ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදර&#351

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදර&#351

    ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි


    ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද විශ්ම ලෝකය තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න.



    ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.


    ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.


    ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)


    ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් , ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.


    තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න


    ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ , class ගානේ කට්ට කෑවද ? එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.
     
    • Like
    Reactions: Executer

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ නම් කෙල්ල වෙන එකෙක් එක්ක ගියාට දුකක් නැහැ....
    කෙල්ල මට ඇඳුම් අරගෙන දුන්නා....
    ෆෝන් බිල ගෙවනවා....
    ඒ වගේම මම ඉල්ලන දේවල් දෙනවා....
    ෆස්ට් ලවු 4ක්ම ඉවරයි....
    දැන් පස්වෙනි ෆස්ට් ලවු එකත කරනවා....
    චිල්ල මලේ ගියා සේරම එක්ක පුළුවන් විදියට....
    ඒ නිසා මේ කෙල්ල දාල ගියෝතින් තව එකක් හොයාගන්නවා...
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    මගේ නම් කෙල්ල වෙන එකෙක් එක්ක ගියාට දුකක් නැහැ....
    කෙල්ල මට ඇඳුම් අරගෙන දුන්නා....
    ෆෝන් බිල ගෙවනවා....
    ඒ වගේම මම ඉල්ලන දේවල් දෙනවා....
    ෆස්ට් ලවු 4ක්ම ඉවරයි....
    දැන් පස්වෙනි ෆස්ට් ලවු එකත කරනවා....
    චිල්ල මලේ ගියා සේරම එක්ක පුළුවන් විදියට....
    ඒ නිසා මේ කෙල්ල දාල ගියෝතින් තව එකක් හොයාගන්නවා...
    ethakota uba kalin uba kapu life katta gana dapu tread eka mokadda bn
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ethakota uba kalin uba kapu life katta gana dapu tread eka mokadda bn

    ඒ තමයි ජිවිත කතාව....
    ඒ කතාව දැන් ඉවරයි...
    ඩිවෝස් වෙලා මම දිනුව නඩුවත්..
    දැන් ඉතින් අලුතින් ජිවිතයක් පටන් ගන්න ඕන නිසා කෙල්ලෙක්ව හොයා හොයා යන කාලේ...
    ඒ නිසා කෙල්ලෙක් තරහ උනා කියල දුකක් නැහැ...
     
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඒ තමයි ජිවිත කතාව....
    ඒ කතාව දැන් ඉවරයි...
    ඩිවෝස් වෙලා මම දිනුව නඩුවත්..
    දැන් ඉතින් අලුතින් ජිවිතයක් පටන් ගන්න ඕන නිසා කෙල්ලෙක්ව හොයා හොයා යන කාලේ...
    ඒ නිසා කෙල්ලෙක් තරහ උනා කියල දුකක් නැහැ...

    menna kollo..:yes::yes::yes:
    ++
     
    • Like
    Reactions: labu gediya

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    ඒ තමයි ජිවිත කතාව....
    ඒ කතාව දැන් ඉවරයි...
    ඩිවෝස් වෙලා මම දිනුව නඩුවත්..
    දැන් ඉතින් අලුතින් ජිවිතයක් පටන් ගන්න ඕන නිසා කෙල්ලෙක්ව හොයා හොයා යන කාලේ...
    ඒ නිසා කෙල්ලෙක් තරහ උනා කියල දුකක් නැහැ...
    kellekgen athal eka ganna eka pawak neweida bn e kiyanne