ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්...

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්...

    fyzvutnqjh7bdtu9sc5q-730x411.jpg


    USSD (Unstructured Supplementary Service Data) කේත කියලා හඳුන්වන්නේ දුරකථන නිෂ්පාදන සමාගම් හෝ වෙනත් සේවාදායකයින් විසින්, අදාළ පරිගණක සමග දත්ත හුවමාරු කරගන්නට ඔබේ ජංගම උපාංග වලට ඔබ්බවා ඇති කේත වර්ගයක්. බොහෝ අවස්ථා වලදී නොදැනුවත්වම මෙම USSD කේතයන් කොතෙකුත් අපේ අතින් භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ Mobitel සිම්පතේ ගිණුම් ශේෂය විමසන්න භාවිතා කරන *100# කියන්නෙත් සරල USSD කේතයක්.


    සේවා දායකයින් බොහෝ විට USSD කේත භාවිත කරන්නේ යම් යම් සේවාවන් සක්‍රිය කිරීමටයි (දත්ත පැකේජ සක්‍රිය කිරීම වැනි). එහෙත් දුරකථන නිෂ්පාදකයින් මේවා යොදාගන්නේ දුරකථනයේ ඇති විවධ සැකසුම් පහසුවෙන් සිදුකරගැනීමටයි. එනම් සාම්ප්‍රදායික සැකසුම් වෙත පිවිසිය හැකි රහස් දොරක් ලෙසටයි.

    මේ උත්සාහය ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම් කීපයක්, කලින් කී USSD කේත වල උදව්වෙන් සොයා බැලීමටයි. මෙම ලිපියේ ඉතිරි කොටසින් සඳහන් වන්නේ ඔබේ iPhone ජංගම දුරකථනයෙන් උත්සාහ කළ හැකි USSD කේත කීපයකි. මේවා ඇතුලත් කළ යුත්තේ දුරකථනයේ Phone අයදුම හරහායි.


    *3001#12345#* – මෙම කේතයෙන් දුරකථනයේ Field Mode එක සක්‍රිය වේ. ඔබගේ ජංගම දුරකථනයට අදාළ සියළුම තාක්ෂණික සැකසුම් මෙම තිරය හරහා සිදුකළ හැකි නමුත්, හුරු-පුරුදු නැති සැකසුම් අතපත ගෑමට යාමෙන් වැළකීම නුවණට හුරුය. මෙම තිරයට පිවිසි පසු ඔබේ දුරකථනයට හසුවන සංඥා ප්‍රබලතාව සංඛ්‍යාත්මක අගයක් ලෙස (තිත් පෙළක් ලෙස නොව) දැකගත හැකිය. මෙය සාමාන්‍යයෙන් ඍණ අගයක් වන අතර, දුරකථනයට ලැබෙන සංඥා වල ප්‍රබලතාව ඉහළ යන තරමට මෙම අගය 0ට ආසන්න වෙයි.

    *#5005*7672# – ඔබේ සිම්පතට අදාළ කෙටි පණිවිඩ මධ්‍යස්ථානය පරීක්ෂාව

    *#31# – ඔබේ දුරකථන අංකය සැඟවීමට විකල්පයක් ලබා දේ

    *3370# – EFR සක්‍රිය හෝ අක්‍රිය කරවීම. EFR (Enhanced Full Rate) මගින් ඔබේ iPhone දුරකථනයෙන් ලබාගන්නා ඇමතුම් වල ප්‍රමිතිය හොඳ මට්ටමකට ගෙන එන අතර, බැටරියේ ආයුකාලය මෙමගින් අඩු වනු ඇත.

    *#21# – Call Forwarding සේවාව පරීක්ෂාව

    *#62# – ආවරණ කලාපයෙන් ඔබේ දුරකථනය බැහැර වූ විටෙක, ඔබට පැමිණෙන ඇමතුම් එළඹෙන්නේ කුමන අංකයකටද යන්න පරීක්ෂාව


    *#67# – Call Forwarding සඳහා ඇති අංකය පරීක්ෂාව

    *#06# – ඔබේ දුරකථනයේ IMEI (International Mobile Equipment Identity) අංකය පරීක්ෂාව

    *#43# – Call Waiting සේවාව පරීක්ෂාව


    techwire.lk

    මෙවන් USSD කේත තවත් ගණනාවක් ඇත. ඒවායින් සමහර කේත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන අතර තවත් සමහරක් කේත සාමාන්‍ය භාවතයේදී එතරම් ප්‍රයෝජනවත් නොවේ. මෙම ලිපියේ සඳහන් නොවන තවත් ප්‍රයෝජනවත් USSD කේත ඇත්නම් ඒවා මෙතනට දාන්න...
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu