ඔබේ සුරතලා තෝරා ගැනීමට පෙර මේ ගැනත් සිතන්Ş
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Aug 30, 2014 #1 ඔබේ සුරතලා තෝරා ගැනීමට පෙර මේ ගැනත් සිතන්Ş Reactions: hacker T, Metalingus, Extra One and 6 others
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Oct 5, 2014 #3 (Rottweiler) විශ්වාසවන්ත ආරක්ෂකයා රොට්වයර්ලර් මෙවර ලිපියෙන් අප ලංකාවේ තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක් වන රොට්වයර්ලර් (Rottweiler) ගැන කතා කරමු. නම ඇසූ පමණින් ඔබගේ සිතට බය උපදවන සුනඛ වර්ගයක් වුවත් මෙම ලිපිය අවසානයේ දී ඔබට මොවුන් කොපමණ මිනිසුන් හට ලැදි සුනඛ වර්ගයක්ද යන්න වටහා ගත හැකි වේ. රොට්වයලර් වර්ගයේ ආරම්භය වසර පන්සීයක පමණ අතීතයකට දිවයන අතර රෝමානු අධිරාජ්‍යය පැවති කාලයේ මොවුන්ගේ මුතුන් මිත්තන් වාසය කළ බව පැවසේ. කෙසේ වෙතත් ඉතා ශක්තිමත් හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන මොවුන් පළමු සහ දෙවන ලෝක යුද්ධ වළදී බෙහෙවින් ප්‍රයෝජනයට ගත් සුනඛ වර්ගයකි. සැකෙවින් සඳහන් කරන්නේ නම් * සොල්දාදුවන්ගේ ආහාර සඳහා ගව ආදී සතුන් රංචු කිරීම හා දක්කා ගෙන යැම * මුදල් පසුම්බි ආරක්ෂා කිරීම * කරත්ත වැනි දේ ඇදගෙන යැම මෙම සුනඛ වර්ගයේ ජන්ම භූමිය ජර්මනිය වුවත් නිත්‍ය වශයෙන් ලොවට හඳුන්වා දෙන්නේ 1931 ඇමරිකා එක්සත් ජනපදය විසිනි. මොවුන්ගේ දේහ ලක්ෂණ සැලකූවිට අපට දක්නට ලැබෙන්නේ ඉතා ශක්තිමත් පිරිපුන් සිරුරකින් හෙබි ආකර්ෂණීය වර්ගයක් ලෙසයි. හිස මධ්‍ය ප්‍රමාණ දිගකින් යුක්ත වන අතර කන් දෙක අසලදී පළල්වී ඉතා පුළුල් හිසක් ඇතිවේ. ඉතා පැහැදිලි හොඳින් වැඩුණු බෙල්ල ප්‍රදේශයද පොළොවට සමාන්තරව පිහිටන කොඳු නාරටිය සහ ගැඹුරට විහිදුණු පපු ප්‍රදේශය මොවුනට ඉතා කඩවසම් පෙනුමක් ලබාදේ. ඉදිරි පාද යුගල සෘජුව එකිනෙකට ඈතින් පිහිටන අතර පසුපස පාද යුගල ඉතා ශක්තිමත්ව එකිනෙකට මඳක් සමීපයෙන් පිහිටීමෙන් මොවුන්ගේ දේහ බර ඉතා හොඳින් පාලනය කරයි. ඔවුන්ගේ රෝමවල වර්ණය සැලකූ විට එය කළු (Black) සහ දුඹුරු (Dark Brown / Mahogany) යන වර්ණවලින් යුක්ත වන අතර දුඹුරු වර්ණය සිරුරේ ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක් පමණක් අත්පත් කරගනී. සමෙහි කෙටි සහ දිගු වශයෙන් රෝම ස්ථර දෙකකින් යුක්ත වන අතර ඒවා එකිනෙකට ඉතා ආසන්නයෙන් පිහිටන නිසා ජලයට ප්‍රතිරෝධයක් දක්වයි. රොට්වයර්ලර් වර්ගයේ හොඳින් වැඩුණු පිරිමි සතකු 61-69 cm පමණ උසකින් යුක්ත වන අතර හොඳින් වැඩුනු ගැහැණු සතකු 56-63 cm පමණ වේ. පිරිමි සතකුගේ දේහ බර 50-60 නට වන අතර ගැහැනු සතකු 35-48 නට පමණ වේ. රොට්වයර්ලර් වර්ගයේ හැසිරීම් රටාව ඔබ ඉතා හොඳින් අවබෝධ කරගතහොත් මෙම වර්ගයේ සුරතලුන් ඔබටත් ඇති දැඩි කළ හැකි වන අතර ඔබ ඉතා කාර්ය බහුල පුද්ගලයෙක් නම් මෙවැනි සුරතලකු ඇති කිරීම සුදුසු නැත. ඉතා ශක්තිමත් මනාපෞරුෂත්වයක් ඇති ආත්මාරක්ෂාව වෙනුවෙන් නොබියව සටන් කරන ස්වාමියාට සහ පවුලට ඉතා ලැදි මොවුන් ඇති කිරීමේදී හැකිතාක් සමීපව ඇසුරු කිරීමෙන් ඔබට ඉතා මිත්‍ර සීලි සුරතලකු බවට මොවුන් පත්කර ගත හැකියි. පිටස්තර පුද්ගලයන් සමඟ කිසිසේත්ම සුහදශීලී නොවන මොවුන් ඔබගේ නිවසට ඉතා හොඳ ආරක්ෂකයෙකි. මනා ලෙස පුහුණු කිරීමෙන් මොවුන් තුළ ඇති දක්ෂතා පිළිබිඹු කරගත හැකි අතර එමගින් මොවුන් ඔබගේ අණට ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමට උපකාරී වේ. ඉතා සෞඛ්‍ය සම්පන්න වර්ගයක් වන මොවුන් "පාවෝ" (Parvo) නැමැති රෝගය වැළඳීමට විශාල නැඹුරු තාවයක් දක්වයි. නිසි වයසේ දී එන්නත් ලබාදීමෙන් මෙය වළක්වා ගත හැක. එමෙන්ම උකුල් ඇටය සහ දණහිස් ආශ්රිත ආබාධ, සමේ රෝග වැනි රෝගවලටද මොවුන් ගොදුරු වීමට ඉඩ ඇත නිසි ආකාර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් ඔබගේ සුරතලා මනා යහපත් සෞඛ්‍ය මට්ටමකින් තබා ගත හැකි වේ.
(Rottweiler) විශ්වාසවන්ත ආරක්ෂකයා රොට්වයර්ලර් මෙවර ලිපියෙන් අප ලංකාවේ තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක් වන රොට්වයර්ලර් (Rottweiler) ගැන කතා කරමු. නම ඇසූ පමණින් ඔබගේ සිතට බය උපදවන සුනඛ වර්ගයක් වුවත් මෙම ලිපිය අවසානයේ දී ඔබට මොවුන් කොපමණ මිනිසුන් හට ලැදි සුනඛ වර්ගයක්ද යන්න වටහා ගත හැකි වේ. රොට්වයලර් වර්ගයේ ආරම්භය වසර පන්සීයක පමණ අතීතයකට දිවයන අතර රෝමානු අධිරාජ්‍යය පැවති කාලයේ මොවුන්ගේ මුතුන් මිත්තන් වාසය කළ බව පැවසේ. කෙසේ වෙතත් ඉතා ශක්තිමත් හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන මොවුන් පළමු සහ දෙවන ලෝක යුද්ධ වළදී බෙහෙවින් ප්‍රයෝජනයට ගත් සුනඛ වර්ගයකි. සැකෙවින් සඳහන් කරන්නේ නම් * සොල්දාදුවන්ගේ ආහාර සඳහා ගව ආදී සතුන් රංචු කිරීම හා දක්කා ගෙන යැම * මුදල් පසුම්බි ආරක්ෂා කිරීම * කරත්ත වැනි දේ ඇදගෙන යැම මෙම සුනඛ වර්ගයේ ජන්ම භූමිය ජර්මනිය වුවත් නිත්‍ය වශයෙන් ලොවට හඳුන්වා දෙන්නේ 1931 ඇමරිකා එක්සත් ජනපදය විසිනි. මොවුන්ගේ දේහ ලක්ෂණ සැලකූවිට අපට දක්නට ලැබෙන්නේ ඉතා ශක්තිමත් පිරිපුන් සිරුරකින් හෙබි ආකර්ෂණීය වර්ගයක් ලෙසයි. හිස මධ්‍ය ප්‍රමාණ දිගකින් යුක්ත වන අතර කන් දෙක අසලදී පළල්වී ඉතා පුළුල් හිසක් ඇතිවේ. ඉතා පැහැදිලි හොඳින් වැඩුණු බෙල්ල ප්‍රදේශයද පොළොවට සමාන්තරව පිහිටන කොඳු නාරටිය සහ ගැඹුරට විහිදුණු පපු ප්‍රදේශය මොවුනට ඉතා කඩවසම් පෙනුමක් ලබාදේ. ඉදිරි පාද යුගල සෘජුව එකිනෙකට ඈතින් පිහිටන අතර පසුපස පාද යුගල ඉතා ශක්තිමත්ව එකිනෙකට මඳක් සමීපයෙන් පිහිටීමෙන් මොවුන්ගේ දේහ බර ඉතා හොඳින් පාලනය කරයි. ඔවුන්ගේ රෝමවල වර්ණය සැලකූ විට එය කළු (Black) සහ දුඹුරු (Dark Brown / Mahogany) යන වර්ණවලින් යුක්ත වන අතර දුඹුරු වර්ණය සිරුරේ ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක් පමණක් අත්පත් කරගනී. සමෙහි කෙටි සහ දිගු වශයෙන් රෝම ස්ථර දෙකකින් යුක්ත වන අතර ඒවා එකිනෙකට ඉතා ආසන්නයෙන් පිහිටන නිසා ජලයට ප්‍රතිරෝධයක් දක්වයි. රොට්වයර්ලර් වර්ගයේ හොඳින් වැඩුණු පිරිමි සතකු 61-69 cm පමණ උසකින් යුක්ත වන අතර හොඳින් වැඩුනු ගැහැණු සතකු 56-63 cm පමණ වේ. පිරිමි සතකුගේ දේහ බර 50-60 නට වන අතර ගැහැනු සතකු 35-48 නට පමණ වේ. රොට්වයර්ලර් වර්ගයේ හැසිරීම් රටාව ඔබ ඉතා හොඳින් අවබෝධ කරගතහොත් මෙම වර්ගයේ සුරතලුන් ඔබටත් ඇති දැඩි කළ හැකි වන අතර ඔබ ඉතා කාර්ය බහුල පුද්ගලයෙක් නම් මෙවැනි සුරතලකු ඇති කිරීම සුදුසු නැත. ඉතා ශක්තිමත් මනාපෞරුෂත්වයක් ඇති ආත්මාරක්ෂාව වෙනුවෙන් නොබියව සටන් කරන ස්වාමියාට සහ පවුලට ඉතා ලැදි මොවුන් ඇති කිරීමේදී හැකිතාක් සමීපව ඇසුරු කිරීමෙන් ඔබට ඉතා මිත්‍ර සීලි සුරතලකු බවට මොවුන් පත්කර ගත හැකියි. පිටස්තර පුද්ගලයන් සමඟ කිසිසේත්ම සුහදශීලී නොවන මොවුන් ඔබගේ නිවසට ඉතා හොඳ ආරක්ෂකයෙකි. මනා ලෙස පුහුණු කිරීමෙන් මොවුන් තුළ ඇති දක්ෂතා පිළිබිඹු කරගත හැකි අතර එමගින් මොවුන් ඔබගේ අණට ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමට උපකාරී වේ. ඉතා සෞඛ්‍ය සම්පන්න වර්ගයක් වන මොවුන් "පාවෝ" (Parvo) නැමැති රෝගය වැළඳීමට විශාල නැඹුරු තාවයක් දක්වයි. නිසි වයසේ දී එන්නත් ලබාදීමෙන් මෙය වළක්වා ගත හැක. එමෙන්ම උකුල් ඇටය සහ දණහිස් ආශ්රිත ආබාධ, සමේ රෝග වැනි රෝගවලටද මොවුන් ගොදුරු වීමට ඉඩ ඇත නිසි ආකාර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් ඔබගේ සුරතලා මනා යහපත් සෞඛ්‍ය මට්ටමකින් තබා ගත හැකි වේ.
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Oct 5, 2014 #4 cocker Spaniels දඩයමට දක්ෂ, සංවේදී cocker Spaniels මෙවර කලාපයෙන් අපි තවත් හුරු බුහුටි සුනඛ සුරතලුන් වර්ගයක් ගැන කතා කරමු. කොකස් පැනියල් (cocker Spaniels) යනු දාහතරවන ශත වර්ෂයේ දී පමණ ලොවට හඳුන්වාදුන් ස්පාඤ්ඤය (Spain) ජන්ම භූමිය කරගත් අලංකාර සුනඛ වර්ගයකි. මූලික වශයෙන් මෙම පවුලේ සුනඛයන් කොටස් දෙකකට බෙදෙන අතර * Water Spaniel group * Land Spaniel group මෙලෙස පළමු කාණ්ඩයට අයිති සතුන් සාපේක්ෂව විශාල දේහ ප්‍රමාණයක් හිමි සතුන් වන අතර ලෝම කැරලි (Curly) හැඩයකට පිහිටයි. මෙම ලක්ෂණවලට අයත් නොවන මෙම පවුලේ අනෙකුත් සුනඛයන් දෙවැනි කාණ්ඩය යටතට ගැනේ. නමුත් පසු කාලීනව මොවුන් අනුකාණ්ඩ ගණනාවකට බෙදා වෙන්කර ඇත. මොවුන්ගේ ශරීර ප්‍රමාණය සාපේක්ෂව කුඩාවන අතර හොඳින් වැඩුනු පිරිමි සතකු අඟල් 15 ක පමණ උසකින් යුක්ත වී බර 12 kg පමණ යුක්ත වේ. හොඳින් වැඩුනු ගැහැනු සතකු අඟල් 14 පමණ උසකින් සහ බර 10 kg පමණ වේ. මෙම සුනඛ වර්ගය කීකරු ගති ගුණ ඇති අතර පවුලේ සැම දෙනාට ආදරය කරමින් වාසය කරයි. ක්‍රියාශීලී, හොඳ ඉවක් ඇති මොවුන් දඩයමට ඉතා දක්ෂය. මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක් වන අතර ඉතා මෘදු මානසික මට්ටමක් ඇත. එම නිසා සුළු වේදනාවකට වුවද පුළුල් ප්‍රතිචාර දක්වයි. මොවුන්ගේ සෞඛ්‍ය මට්ටම සැලකූ විට එය ඉතා යහපත් වන අතර අනෙකුත් සුනඛ වර්ග මෙන්ම මොවුන්ද ඇතැම් රෝග වැළඳීමට දක්වන ප්‍රවන තාවය වැඩිය. උදා:- * ඇසේ ආබාධ (Cataract Glaucoma) * Auto immune Hemolytic anemia * Hypothyroidism * සමේ ඇතිවන රෝග (Primary Seborrhea) මෙම සතුන් නිවස ඇතුළත ඇති කිරීමට ඉතා සුදුසු වන බැවින් මොවුන් සඳහා වෙනමම ඉඩ කඩ වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. දෛනිකව මිනිත්තු 30 පමණ ව්‍යායාම කටයුතුවලට යොදා ගැනීම ප්‍රමාණවත් වේ. මොවුන්ගේ ආහාර රටාව සැලකූ විට පෙනී යන්නේ මොවුන්ට ආහාර සැපයීම ඉතා ක්‍රමානුකූලව කළ යුතු බවයි. දිනකට ගන්නා ආහාර ප්‍රමාණය මොවුන්ගේ දේහ ප්‍රමාණය, වයස, ක්‍රියාශීලී බව යන සාධක මත යෑපෙන අතර තත්ත්වයෙන් උසස් වෙළෙඳපොළ ඇති පිළියෙල කරන ලද ආහාර කෝප්ප එක හමාරක්/ දෙක හමාරක් අතර ප්‍රමාණයක් දිනකට සැපයීම ප්‍රමාණවත් වේ. මෙම සුනඛ වර්ගය ඉතා දැකුම් කලු ලෝම වලින් පිරි සමක් ඇති සතුන් වන අතර හිසෙහි සහ බෙල්ල ප්‍රදේශයේ ඇති ලෝම දිගින් අඩුවේ. කන, පපුව, උදරය සහ පාද වල ඇති ලෝම සාපේක්ෂව දිගින් වැඩිය. ලෝම වල වර්ණය කලු සහ දුඹුරු හෝ වෙනත් වර්ණවලින් යුක්ත විය හැක. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම සුන්දර පෙනුම රැක ගැනීමට නම් සුරතලා දිනපතා පීරිම සහ නියමිත කාල පරාසවලදී සිරුරේ අක්‍රමවත් ලෝම ඉවත් කළ යුතුවේ. මීට අමතරව ඇස් සහ කන් පිළිබඳව වැඩි අවධානයක් දැක්වීම නියපොතු කැපීම සහ නිරන්තරව පාද පරීක්ෂා කිරීම දත් මැදීම සහ නෑවීම යන කරුණු ගැන සැලකිලිමත් වීම යහපත් වේ. මෙම සුරතලුන්ගේ පැටවුන් බෝ කිරීම සහ එම ප්‍රජනන ක්‍රියාවලිය ගැන සලකන්නේ නම් නියමිත කාල වකවානුවලදී මොවුන් අභිජනනය කිරීම ඉතා වැදගත් වේ. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න පැටවුන් ලබාගත හැකි අතර ගර්භනී සමයේදී සුදුසු පෝෂ්‍ය පදාර්ථ ලබාදීමෙන් මවට ඇතිවිය හැකි අතුරු ආබාධ වලක්වා ගත හැකිවේ. මීට අමතරව මෙම සතුන් මනාව පුහුණු කළ හැකි සුනඛ වර්ගයක් බැවින් කුඩා අවධියේ සිට පුහුණු කිරීම ආරම්භ කිරීමෙන් ඔබට ඉතා ප්‍රයෝජනවත් කීකරු සුරතලෙක් ඇති දැඩි කරගත හැක.
cocker Spaniels දඩයමට දක්ෂ, සංවේදී cocker Spaniels මෙවර කලාපයෙන් අපි තවත් හුරු බුහුටි සුනඛ සුරතලුන් වර්ගයක් ගැන කතා කරමු. කොකස් පැනියල් (cocker Spaniels) යනු දාහතරවන ශත වර්ෂයේ දී පමණ ලොවට හඳුන්වාදුන් ස්පාඤ්ඤය (Spain) ජන්ම භූමිය කරගත් අලංකාර සුනඛ වර්ගයකි. මූලික වශයෙන් මෙම පවුලේ සුනඛයන් කොටස් දෙකකට බෙදෙන අතර * Water Spaniel group * Land Spaniel group මෙලෙස පළමු කාණ්ඩයට අයිති සතුන් සාපේක්ෂව විශාල දේහ ප්‍රමාණයක් හිමි සතුන් වන අතර ලෝම කැරලි (Curly) හැඩයකට පිහිටයි. මෙම ලක්ෂණවලට අයත් නොවන මෙම පවුලේ අනෙකුත් සුනඛයන් දෙවැනි කාණ්ඩය යටතට ගැනේ. නමුත් පසු කාලීනව මොවුන් අනුකාණ්ඩ ගණනාවකට බෙදා වෙන්කර ඇත. මොවුන්ගේ ශරීර ප්‍රමාණය සාපේක්ෂව කුඩාවන අතර හොඳින් වැඩුනු පිරිමි සතකු අඟල් 15 ක පමණ උසකින් යුක්ත වී බර 12 kg පමණ යුක්ත වේ. හොඳින් වැඩුනු ගැහැනු සතකු අඟල් 14 පමණ උසකින් සහ බර 10 kg පමණ වේ. මෙම සුනඛ වර්ගය කීකරු ගති ගුණ ඇති අතර පවුලේ සැම දෙනාට ආදරය කරමින් වාසය කරයි. ක්‍රියාශීලී, හොඳ ඉවක් ඇති මොවුන් දඩයමට ඉතා දක්ෂය. මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක් වන අතර ඉතා මෘදු මානසික මට්ටමක් ඇත. එම නිසා සුළු වේදනාවකට වුවද පුළුල් ප්‍රතිචාර දක්වයි. මොවුන්ගේ සෞඛ්‍ය මට්ටම සැලකූ විට එය ඉතා යහපත් වන අතර අනෙකුත් සුනඛ වර්ග මෙන්ම මොවුන්ද ඇතැම් රෝග වැළඳීමට දක්වන ප්‍රවන තාවය වැඩිය. උදා:- * ඇසේ ආබාධ (Cataract Glaucoma) * Auto immune Hemolytic anemia * Hypothyroidism * සමේ ඇතිවන රෝග (Primary Seborrhea) මෙම සතුන් නිවස ඇතුළත ඇති කිරීමට ඉතා සුදුසු වන බැවින් මොවුන් සඳහා වෙනමම ඉඩ කඩ වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. දෛනිකව මිනිත්තු 30 පමණ ව්‍යායාම කටයුතුවලට යොදා ගැනීම ප්‍රමාණවත් වේ. මොවුන්ගේ ආහාර රටාව සැලකූ විට පෙනී යන්නේ මොවුන්ට ආහාර සැපයීම ඉතා ක්‍රමානුකූලව කළ යුතු බවයි. දිනකට ගන්නා ආහාර ප්‍රමාණය මොවුන්ගේ දේහ ප්‍රමාණය, වයස, ක්‍රියාශීලී බව යන සාධක මත යෑපෙන අතර තත්ත්වයෙන් උසස් වෙළෙඳපොළ ඇති පිළියෙල කරන ලද ආහාර කෝප්ප එක හමාරක්/ දෙක හමාරක් අතර ප්‍රමාණයක් දිනකට සැපයීම ප්‍රමාණවත් වේ. මෙම සුනඛ වර්ගය ඉතා දැකුම් කලු ලෝම වලින් පිරි සමක් ඇති සතුන් වන අතර හිසෙහි සහ බෙල්ල ප්‍රදේශයේ ඇති ලෝම දිගින් අඩුවේ. කන, පපුව, උදරය සහ පාද වල ඇති ලෝම සාපේක්ෂව දිගින් වැඩිය. ලෝම වල වර්ණය කලු සහ දුඹුරු හෝ වෙනත් වර්ණවලින් යුක්ත විය හැක. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම සුන්දර පෙනුම රැක ගැනීමට නම් සුරතලා දිනපතා පීරිම සහ නියමිත කාල පරාසවලදී සිරුරේ අක්‍රමවත් ලෝම ඉවත් කළ යුතුවේ. මීට අමතරව ඇස් සහ කන් පිළිබඳව වැඩි අවධානයක් දැක්වීම නියපොතු කැපීම සහ නිරන්තරව පාද පරීක්ෂා කිරීම දත් මැදීම සහ නෑවීම යන කරුණු ගැන සැලකිලිමත් වීම යහපත් වේ. මෙම සුරතලුන්ගේ පැටවුන් බෝ කිරීම සහ එම ප්‍රජනන ක්‍රියාවලිය ගැන සලකන්නේ නම් නියමිත කාල වකවානුවලදී මොවුන් අභිජනනය කිරීම ඉතා වැදගත් වේ. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න පැටවුන් ලබාගත හැකි අතර ගර්භනී සමයේදී සුදුසු පෝෂ්‍ය පදාර්ථ ලබාදීමෙන් මවට ඇතිවිය හැකි අතුරු ආබාධ වලක්වා ගත හැකිවේ. මීට අමතරව මෙම සතුන් මනාව පුහුණු කළ හැකි සුනඛ වර්ගයක් බැවින් කුඩා අවධියේ සිට පුහුණු කිරීම ආරම්භ කිරීමෙන් ඔබට ඉතා ප්‍රයෝජනවත් කීකරු සුරතලෙක් ඇති දැඩි කරගත හැක.
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Oct 5, 2014 #5 අනතුරක් හැඟවීමට පමණක් බුරන Bull mastiff මෙවර ලිපියෙන් අපි ගෘහාශ්රීතව ඇති කරන තවත් ශරීර ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක් වන Bull mastiff යන සුරතලුන් ගැන කතා කරමු. මෙම සතුන් 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ලොවට හඳුන්වා දුන්නේ එවකට සිටි සුනඛ වර්ග 2 ක් වන English mastiff iy old English builldog යන සුනඛ වර්ග 2 ක මුහුන් කොට අභිජනනය කිරීමෙනි. මෙම සුනඛ වර්ග 2 හිම ලක්ෂණ පොදු කොට ගත් මොවුන් මේ වන විට ලොව පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී. මොවුන්ගේ ශරීර ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය සහ ස්වාමියාට ඇති හිතවත් බව නිසා මොවුන් ප්‍රධාන වශයෙන් එවකට වතු ආරක්ෂක කටයුතු සඳහා යෙදාගෙන ඇත. අඩු වශයෙන් බුරන මෙම සතුන් බුරන සෑම අවස්ථාවකදීම යම් අනතුරක් ඇඟවීම සඳහා එසේ කිරීම විශේෂත්වයකි. ඉහත පරිදි ශක්තියෙන් සහ ශරීර ප්‍රමාණයෙන් ඉහළ මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක් වීම විශේෂයකි. නිවසේ සාමාජිකයන් සමග නිතර ගැවසීමෙන් මොවුන් විනීත ලෙස හැසිරීම ඉතා හොඳින් ඉගෙන ගනී. මොවුන් මනාව පුහුණු කිරීම සහ සමාජශීලී ගති පැවතුම් ඇති කිරීම මගින් ඔබගේ සුරතලා ඔබගේ විධානවලට කන්දීමේ හැකියාව වර්ධනය කරගත හැක. ස්වාභාවිකවම මොවුන් තුළ ඇති ආරක්ෂක හැකියාව නිසා ඔබගේ නිවසට සුරතලකු මෙන්ම හොඳ ආරක්ෂකයකු වශයෙන්ද කටයුතු කරයි. කෙසේ වෙතත් මොවුනට විශේෂයෙන් ආරක්ෂක පුහුණුව (Guard dog training) අවශ්‍ය නොවන අතර අනෙකුත් පුහුණු කිරීම් වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ මොවුන් එකම දේ නැවත නැවත සිදු කිරීමට දැඩි අකැමැත්තක් දක්වන බැවිනි. ශක්ති සම්පන්න මනා පිරිපුන් සිරුරකින් හෙබි මොවුන් ඉතා හොඳ සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගනී. කෙසේ වෙතත් අනෙක් විශාල සුනඛ වර්ගයන්ට මෙන්ම මොවුනටද ආවේණිකව පවතින රෝග දක්නට ලැබේ. Hip dysplasia Elbow dysplasia මෙම තත්ත්වය වැළඳීමට මොවුන්ගේ ගහනයෙන් 24% ක පමණ ප්‍රවණතාවක් පවතී. Entropion Hypothyroidism මීට අමතරව අප රටේ ප්‍රායෝගිකව දැකිය හැකි ආවේණික නොවන ප්‍රධාන ලක්ෂණය වන්නේ මොවුන්ට ඇතිවන සමේ රෝගයි. මෙයට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ අක්‍රමවත් ලෙස සතුන් අභිජනනයයි. (එකම පවුලේ සහෝදර සහෝදරියන් හෝ ළඟ ඥති සම්බන්ධතා ඇති සුනඛයන් අභිජනනයයි) මොවුන්ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 50 kg - 60 kg. පමණ බරවන අතර උස 64 සෙ. මී. - 71 සෙ. මී. පමණ වේ. හොඳින් වැඩුණු ගැහැනු සතකු 45 kg - 55 kg පමණ වන අතර උස 61 සෙ. මී. - 66 සෙ. මී. පමණ වේ. මොවුනගේ සමේ වර්ණක සැලකූ විට එය Red, Fawn සහ Brinde වශයෙන් වර්ග 03 කි. සමෙහි රෝම ඉතා කෙටි ඝනකම් ස්වභාවයක් දක්වයි. පහළට එල්ලා වැටෙන කන් දෙකක් සහිත මොවුන් කෙටි පළල් කළු වර්ණයෙන් යුත් හොම්බකින් යුක්තය. ඉදිරි සහ පසුපස පාද යුගල් එකිනෙකට ඈතින් ශක්තිමත්ව පිහිටන අතර කොන්ද ප්‍රදේශය පොළොවට සමාන්තරව පිහිටයි. ප්‍රයෝගිකව බලන කල මඳක් උදාසීන සතුන් බැවින් හොඳින් ව්‍යායාම වල යෙදවීමෙන් ඔබට ඉතා නිරෝගී කඩවසම් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැකිවේ.
අනතුරක් හැඟවීමට පමණක් බුරන Bull mastiff මෙවර ලිපියෙන් අපි ගෘහාශ්රීතව ඇති කරන තවත් ශරීර ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක් වන Bull mastiff යන සුරතලුන් ගැන කතා කරමු. මෙම සතුන් 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ලොවට හඳුන්වා දුන්නේ එවකට සිටි සුනඛ වර්ග 2 ක් වන English mastiff iy old English builldog යන සුනඛ වර්ග 2 ක මුහුන් කොට අභිජනනය කිරීමෙනි. මෙම සුනඛ වර්ග 2 හිම ලක්ෂණ පොදු කොට ගත් මොවුන් මේ වන විට ලොව පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී. මොවුන්ගේ ශරීර ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය සහ ස්වාමියාට ඇති හිතවත් බව නිසා මොවුන් ප්‍රධාන වශයෙන් එවකට වතු ආරක්ෂක කටයුතු සඳහා යෙදාගෙන ඇත. අඩු වශයෙන් බුරන මෙම සතුන් බුරන සෑම අවස්ථාවකදීම යම් අනතුරක් ඇඟවීම සඳහා එසේ කිරීම විශේෂත්වයකි. ඉහත පරිදි ශක්තියෙන් සහ ශරීර ප්‍රමාණයෙන් ඉහළ මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක් වීම විශේෂයකි. නිවසේ සාමාජිකයන් සමග නිතර ගැවසීමෙන් මොවුන් විනීත ලෙස හැසිරීම ඉතා හොඳින් ඉගෙන ගනී. මොවුන් මනාව පුහුණු කිරීම සහ සමාජශීලී ගති පැවතුම් ඇති කිරීම මගින් ඔබගේ සුරතලා ඔබගේ විධානවලට කන්දීමේ හැකියාව වර්ධනය කරගත හැක. ස්වාභාවිකවම මොවුන් තුළ ඇති ආරක්ෂක හැකියාව නිසා ඔබගේ නිවසට සුරතලකු මෙන්ම හොඳ ආරක්ෂකයකු වශයෙන්ද කටයුතු කරයි. කෙසේ වෙතත් මොවුනට විශේෂයෙන් ආරක්ෂක පුහුණුව (Guard dog training) අවශ්‍ය නොවන අතර අනෙකුත් පුහුණු කිරීම් වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ මොවුන් එකම දේ නැවත නැවත සිදු කිරීමට දැඩි අකැමැත්තක් දක්වන බැවිනි. ශක්ති සම්පන්න මනා පිරිපුන් සිරුරකින් හෙබි මොවුන් ඉතා හොඳ සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගනී. කෙසේ වෙතත් අනෙක් විශාල සුනඛ වර්ගයන්ට මෙන්ම මොවුනටද ආවේණිකව පවතින රෝග දක්නට ලැබේ. Hip dysplasia Elbow dysplasia මෙම තත්ත්වය වැළඳීමට මොවුන්ගේ ගහනයෙන් 24% ක පමණ ප්‍රවණතාවක් පවතී. Entropion Hypothyroidism මීට අමතරව අප රටේ ප්‍රායෝගිකව දැකිය හැකි ආවේණික නොවන ප්‍රධාන ලක්ෂණය වන්නේ මොවුන්ට ඇතිවන සමේ රෝගයි. මෙයට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ අක්‍රමවත් ලෙස සතුන් අභිජනනයයි. (එකම පවුලේ සහෝදර සහෝදරියන් හෝ ළඟ ඥති සම්බන්ධතා ඇති සුනඛයන් අභිජනනයයි) මොවුන්ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 50 kg - 60 kg. පමණ බරවන අතර උස 64 සෙ. මී. - 71 සෙ. මී. පමණ වේ. හොඳින් වැඩුණු ගැහැනු සතකු 45 kg - 55 kg පමණ වන අතර උස 61 සෙ. මී. - 66 සෙ. මී. පමණ වේ. මොවුනගේ සමේ වර්ණක සැලකූ විට එය Red, Fawn සහ Brinde වශයෙන් වර්ග 03 කි. සමෙහි රෝම ඉතා කෙටි ඝනකම් ස්වභාවයක් දක්වයි. පහළට එල්ලා වැටෙන කන් දෙකක් සහිත මොවුන් කෙටි පළල් කළු වර්ණයෙන් යුත් හොම්බකින් යුක්තය. ඉදිරි සහ පසුපස පාද යුගල් එකිනෙකට ඈතින් ශක්තිමත්ව පිහිටන අතර කොන්ද ප්‍රදේශය පොළොවට සමාන්තරව පිහිටයි. ප්‍රයෝගිකව බලන කල මඳක් උදාසීන සතුන් බැවින් හොඳින් ව්‍යායාම වල යෙදවීමෙන් ඔබට ඉතා නිරෝගී කඩවසම් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැකිවේ.
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Oct 5, 2014 #6 Golden Retrievr සමීප මිතුරෙකු වන් Golden Retrievr අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක් වන ගෝල්ඩන් රෙට්රිවර් Golden Retriever ගැන කථා කරමු. මොවුන් ස්වභාවිකවම ඉතා සුන්දර සහ මිත්‍රශීලි සුනඛ වර්ගයක් බැවින් ඕනෑම වයස් පන්තියක පුද්ගලයන් අතර හොඳින් ජනප්රියවී ඇත. ස්කොට්ලන්තය නිජභූමිය ලෙස සැලකෙන මෙම සතුන්ගේ ඉතිහාසය වසර 100 ක් ඉක්මවයි. ඉතා ශක්තිමත් සිරුරකින් හෙබි මොවුන් ජලයට ප්‍රතිරෝධය දක්වන ඝනකම් සහදිගු රෝම වලින් සමන්විතයි. මොවුන්ගේ සිරුරේ ඉතා කෙටි සහ දිගු ලෙස රෝම වර්ග 2 ක් පිහිටන අතර කෙටි රෝම එකිනෙකට ඉතා අසන්නව පිහිටමින් ශීත සෘතුවලදී අදාළ උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකර ඇත. රෝමවල වර්ණය සැලකූ විට එය කහ පැහැයක් හෝ කහ දුඹුරු වර්ණයක් ගනී. එමෙන්ම ලෝකයේ විවිධ කලාපවල පැතිර ඇති මොවුන් එම කලාපවල දේශගුණික මට්ටම් සහ අභිජනන ක්‍රියාවලි ඇති සුළු වෙනස්කම් නිසා රෝමවල වර්ණය මදක් තද පැහැ හෝ ලා පැහැගැන්විය හැකිය. මොවුන් ප්‍රධාන වශයෙන් කොටස් 02 කට බෙදෙන අතර, 01. British Type (මුහුණ ප්‍රදේශය මදක් කොට සහ පළල් වේ. පාදවල උස මදක් අඩුයි. දේහ බර සාපේක්ෂව වැඩිවේ) 02. American Type (මුහුණ ප්‍රදේශය මදක් දිගු ස්වභාවයක් ගනී. පාද දිගින් වැඩිය. ඔබ මෙම වර්ගයේ සුනඛයෙක් ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට ඉතාමත් සමීප මිතුරකු ලැබී ඇතැයි සැලකිය හැක. මක් නිසාද යත් ව්‍යවහාරයේ පරිදි මොවුන් කරුණාවන්ත මිත්‍රශීලි පක්ෂපාතී සුනඛ වර්ගයක් වන නිසාය. ඒ කෙසේ වෙතත් ඔබගේ ආදරණීය සුරතලා යහපත් සෞඛ්‍ය මට්ටමකින් පවත්වා ගැනීම සුරතලාට මෙන්ම ඔබටද සතුට ගෙන දෙන්නාවූ කාරණයකි. මොවුන් ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 29-34 kg වන අතර ගැහැණු සතකු 27-32kg පමණ වේ. පිරිමි සතකුගේ උස 58-61 cm පමණ වන අතර ගැහැනු සතකු 55-57 cm පමණ වේ. ඉහත දක්වා ඇති බර සීමාව ඉක්මවා යැම සතාගේ සෞඛ්‍ය මට්ටම පහත දැමීමට හේතුවේ. මොවුන්ට වැළඳෙන ලෙඩ රෝග දෙස බැලූ විට අනෙක් දේහ ප්‍රමාණය විශාල සතුන්ට මෙන්ම මොවුන්ටද Hip dysplasia, Elbow dysplasia වැනි ආවේණික රෝග වැලඳීමට හැකියාවක් ඇති අතර ප්‍රායෝගිකව අප රටේ දේශගුණික මට්ටම සහ අභිජනන ක්‍රියාවලියේ අක්‍රමවත් බව නිසා සමේ රෝග බහුලව දැකිය හැක. මීට අමතරව මොවුන්ගේ රෝමවල ඇති දිගුභාවය නිසා කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයෙක් බෝවීමේ වැඩි අවදානමක් පවතිsන අතර ඒ ආශ්රිත රෝග වැළඳීමේ අවදානමද වැඩිය. උදා - කිනිතුලු උණ (Tick fever) අතිතයේ සිටම මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලුන් වූ මොවුන් විවිධ පැතිකඩවල් ඔස්සේ මොවුන්ගේ සහය මිනිසුන්ට ලබාදෙයි. උදා:- Guide dog අන්ධ පුද්ගලයන්ට මග පෙන්වීම Hunting dog දඩයම් කටයුතු ආරක්ෂක කටයුතු සඳහා මුදා ගැනීමේ හමුදාවල සහයට ඔබගේ සුරතලාද කුඩා අවදියේ සිට මනාලෙස පුහුණු කිරීමෙන් ඔබටද ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැක. Reactions: chamali2009
Golden Retrievr සමීප මිතුරෙකු වන් Golden Retrievr අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක් වන ගෝල්ඩන් රෙට්රිවර් Golden Retriever ගැන කථා කරමු. මොවුන් ස්වභාවිකවම ඉතා සුන්දර සහ මිත්‍රශීලි සුනඛ වර්ගයක් බැවින් ඕනෑම වයස් පන්තියක පුද්ගලයන් අතර හොඳින් ජනප්රියවී ඇත. ස්කොට්ලන්තය නිජභූමිය ලෙස සැලකෙන මෙම සතුන්ගේ ඉතිහාසය වසර 100 ක් ඉක්මවයි. ඉතා ශක්තිමත් සිරුරකින් හෙබි මොවුන් ජලයට ප්‍රතිරෝධය දක්වන ඝනකම් සහදිගු රෝම වලින් සමන්විතයි. මොවුන්ගේ සිරුරේ ඉතා කෙටි සහ දිගු ලෙස රෝම වර්ග 2 ක් පිහිටන අතර කෙටි රෝම එකිනෙකට ඉතා අසන්නව පිහිටමින් ශීත සෘතුවලදී අදාළ උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකර ඇත. රෝමවල වර්ණය සැලකූ විට එය කහ පැහැයක් හෝ කහ දුඹුරු වර්ණයක් ගනී. එමෙන්ම ලෝකයේ විවිධ කලාපවල පැතිර ඇති මොවුන් එම කලාපවල දේශගුණික මට්ටම් සහ අභිජනන ක්‍රියාවලි ඇති සුළු වෙනස්කම් නිසා රෝමවල වර්ණය මදක් තද පැහැ හෝ ලා පැහැගැන්විය හැකිය. මොවුන් ප්‍රධාන වශයෙන් කොටස් 02 කට බෙදෙන අතර, 01. British Type (මුහුණ ප්‍රදේශය මදක් කොට සහ පළල් වේ. පාදවල උස මදක් අඩුයි. දේහ බර සාපේක්ෂව වැඩිවේ) 02. American Type (මුහුණ ප්‍රදේශය මදක් දිගු ස්වභාවයක් ගනී. පාද දිගින් වැඩිය. ඔබ මෙම වර්ගයේ සුනඛයෙක් ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට ඉතාමත් සමීප මිතුරකු ලැබී ඇතැයි සැලකිය හැක. මක් නිසාද යත් ව්‍යවහාරයේ පරිදි මොවුන් කරුණාවන්ත මිත්‍රශීලි පක්ෂපාතී සුනඛ වර්ගයක් වන නිසාය. ඒ කෙසේ වෙතත් ඔබගේ ආදරණීය සුරතලා යහපත් සෞඛ්‍ය මට්ටමකින් පවත්වා ගැනීම සුරතලාට මෙන්ම ඔබටද සතුට ගෙන දෙන්නාවූ කාරණයකි. මොවුන් ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 29-34 kg වන අතර ගැහැණු සතකු 27-32kg පමණ වේ. පිරිමි සතකුගේ උස 58-61 cm පමණ වන අතර ගැහැනු සතකු 55-57 cm පමණ වේ. ඉහත දක්වා ඇති බර සීමාව ඉක්මවා යැම සතාගේ සෞඛ්‍ය මට්ටම පහත දැමීමට හේතුවේ. මොවුන්ට වැළඳෙන ලෙඩ රෝග දෙස බැලූ විට අනෙක් දේහ ප්‍රමාණය විශාල සතුන්ට මෙන්ම මොවුන්ටද Hip dysplasia, Elbow dysplasia වැනි ආවේණික රෝග වැලඳීමට හැකියාවක් ඇති අතර ප්‍රායෝගිකව අප රටේ දේශගුණික මට්ටම සහ අභිජනන ක්‍රියාවලියේ අක්‍රමවත් බව නිසා සමේ රෝග බහුලව දැකිය හැක. මීට අමතරව මොවුන්ගේ රෝමවල ඇති දිගුභාවය නිසා කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයෙක් බෝවීමේ වැඩි අවදානමක් පවතිsන අතර ඒ ආශ්රිත රෝග වැළඳීමේ අවදානමද වැඩිය. උදා - කිනිතුලු උණ (Tick fever) අතිතයේ සිටම මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලුන් වූ මොවුන් විවිධ පැතිකඩවල් ඔස්සේ මොවුන්ගේ සහය මිනිසුන්ට ලබාදෙයි. උදා:- Guide dog අන්ධ පුද්ගලයන්ට මග පෙන්වීම Hunting dog දඩයම් කටයුතු ආරක්ෂක කටයුතු සඳහා මුදා ගැනීමේ හමුදාවල සහයට ඔබගේ සුරතලාද කුඩා අවදියේ සිට මනාලෙස පුහුණු කිරීමෙන් ඔබටද ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැක.
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Oct 5, 2014 #8 watina thread ekak... tfs 6+ Reactions: djjaya
Thilantdm Well-known member Sep 15, 2010 22,615 5,869 113 අද නම් හදට ආවා Oct 5, 2014 #9 patta ithuru ewath thiye nm dapn Reactions: djjaya
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 38 අගහරු වල Oct 5, 2014 #10 gud one bro...rep ++ Reactions: djjaya
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Oct 5, 2014 #11 ado mage laga inne rotek. Reactions: djjaya
owlX Well-known member Jul 13, 2014 1,321 400 83 /usr/bin Oct 5, 2014 #12 Patta machan.. puluwanm price ekama dapan.. TFS
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Oct 5, 2014 #13 owlX said: Patta machan.. puluwanm price ekama dapan.. TFS Click to expand... mona breed eke price da one.issra wage nemei dan dan balu market ekanam bahala thiyenne car market eka bahala wage. issra 35/40 ta giya rot patiyek dan denne wenne 28/26 wage ganakata..
owlX said: Patta machan.. puluwanm price ekama dapan.. TFS Click to expand... mona breed eke price da one.issra wage nemei dan dan balu market ekanam bahala thiyenne car market eka bahala wage. issra 35/40 ta giya rot patiyek dan denne wenne 28/26 wage ganakata..
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,942 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Oct 6, 2014 #15 Ela Machan rep+ Reactions: djjaya
powers Well-known member Dec 8, 2008 3,357 480 83 Nittambuwa Oct 6, 2014 #17 වටිනා ලිපියක් මචං ........එල
Extra One Well-known member Jan 12, 2012 3,454 1,147 113 Oct 6, 2014 #19 watinawa rep++ Reactions: djjaya