ඔබාමා ක්‍රමය...

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...

    පොත් ජනප්‍රිය කිරීමේ ඔබාමා ක්‍රමය මෙන්න..:P

    ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා පසුගියදා අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. පසුගියදා පිලඩෙල්පියාහි වර්නන් පාක්‌හිදි මහජන රැලියක්‌ අමතමින් සිටින විට එක්‌වරම පුද්ගලයකු ඔබාමා වෙතට පොතකින් දමා ගැසුවා.

    වහාම ක්‍රියාත්මකවූ ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක භටයින් පොත දමා ගැසූ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළා.

    සොයා බලන කොට ඔහු ඔබාමාගේ ළඟම ආධාරකරුවෙක්‌. ඔහු ළඟදී අලුතින් පොතක්‌ ලිව්වා. මේ දවස්‌වල ඇමරිකාවේ පොත් විකුණන එක ඒ තරම් ලේසි නැහැ. ඒ නිසා පොත ජනප්‍රිය කරන්න හිතාගෙන තමයි මේ විදියට පොතෙන් ඔබාමාට දමලා ගැහුවේ.

    කොහොම වුනත් මොහුව ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරුනා.

    රාජ්‍ය නායකයන්ට සපත්තු වලින් දමා ගැසීම්, රාජ්‍ය නායකයන් ඉදිරිපිට විවිධ වෙනස්‌ දේවල් සිදුකිරීම දැන් මෝස්‌තරයක්‌ වෙලා. ලොව පුරාම මාධ්‍යවලින් ප්‍රසිද්ධ වෙන්න මෙහෙම කරන අයට ගතවෙන්නේ සුළු මොහොතයි.

    උපුටා ගැනීම අද දිවයින