^..^ ඔබේ වාහනයටත් Dash Cam එකක් !

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ^..^ ඔබේ වාහනයටත් Dash Cam එකක් !

    select-best-Dash-cam.jpg


    ඩෑශ් කැම් එසේත් නැත්නම් ඩෑශ් බෝඩ් කැමරා ගැන බොහෝ දෙනෙක් දන්නවානේ. මේ කැමරාවෙන් මූලිකවම සිදු වෙන්නෙ අපි වාහනයක් පදවාගෙන යන විට ඉදිරිපස මාර්ගයේ සිදු වෙන සිදු වීම් පටිගත වීමයි. සමහර ඩෑශ් කැම් තියෙනවා ද්විත්ව කැමරා සහිත. ඒවගේ කැමරාවකින් වාහනයේ ඉදිරිපස වගේම පසුපස මාර්ගයක් පටිගත වෙනවා.

    microsd_memory_cards_for_dash_cams.jpg


    මේ කැමරාවල වීඩියෝ පටිගත වීම සිදු වෙන්නෙ මෙමරි කාර්ඩ් එකක. සියලුම පටිගත කිරීම් වෙන්නෙ Loop Recording ආකාරයට. ඒ කියන්නෙ හිතන්න ඔබේ ඩෑශ් කැම් එකේ තියෙන්නෙ 16GB මෙමරි කාඩ් එකක් කියල. මෙමරි කාර් එකේ සම්පූර්ණ ධාරිතාවය වීඩියෝ පටිගත වූ විට මුලින්ම පටිගත වූ වීඩියෝ ඉබේම මැකිල අලුත් වීඩියෝ පටිගත වෙනවා.

    loop_recording_car_camera.jpg


    වීඩියෝ කුඩා කොටස් එහෙමත් නැත්නම් Clips විදිහට තමයි පටිගත වෙන්නෙ.සාමාන්‍යයෙන් එක ක්ලිප් එකක දිග විනාඩි 3 සිට 5 දක්වා වෙන්න පුලුවන්. හදිසි අනතුරකදි,පොලිසියෙන් නැවැත් වූ අවස්ථාවල මේ ඩෑශ් කැම් උපකරණය බොහෝ ප්‍රයෝජනවත්. ඒ වගේ අවස්ථාවලදී අපිට සාක්ෂි වශයෙන් මේ වීඩියෝ ඉදිරිපත් කරන්න පුලුවන්.

    කොහොමද ඔබේ වාහනයට හොඳින්ම ගැලපෙන ඩෑශ් කැම් එකක් ‍තෝර ගන්නෙ?

    රු 3000 සිට 30,000 – 40,000 දක්වා මිල ගණන් වලින් ඩෑශ් කැම් තිබෙනවා. ඒ වගේම ඉතාම සරල දර්ශන පටිගත කිරීමේ සිට ඔබේ වාහනයේ වේගය, ගමන් කල ස්ථාන, අනතුරු වැලක්වා ගැනීමේ සහය ලබා දෙන වගේ නවීන අමතර පහසුකම් තිබෙන ඩෑශ් කැම් පවා දැන් වෙළදපොලේ තිබෙනවා. ඉතින් අතේ තිබෙන මුදලට සහ තමන්ගේ වාහනයට ගැලපෙන ඩෑශ් කැම් එකක් ‍තෝරා ගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි අවබෝධයක් දෙන්න තමයි මේ උත්සාහ කරන්නෙ.

    ප්‍රධාන කොටස් 2 වර්ග කරන්න පුලුවන්.

    (1). මූලික කැමරා

    (2). විශේෂාංග සහිත කැමරා

    1.මූලික කැමරා

    s-l500.jpg


    සාපේක්ෂව මිලෙන් අඩු කැමරාවකි. වීඩියෝ ගුණාත්මක බවද සාපේක්ෂව බැලූ විට අඩුයි. නමුත් ඔබේ අවශ්‍යතාව ඉ‍ටු කර ගන්නට මෙම කැමරාව ප්‍රමාණවත්. Ebay වගේ විදේශීය වෙබ් අඩවියක් හරහා ඔබට ඩොලර් 15 ක් වැනි අවම මුදලකට මිළදී ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේදීද මෙම කැමරා රු 3500 සිට 5000 දක්වා වන මුදලකට මිලදී ගැනීමේ හැකියාව ඇත.

    2. විශේෂාංග සහිත කැමරා

    lukas-lk-7950-wd-5-720x720.jpg


    සාපේක්ෂව ගත් විට මිල සහ වීඩියෝ ගුණාත්මක බව ඉහළයි.මේවායේ තිබෙන අමතර විශේෂාංග පහත පරිදි වේ.

    • මාර්ගයෙන් ඉවතට යාම පූර්ව හඳුනා ගැනීම (Lane Departure Warning System)

    2016-Sorento-Lane-Departure-Warning-System.jpg


    මෙහිදී වෙන්නෙ වාහනය මාර්ගයෙන් ඉවතට ගමන් කිරීමේ හැකියාව කලින් හඳුනාගෙන රියදුරාට ඒ බව බීප් නාද මගින් අනතුරු ඇඟවීම. LDWS ක්‍රියාත්මක වෙන්නෙ වාහනය පැයට කි.මි 60 හෝ ඊට වැඩි වේගයෙන් ගමන් කරන විට පමණි. එසේම කාපට් අතුරා මාර්ගයේ දෙපස සුදු පැහැති ඉරි ඇඳ ඇති මාර්ගවල මෙය වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ.

    • Collision Warning

    8816888_f496.jpg


    මෙහිදී සිදු වන්නේ ඔබේ වාහනයට ඉදිරියෙන් යම් බාධාවක් පවතින්නේ නම් ඒ බව කලින් දැනුම් දීම.

    උදා: ඔබට ඉදිරියෙන් තවත් වාහනයක් ගමන් කරයි නම්, එම වාහනය සහ ඔබේ වාහනය අතර ආරක්ෂිත පරතරයක් පවත්වාගෙන යන්න මේ පහසු කම උදව් වෙනවා. ඔබ පමණ ඉක්මවා ඉදිරියෙන් ගමන් කරන වාහනයට ලං වන්නේ නම් බීප් නාදයක් මගින් ඔබට අනතුරු ඇඟවීමක් කරයි.

    • WiFi

    wifi-dash-cam.jpg


    ඔබේ ඩෑශ් කැම් එකේ වයි ෆයි පහසුකම් තිබේ නම් ඔබගේ ෆෝන් එක හෝ ටැබ් එක ඩෑශ් කැම් එකට සම්බන්ධ කරන්න පුලුවන්. ඒ හරහා ඩෑශ් කැම් එකේ විවිධ වෙනස්කම් සිදු කිරීම, පටිගත වී ඇති වීඩියෝ නැරඹීම, එම වීඩියෝ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කර ගැනීම වගේ දේවල් කරන්න පුලුවන්. හිතන්න ඔබ වාහනයේ යන විට තනි ඉර කපා ඉස්සර කිරීමේ වරදට පොලිසියෙන් නැවැත්වුවා කියා. එවිට ඕබට ඒ සිදු වීම ඔබගේ ෆෝන් එක හරහා පොලිස් නිලධාරියාට පෙන්වන්න පුලුවන්. (වරදක් සිදු නොවූ බව ඔබට විශ්වාස නම් පමණක් )

    • GPS

    navmanmivue2.jpg


    මේ පහසුකම නිසා ඔබගේ වාහන ගමන් කරන්නේ ශ්‍රී ලංකාමේ කුමන තැනකද යන්න දැන ගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ ලංකාවේදි මිලට ගන්න පුලුවන් ඩෑශ් කැමරා කිහිපයක්

    Transcend Drive Pro 100 (මිල රු. 14,000 – 16,000)

    101.jpg


    • F/2.0 aperture for low light conditions
    • 160° viewing angle gives an extra wide perspective of on-road events
    • Bright 2.4-inch color LCD screen for live view and video playback
    • Motion G-Sensor detects impacts and automatically protects current recording
    • Built-in microphone and speaker can record and playback sound if desired
    • 7 glass lenses for ultra sharpness
    • Emergency recording function
    • Wi-Fi connectivity and exclusive app

    Transcend Drive Pro 520 (රු.මිල 30,000 – 32,000)

    Transcend-Drive-Pro-520.jpg


    • Motion G-Sensor detects impacts and automatically protects current recording
    • F/1.8 aperture and 130° viewing angle for clear and smooth 1080P recordings
    • Handy snapshot to take photos while recording
    • Exclusive DrivePro App for downloading and streaming videos
    • Free 32GB High Endurance microSD memory card included
    • Infrared LEDs for sharp videos at night
    • Instantly view and download videos via built in Wi-Fi
    • Built in GPS receiver to locate your position


    Transcend Drive Pro DrivePro 220 (මිල රු. 19,000 – 22,000)

    TRANSCEND-DrivePro-220.jpg


    • Lane Departure Warning System (LDWS) to prevent potential incidents
    • Speed alarm to remind you of the speed limit
    • Built-in battery to ensure uninterruptible recording
    • F/1.8 aperture for clear low light recording
    • 130° viewing angle for clear and smooth 1080P recordings
    • Bright 2.4-inch color LCD screen for live view and video playback
    • Wi-Fi connectivity and exclusive DrivePro App
    • Forward Collision Warning System (FCWS)to keep a safe distance
    • Parking Mode to safeguard your vehicle when you’re not there
    • GPS Receiver to log your driving records


    Carcam-K2000 (මිල රු. 5000)

    CAR-CAM.jpg


    • TFT LCD:2.0LTPS(4:3)
    • Lens:140 Degree
    • Video Resolution:1080p/720p/480p
    • Video Form:AVI- Image Resolution:12M/8M/5M/3M
    • Image Form:JPG
    • Memory:Support microSD with SD adaptor or SD Card- up to 32GB
    • Shooting Mode:Single shot / Self-timer (2seconds / 5 seconds / 10 seconds) / Continuous
    • Optical Frenquency:50Hz/60Hz
    • TV OUT: NTSC /PAL
    • Data Transfer Interface:USB2.0
    • Power Interface:5V 500MA
    • Battery:Li Polymer Battery Built-in
    • System:Windows 2000/XP/Vista/Windows 7,MAC OS x 10.3.6


    Remax CX-03 Full HD Dual Camera (මිල රු. 8000 – 10,000)

    REMAX.jpg


    • LCD size: 4.3-inch 480 x 272 pixel.
    • Lens: High resolution, wide-angle 170 degree.
    • Video Resolution: 1080P / 720P / 480P.
    • Video Format: MJPEG AVI
    • Photo Resolution: 12M / 10M / 8M / 5M / 3M / 1.3M.
    • Photo Format: JPG Interface Port: Mini-USB, TV Out, GPS port.
    • Storage Type: micro SD Card up to 32G. Power: 5V 1A
    • Battery: 3.7 lithium polymer
    • Microphone and Speaker Built-in



    Source : refresh.lk
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    machan pettah vala 1st cross street eke 88 market eke dual camera recorder eka, back mirror mount eka 5500LKR. video quality hondai aulak ne, motion detection, in built battery tiyenava. ekama car accessaries shop vala 10k vage venava