ඔබේ DATA ඉක්මනින් ඉවර වෙනවාද . . ?
ඔබේ DATA ඉක්මනින් ඉවර වෙනවාද . . ?
අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙකු පවසන්නේ විවිධ ජංගම දුරකථන සේවා සපයන ආයතනවලින් තමන් විසින් මුදල් ගෙවා ලබාගන්නා පෙර ගෙවුම් DATA ප්‍රමාණයන් අසාමාන්‍ය වේගයකින් අවසන්වන බවය.
දැනට එවැනි සේවා ලබාදෙමින් සිටින මොබිටෙල්, ඩයලොග්, හච්, එයාර්ටෙල්, එටිසලාට් වැනි සෑම ජාලයකම පාරිභෝගිකයන් සමග අප විසින් සාකච්ඡා කරන ලද අතර ඒ සෑම දෙනෙකුම පවසා සිටියේ තමන්ගේ DATA ඉක්මනින් ඉවරවන බවය.
නමුත් අප විසින් නම් සදහන් කරන ලද ඉහත දුරකථන සේවා සමාගම් 05 අතුරින් එක්තරා සමාගම් දෙකකින් සේවා ලබාගන්නා පාරිභෝගිකයන් ස්ථිර වශයෙන්ම පවසා සිටියේ අනිකුත් සමාගම් වලට සමගාමීව සැලකීමේදී එම සමාගම් දෙක විසින් ලබාදෙන DATA ඉක්මනින් අවසන්වන බව තමන්ට අත්දැකීමෙන්ම පැවසිය හැකි බවය.
නමුත් ඒ බව අදාල දුරකථන සමාගම්වලට පැමිණිලි කරන සෑම අවස්ථාවකදීම ඒවායේ පාරිභෝගික සේවා නිලධාරීන් මොනවා හෝ කියා ලිස්සා යන බවද ඔවුන් අප හා කීහ.
දුරකථන කාඩ්පත් අලෙවිකරනු ලබන වෙළෙසැල් කිහිපයකින් අප කරන ලද විමසීමකදී ඔවුන් සදහන් කර සිටියේද එක්තරා දුරකථන සමාගම් දෙකකින් මිලදී ගන්නා DATA ඉක්මනින් කැපී යන බව පාරිභෝගිකයින් විසින් නිතර පවසන බව තමන්ද දන්නා බවය. මේ බව අන්තර්ජාලය භාවිත කරන පාසැල් සිසුන්පවා දන්නවා යැයි ඇතැම් වෙළෙද සැල් හිමියන් අප හා කියා සිටියහ.
අන්තර්ජාල භාවිත කරන්නන් අතර මෙකී දෝශාරෝපනයට ලක්ව තිබෙන ජංගම දුරකථන සමාගම් දෙක මීට පෙර දුරකථන ඇමතුම් කාලය ඉක්මනින් කපා දමන බවටද මෙ පරිද්දෙන්ම චෝදනා ලැබ සිටි සමාගම් දෙකකි.
නමුත් දුරකථන ඇමතුමක කාලය තත්පර ගණනින් අඩුවන විට පාරිභෝගිකයාට එය සොයාගත හැකි විවිධ ක්‍රම ඇතත් අන්තර්ජාල භාවිතයේදී DATA වැයවන්නේ කෙසේදැයි පාරිභෝගිකයාට නිශ්චිතවම සොයාගත නොහැකි බැවින් කිසියම් දුරකථන සමාගමක් විසින් හිතාමතාම (පාරිභෝගිකයින් චෝදනා කරන පරිදි ) මෙලෙස DATA ඉක්මනින් කපාහැරෙන වංචනික ක්‍රමවේදයක් සකසා ඇත්නම් එය පාරිභෝගිකයින්ට සිදුවන බලවත් අසාධාරණයකි.
මේ වනවිට මෙරට ජංගම දුරකථන ජාලයන් විසින් GB එකක දත්ත ප්‍රමාණයක් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන්නේ රුපියල් 200 කට ආසන්න මුදලකටය. නමුත් බොහෝ දුරකථන සේවා සපයන්නන් පවසන්නේ GB එකක දත්ත ප්‍රමාණයක් රුපියල් 50 කට අලෙවි කළත් ඉන් තම සමාගමට ලාභ ලැබිය හැකි බවය.
මේ ගැන අදහස් පලකරද්දී ආසියාවේ අඩුම අන්තර්ජාල DATA ගාස්තු පවතින්නේ ශ්‍රී ලංකාවේ යැයි කියන පිරිසක්ද සිටිති. නමුත් එය සාධාරණ තර්කයක් නොවන අතර ශ්‍රී ලාංකිකයන් සියල්ලෝම දියුණු ආර්ථිකයකට හිමිකම් නොකියන අතරම වෙළෙදපොළ සමීක්ෂණයන් හෙළිකරන පරිදි මෙරට බොහෝ අන්තර්ජාල භාවිතකරන්නන් තම එදිනෙදා අවශ්‍යතාවයන් සදහා DATA මිලදී ගනු ලබන්නේ GB ප්‍රමාණවලින් නොව MB ප්රමාණවලිනි.
පාරිභෝගිකයාගේ අතමිට සරුනම් ඔවුන් DATA මිලදී ගනු ඇත්තේ MB ප්‍රමාණවලින් නොව GB ප්රමාණවලිනි. නමුත් අන්තර්ජාල භාවිත කරන්නන් වැඩි දෙනෙකුගේ ආර්ථික තත්වය එලෙස සරුසාර තත්වයක නොපවතින අතර දුරකථන සමාගම් විසින්ද හිත්පිත් නැත්තවුන් ලෙස DATA සදහා එක හා සමාන මිල ගණන් අයකරති.
කෙසේවුවද මෙවැනි අධික මිල ගණන් යටතේ පවා DATA මිලදී ගන්නා පාරිභෝගිකයන්ට කිසියම් දුරකථන සමාගමක වංචනික ලෙස දත්ත කපා හැරීමේ තත්වයකට මුහුණපෑමට සිදුව තිබේ නම් පාරිභෝගිකයා සතු එකම විසදුම තමන්ට සැක සහිත එවැනි දුරකථන සමාගම්වලින් DATA මිලදී ගැනීම අතහැර වෙනත් සාධාරණ දුරකථන සමාගමකට මාරුවීම පමණි. දුරකථන සමාගම්වලට බැණවදිමින් සිටිනවාට වඩා කළ හැකි හොදම දේ එයයි

.ගත්තු හින්ද පාවිච්චි කරනවා