ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    කුසල් මෙන්ඩිස් කරන්නෙ job එකක්. අනිත් job වලදිත් ඔහොම තියාගන්න කියලා කියනවාද? ඔයා තියාගන්නවද boss නම්?
    Bump...

    Yako 2016 idan neda me yakawa hadanna try karala tiyenne
     
    • Haha
    Reactions: shenat

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මං 6/7වසරෙ වගේ කාලෙ නිවාඩු මාසෙක ගෙවල් වල අයත් එක්ක ගියා කොලබ නැන්දලයි ගෙදර, නැන්දල ඔසී ඉන්නෙ, පවුලම ලංකාවට ආවම සති දෙක තුනක් ඉදල ආයෙ යනව, එතකොට අපේ නෑදෑ සෙට් එක එකට සෙට් වෙනව ඒ දවස්වල ගැදරින්ග් සීන් එකේ.. ඒ ආපු ගමනක ගියේ.. එහෙ තිබ්බා මෙන්න මේ පහල තියෙන අයිටම් එකේ මැශින් එකක්, මට මේක දැක්ක වෙලේ ඉදන් හෙනම ආසාවක් තිබ්බෙ නැගල ගැම්මට exercise කරන්න... :D ඒත් ඉතින් නෝන්ඩී වගේ හිතිල තිබ්බෙ එහෙ අක්කගෙ වයසෙ තව අක්ක කෙනෙකුයි එයාගෙ නංගියිත් එදා එහෙ හිටිය නිසා. පොශ් පීපල්ලා උන්.. මං ඉතින් ගොඩයා වගේ මේකෙ වටේ කරකැවි කැවි හිටියෙ මේක පදිනවමයි කියල හිත හිත... ඒ අක්කල ඔක්කොම මට වඩා වැඩිමල්, ඒත් කෙල්ලො ඉස්සරහ නෝන්ඩි වගේ මයින්ඩ්සෙට් එකක හිටියෙඒ කාලෙ... පොඩි එකානෙ... ටිකක් බැලුවා... කෙල්ලො ටික අරහෙට මෙහෙට වෙනකන්ශේප් එකේ කරකැවි කැවි ඉදලා කට්ටිය මිසින්ග් වෙනකන් ඉදල නැග්ගා බාන්ඩෙ උඩට... කකුල් දෙක තියල තද කරාට පැදෙන්නෑ හෙන තදයි බාන්ඩේ.. හෙනම ගැම්මක් අරන් පොඩ්ඩ පොඩ්ඩ එහාට්ට මෙහාට්ට කරල උඩ පැනල නටල නටල ඔය ඉස්සරහ රවුම කරකැවෙන ගාන්ට පදින්න පටන් ගත්තා... :lol: දැන් ඉතින් හෙනම කික් එක.. මං පොඩියි, මැශිම දඩ සයිස්.. ඒත් පදින්න පටන් ගත්ත ගැම්මෙන්ම එක දිගට පැදගෙන ටික ටික වේගෙ වැඩි කරගත්තා.. ඊට පස්සෙනම් ගේමක් නෑනෙහ් autoම පැදෙනව පොඩි පුශ් එකක් දෙන්න විතරයි තිබ්බෙ... විනාඩි 5ක් වගේ පැද්දා එක පාරටම ඔය පේන කකුල තියන පැඩල් එක අස්සෙන් මගේ කකුල ගියා කියපංකො..:angry::lol: මට කනෙනුයි පුකෙනුයි දුම් පිට වුනා කකුල ඇබරුනු ඇබරිල්ලට කෑගැස්සුනා සද්දෙන්... නැන්දලයි මාමලයි අර කෙල්ලො ටිකයි එහෙ අයියයි මුලු වත්ත වටෙන්ම වට වුනා මගේ කෑගැස්සෙන ඇඩිල්ලට... ඇත්තටම තනි ඇහෙන් ඇඩුනෙ බයටත් එක්කම... ඔක්කොම වට වෙලා මං නිකන් දෙබලෙට අහු වෙච්ච උනහපුලුවා වගේ රෙදි ඉල්ලෙ බං ඉතින්.. මට කරකියා ගන්නදෙයක් නෑ මැශිම උඩ මම අඩනව විතරයි මතක, කොහොමහරි එහෙ අයියා ස්පැනර් එකක් අරන් ඇවිත් ඔය පැඩල් එක මොකක්ද කරල ගලවල කකුල එලියට ගත්තෙ :lol: අප්පෝ... නෝන්ඩි වීම කලාවක්නම් මං ඒකේ පිකාසෝ වගේ ෆීලින්ග් එකක් එදා දැනුනේ.. අදටත් ඒ නෝන්ඩි සහගත හැගීම අමතක වෙන්නෙම නෑ...
    61315v0Q8SL.jpg