ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද?

සුභ දවසක් Elakiri සාමාජිකයිනි....
අද මට හිතුනා ටිකක් වැදගත් දෙයක් ගැන කතා කරන්න..
ලංකාවේ ගොඩක් අය සැළකිලිමත් දෙයක්...
හැබැයි අවබොධ කරගන්න ටිකක් අමාරු එකක්.
ඉතින් මම හිතුවා මෙක ගැන පොඩි විග්‍රහයක් කරන්න....


fast-internet-speed.jpg


අපි හැමොම අපේ අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබඳව ගොඩක් සැළකිලිමත් නේ...

අපිට ඉතින් එහෙම කියනකොටම මතක් වෙන්නේ ,

ඩයලොග් , එයාටෙල් , මොබිටෙල් , එටිසලට් , හච් කියන කට්ටිය නේ ...
ආ තව ටෙලිකොම් .. :yes::yes:
මම දැක්ක මේ ලගකදී ටෙලිකොම් offecial fan page එකේ ටෙලිකොම් ලාගේ අම්මටලාටත් බැනල තියනවා ...:lol::lol::lol:
ඒ තරමට speed හොදලු ... බඩු විදිනවලු ... :lol::lol::lol:

කොහොම උනත් එ අතරින් එහි වේගය ගැන තමා සැමවිටම කතා කරන්නේ... සමහර අය නම් සම්බන්ධතාවයන් මාරු කිරිමට පවා පෙළබෙනවා මේ ප්‍රශ්ණේ නිසා....ගොඩක් අය කියන්නේ මේ කියන වේගය අපිට ලැබෙන්නෙ නැහැ කියලා...එ කතාව ඇත්ත මම එකට තර්ක කරන්නෙ නම් නැහැ... මොකද ලංකාවේ භාවිතා වෙන තාක්ෂණය එක්ක හැම වෙලේම කියන වේගය පවත්වා ගන්න බැරි නිසා..ඒ ප්‍රශ්ණේ ගැන පස්සෙ කතා කරමු..හික් හික්...දැන් මම ලියන්නෙ ඔයාලාගේ අන්තර්ජාල සපයන්නා කියන වේගය ගැන ඔබ අවබොධයෙන් ද ඉන්නේ කියලා බලන්නයි...

කෙලින්ම උදාහරණයකින් පටන් ගමු

ඔබේ අන්තර්ජාල සපයන්නා ඔබට 1 mbps වේගයක් ලබාදෙන පැකෙජයක් දෙනවා...
ඔබ අන්තර්ජාලය ඔස්සෙ යම්කිසි දෙයක් Download කරනකොට ඔබට 50KBps - 100KBps අතර වේගයක් පෙන්නනවා(ලංකාවේ සාමාන්‍ය භාවිතයෙදි)..

මෙය සැහෙන ගැටලුවක්.. ඇත්තටම මටත් මෙය ලෝක ප්‍රශ්ණයක් වෙලා තිබුනේ..ගොඩක් අය තර්ක කරන්නේ මෙහෙමයි... තත්පරයක කාලයකදි මෙගා බයිට් එකක් බාගත කිරිමේ වේගයක් ලැබිලත් ඇයි කිලොබයිට් 100ක් බාගත වෙන්නේ කියලා...

ඔබ දන්නවාද බයිට්(Byte) මනින කුඩාම එක්කය බිට්(Bit) කියලා..
අන්තර්ජාල සපයන්නො ලංකාවේ සපයන්නෙ mbps(Mega Bits Per Sec) කියන වේගය තමා..
ඉතින් හරියටම බැලුවම අපිට ලැබෙන්නෙ... තත්පරයක කාලයකදි මෙගා බිට් එකක් බාගත කිරිමට හැකි වේගයක්...
එ කියන්නේ කිලෝබයිට් 125ක් බා ගත කරන්න හැකි වේගයක්...
(මෙහි 1MBක් 1000Kbක් ලෙස ගණන් බලා ඇත....1 MB = 1024 Kb)

දන්න අය ඇති එ වගේම ගොඩක් අය නොදන්නවා වෙන්න පුලුවන් මේ ගැන.. එකයි මේ සටහන මම ඉදිරිපත් කරන්න හිතුවේ..මෙක ගැන පැහැදිලි අවබොධයක් ගන්න මේ පහල වෙබ් පිටුවට ගිහින් ඔබේ අන්තර්ජාල සපයන්නා දෙන වේගය සඳහන් කරලා බලන්න..


කොහොම උනත් යාලුවනේ ...
දැනට ලංකාවේ අන්තර්ජාල වේගයන් වලට අනුව අන්තර්ජාල සපයන්නන් අනුපිළිවෙලින් පෙළගැස්සුවොත් ,

මෙන්න මෙහෙමයි ,

1. එටිසලාට් Srilanka - maximum download speed up to 21 mbps - but average speed 5 Mbps to 8 Mbps
2. Hutchinson whampoa - maximum download speed up to 21 mbps - but average speed 2 Mbps to 5 Mbps
3. ඩයලොග් dialog axiata - maximum download speed up to 7.2 mbps - but average speed 1 Mbps to 3 Mbps
4. භාරති ලංකා එයාර්ටෙල් - maximum download speed up to 7.2 mbps - but average speed 1 Mbps to 3 Mbps
5. මොබිටෙල් Srilanka - maximum download speed up to 3.6 mbps - but average speed 1 Mbps to 3 Mbps

hp-touchpad-4g-speed-test.jpg


Technology used by them ,

1. එටිසලාට් Srilanka - Hsdpa , Hspa , Hspa+
2. Hutchinson whampoa - Hsdpa , Hspa , Hspa+
3. ඩයලොග් dialog axiata - Hsdpa , Hspa
4. භාරති ලංකා එයාර්ටෙල් - Hsdpa , Hspa , Hspa+
5. මොබිටෙල් Srilanka - Hsdpa , Hspa

එහෙනම් මම ගියා ... ;);););)

ඔයාලට මේ ලිපියෙන් මොනවම හරි අලුත් දෙයක් දැනගන්න ලැබුන නම් ( Rep) රෙපක් එහෙම දීල යන්න අමතක කරන්න එපා :yes::yes:
අපිට සලකන අයට අපිත් සලකනවා හොදේ... :lol::lol::lol::lol:

ඔයාලගේ අදහසුත් දාලයන්න අමතක කරන්න එපා හොදේ ..
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama nam hithanne mehema.
    1. එටිසලාට් Srilanka - Hsdpa , Hspa , Hspa+
    2. Hutchinson whampoa - Hsdpa , Hspa , Hspa+
    3. ඩයලොග් dialog axiata - Hsdpa , Hspa
    4.
    මොබිටෙල් Srilanka - Hsdpa , Hspa
    5. භාරති ලංකා එයාර්ටෙල් - Hsdpa , Hspa , Hspa+