ඔබේ ඡායාරූප ගැන ඔබවත් නොදන්නාදේ කියන EXIF දත්&

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
ඔබේ ඡායාරූප ගැන ඔබවත් නොදන්නාදේ කියන EXIF දත්&

EXIF දත්ත යනු මොනවාද?
EXIF යන්නෙහි අර්ථය EXchangeable Image File යන්නයි. සෑම ඩිජිටල් කැමරාවකින්, ෆෝන් කැමරාද ඇතුලුව ගන්නා ඡායාරූප වලට ස්වයංක්‍රීයව මෙම EXIF දත්ත කැමරාව මගින් ඇතුලු කෙරේ.

EXIF දත්ත වල අඩංගු වන්නේ මොන තොරතුරුද?

පහත රූපයෙන් දැක්වෙන්නේ මාගේ නිකොන් කැමරාවෙන් ගන්නා ලද ඡායාරූපයක කැමරාව මගින් සටහන් කරන ලද EXIF දත්ත ගොන්නයි. මෙම දත්ත ගූගල් පිකාසා (Picasa) ඡායාරූප සංස්කරණ වැඩසටහනෙන් පෙන්වන ආකාරය මෙහි දැක්වේ.

මේ අනුව ඔබගේ කැමරාව, ඔබට නොදැනී මොනතරම් දත්ත ප්‍රමාණයක් ඡායාරූපයත් සමග එහි EXIF ගොනුවට එකතු කරනවාදැයි සිතාගත හැකිය. මෙම දත්ත ඔබගේ ඡායාරූප අන්තර්ජාලයට එකතුකල විට, එම ඡායාරූප බාගත කරගන්නා පුද්ගලයෙකුට පහසුවෙන් නැරඹිය හැකිය.

picasa-EXIF.png

ඔබේ කැමරාවේ/ ස්මාර්ට් ෆෝනයේ GPS පහසුකම හා EXIF

ඉහත ඡායාරූපයේ දැක්වෙන EXIF දත්ත මගින් ඡායාරූපය පිලිබඳව සියලු තාක්ශණික තොරතුරු දැක්වූවත් එම ඡායාරූපය ගන්නා ලද ස්ථානය පිලිබඳ කිසිදු තොරතුරක් ලබා නොදෙයි. එහෙත් අද වෙළඳපොලේ ඇති සියලුම ස්මාර්ට්ෆෝන් වර්ග හා 2011 වසරේ සිට එලිදැක්වෙන බොහෝ ඩිජිටල් කැමරාවල GPS රිසීවරයක් අඩංගුවන අතර
(මිළ අධික DSLR කැමරාවල GPS පහසුකම 2006/7 වසරවල සිට අඩංගුවන බව සළකන්න) ඔබ කැමරාවේ/ෆෝනයේ GPS පහසුකම ක්‍රියාත්මක කොට ඇත්නම් ස්වයංක්‍රීයවම එම GPS දත්ත EXIF ගොනුවට ඇතුලුකරයි.

පහත ඡායාරූපය බලන්න

atp-photo-finder-2.jpg

ඉහත EXIF දත්ත ගොනුව පෙන්වන ආකාරයට, ඡායාරුපය ගන්නා ලද ස්ථානයේ අක්ශාංශ හා දේශාංශ සටහන් වී ඇත. ඒ අනුව ඕනෑම කෙනෙකුට මෙම ඡායාරූපය ගන්නා ලද ස්ථානය සොයාගත හැකිය. මෙය පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට එක්කිරී මේදී අතිශයින්ම සැළකිලිමත් විය යුතු කරුණකි. අන්තර්ජාලයට එක්කරන ඡායාරූප ගන්නා ලද ස්ථාන සොයාගැනීම අනුව අන්තර්ජාලයේ සැරිසරන විකෘති මානසික පුද්ගලයින්ට යම් කාන්තාවක හෝ තරුණියක ඉලක්ක කර ගැනීම පහසුකරයි.

Facebook හා EXIF-GPS දත්ත

ශ්‍රී ලංකාවේ ජනප්‍රියව අන්තර්ජාල පිවිසුම ෆේස්බුක් අඩවියයි. තමන් ගන්නා ඡායාරූප ෆේස්බුක් පිටුවට ඇතුලුකිරීම අද තරුණ තරුණියන් අතර බොහෝ සෙයින් ජනප්‍රියය. බොහෝ ස්මාර්ට්ෆෝනවලින් ගන්නා ඡායාරූප කෙලින්ම ෆේස්බුක් පිටුවට ඇතුලුකිරීමේ පහසකම් ඇත. මෙලෙස ෆේස්බුක් පිටුවට ඇතුලුකරන ඡායාරූප මගින් අන්තර්ජාලයේ සැරිසරන නන්නාදුන පුද්ගලයින්ට ඔබේ පෞද්ගලික ඡායාරූප ගන්නා ලද ස්ථාන පිලිබඳ තොරතුරු තොරතුරු සොයාගත හැකිද?
:confused::shocked:

ෆේස්බුක් සමාගම පවසන ආකාරයට ෆේස්බුක් සේවාවට ඇතුලු කරන ඡාරායූප වල EXIF දත්ත මකා දමයි. ඒ අනුව ෆේස්බුක් ඡායාරූප මගින් ඔබගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවේ.

(මේ කෑල්ල නම් මට sure නෑ ..):confused::yes::no:

ගත්තේ මෙතනින්

source -: http://vidya-gaweshana.blogspot.com/2012/12/exif.html

(
මේක මගේ බ්ලොග් එකක් නෙමෙයි ..):no::no::D

වැදගත් කියල හිතෙනවා නම් සැලකුවට කමක් නෑ ..අනිත් යටත් බලන්න bump එකක් හරි දාල යන්න ......

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka

    :):):)