ඔබත් වැඩිපුර සිතනවාද?

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඔබත් වැඩිපුර සිතනවාද?



    What Is Overthinking Disorder?

    මෙහෙමයි overthinking කියන්නේ සෑම පුද්ගලයකුටම ජීවිතේ විවිධ අවස්තා වලදි අඩු වැඩි වශයෙන් experience කරන්න ලැබෙන දෙයක්...ඒක සෑම පුද්ගලයකුගෙම ජිවිතේ කොටසක් හැබැයි ඔයාට overthinking කියන දේ daily functionality එකට බාධාවක් වන විදියට හැසිරෙනවා වගේ කියල තේරුනොත්,සාමාන්‍ය දේවල් පවා overthinking වෙනවා කියලා දැනෙනවා නම් හරියට ඔයා සිතුවිලි එක්ක ලොකු struggle එකක් කරනවා කියල දැනෙනවා නම් ඔන්න එතකොට මේ දේ මානසික රෝගී තත්ත්වයකට වගේ පත්වී තිබෙන්න සම්භාවිතාවයක් තියෙනවා,

    Overthinking කියන එකේ සරල සාමාන්‍ය තේරුම යම් දෙයක් පිලිබඳව අවශ්‍ය පරිමාණයට/ප්‍රමාණයට වඩා හිතනවා කියන එක. නමුත් මේක රෝගී තත්වයන් දක්වා වර්ධනය වෙලා තියන වෙලාවක මේක,
    anxiety, stress, fear, dread, etc ඉතාමත් වැඩි වන අයුරින් දේවල් ගැන overthinking වීම දක්වා වර්ධනය වෙන්න පුලුවන්.. මේක සාමාන්‍ය වැඩිපුර සිතීමක් නොවී, තමන්ගේ එදිනෙදා ජීවිතේ functionality එකට බලපාන ලෙස overthinking වීම තමයි serious case එකක් ලෙස ස්ලකන්නෙ හොඳද

    ඔයාට හිතෙනවා නම් ඔයා overthinking නිසා වෙදනා විදිනවා කියලා ඔයා මේ දේවල් experience කරලා තියෙන්න පුලුවන් හොඳද

    1.සාකච්ඡාවකට සහභාගී වීමේදී ඔයාට දිගටම ඒ කතාව පිලිබඳව අවදානය යොනු කිරීමේ නොහැකියාව,මොකද ඔයා සාකච්ඡාවකදී මතුවන යම් කරුණක් ගැන වැසිපුර සිතන කොට සාකච්ඡාවේ අනික් සියල්ල මගහැරීම

    2.සෑම විටම ඔබව අන් පුද්ගලයන් සමඟ සැසඳීමට ලක්කිරීම

    3.සෑම දෙයකම නරක පැත්ත ගැන විතරක් අදික ලෙස කල්පනා වීම

    4.අතීතයේ සිදුවූ වැරදි පිලිබඳව සිතීම සහ ඒව අමතක කර ඉදිරියට ගමන් කිරීමේ නොහැකියාව

    5.සැම විටම අනාගතය ගැන සිතමින් තමන්ගේ goals ඉටුකරගැනීම නොහැකි වේදෝ යන දෙගිඩියාවෙන් පසුවීම සහ අදික බිය

    මෙන්න මේ කියන දෙවල් වලින් එකක් හෝ කීපයක් ඔයාට තියනවා නම් ඔයාට ඒක එදිනෙදා ජීවිතය ගෙවාගන්න එක බැදාවක් නම් ඔන්න ඔයාට overthinking case එකක් තිබීමේ ලොකු සම්භාවිතාවයක් තියෙන්න පුලුවන් හොඳද ඒත් ඒක හරියටම කියන්න පුලුවන් psychologist කෙනෙකුට තමා හොඳද

    පුංචි උදාහරණයක් දෙන්නම් හරියටම ගැලපෙයිද දන්නෙ නෑ, මගේ යාලුවෙක් හිටියා පොර හැමදෙයක් ගැනම overthinking.විශේෂයෙන් පොරගෙ තිබුණු අවුල තමා පොරට exam එකක් ලං වෙද්දි ඒක ගැන පට්ට overthinking අනිතම මසෙට වගේ ලංවෙද්දි මිනිහට පාඩම් කරන්න බැරි මට්ටමට exam එක ගැන හිතනවා පාඩම් කර ගන්න බැරුව යනවා අන්තිමට වෙන්නෙ exam එකට සුපිරියටම පාඩම් කරගෙන හිටි පොර overthinking නිසාම අනිතිම දින කීපය ලං වෙද්දි පාඩම් ටික කරගන්න බැරි වීම

    තව ඔයාටම මූලික ප්‍රතිකාර කීපයක් කරග්න්න පුලුවන්-:

    1.ඔයාට overthinking problem එකක් තියනවා කියලා දැන සිටීම
    2.සෑම විටම physically කාර්ය බහුල වීම
    3.මනස සංසුන් කරවන් බාවනා ක්‍රමයක් practice කිරීම

    ඉතින් හොඳම දේ තමා වැඩි කල් නොයවා psychologist කෙනෙක්ව meet වෙන එක මොකද මේ වගේ විශේෂ රෝගී තත්වයන්ට කරන ප්‍රතිකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා හොඳද....