ඔබාමා නටන නැටුම්

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ඔබාමා නටන නැටුම්

    ලොව බලවත්ම රාජ්‍ය නායකයෙකු වන ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා සාමාන්‍යයෙන් පුවත් සිරස්තල වලට එක් වන්නේ ඔහු සිදුකළ දේශපාලන ප්‍රකාශ නිසාවෙනි.

    එහෙත් ඊයේ දිනයේදී ඔහු පුවත් සිරස්තල වලට එක්වූයේ තරමක වෙනස් හේතුවක් නිසාවෙනි.

    ඒ, ආජන්ටිනාවේ බුවනෝස් අයිරිස් හිදී එරට ජනපතිවරයා විසින් පැවැත්වූ රාජ්‍ය භෝජන සංගග්‍රහයකදී ඔබාමා නිරත වූ නර්තයක් හේතුවෙනි.

    එම රාජ්‍ය භෝජන සංගග්‍රහය අතරතුරේදී නර්තන යුවළක් විසින් ඉතා මනස්කාන්ත ටැංගෝ නර්තන අංගයක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම අංගය අවසානයේදී එම නර්තන ශිල්පිය විසින් නැටුමකට ඔබාමා හට ආරාධනා කර තිබුණි.

    මේ අතර, නර්තන ශිල්පියා විසින් ජනපති ආර්යා මිෂෙල් ඔබාමා හා නර්තනයක නිරත විය.
    :cool:



    අපේ ලොක්කට මෙහෙම ආරාධනාවක් කරොත් කොහොමට හිටිවිද? :shocked: