඕන ඔක්කොටම කලින්.ඕකුන් ඔහොම දේවල් දැම්මහම අනික් චැනල් ඔය්ට වඩා දේවල් දාන්න ගන්නවා..ඔහොම දිගටම ගියොත් ITN ඵකේ නම මාරු කරන්න වෙයි ITN XX කියලා..
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    gay.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රැඬිකල් ජෙප්පොන්ගේ දහ ජරාවල් ITN වගේ පවුලේ නාලිකාවකට දාන්න ඉඩ දුන්න ඵකා හොයලා උගේ වැඩ තහනම් කරන්න ඕන ඔක්කොටම කලින්.ඕකුන් ඔහොම දේවල් දැම්මහම අනික් චැනල් ඔය්ට වඩා දේවල් දාන්න ගන්නවා..ඔහොම දිගටම ගියොත් ITN ඵකේ නම මාරු කරන්න වෙයි ITN XX කියලා..
    ඉස්කෝලෙ ඇඳුම් ඇඳගෙන ලව් කරන සීන් පෙන්නන බයියන්ගෙ නයි දෙරණ මුලින්ම තහනම් කරමුද? @N A K A M U R A
     
    • Haha
    • Love
    Reactions: PHBhagya and lilman

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Ow neda? Aththama trans thamai. Fake boobs ehemath set karagena operation eka karalama.
    ඔක්කොම ෆේක් බූබ්ස් නෙමෙ. බූබ්ස් එනවා උන්ට. ගොඩක් ලොකු ඒවා හදාගෙන නම් ෆේක් වෙන්න ඇති
     
    • Wow
    Reactions: Heshan Daminda

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඔක්කොම ෆේක් බූබ්ස් නෙමෙ. බූබ්ස් එනවා උන්ට. ගොඩක් ලොකු ඒවා හදාගෙන නම් ෆේක් වෙන්න ඇති
    Podi than enne hormones gattanama