ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    d0eJZ6n.png


    ඔබට තවමත් බඔා කෙටු කෙනා හමුවුයේ නැද්ද ? විවාහ ලාභි දරුවන් සිටන දෙමවි පියන් නිතර පවසන දෙයක් තමයි අපි කොචිචර හෙවිවත් හරියන්නේ නැහැ. ඉතින් පතාගෙන් ආපු කෙනා එන්න එපැයි කවිද මෙි බඔා කෙටු කෙනා ? කවිද මෙි පතාගෙන එන කෙනා ? එයා තමයි ඔබෙි ආත්මිය සහකරුවා (soul mate)

    අපට සිරුරු දෙකක් තිබෙනවා එනම්. භොතික සිරුර සහ ආත්මිය සිරුර අප මිය යන විට මෙම භොතික ශරිරය අත්හරිනවා. නමුත් අපේ ආත්මිය සිරුර සංසාරයේ ආත්ම ගණනාවක් අපේ උත්පත්තිය කෙලවර වන තෙක් නැත්නමි නිවන් දක්නා ජාති දක්වා අප සමග පවතිනවා අප මොන ආගමක හෝ ඇදහිමක සිටියත් අප සියලු දෙනාම විශ්ව නිතියට යටත් එනමි අප වපුරන දෙය තමයි අප නෙලා ගන්නේ අප කරන යහපත් දේට අපට යහපත් කර්ම එක්රැස් වෙනවා අයහපත් දේට අයහපත් කර්ම එක්රැස්වෙනවා.ඒ අනුව අප මියගිය විට අප කරන ලද හොද නරක අනුව නොයෙක් තලයන්හි උත්පත්තිය ලබනවා.මනුෂ්යය ආත්ම ලබන අප බොහෝ දෙනෙක් නැවත උත්පත්තිය ලබන විට අප හා සංසාරයේ සැරි සැරු අපගේ ඥාති මිත්රාදින්ද අප සමග එකටම උත්පත්තිය ලබන බව තහවුරු වි තිබෙනවා.මෙි අය ආත්මිය සගයන් ලෙස හදුන්වන්න පුලුවන්. නමුත් ඔබෙි ආත්මිය සහකරුවා වන්නේ සංසාරයේ ආත්ම ගණනාවක් ඔබත් සමග ජිවි’තයේ සහකරු හෝ සහකාරිය ලෙෂ පැමිණි කෙනෙක් සංසාරයේ ඔබත් සමග එකට ආදරයෙන් ජිවත් වන්නට පතාගෙන ආ කෙනෙක්.සමහර ආත්මිය සහකරුවන් තමන්ට වු යමි සිද්ධියක් නිසා ඔබගෙන් පලිගැනිමට ද පැමිණෙන්න පුලුවන් එහෙමත් නැත්නමි ඔබට යහ මග පෙන්වන්නට ආ ආත්මිය මග පෙන්වන්නෙක් (spiritual Guide) වන්නත් පුලුවන්.

    යශෝධරා දේවිය සිදුහත් කුමරා ගේ සංසාරික ආත්මිය සහකාරිය බව බෙෘද්ධ ඉතිහාසයෙහි සදහන් වනවා ඔවුන් සංසාරයේ ආත්ම ගණනාවක අඔු සැමියන් වශයෙන් ඉපදි තිබෙනවා.ඒ වගේම සිතා රාමා රාධා කි්රෂ්ණා රෝමියෝ ජුලියටි ක්ලියෝපැටිරා මාක් ඇන්තනි වැනි වෘතාන්ත මෙම සංසාරික හමුවිම ලෙෂ සැලකෙනවා.

    මෙලොව ජිවිතයේදි අප සැමටම විශේෂ වු පුද්ගලයන් කෙනෙක් හෝ කිපදෙනෙක් සිටිනවා මෙි අය අපේ දෙමවිපියන් සහෝදරයන් කල්යාන මිත්රයන් ඥාති හිතමිත්රාදින් වන්නට පුලුවනි.මෙි අය සංසාරයේ ආත්ම ගණනාවක් අප සමග සිටි අයයි.අප මෙි අය හදුනා ගන්නේ කෙසේද එය එතරමි පහසු නැහැ නමුත් මෙම හැගිම ඉංගි්රසි බසින් Dejavu ලෙස හදුන්වනවා. එනමි සමහර අවස්ථාවල අප ජිවිතයේ ප්රථම වතාවට හමුවු පුද්ගලයින් පිළිබදව අපට ඉතා හුරු පුරුදු සමිප ලෙන්ගතු හැගිමක් ඇතිවනවා.මෙි අය අප සමග සංසාරයේ එකට පැමිනි අපේ දෙමවිපියන් සහෝදර සහෝදරියන් ඥාති මිත්රාදින් විය හැකියි පුනරුත්පත්තිය කියන පුද්ගලයන් පෙර භවයන්හි ඔවුන් සමග සිටි අය මෙි භවයේදිද තමන් සමග සිටින බව පවසා තිබෙනවා ඒ වගේම අතිත ආවර්ජනය කරන මෝහන කි්රයාවලියන්හිදිද මෙි බව තහවුරු කර තිබෙනවා.

    ඔබ පෙමි සබදතාවකින් විවාහ වුවත් යෝජනාවකින් විවාහ වුවත් බොහෝ විට ඔබෙි ආත්මිය සහකරු වන්නේ සංසාරයේ ඔබ සමග සහකරුවෙකු ලෙස ජිවත් වු කෙනෙක්. මෙම ආත්මිය සහකරුගේ හමුවිම අපට ඛදඩැ Love at first sight නැත්නමි දුටු සැනින් ඇතිවන ආදරයක් ලෙසද හදුන්වන්න පුලුවන්. මෙය ඔබ බොහෝ දෙනෙක් ලැබු අත්දැකිමක්. මෙහිදි ඇතිවන්නේ පුදුමාකාර හැගිමක් අපට කවදාවත් හමු නොවුනු පිටස්තරම කෙනෙකුට මෙතරමි බලගතු ආදරයක් ඇතිවන්නෙ ඇයි ? මෙි ආදරය හමුවේි හැදු වැඩු දෙමවිපියන් සහෝදර සහෝදරියන් දේපල පමණක් නොවෙි. රජකම පවා පයට පැගෙන දුවිල්ලක් තරමි නොවටිනා බව හැගෙන්නේ ඇයි ? ඒ ඔහුට හෝ ඇයට ඇති සංසාරික බැදිම නිසාමයි ඔහුගේ රුව ඔබට අමාදසුනකි.ඔහුගේ වදන් ඔබට අමාමිහිරකි.ඔහුගේ එක ස්පර්ශයක් විදුලි සැර වැදුනාක් මෙන් ඔබ අවදිකරයි මෙි හැගිමි වචනයෙන් විස්තර කල නොහැකියි. එතරමි සුන්දරත්වයක් පි්රතිමත් හැගිමක් තවත් ලොව නැහැ. එය හරිහැටි දැනෙන්නේ එවැනි අවසථාවකට මුහුණ දුන් අයට පමණයි. ජෝතිෂ්ය අනුව වුවද අපට අපේ සහකරුවන් ගැන යමක් දැනගන්නට පුලුවන්. ඔවුන් කුමන ප්රද්ශයකින්ද රැකියාව යනාදිය කෘතහස්ත දෛවඥයෙකුට පැවසිය හැකියි. ඒ වගේම මෙම ආත්මිය සහකරුවන්ගේ පොරොන්දමි ද මැනවින් ගැලපෙනවා.බොහෝ විට එකම සුභ නැකතින් ඉපදිසිටින්නට පුලුවන් ඒ කියන්නේ පොරොන්දමි 20න් 20 ම ගැලපෙනවා කියන එකයි.

    දැන් ඔබ නො ඉවසිල්ලෙන් ඇති කෙසේද ඔබෙි ආත්මිය සහකරු හදුනා ගන්නේ කියල ඔහු හෝ ඇය හමු වු විට එය ඔබෙි හදවතට මනසට යලි හමුවිමක් ලෙස දැනෙනවා. ඔබෙි ආත්මිය සහකරු හෝ සහකාරියගේ අදහස් උදහස් බොහෝවිට සමානයි. නිදසුනක් වශයෙන් ගතහොත් ඔබ සංගිතය කියවිම පි්රය කරන්නෙක් නමි ඔහුද ඒවා ප්රියකරන්නෙක්. ඔබ දෙදෙනා අතර ටෙලිපති සමිබන්ධතා එනමි එකම අවස්තාවක එකම සිතුවලි ඇතිවිමෙි ස්වභාවයක් ඇතිවෙනවා. ඔබ දෙදෙනාම ප්රිය කරන පුද්ගලයන්ද සමාන වනවා . ඔබ දෙදෙනාගේ ආදර සමිබන්ධයද ඉතා ආශ්වාදජනක එකක් වනවා . ඔබට සහ ඇයට මෙම එක්විම ඉතා සුරක්ෂිත බවක් ගෙනදෙනවා. දුකේදි සහ සැපේදි කිසිදනක වෙන් නොවන වැනි හැගිමක් ඇතිවනවා. මෙවැනි හමුවිමක් ඉතා වාසනාවන්ත සංසාරික හමුවිමක් .
    සමහර විට ඔබට ආත්මිය සහකරුවන් කිහිප දෙනෙක් සිටින්නට පුලුවන්. සංසාරයේ දිගටම එකම ආත්මිය සහකරුවකු සිටිම විරල අවස්ථාවක්. එවැනි අවස්ථා උදාවන්නේ අධ්යාත්මක වශයෙන් ඉතා දියුනු ආත්මවලට පමණයි නිදසුනක් ලෙස සිදුහත් යශෝධරා ගත හැකිය. ඔවුන් ගේ පුණ්ය ශක්තිය සහ දැඩි භක්තිය එයට බලපාන්නට ඇත.

    සමහර අවස්ථාවල ඔබෙි ආත්මිය සහකරු ඔබට හමුවන විට ඔහු හෝ ඇයවෙනත් බැදිමකට යොමුවි තිබෙන්න පුලුවන්. එවිට ඔබට හෝ ඇයට කල යුතු දෙයක් නැහැ කිමද පවුල් කඩාකප්පල් කිරිමෙි කර්මය ඔබ කරගහගත යුතු නැහැ එබැවින් එවැනි අවස්ථාවල් අසිරුවෙන් හෝ මග හැරිය යුතු වෙනවාසමහර අවස්ථාවල ආත්මිය සහකරු හමු වුවත් ඔහු හදුනා ගැනිමට සැහෙන කලක් ගත විය හැකියි සමහර .විට ඔබ ඔහු හදුනාගත්තත් ඔහු ඔබ හදුනා නොගන්නට පුලුවන් මෙය වෙිදනාකාරි තත්වයක් නමුත් මෙහිදි ඔබට කල හැකි දෙයක් නැහැ එය දෛවයට භාර දි නිහඩ විය යුතු වෙනවා. තවත් සමහර අවසථාවල ලිංගික ආකර්ශනය අනුව ආත්මිය සහකරුවා වරදවා හදුනාගන්න පුලුවන්. මෙය අද සමාජයේ ඉතා සුලභ දෙයක් නමුත් ආත්මිය සහකරු හදවතින් මිස ලිංගික ආකර්ශනයෙන් හදුනාගත නොහැකියි.

    සමහර අවස්ථාවල මෙම ආත්මිය සහකරුවන් සංසාරයේ දිගටම ඔබෙන් පලිගැනිම සදහා පැමිණි අයෙක් නමි ඔහු ඔබ සමග විවාහ වි ඔබෙි ජිවිතය මිහිපිට අපායක කල හැකියි.එවැනි අවස්ථා අද සමාජයේ බොහෝ සේ දක්නට ලැබෙනවා සැමියන් බිරින්දැන් දරුවන් වදදි මරා දමනවා.මෙි ඒ ඒ අය කරන ලද කර්මයන් හා බැදි තිබෙන දේවල් ඒ වගේම සමහර සංසාරයේ අප සමග එන ආත්මයන් දරුවන් සොහොයුරු සොහොයුරියන් ලෙස ඉපදි අපගෙන් පලි ගන්නවා. තවත් අවස්ථා තිබෙන්න පුලුවන් ඔබෙි ආත්මිය සහකරුවා මෙම ආත්මයේදි මෙලොවට බිහිවි නොවි සිටින්නට පුලුවන්.
    සමහර විට ආත්මිය සහකරුවන් මෙම ආත්මයේ විවාහ ජිවිතයට ඇතුලත් නොවි සිටින්නට පුලුවන්. ඔවුන් මිතුරු මිතුරියන් ලෙෂ එකට සිටින්නට පුලුවන් ඒ ඔවුන්ට මෙම ආත්මයේ වෙනස් න්යාය පත්රයන් තිබෙන නිසා වෙන්න පුලුවන් ඔවුන් ගේ අධ්යාත්මක වර්ධන රටා වෙනස් වන්න පුලුවන් අද සමාජයේ සමහර යුවති යුවතියන් මෙලෙස කල් ගෙවනවා දකින්නට පුලුවන්ඔ.වුන් විවාහ ජිවිතය ප්රිය කරන්නේ නැහැ.සමහර විට ඔබෙි ආත්මිය සහකරු හමු වු පසු ඔබට හිතෙන්න පුලුවන්. දැන්ම මට මට විවාහ වන්න බැහැ මට තව වයස තියෙනවා එසේත් නැත්නමි ඇය හෝ ඔහු වෙනත් ජාතියක ආගමක කුලයක ඒ නිසා මට ගැලපෙන්නේ නැහැ මෙි සියල්ල ඔබ ඔබටම නිදහසට කරුණු ලෙස දක්වන්න පුලුවන් නමුත් ආත්මිය සහකරු හෝ සහකාරිය තෝරා ගැනිමෙිදි මෙි කිසිවක් බලපාන්නේ නැහැ.

    මතක තබා ගන්න ඔබට ජිවිතයේ ඔබෙි ආත්මිය සහකරු හමුවන්නේ සමහර විට එකම වතාවක් පමණක් වන්න පුලුවන්. ඔබ එම අවස්ථාව මග හැරිය හොත් නැවත කිසි දිනක එය උදා නොවන්නට පුලුවන්. ඔබ අසාතිබෙනවාද කියමනක් ”වාසනාව කියන්නේ හිසේ එක කෙස් ගසක් පමනක් ඇති මහලු කාන්තාවක් ඇය ඔබ අසලින් යන්නේ ඉතා කලාතුරකින් ඇය එසේ ඔබ අසලින් යනවිට වහාම ඒ එක කෙස් ගසේන් දැඩි ලෙස අල්ලා ගත යුතුයි නැතහොත් ඔබට එම වාසනාව හිමිවන්නේ නැහැ ” ඔබෙි ආත්මිය සහකරු හමුවිම අහභු සිදුවිමක් දෛවෝපගත සිදුවිමක් එය කොතැනද කවදාද කවර අන්දමින්ද කියන එක කියන්න බැහැ ඒ වගේම ඔබට ඒ හමුවිම බලෙන් ඇති කර ගත හැක්කක් ද නොවි එය ඔබ දෙදෙනාගේම දෛවය නැත්නමි කර්මය සහ සමිබන්ධ වුවක් වගේම දෙදෙනාගේම නිදහස් අදහස් අනුව සිදුවිය යුතු හමුවිමක්.

    ඔබෙි ආත්මිය සහකරු හදුනාගත් විට හෝ හමුවුවිට ඔබෙි හදවතට එකගව කටයුතු කිරිම ඉතා වැදගත් අනෙකුත් අයගේ නොයෙකුත් බලපැමි හමුවෙි ඔබ ඔහු හෝ ඇය අහිමි කර ගතහොත් ඔබෙි ජිවිතය අසාර්ථක වන්න පුලුවන්. ඔබෙි දෙපතුලටම දෛවය විසින් ගෙනවිත් දෙන මෙම සංසාරික ත්යාගය ඔබ ප්රතික්ෂෙප කල හොත් මුලු ජිවිත කාලයේම ඔබ පසුතැවෙන්න පුුලුවන්.

    Source : helarahas
    ශි‍්‍රයානි ද සේරමි (ආචාර්ය බ‍්‍රයන් වයිස් ගේ “Love is Real” ඇසුරෙනි)
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මට මේක කියවනකොට හිතෙන්නෙ අපි කොච්චර දේවල් ජීවිතේ ඉදිරියට සැලසුම් කරත් අපිව කලින් තීරනය වෙලා තියන තැනකට අපි යනව වගේ කියල බං. අපිව ස්භාවධර්මයෙන් හරි වෙන ක්‍රමයකට හරි පාලනය වෙනවද බං

    මොනව වුනත් පෝස්ට් එකට තැන්කුයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ සහකාරිය නං දැන් ගෙදරට වෙලා නැන්දම්මත් එක්ක කැවුම් බදිනව ඇති. අනේ කොහේ ඉන්නවද කියල තාම හොයාගන්න බැරිවුනානේ. :(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ සහකාරිය නං දැන් ගෙදරට වෙලා නැන්දම්මත් එක්ක කැවුම් බදිනව ඇති. අනේ කොහේ ඉන්නවද කියල තාම හොයාගන්න බැරිවුනානේ. :(

    හදිස්සි වෙන්න එපා බං. :)
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මගේ සහකාරිය නං දැන් ගෙදරට වෙලා නැන්දම්මත් එක්ක කැවුම් බදිනව ඇති. අනේ කොහේ ඉන්නවද කියල තාම හොයාගන්න බැරිවුනානේ. :(

    ඒ කටුස්සිත් කොහේ හරි ගුලක් ඇතුලට වෙලා මැස්සෙක් කකා ඇති!:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කටුස්සිත් කොහේ හරි ගුලක් ඇතුලට වෙලා මැස්සෙක් කකා ඇති!:lol:
    අපිත් අවුරුදු සමරනව මිනිස්සු වගේම :yes: හම්මේ මැස්සෝ මැදට දාල හදන මැහි කැවුම්, කැරපොතු අච්චාරුව එහෙම මතක්වෙද්දී කෙලත් උනනව. :love:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මට මේක කියවනකොට හිතෙන්නෙ අපි කොච්චර දේවල් ජීවිතේ ඉදිරියට සැලසුම් කරත් අපිව කලින් තීරනය වෙලා තියන තැනකට අපි යනව වගේ කියල බං. අපිව ස්භාවධර්මයෙන් හරි වෙන ක්‍රමයකට හරි පාලනය වෙනවද බං

    මොනව වුනත් පෝස්ට් එකට තැන්කුයි


    ලෝකෙ හැම දෙයක්ම වෙන්නෙ කලින් තීරනය වුනු නියමයක් අනුව කියන එක මමත් තදින්ම විෂ්වාස කරනවා.. අපි කොච්චර හිතුවත් කිව්වත් වෙනස් කරන්න හැදුවත් හැම දෙයක්ම වෙන්නෙ වෙන්න තිබුන විදියට..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලෝකෙ හැම දෙයක්ම වෙන්නෙ කලින් තීරනය වුනු නියමයක් අනුව කියන එක මමත් තදින්ම විෂ්වාස කරනවා.. අපි කොච්චර හිතුවත් කිව්වත් වෙනස් කරන්න හැදුවත් හැම දෙයක්ම වෙන්නෙ වෙන්න තිබුන විදියට..

    :yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආතමීයද නම් මන්දා... කේන්දර බලපු වෙලේ නම් කිව්ව මේ දැරිවි සංසාරේ පතාගෙන ඇවිල්ලා තියෙන්නෙ කියලා ඔය මහත්තයව ඔතාගෙන යන්න කියලා .... :baffled:

    මේකේ තියෙන තරම්ම නැති උනාට අපි දෙන්නගෙ දේවල් ගොඩක් එක සමානයි... ඒත් දැක්ක දවසේ නම් එහෙම විශේශයක් දැනුනේ නෑ... කොටින්ම මගේ හිතේ තිබුන රූපෙත් නෙමෙයි... ඒ උනාට මොකක් හර් හේතුවකට මගේ හිත ගියා... :):)
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් මේක ඊයෙ නෙට් එකෙත් කියෙව්ව
    ගුරුකමක් කියපන්කො එයාව අදුනගන්ට පුලුවන් විදියෙ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ආතමීයද නම් මන්දා... කේන්දර බලපු වෙලේ නම් කිව්ව මේ දැරිවි සංසාරේ පතාගෙන ඇවිල්ලා තියෙන්නෙ කියලා ඔය මහත්තයව ඔතාගෙන යන්න කියලා .... :baffled:

    මේකේ තියෙන තරම්ම නැති උනාට අපි දෙන්නගෙ දේවල් ගොඩක් එක සමානයි... ඒත් දැක්ක දවසේ නම් එහෙම විශේශයක් දැනුනේ නෑ... කොටින්ම මගේ හිතේ තිබුන රූපෙත් නෙමෙයි... ඒ උනාට මොකක් හර් හේතුවකට මගේ හිත ගියා... :):)

    බැන්දද