ඔබත් මේ හොරාට අහු උනාද

sanjeewa11

Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    ඔබත් මේ හොරාට අහු උනාද


    මෙයාව මම දැකලා තියනවා බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ හාල් වගයක් අහුලනවා අඩ අඩා. මුලින්ම මෙයා ලගට ඇවිල්ලා වටේ මිනිස්සුන්ටත් කතා කරලා මෙයාව නැගිට්ටවලා හාල් ගන්න කියලා සල්ලි දුන්නේ කලු මිටි කෙනෙක්. කොහොමහරි මෙයාට එතනින් අඩුම රුපියල් 5000ක් නම් ලැබෙන්න ඇති. ඊටපස්සේ දවසකත් මම මෙයාව දැක්කා කොටුවේ ටෙලිකොම් එක ඉස්සරහ අර බිම ලොකු ෆෝන් එකක් හදලා තියන තැන. එතනදිත් මෙයාලගට මුලින්ම දුවන් ඇවිත් කෑගහලා වටේ මිනිස්සු ගෙන්නගෙන මෙයාව නැගිට්ටලා 500 ක් දුන්නෙත් අර එදා කෙනාමයි. (මට එදා කෙනාව හොදට මතකයි මම දන්න කෙනෙකුත් ඒ වගේ ඉන්න නිසා. මුලින්ම ඉදිරිපත් වෙලා ලොකු උදව්වක් කරපු නිසාත් මට නෝට්) මමනම් හිතන්නේ මේ දෙන්නම එකට කතාවෙලයි මේක කරන්නේ. මේ වගේ තව කෙනෙක් ඉන්නවා රෑ 10 ට විතර බේස්ලයින් එකේ Nine Hearts වලට එහායින් තියන කලර් ලයිට්ස් ගාව. මිනිහා කරන්නේ රෙඩ් ලයිට් වැටුනම නවත්තලා තියන කාර් වලට ඇවිල්ලා පැනලා කකුල අල්ලන් යටිගිරියෙන් බෙරිහන් දෙනඑක. ඊලගට එතනට මිනිස්සු දුවන් ඇවිත් අර කාර් කාරයව මරන් කන්න හදනවා. මට දවස් 2ක් සෙට් වුනා. ඩ්‍රයිවර්කාරයා බැහැලා පුදුම වෙහෙසක් ගත්තේ උන් එක්ක පොරබදන්න. මාත් ගුටිකන්න වෙයි කියලා ශටර් එකවත් අරින්නේ නැතුව හිටියා. ඔතන වෙන්නේ ජාවාරමක්. වාහනයට පනින මිනිහගෙම සපෝටර්ස්ලා පාර දෙපැත්තේ ඉදලා මිනිහා පැන්නම දුවගෙන එනවා. ඕක මට ආරංචි වෙලා තිබුනු නිසා කට කැඩෙනකම් ඩ්‍රයිවර්කාරයට බහින්න එපා කිව්වට මූ ඇහුවෙම නැහැ ලේ කකියනවා කිය කියා බැහැලා අරුන්ට කියලා හොම්බට හැටකුත් ඇනගෙනම රුපියල් 5000කුත් දීලා. ආයේ වත්තල හේමාස් හොස්පිටල් එක හරියේ ඉන්නවා බයික් කාරයෙක්. ට්‍රැෆික් එකේ නවත්තලා තියන වාහන වල පිටිපස්සෙන් ඇවිත් බයික් එක ඇනලා බිම වැටිලා කකුල නමාගෙන දනිස්ස බදාගෙන කෑගහනවා. ඉස්සරහ කාර් එක බලන්නේ නැතුව රිවර්ස් කරා කියලා චෝදනා කරනවා. බෙහෙත් ගන්න සල්ලි දෙන්න කියනවා, නැත්තම පොලීසි යමු කියනවා. බලන බලන තැන හොරු. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ජනතාවගෙම නියැදියක් නිසා ඒකේ හොරු ඉන්න එක ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ-----
    Dushantha Nanayakkara
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    Ow oowata thamai dash camera oona wenne car wala seen ekata kiuwe ara haal ahulana seen eka nam train eketh wenawa kalekin dakke na manussayawa 😂🤣