ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල

    ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියලා දන්නවාද.


    10849849_704365812995590_7935980043912705165_n.jpg


    නම සමන් කුමාර. ගම ගාල්ල.

    කවුද මේ සමන් කුමාර කියල දන්නවාද? වර්ෂ 1982 දී ගාල්ලේදී උපත ලබපු ඔහුගේ පුංචි අවදිය වෙළේ ඉපනැල්ලේ ඕවිටි වල දුව පැන්නා.

    සාමාන්‍ය පෙළ A සාමාර්ථ 10 ක් සහ උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබපු ඔහුට ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබුණා.

    ඇරිසෝනා විශ්ව විද්‍යාලයේදී භෞතික විද්‍යාවෙන් ඔහු දැක්වූ හපන් කම් නිසා අවුරුදු 25 දී පළමු පන්තියේ ආචාර්ය උපාධියත් සමගම ඇමරිකානු පුරවැසි කමත් ඔහුට ලැබුණා.

    කරාතේ ක්‍රීඩාවේ සුපිරිතමයෙක් වූ ඔහුට බ්ලැක් බෙල්ට් සික්ස් ඩෑන් දක්වාම කෙටි කළකින් යන්න පුළුවන් වුණා.

    පසුව මැරීන් භට කණ්ඩායමට ඉංජිනේරුවරයෙක් ලෙස එකතු වී ඇෆ්ගනිස්ථානයේ තලිබාන් මර්දනයට තම විස්මිත බුද්දියෙන් සක්‍රීයව දායකත්වය ලබා දුන්නා.

    ඒ ගැන පැහැදුනු පෙන්ටගන් එකෙන් ඔහුව US Secret Service වෙත බඳවා ගත්තා.

    ඔය ආකාරයෙන් අපේ කතා නායකයාගේ ජීවිතයේ ස්වර්ණමය පිටු පෙරළී ගියේ ඔහුවත් නොසිතූ ආකාරයෙන්.

    2014 දී බැරැක් ඔබාමාට තිබූ ජීවිත තර්ජනයක් පිළිබඳව සමන් කුමාර විසින් කළ හෙළිදරව්වක් නිසා ඔබාමාගේ ජීවිතය අනූ නවයෙන් බේරුණා. එදා සිට ඔබාමා තම ප්‍රධාන ශරීරාරක්ෂකයා සහ පුද්ගලික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තබා ගන්නේ සමන් කුමාරවයි. මෙන්න

    "ඇයි ඔබගේ ප්‍රධානතම ශරීරාරක්ෂකයා ලෙස විදේශිකයෙක්ව තෝරා ගත්තේ?" කියලා සුප්‍රකට guim පුවත්පතෙන් විමසුවා. එතකොට ඔබාමා පිළිතුරු දුන්නේ ,

    "මට මේ වෙලාවේ විශ්වාස කරන්න පුළුවන් සමන් කුමාර ව විතරයි. මොකද මම අත්දැකීමෙන්ම දන්නවා සිංහලයො කියන්නේ සේවය කරන තැන ස්වාමියාව මැරුවත් පාවා දෙන්නේ නැති ජාතියක්."

    "Right now I could trust only Saman Kumara, because I know in my own experience, Sinhalese are the people who never betray their masters even they are killed"
    - HE. Hon Barack Obama, President of the United States.

    අපේ උන්ට නොතේරුණාට විදේශිකයෝ අපි ගැන හිතන්නේ එහෙමයි.

    ගත්තෙ බුකියෙන්...:)
     
    • Like
    Reactions: c boy

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    me kisiwak danne nehene saman kumara

    panthiye palaweniya une saman kumara

    moniter kama deruweth podi saman kumara

    mulu paasala bebaluwa sisu saman kumara
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනෙ යකො ඔය වණිගපුර්නිකාවෙ එකා දෙන ආතල් ඔව සිරියස් ගන්ඩ එප යකො . ඔය වණිගපුර්නිකාව කියන පෙජ් එකට ගිහින් බලපන් උන් එක එක දෙවල් අරන් troll සින් එකක් දෙන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කරාටේ ශුරයෙක් උනා කියල එහෙම බොඩි ගාර්ඩ් කෙනෙක් විදිහට ගන්නේ නෑ එහෙනං අපේ මහින්දගේත් ඉන්නවද ඔහොම උන්. ඕකට ගන්නේ පොරට 100% විස්වාස උන්ව. අනිත් එක ලෙවල් ගානක security clearance එකක් එක්ක.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1982 ඉපදිච්ච එකෙක්ට ඕලෙවල් කරනකොට රිසල්ට් ආවේ A,B නෙමෙයි... D,C,S . මේක ලියපු එක ඉස්කෝලෙවත් ගිය නැති බොරු කාරයෙක්.. :lol::lol::lol: