ඔබේ Nipples ගැන දැනගත යුතුම කරුණු රැසක්.

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔබේ Nipples ගැන දැනගත යුතුම කරුණු රැසක්.

    කාන්තාවන්ගේ ශරීරයේ ආකර්ශණීය මෙන්ම වැදගත් අංගයන් අතරේ පියයුරු වලට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. ඒ වගේම පියයුරු තුඩු එහෙමත් නැතිනම් තනපුඩු කාන්තාවකට ආකාර ගණනාවකින්ම වැදගත් වෙනවා.

    අලුත උපන් දරුවෙක්ට මව්කිරි දීමට, ලිංගිකව උත්තේජනය ඇතුලු හේතු ගණනාවක් නිසාම කාන්තාවට තමන්ගේ Nipples ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට සිදුවෙනවා. ඒ නිසාම කාන්තාවක් විදිහට ඔබ ඔබේ Nipples ගැන දැනගත යුතු කරුණු ගණනාවක් කියන්නයි අපේ සූදානම.

    එක් එක් කාන්තාවගේ තනපුඩු එක් එක් ආකාරයි, ඒ වගේම එකම කාන්තාවගේ තනපුඩු දෙක ආකාර දෙකක් වෙන්නත් පුළුවන්, ඒ විතරක්ම නෙවෙයි කාන්තාවක් යෞවනියක්ව සිට ජීවිතයේ කෙළවර දක්වා කාලසීමාව ඇතුලේ මේ තනපුඩු විවිධ ආකාරයන්ගෙන් යුක්ත වෙන්නත් පුළුවන්.

    සාමාන්‍යයෙන් ඉස්සර ලංකාවේ ‘ළමිස්සියන්’ කියලා කිව්වේ ළැම ඉස්සනෙ වයසේ යෞවනියන්ට, එතකොට ‘ගැටිස්සියන්’ කියලා කිව්වේ ගැට ඉස්සනෙ වයසේ යෞවනියන්ට කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට මේ ජනවහර ඇතුලේ ‘ගැට’ කියලා හඳුන්වන්න ඇත්තේ ස්ත්‍රී තනපුඩු විය හැකියි, අදවනවිට මෙය උපහාසාත්මක යෙදුමක් විදිහට භාවිතා වුනත් අතීත වෙදපොත්,නිගන්ඨු වල පවා ස්ත්‍රී තනපුඩු ‘ගැට’ හෝ ‘ගට්ඨ’ ලෙස හඳුන්වා තිබුණා. ඒ වගේම පුරාණ වෛද්‍ය විද්‍යාවේ ස්ත්‍රී තනපුඩු වැඩීමට, ඒවායේ රෝගවලට විතරක් නෙවෙයි ඒවායේ මෘදු, මොළොක්භාවය වෙනුවෙන් පවා බෙහෙත් ප්‍රතිකාර තිබුණා.

    ඕනෑම මිනිසෙක් ඉපදීමේදී ඔහුගේ හෝ ඇයගේ පපු පෙදෙසේ බොහොම කුඩාවට තනපුඩු පිහිටා තිබෙනවා. වයස අවුරුදු 9-15 අතර කාලයේදී ගැහැණු දරුවන් වැඩිවියට පැමිණීමත් එක්ක සිදුවෙන හෝමෝනමය වෙනස්වීම් නිසා ඇයගේ පියයුරු වර්ධනය වෙලා තනපුඩු විශාලවීමට සහ ටිකක් රළු වෙන්න පුළුවන්. නව යොවුන් විය පසුකරලා තරුණ වියට එද්දි මේ පියයුරු තවත් විශාල වෙද්දි තනපුඩුත් ඒ හා සමානව විශාල වෙන්න පුළුවන්.

    ඒත් ඇතැම් තරුණියන්ගේ පියයුරු විශාල නොවුණත් තනපුඩු විශාලව පවතින්න පුළුවන්, ඒ වගේම තමයි තනපුඩු වටා ස්ථරය විශාලව හෝ කුඩාවට පැවතිය හැකියි. ඇතැම් තරුණියන්ගේ ලා රෝස පැහැය, තද රෝස පැහැය, දම් පැහැය, කළු පැහැයෙන් Nipples පවතින්න පුළුවන්. ඒක එකිනෙකාට අනුව වෙනස්. තනපුඩුවල මෘදු, මොළොක් ස්වභාවයත් එකිනෙකාට වෙනස් විය හැකියි.

    යෞවන සමයේ සිටම කාන්තාවගේ තනපුඩු සංවේදීබවින් වැඩි වගේම ක්ෂණික ප්‍රතිචාර දක්වන ශරීරාංගයක්. ලිංගික උද්දීපනයකදී, අධික ශීතලකදී, ස්පර්ශයකදී, මව්කිරි දෙන අවස්ථාවේදී, ආර්තව සමයේදී තනපුඩු සෘජුව පැවතීම සිදුවෙනවා. ලිංගිකව එක්වීමේදී තනපුඩු ඉටුකරන්නේ විශාල කාර්යභාරයක්, ලිංගික තෘප්තිය ඉතා ඉහළ මට්ටමකට ගෙනයාමට තනපුඩු පිරිමැදීම, ස්පර්ශය, දෙතොලින් සිඹීම වැනි දේ තුලින් සිදුකල හැකියි.

    තනපුඩු ආසන්න ප්‍රදේශයේ ඇති සංවේදී ස්නායු සහ සිදුරු තුලින් තෙත් සහිත තෙල්වැනි ද්‍රාවණයක් නිකුත් කිරීම නිසා තනපුඩු වියලීම වැලැක්වෙනවා. ඒ වගේම තනපුඩු අධික සංවේදීතාවයෙන් යුක්තවෙන්න හේතුවෙන්නේත් ඒවාම තමයි.

    තනපුඩු මත හෝ ඒ ආසන්නයේ රෝම ඇතිවීම ඉතාම සාමාන්‍ය තත්වයක්. අවශ්‍යනම් ඒවා ඉවත්කරගැනීමට කාන්තාවට හැකියාව තිබෙනවා. නමුත් එය රෝගී තත්වයක් නොවන බව මතක තබාගත යුතුයි. ඇතැම් තරුණියන් කැමැත්තක් දක්වනවා තනපුඩු විදලා කරාඹුවක් දාන්න. ඒත් මෙය සෞඛ්‍ය වශයෙන් අවදානම් දෙයක්. ඇතැම්විට මව්කිරි දීමේදී මේ විදීම් නිසා තනපුඩුවලට වී ඇති හානිවීම් නිසා ගැටළු ඇතිවෙන්න පුළුවන්, ඒ වගේම අසාත්මිකතාවන් ඇතිවෙන්න පුළුවන්. නිසි උපකරණ භාවිතා නොකිරීම නිසා රුධිරයෙන් සංසරණය වෙන HIV/AIDS වැනි රෝග පවා ඇතිවෙන්න පුළුවන්.

    තරුණියන්ගේ තනපුඩු වලින් සුදුපැහැති හෝ අවර්ණ ද්‍රාවණයක් පිටවීම සාමාන්‍ය තත්වයක්. විශේෂයෙන්ම ලිංගිකව සක්‍රීය සමයේදී සහ මව්කිරි දෙන සමයේදී මෙය සිදුවෙන්න පුළුවන්. මෙම ද්‍රාවණය රතුපැහැ හෝ අවපැහැ ගන්නවනම් වෛද්‍යවරයෙක් හමුවීම වඩාත් සුදුසුයි. මොකද පියයුරු පිළිකා අවදානම පවතින නිසා. ඒ වගේම තනපුඩු ආශ්‍රිතව ගැටති, වේදනාවක් රහිත කුරුළෑ වැනි ගැට අසුවෙනවානම් පියයුරු පරික්ෂාවක් සිදුකිරීම වඩාත් සුදුසුයි. ඒ මගින් පියයුරු පිළිකා අවදානම පාලනය කල හැකියි. දැන් විවාහක හෝ අවිවාහක වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන් අනිවාර්යයෙන්ම පියයුරු පරික්ෂාවක් කිරීම ඉතාම අවශ්‍යයයි.

    දරු ප්‍රසූතියකට පසුව සහ මව්කිරී දීමේදී කාන්තාවකගේ තනපුඩුවල පැහැය වෙනස් වෙන්න පුළුවන්. රෝස පැහැයෙන් පැවති තනපුඩු තද පැහැයක් ගන්නට පුළුවන්. මෙහිදී පියයුරු වල ප්‍රමාණය වර්ධනයවීමත් එක හේතුවක්.

    ලිංගික එක්වීමකදී කාන්තාවකගේ තනපුඩු සංවේදී ආකාරයෙන් උද්දීපනයට ලක්කිරීම මගින් ඇයව සුරතාන්තයට පත්කරන්න පුළුවන් කියලා විශේෂඥයින් සඳහන් කරනවා. ස්ත්‍රී සිරුරේ යෝනිය හැරුණු විට ලිංගිකව සංවේදීම ස්ථානය Nipples නිසා සුරතාන්තය වෙනුවෙන් එයා විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

    කාන්තාවකගේ තනපුඩු රතුපැහැ වීම, දැඩි වේදනාවක් දැනීම, දැවිල්ලක් හටගැනීම වැනි දේ දැනුනොත් වහාම වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි. මෙය ආසාදන තත්වයක් විය හැකියි. එහෙත් මාසික ශුද්ධියට පෙර දින කිහිපයක් ඇතුලත දැනෙන තනපුඩු වේදනාව සාමාන්‍ය තත්වයක්.

    උපුටා ගැනීම - www.her.lk
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    උපුටා ගැනීම -www.her.lk

    967425.gif