ඔබේ පෙනීම තෙගුණ කරගන්න

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඔබේ පෙනීම තෙගුණ කරගන්න

    මම මේ කියන්න යන විස්තරේනම් ටිකක් පරන විස්තරයක්... මේ ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති කියල හිතන නිසා මම මේ ලිපිය දන්නම්කෝ....

    superhuman-visoin-surgery-660x400.jpg


    lentes-bionicas.jpg


    දිනෙන් දින දියුණු වන ලෝකයේ තවත් එක විශිෂ්ට සොයා ගැනීමක් පිළිබඳව. ඒ තමයි අලුත්ම විදියේ ඇස් කාචයක්. මේ කාචය හඳුන්වන්නේ Ocumetics Bionic Lens කියලයි. මේ කාචය නිර්මාණය කරලා තියෙන්නේ දෘෂ්ටි විශේෂඥයෙක් වන වෛද්‍ය ගාර්ත් වෙබ් මහතා විසින්. මොහු නිර්මාණය කරලා තියන යාන්ත්‍රික ඇස් කාචය භාවිතා කරලා ඕනෑම වයසක පුද්ගලයකුට තමන්ගේ සෞඛ්‍ය තත්වය කොහොම වුනත් ඉතා හොඳ මට්ටමේ පෙනීමක් ලබාගන්න පුළුවන්.
    මේ නව කාචය භාවිතයත් සමඟම ඔබට මුහුණ පෑමට සිදුවන බොහෝ අපහසුතා මග හැර ගන්නට පුළුවන්. ඇස් කණ්නාඩි සහ ඇස් කාච භාවිතයෙන් මිදීමටත් වෙනත් පිළියම් සොයා යෑමේ අවශ්‍යතාවයෙන් මිදීමටත් මෙමගින් හොඳ විසඳුමක් ලැබෙනවා.

    මෙය ඉතා පහසුවෙන් සුළු සැත්කමක් මගින් ස්ථාපනය කිරීමට හැකි අතර වයස අවුරුදු 25ට වැඩි ඕනෑම පුද්ගලයකුට මෙය ඉතා සුළු කාලයක් ඇතුලට කරගැනීමට හැකියාව පවතියි. ආරංචි වෙන විදියට මේ අලුත් කාචයෙන් ඔබේ පෙනීම තුන්ගුණයකින් වර්ධනය කරගැනීමට හැකිවනවා.
    ඒ වගේම තමයි ජීවිතකාලය පුරාවටම මෙය මේ විදියටම පවතිනවා. ඒ නිසා ඇසේ සුද ඒම වැනි රෝග තත්ත්ව වලට මුහුණ දීමේ අපහසුතාව මගහැරෙනවා.


    Dr. Garth Webb
    Image-1024-1024-112698.jpg


    වෙබ් මහතා පවසන අන්දමට මෙය වේදනාකාරී නොවන අතර විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුලදී සැත්කමක් මගින් ඇසට සම්බන්ධ කිරීමට හැකිවේ. මේ ව්‍යාපෘතිය සඳහා වසර 8ක පමණ කාලයක් ගතවී තිබෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන 3ක් පමණ වැයවී තිබේ.

    ඔහු කුඩා කල සිටම මෙවැනි නිර්මාණයක් කිරීමට සිහින මැවූ බවත් ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවත් ඔහු පවසනවා.

    මේ නව නිර්මාණය ප්‍රමුඛ පෙලේ අක්ෂි විශේෂඥයන් 14දෙනෙකුට සැන්ඩියෙගෝ නගරයේ පැවති සමුළුවකදී හඳුන්වා දී තිබෙන අතර ඔවුන් සෑම දෙනෙකුම පාහේ මේ නිර්මාණයට සිය ඉමහත් ප්‍රසාදය පළකර තිබෙනවා.

    මේ උපකරණයෙන් ළඟ වගේම දුර බලන්නත් පුළුවන්. මෙහි සාර්ථකත්වය තව දුරටත් අත්හදා බැලෙමින් පවතින අතර එහි සාර්ථකත්වය අනුව මෙයට අනුමැතිය ලැබීමෙන් පසුව කැනඩාවේ සහ අනෙකුත් රටවල් කිහිපයක අලෙවියට සුදානම් කෙරෙනවා.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    awesome awesome awesome

    You must spread some Reputation around before giving it to Dark M again.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක කොහොමද බන් අලුත් නිවුස් එකක් වෙන්නෙ?
    ඔව ඔය ඉස්සර ඉඳලම තියෙන්නෙ.......
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඕක කොහොමද බන් අලුත් නිවුස් එකක් වෙන්නෙ?
    ඔව ඔය ඉස්සර ඉඳලම තියෙන්නෙ.......

    හොදට කියවල බලන්නකො සහෝදරයා... මම උඩින්ම ලියල ටියෙන්නෙ ටිකක් පරන විස්තරයක් කියල මිසක් අලුත් විස්තරයක් කියල නෙමේ. මේ ගැන දන්නේ නැති අයට බලන්නයි දැම්මේ..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,035
    113
    එල...ඕවා දැන් ඇවිල්ලද ලංකාවේ තියෙනවද ගාන කීයද...
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ගොඩාක් ස්තූතියි මට රේප් දීපු නොදීපු කොමෙන්ට් දාපු හැමෝටම ;)
     
    Last edited:

    Similar threads